කාර් ගැන කතා නොවේ! බඩා මාමාගේ ළමා කතන්දර වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් මුලින්ම ආ විටෙක දී කරන්නේ රෝගියාගේ රෝගයේ විස්තරය දැන ගැනීමයි. රෝගියා ආවේ මොන හේතුවකට ද, රෝග ලක්ෂණ මොනවද, සැක කරන රෝගය ඇති හෝ නැති බවට සැක හැර ගන්නට වෛද්‍යවරයා විසින් විමසනු ලබන ප්‍රශ්න ආදිය මෙයට ඇතුලත් වනවා. මෙවන් විස්තරයකට කියන්නේ "clinical history" කියලයි."History" එකෙන් පසුව එන්නේ රෝගියා පරීක්ෂා කිරීම (examination). රෝගී පරීක්ෂාව මට්ටම් හතරකින් සිදු වෙනවා. පළමුවෙන්ම ...
චූං පාන් බඩා මාමාගේ ළමා කතන්දර බඩා මාමා ලඟදී දැක්කා මූණු පොතේ සමූහයක්, "චූං පාන් විරෝධීන්ගේ සංගමය" කියල. හැබැයි ඒ සමූහයෙන් දොස් නගලා තුබුණේ චූං පාන් වාහන ඉතා වේගයෙන් ගමන් කිරීම ගැන. නමුත් මේ සිද්ධි ඊට වඩා ටිකක් වෙනස්. අම්පහ පැත්තේ ඉන්න බඩා මාමෑඅ යාළුවෙක්ගේ ගෙදර තියෙන්නේ පඩු පාරක අන්තිම කොණේ. හිමිදිරි පාන්දරම එන චූං පාන් මල්ලී, ත්‍රී වීලරය නතර කරන් පාන් බෙදන්නේ මිත්‍රයාගේ ගේ ඉස්සරහ ...
සින්නරාසා බඩා මාමාගේ ළමා කතන්දර බඩාගේ විශේෂඥතාවය තියෙන්නේ වකුගඩු රෝග වලට ප්‍රතිකාර කිරීම කියල දන්නවනේ. ඒ වගේම අවුරුදු 30ක යුද්ධයක ප්‍රතිඵල රෝහලේදී දැක්ක කෙනෙක් තමයි බඩා. සොල්දාදුවන්ට වගේම, කොටි සාමාජිකයන්ටත්, (ඇතැම් විට ජිහාඩ් කාරයින්ටත්), බඩා ප්‍රතිකාර කර තිබෙනවා. මේ එවන් එක් කතාවක්. දේශපාලනය තුළ මියැදී ගිය තරුණයෙක්ගේ කතාවක්.ඔහුට අපි කියමු සින්නරාසා කියල. ගම මාන්කුලම. වයස අවුරුදු 28යි. බඩා හමුවට එන්නේ වකුගඩු අක්‍රිය වීම නිසා. ඒ ...
ක්‍රිකට් . . . බඩා මාමාගේ ළමා කතන්දර එංගලන්තේ පුහුණුවකට ගිහින් ඉන්න බඩා කටුක ශීත ඍතුවක් එහෙම සාර්ථකව ගෙවා දමමින් ඉන්නේ. හිම වැටුනේ දවස් තුනයි. හැබැයි සෙන්ටිග්‍රේඩ් -10 ගිහිපු එක දවසකවත් හිම පොදක් නම් වැටුණේ නැහැ. පට්ට සීතලේ සුද්දන්ගේ ලුණු මිරිස් නැති පිටි ගුලි ගිල ගිල ඉන්න දුක යන්නත් එක බ්ලොග ලියන්න ගන්න ඕනය කියල බඩාට හිතුණා.මේ සිද්ධිය වෙන්නේ 1997 දී, බඩා විශ්ව විද්‍යාලයට ඇතුළු වූ ඇලුත. බඩාගේ ...
දිව, මුද්දර හා අපස්මාරය බඩා මාමාගේ ළමා කතන්දර මාතලන් කාලෙකට කලින් දිව ගැන සහ දිවාකර ගැන ලියල තියෙන කතවක් නිසා කතා කීපයක්ම මතක් වුණා. බඩාගේ කණ්ඩායමේ හිටියා හොඳ ජැන්ඩි කොල්ලෙක්. මූ නර්තනයට අති දක්ෂයෙක්. හැබැයි කෙල්ලෙක් දැක්කම ඇඹලයා වගේ කදේ දා ගන්නේ. ඒ වෙලාවට අනික් කොල්ලන්ට කිණ්ඩි දාන එක තමයි මේකගේ කැතම පුරුද්ද. මොන එක ඉවසන් හිටියත් අර අන්තිම එක ඉවසන් ඉන්න අමාරුනේ. කෙල්ලෝ ගොඩක් මැද නිසා වෙනදාට ...
බටයක් දෙන්න බඩා මාමාගේ ළමා කතන්දර බඩා ගේ උසස් පෙළ පන්තියේ කොට කොල්ලෙක් හිටිය. බොහොම පැහැපත්, පොඩි දරුවෙකුගේ පෙනුම තියෙන, හිනා වෙනකොට කම්මුල් දෙපැත්ත වල ගැහෙන (සංගීතා වීරරත්නගෙ වගේ!) කොලුවෙක්. මේකා ඉගෙනීමටත් හරි දක්ෂයා. බොහොම තැන්පත් විදියට තමයි පාසලේ හිටියෙත්. කොහොම කොහොම හරි මේ තැන්පත් කොලුවා (අපි ක්‍රිෂා කියල කියමු), ඇවිත් වැටුනේ උසස් පෙළ ජීව විද්‍යා අංශයේ තිබිච්ච "අන්තිම" කියල සම්මත පන්තියට. ටික කාලයක් යද්දී මූට ...
මරූටිය බඩා මාමාගේ ළමා කතන්දර මේක විශ්ව විද්‍යාල සන්දියේ වෙච්ච අකරතැබ්බයක්. කොලඹ වෛද්‍ය පීඨය තියෙන්නෙ කින්සි පාරේ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔය කිට්ටුවම තමයි අපේ පිරිමි නේවාසිකාගාරය වෙච්ච බ්ලොම්ෆොන්ටේන් එහෙම නැත්නම් බ්ලොම් එක තියෙන්නෙ. වෛද්‍ය ශිෂ්‍යයෝ විදියට අපිට පාඩම් වැඩ බොහොම තිබුණ. ඒ නිසා ජනේරුවට අපි හිටියෙත් නේවාසිකාගාරයේමයි. දෙසම්බර් 31 වෙනිදා රෑට බ්ලොම් එකේ හොඳ හොඳ සෙල්ලම් කෙරෙනවා. බ්ලොම් එකට මීටර 500 විතර දුරින් ...
ඉබෝලා බඩා මාමාගේ ළමා කතන්දර මේ සිද්ධිය වුණේ 1995 දී. ඒ දවස් වල ඉබෝලා වසංගතයක් අප්‍රිකාවේ පැතිරෙමින් තිබුණා. ඉබෝලා කියන්නේ වයිරස් රෝගයක්, අවසානයේ මස් දියවීම ඇති කරවන. ඔය දවස් වලම තමයි අපේ උසස් පෙළ පන්තියට අළුත් ගුරුතුමියක් ආවෙත්. "ආසියාවේ රිදී සීනුව" විශ්‍රාම ගත්තට පස්සේ ආපු මේ ගුරුතුමියගේ පළමු පත්වීම තමයි මේ! ඇයට වයස 27ක් බව තමයි ඒ දවස් වල කිවුවේ. බොහොම මිටියි, කෙට්ටුයි. ඒකට හරියන්නම ...
ඇරඹුම . . . බඩා මාමාගේ ළමා කතන්දර කාලෙකට කලින් මම බ්ලොග් වල ලිවුව බව ඔය අය දන්නව ඇති. ජීවිතේ දශක තුනහමාරක් විතර ජීවත් වෙලා, වසර දහතුනක පාසල් අත්දැකීම්, වසර හයක විශ්ව විද්‍යාල අත්දැකීම් සහ වසර හයක් වෛද්‍යවරයෙක් විදියට ලබපු අත් දැකීම් ගැන ලියන්න හිතුණා. අන්න ඒ කතා වලට ඉඩක් දෙන්න තමයි මේ අඩවිය වෙන් වෙන්නේ.මේ කතා වල එන බොහොමයක් අය අද වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, විශ්ව විද්‍යාල ආචාර්යවරු, විධායක ...