වීරයා එනකං... CHANGE අප රටේ මහා වීර කාව්‍යයන් බිහි වී නැතත් රාමායනය, මහා භාරතය, ඔඩිසි, ඉලියට් වැනි කථා ඉපැරණි වීර කාව්‍යයන් ලෙස හඳුනා ගත හැකිය. මිනිසුන් තමන්ගේ විමුක්තිය උදෙසා සටන් වැදීමට විමුක්තිදායකයෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන් හිටියත් ඔවුන් එවැනි වීරයන් අපේක්ෂා කරනවා. සමහර විට එය පරම්පරා ගණනාවක් විය හැකියි.සමහර විමුක්තිදායක සටන් ලක්ෂ ගණනකගේ දායකත්වයෙන් කළත් තනි පුද්ගලයකුගේ සාක්කුවට දමාගත් ඉතිහාසයක් අපි වීර කාව්‍යයන් තුළින් දැකලා ...
විප්ලවය CHANGE කළත් නුඹ විප්ලවයනිදිවරන කම්කරු ජනතාවවෙනුවෙන්ලබා දිය හැකිදඔවුන් පතන ‘අයිතිය‘කළත් නුඹ විප්ලවයමුළුමහත් නිර්ධන පංතියවෙනුවෙන්ලබා දිය හැකිදඔවුන් පතන ‘නිදහස‘කළත් නුඹ විප්ලවයධනේෂ්වර ඒකාධිපත්‍යයට එරෙහිව,දිය කළ හැකිදඔවුන්ගේ බලයනිර්ධනයන්ට එරෙහිව නැගූඑහෙත් දිනෙක වේය,අපගේ අයිතිය, නිදහසනුඹ කළ විප්ලවයේ ප්‍රතිඵල.....නුඹ..... විප්ලවයට ජය......! ...
නුඹ දන්නවනම් CHANGE kqU okakjdkï fmï lrkak fmï lrkq uekútfll=g fkdjuq`M f,djgukqU okakjdkï h:d¾:h olskakkqfò fkdjfï uq`M f,dalfhau…….kqU okakjdkïysre iÿ ;ref,dj j¾Kj;a lrk njt,shla jkq uekuq`M f,dalhgumshd i,kakg fkdyels kïbßishd fkdlrkq uekúwE; ÿr wyi u;ksoyfia ieye¨fjkamshdUk úy`. le<gtúg fmï lrdú uq`M f,dju Tngh,s h,s;a…….
වල්මත්වූවෝ CHANGE මීට දශක කිහිපයකට පෙර සිංහල සිනමා වංශකථාවේ පිටු අතරට එක් වූ එක්තරා ජනප්‍රිය චිත්‍රපටයක් ලෙස "වල්මත්වූවෝ" හඳුනාගත් අප අද එවන් සිනමාවක් ගොඩනැගෙන්නේ නැතත් මුළු මහත් සමාජයම "වල්මත්වූවන්" ලෙස හඳුනාගත හැක. සියල්ලම පැටලී සියලු දෙනාම පැටලී ඇත. පැටලි පැටලී ජීවිතය ලෙහා දමන්නේ යැයි කියමින් තව තවත් පටලා ගනිමින් සිටී. පොඩි එකා පාසල් යන්නේ ඉගෙන ගන්නටය. මා පිය බලාපොරොත්තුව හොඳ එකෙකු කිරීමටය. ...
පහරදීම්, අතුරුදන්වීම්, ඝාතන හා උද්ඝොෂණ CHANGE මේ දිනවල ලාංකීය භූමියේ වඩාත්ම කථා බහට ලක් වූ එමෙන්ම වඩාත් ජනප්‍රිය සටන්පාඨ බවටත්ජනතාව අතර ගුප්ත මාතෘකාව බවටත් යථෝක්තය පත්ව ඇත. දිගින් දිගටම සිදුවුනු අතුරුදහන් වීම්,ඝාතන, සුදු වැන් සිදුවීම් හේතුවෙන් ලාංකීය දේශපාලනය ජනවාරි 01 දා සිට උණුසුම්විය. පසුගියදෙසැම්බර් 9 දා අතුරුදහන් වු ලලිත් හා කූගන් නිසා නිසා එය ජාතිකවත් ජා්යත්තන්තරව ප්රබලමාතෘකාවක් බවට පත් විය. අතුරුදහන් වුවන් සොයා, පුද්ගල ඝාතන හා ...
We are the 99% CHANGE සාතිශය සමාජය වල්මත් වී ඇති බව කිරිගරුඬ මෙන් පැහැදිලිය. වල්මත් වූවන් සොයා ඔවුන්ව සංවිධානය කර ගත හැකි නම් එය අද දවසේ වටිනාම කාර්යය වන්නේ යයි අපට සිතෙන්නේ ඇඟේ අමාරුවකට නොවේ. එහෙත් මේ සදහා මූලික විය යුත්තේ කවුද? ග්රාමීයව සමෘද්ධි සමිතිය, මරණාධාර සමිති මෙන්ම මහිලා සමිති, යොවුන් සමාජ ඇති පදමට ඇත. එහෙත් ඒ සියල්ලක්ම එක් නිශ්චිත කාරණා වෙනුවෙන් පමණක් නිර්මාණය වී ...
සයිබර් අවකාශය ලිබරල්කරණයෙන් ඔබ්බට CHANGE ලාංකීය වත්මන් දේශපාලන භූමිකාව තුළ එහි සියලු සමාජගත දේහයන් අර්බුදයටම යමින් තිබේ. එය ඉතාම ඛේදනීය අවසානයක ඇරඹුමක් සටහන් කරමින් සිටී. ලාංකීය දේශපාලනය නව පන්නයේ දේශපාලන මගක්, නව නායකත්වයක්, නව අරගල විධීන් ඉල්ලා සිටී. වත්මන් අර්බුදය විසින් මතු කර ඇති අවස්ථාව තේරුම්ගත හැක්කේ එලෙසය. එය වත්මන් සමාජයේ අභියෝගයයි. එකී අභියෝගය අර්බුදයේ අභියෝගය වන විට එම අභියෝගය තේරුම් ගැනීම හා ඊට විසඳුම් ...
නෙලුම් නොපිපෙන නෙලුම් පොකුණ CHANGE ආනන්ද කුමාරස්වාමි මාවත දැන් එහි නැත. ඒ වෙනුවට ඇත්තේ නෙලුම් පොකුණ මාවතය. ඒ මාවතෙන් නෙලුම් පොකුණට යා හැකිය.නෙලුම් පොකුණේ විශාල රගහලකි.චීන අධාර මත ඉදි වු දකුණු ආසියාවේ විශාලතම රගහල මෙය බවත් සදහන්ව ඇත.හිතෝන්මාදය රජයන කලක ලංකාවේ තවත් විශාල ගොඩනැගිල්ලක් ඉදිව ඇත. වත්මන් දේශපාලන මොහොත තුල ජීවිත පවා joke වී ඇති සන්දර්භයක කලාව වියුක්ත අධ්‍යයනයක යෙදෙන්නේ නම් එයත් joke බව වටහා ...
අරගලය CHANGE රතු හා කළු පසුබිමක අරගලය නමින් සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම එකවර රටපුරා පෝස්ටරයක් ඇලවී තිබුණි. 04 දා රාත්‍රී අලවා තිබූ එම පෝස්ටරය කුමක්, කවුරු, කා සඳහාඇලවූවක්දැයි අපි කිසිත් දැන නොසිටීමු. එහෙත් ආකර්ෂණීය පෝස්ටරයක් රටපුරා ඇලවී තිබුණි.දැන් දැන් මාධ්‍ය වාර්තා පලවන ආකාරයට එය ජවිපෙ වාමාංශික ප්‍රවණතාවය විසින් අලවන ලදබවත්, ඔවුන් විසින් දෙසැම්බර් 13 දින පැවැත්වීමට නියමිත රැස්වීමක් පිළිබඳව දැනුවත් ...
13 + ( Thirteen Plus) CHANGE සියල්ල සුදානම්ය.මාධ්‍ය ප්රකශයද අවසන්ය. බොහෝ දුරට හෙට අනිද්දා වන විට ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත්වීමට ඉඩ ඇත.ඉන්දියානු විදේශ අමාත්‍ය S.M ක්‍රිෂ්ණා දේශප්‍රේමි මහින්ද රාජපක්ෂ 13 වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදිමකට දේශපාලන විසදුමකට සූදානම් බව, එකග වූ බව ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශකයින් අනාවරණය කෙරිනි. එහි අනෙක් පුටුවෙ මෙරට විදේශ අමාත්‍ය G.L පීරිස් ද සිටියේය.අප සියලුම දෙනා දන්නා ආකාරයට ලෝකයේ සෑම රටකටම අවශ්‍ය ...
මේක පට්ට සමාජයක්. CHANGE පෑනකුයි, කොළයකුයි අතට ගත්තාම හිතෙන්නේ හිතේ තියෙන දේවල් ඔක්කොම එක සැරයකට ලියන්න පුළුවන් නම් හොඳයි කියලා. එහෙම හිතලා වෙලාවක් වෙන් කරගෙන පෑනයි කොළයකුයි අතට අරන් ලියන්න ඉඳගත්තාම මොනවද ලියන්නේ, කොහොමද පටන් ගන්නේ කියලා හිතෙනවා. ඒ තරමටම අදහස් අවුල් නොවුනාට සමාජය අවුල්. මේක පට්ට සමාජයක්.අය වැය ආවා ගියා. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම ඔක්කෝම විවෘත කළා. මිනිස්සු පරිභෝජනවාදය තුළ ගිල්ලුවා. ලොක්කෝ තමන්ගේ ...
වේදනාවෙන් විනෝද වීම CHANGE සිරිල් අයියා කියන්නේ මට හමුවුණු මිනිස් චරිත වලින් අමුතුම තාලේ මිනිහෙක්. සිහින් සිරුරක් ඇති මුහුණ පුරා ගණ රැවුලක් වැවී ඇති හතලිස් විය පසු කළ ඔහු චාම් මිනිසෙකි. නූතන සේරිවාණිජ චරිතය සිහි කරමින් Fancy කඩයක සේවය කරන සිරිල් අයියා කාන්තාව කොටස් කර විකිණීමට දක්ෂයෙකි. ඒ ඔහු අතින් කාන්තාවකට අවශ්‍ය මාල, වළලු, කරාඹු, මුදු, චේන්, බ්‍රෙස්ලට්, ක්‍රීම්, ලිප්ස්ටික්, ෆේෂ් වොෂ් ආදී සියල්ලක්ම ...
පෙනුම ගල් වී හරය බොල් වීම CHANGE Facebook Account එකක සැබෑ අර්ථය කුමක් වුවත්, මටත් සමාජය හා මිනිසුන්ව අඳුනගන්න මේ ක්‍රමය යෝග්‍ය යැයි සිතුන නිසා පටන් ගත්තා ඒ වැඩේත්. මොකද මේ සමාජය ඇතුලේ මිනිහෙක්ව තේරුම් ගන්න ඔවුන්ව ඇසුරු කරන්න විවිධ වැඩ වල යෙදුනු මම ඒවායින් සාරවත් ප්‍රතිඵලයක් ඇති නොවුනු නිසා ඒ සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී මේ වැඩේට set වුනා. හුදෙක් මිතුරන් හඳුනාගැනීම පමණක් තේරුමක් නොමැති නිසා ඉන් එයා ...
ලිංගික නිදහස හා ආර්ථික නිදහස CHANGE අපේ ආරම්භය දකින ඕනෑම කෙනෙකුට සම්ප්රදාය, විනය, සදාචාරවත් බව හදිසියේම මතක් වන්නේ නම්, එය පුදුමයට කරුණක් නොවන බව අපි සඳහන් කරමු. ඊට හේතුව අප ජීවත් වන සමාජය ලිංගිකත්වය පිළිබඳ කථා කිරීමට විනා නිදහසේ සිතීමටවත් ඉඩක් තබා නොතිබීම මගිනි. තවද අප ලිංගික නිදහසක් වෙනුවෙන් සංවිධාන අටවා, ඒ වෙනුවෙන් මාධ්‍ය සංදර්ශන පවත්වා, ජනතාව ඥාණනය කිරීමේ කටයුත්තකට අතගසා නොමැති බවත්, අප ඒ වෙනුවෙන් ...
වමට සිග්නල් දමා දකුණට හැරවීම CHANGE මාර්ගයක වාහන භාවිතයේ දී අප දන්නා theoryයක් ඇත. ඒ නීත්‍යානුකූල ලෙස රිය පැදවීමයි. ඒ සඳහා බොහෝ නීතිමය මෙන්ම සදාචාරාත්මක කාරණා ද ඇතුළත්ය. එහෙත් බොහෝ අවස්ථාවලදී අප දකින්නේ මෙම කිසිදු බැඳීමක් අදාළ නොවන වාහන රියැදුරන් සිටින බවය. ඔවුන් අතින් සිදුවන රිය අනතුරු හේතුවෙන් කිසිත් නොදන්නා අසරණ මිනිසුන්ගේ ජීවිත දහස් ගණනක් මේ වන විටත් අහිමි වී තිබේ.මේ කාරණාව මුලින්ම සඳහන් කිරීමට සිත්වූයේ ...
සුවඳ මල් තිවංකය CHANGE je,s leg mjd .,ajk fï iS;, mdkaor llshk w÷rlska ys; fldks;a;d fk;a l< l÷,la fldmq,a ;, isôkakg fuka yeÿjd ''''weys;gq w.ska fífrk f;;e;s iqiqul tiqjඳ kqUu j. fï oekq;a oekqkd'''lsisodl fkdje,,S ;sfnk uyd is;=ú,s lkao u; uqÿfkau kqUu yskeyS ys¢k j. l¨.eyS ñhefok ys;gu .=.=r .=.=rd ke.=kd''''' l,aurd weúo hk ojia y;aoyia kjish úiaila f.jd f.fkk w¿;a br t<sh kqUu ...
ස්ත්‍රිය CHANGE ඇය අවශ්‍ය වන්නේ යහන් ගතවීමටය. ඇය අවශ්‍ය වන්නේ තමන්ගේ දේපල බාර දීමට සුදුසු අයෙකු බිහි කරවා ගැනීමටය. ඇය අවශ්‍ය වන්නේ කුස්සියේ අඩුපාඩු මගහරවා ගැනීමටය. ඇය අවශ්‍ය වන්නේ මැතිවරණ වේදිකා වල සිහින මවන්නන්ගේ "ඡන්ද" නමැති අස්වැන්න නෙලීමටය. වත්මන් සමාජයේ ස්ත්‍රියගේ අස්ථානය එවැන්නකි. එය වමටද, දකුණටද එකසේ පොදුය. එසේ නම් ඇය දේශපාලනික කිරීම දේශපාලනය කළවුන් මගහැර ඇත.ඇත්තෙන්ම කැරළි ගැසීමට, අරගල කිරීමට ඇයට ...
මර්ධනය, යටත්වීම, සටන්වැදිම CHANGE මේ දවස්වල අප සමාජයේ ජනප්‍රිය වෙමින් යන මාතෘකා 03ක් ගෙන දක්වමු. ඒ වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය ඒ හරහා වැටී ඇති බැවිනි. ඔවුන්ගේ ප්‍රධාන සතුරාබවට මේ දවස්වල විශ්වවිද්්යාල සිසු සිසුවියන් පත්ව ඇත. අධ්‍යාපන පෞද්ගලීකරණය සඳහා සැලසුම් කරමින් ඒ සඳහා සුදානම් වන ආණ්ඩුවට එරෙහිව වීදි බසින ශිෂ්‍ය ප්‍රජාව ඔවුන්ගේ ප්‍රධාන හතුරා වීම අහඹුවක් නොවේ. ඒ නිසා ඔවුන් L.T.T.E ය සමඟත් පාතාලය ...