Referral බඩා මාමාගේ ළමා කතන්දර වෛද්‍යවරුන් අතර තියෙන සිරිතක් තමයි තම විෂය පථයෙන් එහා ගිය ප්‍රශ්නයක් රෝගියෙකුට තියෙනකොට, ඒ ප්රශ්නය විසඳන්නට හැකි වෛද්‍යවරයෙකු වෙත රෝගියා යොමු කරන එක. මේකට යොමුව නැත්නම් referral එකක් කියල කියනවා. උදාහරණයක් විදියට බඩා ප්‍රතිකාර කරන වකුගඩු රෝගියෙකුට කකුලේ සැරව ගෙඩියක් මතු වීමක් වුණොත් ඒ රෝගියාව ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු කරනවා. ඔන්න පහතින් තියෙන්නේ බඩා ඒ විදියට විශේෂඥ වාහිණික ශල්‍ය වෛද්‍යතුමෙකුට ...
ලොක්කා අවුල් නෑ බඩා මාමාගේ ළමා කතන්දර රාජකීය විද්‍යාලය කියන්නේ මහ විසාල ගොඩනැගිලි සංකීර්ණයක්. දහය වසරේ පන්ති තිබුණේ වෙනම ගොඩනැගිල්ලක. මේ ගොඩනැගිල්ලේ තට්ටු තුනට විද්‍යාගාර තුනක් තිබිල තියෙනවා. ඒත් 1992 වෙද්දී ඒවා එතනින් අයින් කරලා ඒ කාමර වලත් පන්ති. බඩා හිටපු 10 වසරේ පන්තියත් ඒ වගේ එකක්. විද්‍යාගාරයක් නිසා පන්ති කාමරය මහා විසාලයි. ඩෙස්ක්, පුටු, ගුරු මේස ඈ ආදිය ඇති තරම් ඉඩ අරන් තිබ්බත් පන්තියේ තුනෙන් දෙකක ...
බෞද්ධ පූසා බඩා මාමාගේ ළමා කතන්දර අපේ ගෙවල් බොහොමයක පුසෝ ඇති කරනවනෙ. බඩා මාමාත් තද "පූස් ලෝලියෙක්". කාලෙන් කාලෙට එක එක පූසෝ ගෙදර ඇති කරන්න බඩා මාමා උනන්දු වුණේ ඒ නිසා. ඔන්න ඔය පින්තූරේ ඉන් පූස් තඩියා තමයි අන්තිමට හිටියේ. බොහොම සංවර විදියට හැදුණ හුරතල් පූසෙක්. හැබැයි අකාලයේ මළා. බඩා මාමා පූස් ලෝලියෙක් හින්ද පූසෝ ගැන සංවාද වලට නිතර සහභාගී වෙනවා. අපේ ඇනාට පාසල් කාලයේ හිටපු ...
ස්පෝර්ටි මදි බඩා මාමාගේ ළමා කතන්දර පසා කියල කියන්නේ බඩාලත් එක්ක උසස් පෙළ පන්ති වලට සහභාගී වෙච්ච කොලුවෙක්. කොළඹ තියෙන සුප්‍රසිද්ධ බෞද්ධ පාසලකට තමයි පසා ගියේ. උසස් පෙළත් ඉහළින්ම සමත් වුණා. පසා එක විදියක අදහස් තියෙන එකෙක් බව අපි දන්නවා. ඒ නිසාම බඩාලා සෙට් එක කොළඹ විද්‍ය පීඨය තෝරා ගනිද්දී පසා තෝරා ගත්තේ පේරාදෙණිය. පසාට ඒ පැත්තේ ස්ත්‍රී සම්බන්ධයක් තිබුණා කියලත් කණින් කොණින් කියවුණා. ඔන්න කොහොම ...
Landminner බඩා මාමාගේ ළමා කතන්දර වෛද්‍ය පීඨයේ අවසන් වසරේ දී අපට සායනික ක්‍රියාකාරකම් උපරිමව තියෙන අවුරුද්දක්. මේ අවුරුද්ද ඇතුලත මහාචාර්ය ඒකක පහක (ශල්‍ය, කායික වෛද්‍ය, ළමා රෝග, ප්‍රසව හා නාරි වේද සහ මානසික රෝග) ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මේ කාලය ඇතුලත අදාල ශිෂ්‍යයාට භාර වෙන රෝගීන් සියල්ලක්ගේම තොරතුරු එක් රැස් කරලා තියා ගන්න ඕන. මේක සෑහෙන්න අමාරු වැඩක් කියල ආයෙමත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ. ඉතින් ...
අතේ ද? කකුලෙ ද? බඩා මාමාගේ ළමා කතන්දර මේ සිද්ධියත් අපි සායනික පන්ති වලට යද්දී සිද්ධ වෙච්ච දෙයක්. ආයෙත් ශල්‍ය වාට්ටුවමයි, වෛද්‍යතුමාත් කලින් කෙනාමයි. බඩේ කැක්කුමක් එක්ක ආපු ලෙඩෙක්ව පරීක්ෂා කරන ගමන් ගුරුතුමා කියනවා "you have to ask about testicular pain" කියල. දැන් "testicular pain" කියන එක සිංහලෙන් අහන එක ගැන අපේ අර කොට ජීවිත සෙට් එකට හරි ප්‍රශ්නයක්. හැබැයි මේ ලෙඩාගෙන් අදාල වෛද්‍යතුමා ඇහුවේ "වෘෂණ කෝෂය පැත්තට ...
කොයි පකද? (18+ ) බඩා මාමාගේ ළමා කතන්දර කතන්දර කාරයා විසින් පුක යනු කුණු හරුපයන් නොවෙන බව අති සාර්ථක විදියට ඔප්පු කළා. ඒ අතරම "පයිය" යැනු පැසට කියන තවත් නමක් විනා කුණු හරුපයක් නොවෙන වග කෝරලේ මහත්මයා විසින් මෑතකදී අති සර්ථකව ඔප්පු කරන ලැබුවා. අද බඩා මාමා පෙන්නන්න යන්නේ "පක" කියන්නෙත් කුණු හරුපයක් නොවෙන වග. මේකට අදාල කර ගන්නෙත් පරණ කතාවක්මයි.සාමාන්‍ය පෙළ සිංහල පන්තියකට බඩා ගියේ මාස කීපයක් ...
මගුල් ගෙදර ජරමරය (18+) බඩා මාමාගේ ළමා කතන්දර බඩා වැඩ කරන රෝහලේම වැඩකරන වෛද්යතුමෙක් තමයි පියා. පියා කියන්නේ සුරතලේට කියන නම. හැබැයි වයස 35 පැන්නුවත් පියා කට ඇරියොත් කියන්නෙ කුණුහරුප. ඒ වුණත් ඉඳල හිටල නියම සිද්ධි වලට පියා පැටලෙනවා. උදේ දහයට විතර තේ එකක් බොන්න 520 කැන්ටිම වෙත යන්න ආපු බඩාට පියා ප්ලග් වුණා. මේ ගමන යැවෙන්නේ හදිසි අනතුරු අංශය මැදින්. එතෙන්ට මහ සෙනගක් ඇවිත්, ලස්සන ලස්සන ඇඳුම් ...
නීතිඥ මහත්තයගෙ බල්ලා බඩා මාමාගේ ළමා කතන්දර බඩා ගේ හාමිනේ ගේ අම්මා, (නැන්දම්මා) පදිංචි වෙලා හිටියේ මහරගම පැත්තේ ගේක. ගෙයි උඩ තට්ටුව කුළියට අරගෙන තමයි එයා හිටියේ. මේ උඩ තට්ටුවේ ඉඳන් එහා පැත්ත බැලුවම පේන්නේ හොඳ සරු සාරෙට හදපු ලොකු ගෙයක්. පදිංචි වෙලා හිටියේ නීතිඥ මහත්තයෙක් වගේ තමයි බඩාට මතක. මේ ගෙදර හිටියා පත දඩෝරි බල්ලෙක්. නම රෝයි. ඇල්සේෂන් සහ මැස්ටිෆ් කියන බල්ලන්ගේ දෙමුහුමක් වෙන්න ඇති කියලා ...
සුද්ද නිසා බේරුණා බඩා මාමාගේ ළමා කතන්දර මේ කතාව සිද්ධ වෙන්නේ 2001 අවුරුද්දේ. ඒ වෙනකොට අපි හතර වන වසර ශිෂ්‍යයෝ. මේ සිද්ධියට පාදක වෙන්නේ අපේ ජ්‍යේෂ්ඨ කණ්ඩායම, මහාචාර්ය සායනික ඒකක වල වැඩ කරපු කාලය. මහාචාර්ය ඒකක වල ප්‍රධානියා බොහෝ විට ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක් බව ඔබ දන්නවා ඇති. මේ මහාචාර්ය තුමාත් එහෙමයි. උසස් පාසලකින් ඉගෙන ගත්තු, උසට සරිලන මහත තියෙන බොහොම තේජවන්ත මහාචාර්යතුමෙක්. තරුණ කාලයේදී වෙඩි උණ්ඩ වගේ වේගයෙන් ...
සර්ලගෙ බඩුවක් බඩා මාමාගේ ළමා කතන්දර රෝහලේ සේවයේ යෙදෙන කොට අපට නිතර දකින්න හම්බ වෙන අවස්ථාවක් තමයි හුස්ම ගන්න අමාරු ලෙඩුන්. මෙයින් බහුතරයක් ඇදුම රෝගීන්. සුළු පිරිසක් වෙනත් හේතූන් නිසා හුස්ම ගන්න බැරුව එනවා. හුස්ම ගන්න අමාරුකම එක්කෝ පෙණහල්ලේ හෝ උරස් කුහරයේ ප්‍රශ්නයක් නිසා. එහෙම නැත්නම් හුස්ම ගනීව ස්වයංක්‍රීයව සිදුවන මොළයේ පාලක මධ්‍යස්ථානයේ අවුලක්. ඔන්න ඔය දෙවනියට කියපු වර්ගයේ හුස්ම ගැනිමේ අපහසුකම් විෂ වර්ග නිසා ඇතිවෙනව. ...
බෝඩ් ගහගන්න බඩා මාමාගේ ළමා කතන්දර මේ කතාවත් මහාචාර්ය කතන්දරයක්. මීට කලින් හොස්ටල් රවුන්ඩ්ස් කරන්න ගිහින්, කොටු පැනලා සහ සුද්දන්ට තෙල බෙදන්න ගිහින් ඇදගෙන නාගත්තු මහචාර්යතුමාලා ගැන බඩා ලිවුවා මතක ඇති. මේ මහාචාර්යතුමාත් ඉතාම ප්‍රසිද්ධ තුමෙක්. කොටින්ම තමන්ගේ විෂයය ගැන අසියාවේම ඉන්න නොම්මර එකේ විද්වතෙක්. හබැයි මළ පැනීම සුපිරියි. මේ මහාචාර්යතුමාට තද වුණාම වෙන්නේ ගෙම්බෙක් පිම්බෙනවා වගේ මූණ පිම්බෙන එක. ඔන්න මෙන්න පුපුරන ගානට මූණ පිම්බෙනවා. ...
ගෝනි බිල්ලා බඩා මාමාගේ ළමා කතන්දර පහු ගිය සති කීපයේ අන්තර්ජාලයේ වෙච්ච වැදගත් කතිකාවක් තමයි මොරටුවේ නිකාබ් සිද්ධිය. මේ ප්රශ්නය බ්ලොග් අවකාශයට අළුත් වුණාට බඩාට නම් අළුත් එකක් නෙවෙයි. මොකද මේ සම්බන්ධව රසවත් කතා වෛද්‍ය විද්‍යාලය පැත්තෙන් එමට තියෙන නිසා.බඩාගේ කණ්ඩායමේ හිටියේ එකම එක මුස්ලිම් ශිෂ්‍යාවයි. ඇය හිජාබ් ඇන්ද බවක් වත් මතකයක් නැහැ. කොටින්ම ඇය මුස්ලිම් කියල අඳුන ගන්නෙත් නමෙන් විතරයි. අපේ සිංහල කෙල්ලන් බොහොමයකට වඩා ...
කවුද බ්රේක් ගහන්නේ? බඩා මාමාගේ ළමා කතන්දර වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර කියන්නේ බොහොම් දරුණුවට සායනික ක්‍රියාකාරකම් සිදුවන කාලයක්. මේ කාලයේදී අපේ දවසෙන් වැඩි කාලයක් ගෙවෙන්නේ මහාචාර්ය ඒකක වල (ඒ කියන්නේ විශ්වවිද්‍යාල වලින් කෙරෙන වාට්ටු). උදේ හතහමාරට වාට්ටුවට ආවාම, එයින් පිටවෙන්නේ හවස පහ විතර වෙද්දී. සමහර දාර රාත්‍රී කාලයේත් එන්න සිද්ධ වෙනවා. හැබැයි බඩා සහ මිතුරු කැල පිස්සු නටන්න මේ කාලයේත් වෙලාව හොයා ගත්තා. සිකුරාදා දවසක රාත්‍රියේ මධුවිත ...
දඩයමේ යනවද? බඩා මාමාගේ ළමා කතන්දර මේ කතාව සිද්ධ වෙන්නේ බඩා මාමා වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිටියදී. කොළඹ වෛද්‍ය පීඨයේ ඒ දවස් වල ක්‍රියාත්මක වුණේ අළුත්ම විෂය මාලාවක්. මේ වෙනස නිසා අනෙක් පීඨ වල වගේ තුන්වෙනි වසර වෙනකම් ඉන්නේ නැතුව අපට දෙවැනි වසරේ ඉඳන්ම සායනික පන්ති වලට සහභාගි වෙන්න සිද්ධ වුණා. සායනික පන්ති උදෙසා බඩාගේ බැච් එක කණ්ඩායම් 14කට බෙදුවා. බඩා හිටියේ 13 වෙනි කණ්ඩායමේ. මුලින්ම ...
පෙට්ටිය කැඩුණොත් . . . බඩා මාමාගේ ළමා කතන්දර හැම පාසලකම කලා සංගමයක් තියෙනවා. රාජකීය විද්‍යාලයේත් ඒ වගේමයි. මේ සංගමය 1990 ගණන වල මැද හරියේදී තිබුණේ බොහොම උසස් මට්ටමක බව බෝහෝ දෙනාගේ මතය වුණා. සිංහල සාහිත්‍ය දිනය සහ කලා උළෙල කියන උත්සව දෙක තමයි සිසුන්ගේ දක්ෂතා එළි දක්වන්න තියෙන අවස්ථා. ඒ නිසාම මේ උත්සව ජයට පැවත්වුනා. ඒ වගේම පාසලේ නම නිසාම බොහෝ ආධාර උපකාර ලැබුණු නිසා කලා උළෙල ගත්තේ ...
චීටා සහ ගෙම්බා බඩා මාමාගේ ළමා කතන්දර බඩා මාමගේ කතන්දර පිටුවට නිතරම යන එන කෙනෙක් නෙ චීටා කියන්නේ. චීටා මුල්වෙච්ච කතා කීපෙකුත් තියෙනව. බඩා සත්ත්ව විද්‍යාව ඉගෙන ගන්න ගියේ පන්නිපිටිය පැත්තේ තියෙන පොඩි පන්තියකට. චීට ආවෙත් ඕකටමයි. බස් රථයෙන් බැහැලා ටික දුරක් පයින් ගිහින් තමයි මේ පන්තියට යන්න තිබුණේ. පන්තියට යන පාර අතර මග රඹුටන් ගහක් එහෙමත් තිබුණ. කොල්ලො රෑන රඹුටන් හැදෙන කාලෙට එන්නේ වටින් පිටින් අහුල ...
ෂොට් මචං! බඩා මාමාගේ ළමා කතන්දර වෛද්‍ය පීඨයේ ඉන්න කාලේ අපි නිතරම කරන වැඩක් තමයි කැරම් ගහන එක. බොහොම හොඳට නඩත්තු වෙන කැරම් බෝඩ් තුනක් පීඨයේ තිබුණ. බෝරික් පව්ඩර් හෙම ගෙනාවේ කිලෝ ගාණට. මේ හින්දම හොඳ කැරම් ක්‍රීඩකයෝ ටිකකුත් බිහිවෙලා හිටියා. කොටින්ම විශ්ව විද්‍යාල කණ්ඩායමෙන් 90%ක්ම හිටියේ වෛද්‍ය පීඨයෙන්. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායමෙන් භාගයකට වැඩිය හිටියෙත් කොළඹ මෙඩ්ඩොම තමා. මේ කැරම් බෝඩ් එක කියන්නේ රස ...
ඩොක්ට මර්වින් | Doctor Mervyn බඩා මාමාගේ ළමා කතන්දර බඩා පොඩි කාලේ ගියේ ගෙවල් ලඟ දහම් පාසලට. පොඩි කාලේ කිව්වට ධර්මාචාර්ය විභාගය වෙනකම්ම ඉගෙන ගත්තා. බඩාගේ ප්‍රාථමික අධ්‍යාපනය වගෙම, ද්විතීයික අධ්‍යාපනය සිදු වුනෙත් පිරිමි පාසල් වලනෙ. ඉතින් ශිෂ්‍යාවන් එක්ක කටයුතු කරන්න ලැබුණ සීමිත අවස්ථා වලින් එකක් තමයි දහම් පාසල. පොඩි පන්ති වලදී වෙන වෙනම ඉඳ ගත්තට, දහයේ පන්තියට එනකොට අපි ඔක්කොම ඉඳගන්නේ ගැහැණු පිරිමි බේදයක් නැතුව. අන්තිමට පන්සලේ ලොකු ...
දොස්තර විහිළු (18+) බඩා මාමාගේ ළමා කතන්දර මේකත් චීන නොවුනට විහිළු කතාවක්ම තමයි. මේ දෙකටම වෛද්‍යවරු ඇතුළත් වෙනවා.ඔන්න අවුරුදු 75ක මිනිහෙකුට දරු සම්පතක් ලබා ගන්න හිතෙනවා. මිනිහා යනවා පවුලේ වෛද්‍යවරයා ලඟට. වෛද්‍යතුමා කතාව අහලා දරු උපතකට තරම් සරුභාවයක් මේ මනුස්සයට තියෙනවද බලන්න ශුක්‍රාණු පරීක්ෂාවක් නියම කළා. "මේකට ශුක්‍රාණු සාම්පලයක් අරගෙන පැය 1/2 ඇතුළත මෙහෙට ඇවිත් භාරදෙන්න". උපදෙස උනේ එහෙමයි. පොඩි කුප්පියකුත් ඒ එක්කම හම්බ වෙනවා.පහුවදා මනුස්සයා එනවා ...