හජ් උල්හිය්යා පිළිබදව සමස්ථ ලංකා ජමියතුල් උලමා සංගමයේ විශේෂ නිවේදනය! Anver Manatunga ‘උල්හිය්යා පිළිබඳව ෂරීආ පවසන මඟපෙන්වීම අනුව කටයුතු කරමු’ පෝය දින සඳදාට යෙදී ඇති හෙයින් එදින උල්හිය්යා කටයුතු නොකරන මෙන් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ ඉල්ලා සිටියි. ‘උල්හිය්යා පිළිබඳව ෂරීආ පවසන මඟපෙන්වීම අනුව කටයුතු කරමු’ පෝය දින සඳදාට යෙදී ඇති හෙයින් එදින උල්හිය්යා කටයුතු නොකරන මෙන් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ ඉල්ලා සිටියි. [...] ...
සිංහල රාවයේ සංඝ මැරයන් හරක් බලාගැනීමට! ආරක්ෂක ලේකම්ගෙන් අක්කර 1000ක ත්‍යාගයක්! Anver Manatunga සංඝ මැරයා සුදුස්සාට සුදුසු තැන නම් පිරුළ පසක් කරමින් සිංහල රාවයේ සංඝ මැරයන් හට හරක් බලා ගැනීමේ කටයුත්ත ලැබී ඇත. මේ සඳහා පූර්ණ අනුග්‍රහය ආරක්ෂක අමාත්‍යාංශයෙනි. මෙම අළුත් හරක් වැඩේ සඳහා ආරක්ෂක ලේකම් විසින් අක්කර දහසක ගොවිපලක් සේරුවිල සෝමාවතිය මාර්ගයෙන් ලබාදෙන බැව් පැවසේ. මේ සඳහා හරක් ප්‍රවාහනය කරදීමද ආරක්ෂක අමාත්‍යාංශය එකඟ වී ඇත. මේ නිසා රට රැකගත් රණවිරුවන්ටද අළුත් කාර්යයක් ...
අවුරුද්දට කලින් හලාල් සලකුණ ඉවත් කරන්න අන්තවාදී බලහත්කාරය විමසුමක්! Anver Manatunga හලාල් සලකුණ ගැන ජමියතුල් උලමාවට විරුද්ධව තමන් නීතියට යන බව බොදු බල සේනාව විසින් මාධ්‍යට ප්‍රකාශ කරන ලද අවස්ථාවේ මම හැකි නම් එසේ කරල ලෙස අභියෝගයක් කළෙමි. නමුත් එය භාරගනු වෙනුවට දැන් බොදු බල සේනාව විසින් තමන්ගේ ස්ථාවරය වෙනස් කර ඇත. ඔවුන් නීතියට නොයා නැවතත් කැලෑ නීතියට ගොස් ඇත. එනම් හලාල් සලකුණ ඉවත් කිරීමට ජමියතුල් [...] Related posts: අවුරුද්දට කලින් ...
ආගමික නායකයන්ගේ හීනමානය නිසා දහම් පිරිහීම! Anver Manatunga හීනමානය ඔවුන් අපගේ කාන්තා වස්ත්‍රයට, පුරුෂ රැවුලට සකල ස්වරූපයටම පහර ගසයි. නමුත් ඔවුන්ට කියා වස්ත්‍ර සංවර කමක් හෝ සදාචාරයක් නැත. ඔවුන් අපේ හලාල් ආහාර ක්‍රමවේදයට පහර ගසති. නමුත් ඔවුන්ට ආහාර ගන්නේ කෙලෙසදැයි සදාචාරයක් නැත. ඔවුන් අපගේ නැමදුම් ස්ථාන වල නැමදුම වලකන්නට වලිකති. නමුත් ඔවුන් ඔවුන්ගේ දහමෙහි නැමදුම කුමක්දැයි හරිහැටි නොදනිති. සැබවින්ම ඔවුන්මේ පහර ගසන්නේ ඔවුන්ට නැති දේ පිළිබඳ හීනමානය නිසාද? ...
දිනකට කාන්තාවන් පස්දෙනෙක් දූෂණයට ලක්වේ! පුවත විමසුමක් Anver Manatunga ශ්‍රී ලංකාවේ දිනකට අවම වශයෙන් කාන්තාවන් 5 දෙනෙක් දූෂණයට ලක්වන බව සමීක්ෂණයකින් හෙළිවී ඇති බව ශ්‍රී ලංකා මිරර් අඩවියේ පුවතක පලවිය. මේ පුවත ගැන කියවු මට ඒ ගැන විමසුමක් කිරීමට සිත්විය. ජාත්‍යන්තර කාන්තා සංවිධාන සහ ශ්‍රී ලංකාවේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් සිදුකර ඇති සමීක්ෂණ වලින් මෙම කරුණු අනාවරණය වී ඇති බව “වෙනසක් [...] ...
මුස්ලිම්-විරෝධී සිංහල-බෞද්ධ අන්තවාදයේ නව සැඩපහර සහ ඉන් ඇතිවිය හැකි විපාක – දයාන් ජයතිලක Anver Manatunga මෑතක ඇති වූ සිදුවීම් පිළිබඳ වාර්තා ඇස ගැසීමේ දී, අද අප දකිමින් සිටින්නේ, සිංහල සමාජයේ අඳුරු යටිතලයෙන් මතුවෙන වාර්ගිකාගමික ෆැසිස්ට්වාදයකට අඩු දෙයක් නොවේ ය යන පැහැදිළි සහ නිශ්චිත නිගමනයට නොපැමිණ ඉන්නට, දේශපාලන විද්‍යාඥයෙකු වශයෙන් මට නොහැකිය. හැනා ආරෙන්ඞ් සහ රයින්හෝල්ඞ් නිබහ (සහ වඩාත් මෑතක දී ඇලන් වුල්ෆ්) වැනි දේශපාලන දර්ශනවාදීන් ‘දේශපාලනික නපුර’ වශයෙන් හැඳින්වුයේ [...] Related posts: වාර්ගිකාගමික ෆැසිස්ට්වාදය ...
ලක් මුස්ලිම් කතුන්ගේ හිජාබය පාට කිරීමේ කුමන්ත්‍රණය විමසුමක්? Anver Manatunga ලක් මුස්ලිම් කතුන්ගේ හිජාබය පාට කිරීමේ කුමන්ත්‍රණය විමසුමක්? බොදුබලසේනාව සහ අනෙකුත් අන්තවාදී බෞද්ධ කල්ලි කංඩායම් වල විරෝධතා හමුවේ මුස්ලිම් කතුන්ට කළුපැහැති අබායා වෙනුවට පාට පාට අබායා ඇන්දවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එක්තරා සංවිධානයක් ක්‍රියාකාරී වී ඇති බැව් ආරංචි වීම නිසා මෙම ලිපිය ලිවීමට සිත්විය. මෙම පුවත කියවු මා තෘෂ්ණිම්භුත වු කාරණය නම් ඒ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වු මුස්ලිම් නම් ඇති ...
නෝලිමිට් වෙලඳ ආයතනය ඉලක්ක කරන අපහාස ගැන විමසුමක්! Anver Manatunga නෝලිමිට් නිමි ඇඳුම් වෙලඳසැල් ජාලය වෙත කරන්නාවු අපහාසයන් ලංකා ඉතිහාසය තුල වෙලඳ සදාචාරය සම්පුර්ණයෙන්ම බිඳ දමමින් කරන්නාවු එකකි. එම අපහාසයන්හි ඉලක්කය එම ජාලයේ වෙලඳාම බිඳ දැමීමයි. නමුත් පුදුමය නම් එහි පාලනාධිකාරය විසින් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකිරීමයි. එයට ප්‍රධානතම හේතුව නම් මේ සියළුම අපහාසයන් හමුවේ එම ආයතනයේ ආදායම දිනෙන් දින ඉහල යාමයි. ඔවුන් දිනෙන් [...] ...
අවුල “මචං” ගෙද? නැත! Anver Manatunga මචං ඥානසාර! “වෙනස වූකලී එක දෙයකි, අභිවෘද්ධිය වූ කලී තවත්දෙයකි. වෙනස විද්‍යාත්මකය. අභිවෘද්ධිය ආචාධාර්මීය. – රසල් – අන්පොපියුලර් එසේස්” බොහෝ දෙනෙක් බොදුබල සේනාව සහ එය මෙහයවන භික්ෂුව අරම්භයා බරපතල විවේචන එල්ල කරමින් සිටිති. ඇතමෙකුට හෙතම බුදු දහමට නිගාදෙන බික්ෂුවක් වන අතර තවකෙකුට මචං කෙනෙකි. කෙනෙකුගේ ජීවිතය ගැන ප්‍රශ්න කිරීම හෝ හෙතෙමගේ පෞද්ගලික ජීවිතයේ ඇති කුණු ප්‍රසිද්ධ වේදිකාවලට ගෙන ඒම 70 දශකයේ අගභාගයේ සිට ...
තුන් සරණ වෙනුවට රාජපක්ෂ පස් සරණයි – රාජිත Anver Manatunga බොදු බල සේනාවට අනුව දැන් තුන් සරණ වෙනුවට පස් සරණක් ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ කුඩාවැල්ලේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් සඳහන් කළේය. මහින්ද, චමල්, නාමල්, ගෝඨා සහ බැසිල් යන රාජපක්ෂවරු එම පස් සරණ බවද ඇමතිවරයා කිය. ”ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා තිබුනා මාව දේශපාලනයෙන් ඉවත් කරනවා කියලා. දේශපාලන ජීවිතය නෙමෙයි සමහරු ආවා ...
මෘත දේහය තබාගෙන පිස්සු කෙලීමේ වෑයම විමසුමක්! Anver Manatunga දැවෙන සිරුර සියදිවි නසාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ වාසභූමියට සිරුර රැගෙන යාමට අධිකරණ නියෝගයක් ගැනීමට සිදුවිය. එම සිරුර එහිමියන්ගේ වාසභූමියට ගෙනයෑමට එරෙහිව උද්ඝෝෂනයක් පවා සිදුවිය. කෙසේ නමුදු ඔවුන්ගේ අරමුණු ඉෂ්ඨ සිද්ධ කරගැනීමට නොහැකි විය. එනම් මෘත දේහය තබාගෙන ලංකාවම පිස්සු කරවීමයි. කිසිදු ලෞකික බුද්ධියක් නැති ආත්මාර්ථකාමීන්ට අවශ්‍යව තිබෙන්නේ තමන් හදාගෙන තිබෙන පිස්සුව රටේ ජනතාවටද බෝ කිරීමයි. මේ අතර සිංහල රාවයේ චීවරධාරියෙක් ...
මාමස්මිගේ මරණය සහ රාගම මධුරගේ මරණයේ සමාන පිටපත විමසුමක්! Anver Manatunga මාමස්මි මාමස්මි හෙවත් කාදර් මොහිදීන් අහමද් අස්මීර් නැමැත්තා ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරින් මිය යාම ගැන විමසුමක් කරන්නැයි අප අඩවියට පැමිණෙන අන්තවාදී පාර්ශවයේ ප්‍රතිචාර දක්වන්නෙකු ඉල්ලා සිටින ලදී. සාමාන්‍යයෙන් අන්තවාදීන්ට අවශ්‍ය ඔවුන්ට ජනතාව අවුළුවීමට අවශ්‍ය වචනයක් දෙකක් මගෙන් ලබා ගැනීම බව දනිමි. කෙසේ වුවත් මාමස්මිගේ මරණය සම්බන්ධ පිටපත කියවු මගේ මතකය දිවගියේ මීට වසර කිහිපයකට පෙර මේ ආකාරයටම මියගිය රාගම ...
ගිනි තැබුණු අනුරපුර මුස්ලිම් පල්ලිය හදන්න ජනපති ආධාර කරයි! Anver Manatunga පසුගිය දිනක නාදුණන කන්ඩායමක් විසින් අනුරාධපුර මල්වතු පටුමගේ තක්කියා මුස්ලිම් පල්ලියක් ගිනි තබන ලදී. අප මේ ගැන අපගේ බ්ලොග් අඩවිය තුලින් දැනුම් දුන්නා ඔබට මතක ඇති. http://www.anvermanatunga.com/2012/10/28/anurapura-palliya-sinhala/ එය කළ කිසිවෙකු මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත. මෙම පල්ලිය සම්බන්ධව උතුරුමැද පලාත් අමාත්‍ය එස්.එම් රංජිත් මහතා විසින් අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති වරයා සමග සාකච්ඡා [...] ...
සැබෑ මුස්ලිම්වරයා යනු කවුරුන්ද? Anver Manatunga මා මැවූ, මගේ ප්‍රාණය නැවත අත්පත් කරගන්නා හා මා නැවත නැගිටුවන් ලබන සර්ව බලධාරී අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි . අද සමාජයේ සමහර කොටස් මුස්ලිම් වරුන් දෙස බලන්නේ වපර ඇසිනි. ඒ ඔවුන්ගේ වරද නිසා නොව ජාතිවාදී බලවේග විසින් ඔවුන්ගේ සිත් තුල වපුරුවා ඇති අන්තවාදී විශබීජ නිසාවෙනි. එම අන්තවාදී කණ්ඩායම් පදනම් විරහිත ව්‍යාජ තොරතුරු හා කෝපය [...] ...
ලංකා මුස්ලිම් වරුන්ගේ අයිතිය කොහේද? Anver Manatunga අද සමහර ආගම්බේධවාදීන්ගේ මතය වී තිබෙන්නේ ලාංකීය මුස්ලිම් වරුන් මෙරටට අයිති නැති බවත් ඔවුන් ඔවුන්ගේ මුල් ප්‍රදේශ වන අරාබියට නැවත යායුතු බවත්ය. මේ නිසා මට වත්මන් ලාංකීය මුස්ලිම් වරුන් ලංකාවට සම්බන්ධ වුයේ කෙසේද? යන්න පිළිබඳව මඳක් සොයන්නට සිතුණි. අප කවුරුත් දන්නා පරිදි ලංකාවේ මුස්ලිම් වරුන් ඇති වීමට මුලික ප්‍රභවයන් රැසක් දායක වී ඇත. ඒවා [...] ...
කවුරුත් නොදන්න කථාවක්! ඥානසාරගේ නායක හාමුදුරුවන්ටත් අබ සරණයි! Anver Manatunga අබ සරණයි! ඥානසාර ගෝඨාට ඥානසාරව අත්අඩංගුවට ගන්න බැරි අබ සරණ යන වචනය නිර්වචනය කරගන්න බැරිවීම කියන එක සමාජගත වෙලා අවසානයි. නමුත් අබ සරණ වචනය හැර ඥානසාරව අත්අඩංගුවට ගන්න ඕන තරම් හේතු ඒ කථාවේ තියෙන බව වීඩියෝව බැලුවිට ඕනම කෙනෙකුට හිතෙන දෙයක්. කෙසේ නමුත් ඥානසාර එක්ක හැප්පෙන ඕනම කෙනෙකුට දැන් අබ සරණයි! යන්න කවුරුත් දන්නා සත්‍යයක්. මම මේ ලිපියෙන් පෙන්නා දෙන්නේ ...
මගේ මව් රට – ශ්‍රී ලංකාව Anver Manatunga අන්තවාදී සුළුතරයකගෙන් දසතින් නැගුන හඬක් වුයේ මුස්ලිම්වරු මේ රටට අයත් නොවේය, ඔවුන් මේ රටට පැමිණි වෙළෙදුන්ය, ඔවුන්ගේ රට අරාබිකරයයි, ඔවුන් වහාම මේ රටින් පිටවිය යුතුය. අහෝ! අප උපන් මාතෘ භුමිය අතහැර අපට රටින් පිටුවහල් වන්නට යයි පවසන ඔවුන්ට අනුකම්පා කරමු. එකී අනුකම්පාවෙන් යුතුව මේ ලිපිය ඔවුන් වෙත ලියමි. ඔව් ඔබලා නිවැරදිය. අපේ මුතුන්මිත්තෝ මේ [...] Related posts: ලංකාව මුස්ලිම් ...
මචං….. ඥානසාර! Anver Manatunga අපිත් එක්ක එකට සිගරට් එක බොන, බියර් වීදුරුව ගහන බඩු කෑලි ගැන කතා කරන හාමුදුරුලාට අපි කියන්නෙ මචං සාදුලා කියලා. ඉතින් ඒ මචං සාදුලා අතර අද වෙනකොට ඉහළින්ම ඉන්න අය ගැන අපි දන්නවනෙ. ඒත් මචං ඥානසාර අපේ මචං සාදු කෙනෙක් වෙන්නෙ වෙන කාරණාවක් හින්දයි. ඒ තමයි මචං ඥානසාර අද ලංකාව ඉන්න ලොකුම චන්ඩියා. නාවල [...] ...
අන්වර් මනතුංග බ්ලොගයේ සහ මුහුණු පොත් පිටුවේ ඊද් පණිවිඩය! Anver Manatunga ඊද් සුභපැතුම්! උතුම්වු රමදාන් මාසයේ උපවාස ශීලය අවසන් කරමින් පැවැත්වෙන උත්සවය වන ඊද් අල් ෆිත්ර් දිනය වෙනුවෙන් අන්වර් මනතුංග බ්ලොගයේ සහ අන්වර් මනතුංග මුහුණුපොත් පිටුවේ පාඨක සැමට සුභ පතමු. ලෝ පුරා මුස්ලිම් ජනතාව ප්‍රීතිය, සතුට හා සමාදානය සමරන මෙම අවස්ථාවේදී අප ලාංකික මුස්ලිම් වරුන් වශයෙන් අපගේ සහෝදර ජනතාව වන බෞද්ධ, හින්දු සහ ක්‍රිස්තියානි ජනතාව අතර සහෝදරත්වය වර්ධනය කර ගැනීම සඳහා ...
වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු Anver Manatunga ලුක්මාන් හරීස් අපි අසන බණ මගින් අප අතර සාමය හා සුහදත්වය වර්ධනය විය යුතුය. වෛරය එමගින් වපුරනු ලැබුවහොත් බුදුන් වහන්සේද එමගින් උරණු වෙනු ඇත. ආචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී සංකල්පනාවක් වූ විශාරද නන්දා මලිනීය විසින් ගැයූ ගීතයක් මගින් මෙම පණිවිඩය අගේට හුවා දැක්වේ. බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනු සැඩොල වුනත් සුදුසෙකු නම් පුටුව දෙනු හෙළයා වුනත් ජඩයකු නම් ...