මීයා ඇල්ලීම බඩා මාමාගේ ළමා කතන්දර මේක සිද්ධ වුණේ අපි සරසවියට ආ අළුතම වගේ. ඔය සමහර කට්ටියට වගේ නෙවෙයි, වෛද්‍ය සිසුන්ට නේවාසිකාගාර හම්බ වෙන්නේ ජ්යෙෂ්ටත්ව අනුපිළිවෙල අනුව. ඒ නිසා ෆ්‍රෙෂාලා කාලේ අපි නතර වෙලා හිටියේ පුද්ගලික නවාතැන් පොළවල්වල. මේ බෝඩිම් ජ්‍යෙෂ්ටයන්ගෙන් කණිෂ්ටයින්ට යන විදියට තමයි තියෙන්නේ. ඒත්, ජ්‍යෙෂ්ට (උත්තම) යින්ට නේවාසිකාගාර හම්බ වීමත්, අපේ කණ්ඩායම පටන් ගැනීමත් අතර මාසයක් හමාරක් විතර ඉඩ තියෙනව. මේ කාලෙට ඔය ...
අද නෙවෙයි හෙට බඩා මාමාගේ ළමා කතන්දර බඩාගේ අධ්‍යයන කණ්ඩායමේ හිටියා කෙට්ටු, මිටි කොල්ලෙක්. සයිස් එක පොඩි වුණාට මූට තිබ්බේ ලොකු ලොකු දේවල්. නැව් ටෝක් දෙන්න රුසියා. ඒ වගෙම තමයි මේකා අර නර්ඩ් (nerd) කියල ඉංග්‍රීසියෙන් කියන ජාතියේ අති විශිෂ්ට බුද්ධිමතෙක්. පොරට අපි කිව්වේ පාප ලාල් කියලයි. කොලඹ වෛද්‍ය පීඨයේ වසර පහමාරට විභාග 100ක් විතර තියෙනවා. නමුත් මේ කිසිම විභාගයකය පාප ලාල් හෙවත් පාපයා සති දෙකකට වඩා ...
වෙසක් කූඩුව බඩා මාමාගේ ළමා කතන්දර මේක ඉතින් වෙසක් කාලෙනේ. අද කට්ටිය එච්චර වෙසක් කූඩු අදන්න උනන්දු නැති වුණාට අපි පාසල් කාලේ වෙසක් කුඩු හැදුවේ තරඟෙට වගේ. හදල ඉවර වෙලා ඒ ගැන පොර ටෝක් දෙන්නත් අමතක කලේ නම් නෑ! කූඩු හදන කොට අමාරුම ඒවා තමයි පැටව් කූඩු හදන එක. ඒ දවස් වල පැටව් හතරේ කූඩුවක් හදන එක අපිට මහ කජ්ජක් උණේ නම් නෑ. සාමාන්‍ය පෙළ පන්තියේ ...
ගීත දහසය බඩා මාමාගේ ළමා කතන්දර ඉයන් ගේ ගුහාවේ ගීත 16 තරඟය දැන ගන්න ලැබුණේ දැන්. ඔන්න බඩාම් ආමාගේ ප්‍රියතම සින්දු 16. සින්දුවේ මාතෘකාවට කෙටුවම ගී රස විනිසේ මේ ගැන කරපු රස විනිසක් බලා ගන්න පුළුවන් වෙයි.1. හදේ කොතැනක හෝ හිඳී ඔබහැමදාමත් මතකෙට ඇවිත් කරදර කරන ඒ අතීතයේ අපූරු මතකසටහන්, වදයක් වෙන වෙලාවල් නැතුවා නොවෙයි. ඒ වගේ හද දවන මතකයන් සමග ජීවත් වෙන විට, සිතට නැගෙන ...
Sperm bank බඩා මාමාගේ ළමා කතන්දර බොහෝ රටවල් වල වගේම අපේ රටේත් විවාහ වූ අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට තියෙන ප්‍රශ්නයක් තමයි මඳ සරු භාවය (subfertility). මේ නිසා දරුවකු හදා ගැනීමට පමාවීමේ විද්‍යමය ප්රශ්නවල ඉඳලා සමාජීය ප්‍රශ්න දක්වා පුළුල් පරාසයක ප්‍රශ්න ඇතිවෙනවා. මඳ සරු භාවයට හේතුව එක්කෝ පුරුෂයා, නැත්නම් ස්ත්‍රියගේ සහ බොහෝ විට දෙදෙනාගේම ප්‍රශ්නයක්. සමහර පිරිමි අයගේ සිරුරේ ශුක්‍රාණු නිපදවෙන්නේ නැහ. සමහරුන්ගේ නිපදවෙන ශුක්‍රාණු වලට පිහිනීමේ ...
පච්ච කෙටීම (18+) බඩා මාමාගේ ළමා කතන්දර කතා පණහකට පස්සේ ටික දවසක් විවේකයක් ගත්තේ ආයෙත් කතා ටිකක් එක්කහු කර ගන්න. ඔන්න ඉතින් බඩා මාමා ආයෙත් ආවා.බඩා මාමාගේ රස්සාවේ හැටියට පච්චයක් කියන්නේ වැදගත් පණිවුඩයක් ලබා දෙන දෙයක්. පච්චයක් තිබීම තුලින් ම, අදාල රෝගියා රුධිරය මගින් බෝවන රෝග වැලඳීමට වැඩි අවදානමක් ඇති අයෙකු වශයෙන් වටගා ගැනෙනවා. ඒ වගේම පච්චයේ අඩංගු දේවල් සමහර වෙලාවට රෝගියාගේ මානසික තත්වය කියාපානවා. සමහර ශූර ...
අයියා බඩා මාමාගේ ළමා කතන්දර ලංකාවට ගොඩ බැස්සට පස්සේ ඔන්න නමෝ විත්තියෙන්ම එකක් ලියන්න හිතුවා. ටික කලක් නොලිවුවාම, හිතට අදහස් ගලාගෙන එන එක අඩු වෙනවා. හැබැයි පහු ගිය දවසක දීප්ති අයියාහ් (අයියා නොවේ) ගැන කෙරුණු කතා බහක් නිසා කතාවක් මතක් වුණා.අනූවේ දශකයේ අග භාගයේ ආපු අළුත් මෝස්තරයක් තමයි පෙම්වතාව "අයියා" වශයෙන් හඳුන්වලා දීම. ඒ දවස් වල කෙල්ලෙක් "මම එන්නේ අයියා එක්ක" කිව්වොත් අපි දන්නවා ඒකට ...
එපිසියෝටොමි (Episiotomy) බඩා මාමාගේ ළමා කතන්දර බඩා මාමා වෛද්‍ය විද්‍යාවේ අකමැතිම කොටස් තමයි නාරි හා ප්‍රසව වේදය (gtnecology and obstetrics) සහ ළමා රෝග (pediatrics) කියන කොටස් දෙක. වෛද්‍ය පීඨයේදී මේ විෂයයන් දෙක ඉගෙන ගත්තෙ ආඳා මාළු ඉරටෙන් කනවා වගේ අපුලකින්. ඊටත් වඩා අපුල දනවන කාරණය වුණේ සායනික පුහුණුව. ළමා රෝග වලට බඩා අකමැති වුණේ දරුවන් ගැන නොදැනීම. දරුවන් ඉන්න නිසා දැන් නම් ඊට වඩා හොඳ අවබෝධයක් ...
බම්බා බඩා මාමාගේ ළමා කතන්දර මේ බම්බා බූ බම්බා නම් නෙමෙයි. බම්බා කිව්වෙ අපේ කෘෂිකර්ම ගුරුතුමාට. ආසලේ හිටපු ජ්‍යේෂ්ඨතම ගුරුතුමෙක්. කොච්චර ජ්‍යේෂ්ඨ ද කියල කියනව නම් (කට කහන දුමී ගෙ කිංචා වගේ) බඩා ගේ නැන්දා පළමු පත්වීම අරන් පාසලට එද්දිත් (අවුරුදු 40කට විතර ඉස්සර මයෙ හිතේ), බම්බ අම්බානක ජ්‍යේෂ්ඨයි. හැබැයි කෘෂිකර්මය උගන්නන්න කියාපු ගුරුතුමා. හැම දේම මූලධර්මය විතරක් නෙවෙයි, ඒක කරන හැටි හිටන් කියල දුන්න. ...
ඩබල් එස් | SS බඩා මාමාගේ ළමා කතන්දර ඔන්න මේ කතාව වෙන්නේ අපේ පන්තියට පන්ති දෙකක් එහායින්. අට වෙනි වසරේ විතර වෙන්න ඕන. කතා නායකයා ට "ඩබල් එස්" කියමු. ඩබල් එස් කියන්නේ ගෙදර අම්බානකටයි තව ටිකකටයි තද විනයක් යටතේ හැදිලා, ඉස්කෝලේ පිස්සු කෙලලා ඒ පීඩනය පිට කර ගන්න බුවෙක්. ඩබල් එස් මොකක් හරි එකකට පත කුණුහරුපයක් දෙසා බානවා. උගේ කරුමෙට මේක එහා පන්තියේ උගන්න උගන්න හිටපු ජිල් කොටාට ...
Blue Label බඩා මාමාගේ ළමා කතන්දර පහුගිය දවසක අවුරුද්දට කලින් යම් කටයුත්තකට බඩා මාමා මහනුවරට සැපත් වුණා. මහනුවර කච්චේරියේ අදාල කාරණය ඉටු කරගන්නා තුරු ඉඳගෙන හිටපු බඩා මාමාට එහා පැත්තේ උඩු රැවුලක් තියෙන, ජටාවක් බැඳපු කෙට්ටු මිනිහෙක් ඉන්නවා. දැනුණු කම්මැලි කම නිසාම අර මනුස්සයා එක්ක පොඩි කතාවක් දාන්න බඩා හිතුවා.බ.මා.: "කොහොමද ලොකු උන්නැහේ අවුරුදු?" මි.: "අපිට අවුරුදු නෑ, අවුරුදු තියෙන්නේ රජගෙදර උත්තමයන්ට විතරනේ"බ.මා.: "ඒ කිව්වේ?"මි.: "දැන් ...
පරංගි බඩා මාමාගේ ළමා කතන්දර පරංගි ගැන මේ කතාව මතක් වුනේ කතන්දරකාරයාගේ පෝස්ටුවක් දැකීමෙන්. පරංගි කියලා හඳුන්වන්නේ පෘතුගීසීන්ව. මේ වචනය හින්දියේ එන "ෆිරංගි" කියන වචනයෙන් බිඳී ආ එකක් බවට විශ්වාස කරන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර කතන්දරගේ පෝස්ටුවේ කොමෙන්ටු හැටියට ඇති.පරංගි කියල හඳුවන හමේ රෝගයකුත් තියෙනවා. මේ රෝගය ස්පයිරොකීට් නම් බැක්ටීරියා වර්ගයෙන් හටගන්නේ. තද බද වූ සහ අපිරිසිඳු ප්‍රදේශ ස්ථාන වල තමයි මේ රෝගය බහුල. ...
සුදෙන් තන්ඩර් බඩා මාමාගේ ළමා කතන්දර මේ කතාව සිද්ද උණේ මම දහය වසරේ විතර ඉන්න කාලේ. අපේ පන්තියේ හිටිය පැණියයි, මමයි, පොඩි උවමනාවකට බොරැල්ලට ආ ගමන්. (උවමනාව පස්සෙ දවසක!) රිට්ස් සිනමා හල ඉස්සරහින් බස් එකට නගින්න ඉන්දැද්දී පැණියා බෙල්ල කරකව කරකව මොකද්ද එකක් බලනවා. මමත් ඉතින් පැණියගෙන් ඇහුව බලන්නෙ මොකද්ද කියල. "බඩෝ, උඹට ඉංග්‍රීසි ටිකක් ඇහැක්නෙ, මොකද්ද බන් අර බෝඩ් එකේ ගහල තියෙන්නේ "සුදෙන් තන්ඩර්" කියල?" ...
හර්කියුලීස් ගෙ ජුන්ඩා බඩා මාමාගේ ළමා කතන්දර ඔන්න ආයේ ටික දවසකට පස්සේ බඩා කතාවක් අරන් ආවා. මේ කතාව බඩාට කිව්වේ අනුරාධපුරේ පැත්තේ ඉන්න විෂබීජයක්. අපේ විෂබීජය කතා කියන්න රුසියා. පාසල් ගියේ කීර්තිමත්, කතෝලික පාසලකට. ඔන්න ඉතින් අපේ විෂ බීජය උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ ක්‍රීඩා උත්සවය ආවලු. විෂබීජයේ යාළුවෝ සෙට් එක අන්තිම අඩියේ එවුන් සෙට් එකක්. මේ අතර නියම ආතල් සපයන කොල්ලෙක් හිටියලු. ඌට අපි "කොකා" කියමු. ...
ටෙඩි බෙයා බඩා මාමාගේ ළමා කතන්දර බඩා මාමාගේ දෛනික වඩ එක්ක බ්ලොගක් ලියන එක අමාරු වැඩක්. ඒත් පුළුවන් වෙලාවට පුළුවන් විදියට කතා අරන් එනවා. මේ කතාව පාසල් සමයේ ටියුෂන් පන්තියක වෙච්ච කතාවක්.බඩා මාමා ගිය ටියුෂන් පන්තියක හිටියා හුරු බුහුටි හෙණ පොෂ් කෙල්ලෙක්. කතා කරන වචන වලින් 20% ඉංග්‍රීසි. මේ කෙල්ලගේ හුරුබුහුටි භාවය නිසාම කිව්වේ "ටෙඩි බෙයා" කියල. ටෙඩි බෙයාට ට්‍රයි කරපු කොල්ලෝ බොහොම හිටියත් ටෙඩී නෙමෙයි ...
චීන වධ (18+) බඩා මාමාගේ ළමා කතන්දර රාජ් බුවා චීන කතාවක් ලියල තියෙන නිසා බඩාටත් චීන කතාවක් ලියන්න හිතුනා. හැබැයි මේක නම් 18+ එකක් තමයි. මේ කතා කියවෙන්නේ බඩා මාමගේ "ළමා" කතා පිටියේදී තමයි. කතාව බඩා අහලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්, සිංහලට පරිවර්තනය කරලා දන්නම්.ඔන්න එක සංචාරකයෙක් චීනේ ගමනක් යන අතරේ නියමිත කෝච්චිය මග හැරෙනවා. චීන භාෂාවට අකාරාදි තුනක් විතර තියෙන නිසාත්, එක අකාරාදියක අකුරු 1000ක් විතර තියෙන නිසාත්, ...
මාමා බඩා මාමාගේ ළමා කතන්දර වෛද්‍ය විද්‍යාලයේ විභාග වලින් අසමත් වෙලා පහළ වසර වලට සිසුන් එක් වෙන එක ඒ තරම් දුර්ලභ දෙයක් නෙවෙයි. බඩා ගේ කණ්ඩායම නම් මේ අතින් කප් ගහපු කණ්ඩායමක්. පළමු වසර විභාගයෙන් 17ක් "බැච් මිස්" වෙලා තියපු වාර්තාව අද වෙන තුරුත් කඩලා නෑ. මෙහෙම ලොකු ගානක් බැච් මිස් වුණාට ඉහළ වසර වලින් බැච් මිස් වෙලා අපේ කණ්ඩායමට ආවේ බොහොම සීමිත ප්‍රමාණයක්. මෙන්න ...
සෙම අදින ඩොක්ට බඩා මාමාගේ ළමා කතන්දර සාමාන්‍යයෙන් රෝහලක් වගේ එකකදී සියළුම දෙනා සහයෝගයෙන් වැඩ කරන්න ඕන. නමුත් එහෙම වෙන වෙලාවල් අඩුයි. විවිධ ශ්‍රේණි අතර තියෙන හිත් නොහොඳකම් විටින් විට මතු වෙනවා. ලංකාව වගේ රෝහල් කාර්ය මණ්ඩලය අඩු රටවල් වල මේ තත්වය තවත් උග්‍රයි. බොහොම වෙලාවට මේ ගැටුම එන්නේ වැටුප් පරිමාණය එක්ක. යම් කිසි හේතුවකට වැටුප වැඩිනම් රජයේ සේවයේ ඉහළින් ඉන්නේ කියන මතවාදයක් හෝ සම්ප්රදායක් ඇති වෙලා ...
යුරිනල් බඩා මාමාගේ ළමා කතන්දර ඕනෙම පොදු ස්ථානයක තියෙන වැසිකිළියක සාමාන්‍යයෙන් මුත්‍රා කරන්න පෝච්චි තියෙනවා. මේවට කියන්නේ "යුරිනල්ස්" කියල. හැබැයි බඩා පාසල් යන කාලේ මේ යුරිනල් තිබුණේ ඉහළ පන්තියේ හෝටල් වල වගේ සුවිශේෂී ස්ථාන වල විතරයි. බොහෝ තැන් වල තිබුණේ පිඟන් ගඩොල් ඇල්ලු බිතියක් සහ පහළින් කාණුවක්. මුත්‍රා කරන්න වුවමනා වුණාම කෙළින්ම අල්ලන්නේ පිඟන් ගඩොල් බිත්තියට. වැඩේ බොහොම සරල වුණාට මුත්‍රා ගඳ තමා ඉවසන්න අමාරු.බඩා ...
ගුරුවරු (?ගුරුහොරු) බඩා මාමාගේ ළමා කතන්දර දැන් වගේ නෙවෙයි 1990 ගණන්වල ළමයින් හැදුනේ දැඩි ගුරු භක්තියකින්ය කියල මතයක් තියෙනව. ඒක තරමක් දුරට හරි. ගුරුවරු වැරදි කරන කොට අපි බොහෝ වෙලාවට කට වහගෙන හිටියා. නමුත් මතක හිටින වැඩ කීපෙකුත් ඒ අතරම සිද්ධ වුණා. බඩා කරපු වැඩ වගෙම අනෙක් අය කරපු වැඩ ත් තියෙනවා.මාමා කියන්නේ අපේ රසායන විද්‍යා ගුරුතුමා. රාජකීය විද්‍යාලයේ එක විෂයයක් දෙකට බෙදාගෙන ගුරුවරුන් දෙදෙනෙක් උගන්නනවා. ...