අපි ගැන ජනතා ආකල්පය එන්න එන්න නරක් වෙනවා. මුසල්මානුවන්ට මඩ ගැසීම තීව්ර කරව්! – බෞද්ධ අන්තවාදීන් Anver Manatunga අන්තවාදීන් නූල් පොට දෙකකින් එල්ලී සිටින ලංකාවේ බෞද්ධ අන්තවාදීන් රූකඩයන් ලෙස නැටවෙන්නේ කාලීන සිදුවීම් වලට උචිත වන අයුරුන්ය. එකී දෙනූල් පොට ජාතිවාදය සහ දේශපාලනය වන අතර, කාලීන සිදුවීම් වලට අනුව අන්තවාදීන්ගේ වාදනය සහ ගායනය වෙනස් වේ. සිවුරු දරන්නන් මහ දවල් වුව අශෝභන ලෙස හැසිරෙන නිසාත්, ඔවුන්ගේ බොරු අතේ පත්තුවීම නිසාත්, සහ මෑතකදී දේශපාලන ලොවෙහි සිදු වූ භූමි කම්පා ජනතා සිත් ...
මුස්ලිම්වරයෙකුට සාංඝික දානයක් දිය හැකිද? සදකා දානයක් දිය යුත්තේ කෙසේද? Anver Manatunga මුස්ලිම් සාංඝික දානයක් අනුරාධපුර, නාච්චාදූව මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ කාරක සභාව නාච්චාදූවේ පන්සල් දහයක වැඩ සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා ජුම්මා පල්ලියට වැඩම කර දහවල් දානය පිරිනැමීය. පහළොස් දෙනෙකුගෙන් සමන්විත මොහිදීන් ජුම්මා පල්ලියේ කාරක සභාවේ නියෝජිතයෝ අලුයම සිටම ඔවුන්ගේ අතින්ම දානය සකස් කිරීමෙන් අනතුරුව පෙරවරු එකොළහ පමණ වනවිට වියන් බැඳ මහා සංඝරත්නය ඉස්ලාම් බැතිමතුන් විසින්ම ජුම්මා පල්ලිය වෙත වැඩම කරවනු ලැබුහ. ...
“සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” යන පිරුලෙහි වගතුග Anver Manatunga මේකෙ නිධාන කතාව තමයි: මහනුවර යුගයේ සිටම සිංහලයින් අතර ඉතාමත් ජනප්‍රිය කෑමක් තමයි “කැවුම්” කියන්නේ. එහිදී කොණ්ඩා කැවුම්, පැණි කැවුම් ආදිය ඉදිරියෙන් ම තිබුණි. කැවුම් වල තිබෙන විශේෂ ගුණයන් තමයි වැඩි දවසක් නරක් නොවී තියාගැනීමට පුළුවන් වීම සහ මේදය තිබෙන නිසා ශක්තිජනක ආහාරයක් වීම. මේ බව අවබෝධ කරගත්, උපක්රමික හෙළ සටන් කලාවේ කෙළ පැමිණියෙක් [...] ...
පංසලේ සලාතය කළ නිසා මුස්ලිම් පල්ලියේ පිරිත් කිව යුතුද? නාඳුණන ලියුම්කරුවෙකුගේ ලිපියක් Anver Manatunga ආගම්බේධවාදීන් විසින් ඉෆ්තාර් වැඩසටහන් සම්බන්ධව ඇති කර තිබෙන ඝෝෂාව අරබයා මා විසින් ලියු ලිපියට ප්‍රතිචාරයක් වශයෙන් එක්තරා සහෝදරයෙකු හෝ සහෝදරියක විසින් මවෙත නිර්නාමික ලිපියක් එවා ඇත. එම ලිපියේ ඉතා වැදගත් කරුණු තිබෙන හෙයින් සහ එම ලිපිය ඉතා කාලෝචිත හෙයින් එහි පලවන අදහස් වල වගකීම මවෙත පවරා ගනිමින් මෙම ලිපිය අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ පලකරන්නට තීරණය [...] ...
සියලු ආගම් වලට ගරු කරමු! Anver Manatunga සියලු ආගම් වලට ගරු කරමු! ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුළ හිමි අපේ බෞද්ධ පින්වතුන් බොහෝ දෙනා අන්‍ය ආගම්වලට ගරු කරන බව හොඳින් පෙනෙන්නට තිබෙනවා මෙය ආගමික සහජීවනයට ඉතාම වැදගත් ආගමික සහජීවනයට මෙන්ම සමාජයේ ගැටලු අඩුකර ගැනීමට වැදගත්වන තවත් කරුණක් කෙරෙහි අප බොහෝ දෙනාගේ අවධානයක් නැහැ ආගමික සහජීවනය, එකමුතුව ගැන කතා කළ ලොව ශ්‍රේෂ්ඨම උත්තමයන් [...] ...
එස්.බී. විසින් ජාතිවාදීන්ගේ අඬුකඩන බවට කළ ප්‍රකාශයෙන් හෙළඋරුමයට රිදිලා! Anver Manatunga පසුගිය දිනක අමාත්‍ය එස්.බී දිසානායක මහතා මහනුවර ප්‍රදේශයේ රැස්වීමක් අමතමින් මුස්ලිම්වරුන්ට කරදර කරන සිංහල බෞද්ධයින් ජාතිවාදීන්ගේ අඬු කඩන බවට තර්ජන, ගර්ජන කළ ආකාරය ජාතික හෙළ උරුමය විසින් හෙලා දැක ප්‍රකාශයක් නිකුත් කර තිබේ. “රජයේ වගකිව යුතු ඇමතිවරයෙකුගේ ප්‍රකාශයක් වුවද සිංහල බෞද්ධයන් එය එතරම් නොතැකුවේ, ඔහුගේ දේශපාලනය හා සිංහල විරෝධය කොයි කවුරුත් දන්නා බැවින් යයි ද [...] ...
මීගමුවේ සුරුවම් හොරු!!! Anver Manatunga සුරුවම් මීගමුව කට්ටුව දේවස්ථානයේ තිබූ ඉපැරණි සුරුවමක් ඇතුළු ඒ අවට ප්‍රදේශයේ තවත් දේවස්ථාන කිහිපයක සුරුවම්ද කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබේ. මෙය සංවිධානාත්මක කල්ලියක් විසින් සිදුකරන ලද්දක් බව පොලිස් ආරංචි මාර්ග වලින් වාර්තා වේ. කෙසේවුවද අදාළ පිරිස අල්ලා ගැනීමට මේ වන විට පොලිස් මෙහෙයුම් කි‍්‍රයාත්මක කර ඇති බවද පැවසේ. මිරර් වෙබ් අඩවිය ඇසුරිණි. No related posts. ...
අල්-කුර්ආනයේ 4: 24 වන වැකිය සම්බන්ධව වෙනස් මතයක්! Anver Manatunga අමල් නැමති අය විසින් ඇසු ප්‍රශ්නයකට මා විසින් අල්-කුර්ආනයේ 4:24 වන වැකියෙහි සිංහල අරුත සහ ඒ හා සම්බන්ධ අර්ථ විවරණය ගෙන දැක්වුයෙමි. එය මා උපුටා ගන්නා ලද්දේ තෆ්හීමුල් කුර්ආන් සිංහල පරිවර්තනයේ 2 වැනි වෙළුමෙහි 23 සහ 24 පිටු වලිනි. නමුත් දැන් එම පරිවර්තනය වැරදි බව පවසමින්, එම අරුතට වඩා වෙනස් අරුතක් අපගේ සහෝදර හසන් විසින් [...] ...
ඉස්ලාමයට සපැමිණි යුවතියකගෙන් මවට ලිපියක් Anver Manatunga ආදරණීය අම්මේ!… යුවතියක් බිරිඳක් වූ දිනේ පටන් ඇඟිලි ගනින්නේ කුළුදුල් මව් පදවියට…ඒත් දැන්නම් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා…දැන් කසාදයක් බැඳපු ගමන් හිතන්නේ ෆැමිලි ප්ලෑනින්… ඉක්මනට අම්ම කෙනෙක් වුනොත් ලයිෆ් එක එන්ජෝයි කරන්නේ කොහොමද?… ජොබ් එකේ ප්‍රමෝෂන් එකක් ගන්නේ කොහොමද?… බොඩි ෂේප් එක අවුට් යයිද?…දැන්නම් අළුත විවාහවුන බිරිඳකගේ ඔළුවේ වැඩකරන්නේ මේවා තමයි… ඒත් කවදා කොහොම හරි [...] ...
ධර්මද්වීපයේ ස්ත්‍රී දූෂණ සාමාන්‍යකරණය වීමේ පුවත විමසුමක්! Anver Manatunga ශ්‍රී ලංකාවේ පුරුෂයින් අතරින් සියයට 14.5 ක් සිය දිවියේ එක් වතාවක් වත් ස්ත්‍රී දූෂණයක් සිදු කර ඇති බවට පිළිගත් බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි. ආසියා ශාන්තිකර රටවල් හයක පුරුෂයන් දස දහසක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. මෙම සමීක්ෂණයෙන් පෙන්නුම් කරන්නේ ධර්මද්වීපයකැයි කියන්නාවු දිවයිනේ යථාර්තය නොවේද? මෙහි තවත් නොපැවසුණු පැත්තක්ද ඇත. එනම් ලංකාවේ සමලිංගික අපයෝජන සම්බන්ධව තත්වය ...
වසා දමන්නට තර්ජනය කෙරුණු අත්තිඩිය මස්ජිදුල් හිබා පල්ලියේ නවතම තතු! Anver Manatunga ගල්කිස්ස අත්තිඩිය ප්‍රදේශයේ මස්ජිදුල් හිබා නැමති පල්ලිය වසා දැමීමට තර්ජනය කෙරුණු බවක් අප පසුගිය දිනෙක වාර්තා කළා. අප පුවතෙහි පලකළේ එම පල්ලිය වසා දමන්නට තර්ජනය කළේ අසල පිහිටි සුමනාරාමයේ හිමිනමක් බවයි. නමුත් එය සංශෝධනය විය යුතුය. එම අවස්ථාවට පැමිණ තිබෙන්නේ බෙල්ලන්විල රජමහා විහාරාධිපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ය. බෙල්ලන්විල රජමහා විහාරයේ කිසියම් තනතුරක් දරන කෙනෙකුගේ පියකු එම පල්ලිය පිහිටි ස්ථානය අසලව ...
අඩු වයස් විවාහය ළමා අපචාරයක්ද? Anver Manatunga ආයිෂා රළියල්ලාහු අන්හා තුමිය වයස අවුරුදු 9 දී මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් සමග විවාහ වීම පිළිබඳ ප්‍රශ්නයට අප පිළිතුරු දීමත් සමග බොහෝ දෙනෙක් ඇවිස්සිලා. දැන් ඒ අයත් පිළිතුරු දෙන්න පටන් අරගෙන. මන්ද ඉස්ලාම් පිළිබඳව ඔවුන් විසින් ප්‍රචාරය කළ මඩ සියල්ලටම අප විසින් පිළිතුරු දෙමින් ඉදිරියට පැමිණ ඇත. කාලයක් වසාදමා තිබුණු [...] ...
වැලිගම උණුසුම්කාරී තත්වය සමනයවේ Anver Manatunga ඊයේ දින සවස 3.30 ට පමණ වැලිගම කෝට්ටේගොඩ සිදුවු අමානුෂික ඝාතණයකින් මුළු නගරයම උණුසුම් විය. ඝාතණයට ලක්වුයේ සය හැවිරිදි ෆාතිමා අෆ්රා නැමති දැරියයි. එම දැරිය තවත් දැරියක් සමග සෙල්ලම් කරමින් සිටියදී සාහසිකයෙක් විසින් ඇයව සිය නිවස දෙසට අඬගසා ඇයට උදැල්ලෙන් පහරදී ඇගේ මුඛයේ පස් පුරවා සැඟව ගොස් ඇත. මෙම සිද්ධියට අදාල අනෙක් දැරිය [...] ...
අභියෝගයක් වූ පරික්ෂණාත්මක ජීවිතය Anver Manatunga මරණින් මතු ජිවිතයේ සාර්ථකත්වය මෙන්ම මෙලොව ජිවිතයේ සාර්ථකත්වය සඳහාද මගපෙන්වන ඉස්ලාමයෙහි කිසිදු කරුණක් උදෙසා මගපෙන්වීමක් නොකොට මගහැර නැත. ඕනෑම යහක්‍රියාවක් හෝ නැමදුමක් කිරීමේදීද එය කලයුතු ආකාරය ගැන ඉස්ලාමය මගපෙන්වා දී ඇත. එහිදී මුලික කොන්දේසි දෙකක් ලෙස අල්ලාහ් වෙනුවෙන් කරමි (මෙහිදී අනෙකෙකුගේ ප්‍රශංසාව හෝ බලාපොරොත්තු නොවේ යන අරුත) යන සිතුවිල්ලද, නබි (සල්) තුමාගේ ආදර්ශයද අනුගමනය [...] Related posts: ඔබ ජීවත් ...
ලාංකීය මුස්ලිම් පාසැල් අධ්‍යාපනයේ අර්බුදය Anver Manatunga ලාංකීය මුස්ලිම් අධ්‍යාපනය පොදුවේ ලංකාවේ පාසල් අර්බුදයක් පවතින අතර දෙමාපියන් හට සිය දරුවන් පාසල් වලට ඇතුලත් කිරීමේදී බොහෝ සේ පීඩා විඳීමට සිදුවී ඇත. මේ අතර නවීන ජාතිවාදී රැල්ල හමුවේ මුස්ලිම් දෙමාපියන්ට තවත් වැඩිපුර ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුව ඇත. මේ වාතාවරණය තුල වැඩි මුදලක් දරා අන්තර්ජාතික පාසල් වලට සිය ළමුන් ඇතුලත් කිරීමට ඇතැම් මුස්ලිම් දෙමාපියන් පෙලඹෙති. ඇතැම් (සියලු ජාතීන් වල) ...
ෆැෂන්බග් ප්‍රහාරය:ගුටිකන එවුන් පාඩු විඳගෙන දඩබල්ලන් නිදහස් කිරීමේ ශිෂ්ඨාචාරය Anver Manatunga අරුම පුදුම රටේ වෙන්නේ හරි අපූරු දේය. බොදු බල හමුදාවෝ පන්සලකට රැස් වී කතිකා කොට ගන්ඨාර ගසා සෙනඟ රැස් කරවා ෆැෂන්බග් මුස්ලිම් වෙළද සැළකට පහර දෙති. ඒ අතර බෞද්ධ භික්ෂුන් බව පසුව සනාථ වන චීවරධාරීහු ද වෙති. වෙළද සැළට අලාභය ලක්ෂ ගණනාවකි. තුවාලකරැවෝ විස්සක් පමණය. භික්ෂුවක විසින් තර්ජනය කරන ජනමාධ්‍යවේදියකුට තුවාල ලබන තුරු පහර දෙති. [...] Related posts: ජාතිවාදයට, ආගම්වාදයට ...
මන්නාරම සිද්ධිය ආගම්බේධවාදයට හැරවීම Anver Manatunga මන්නාරම අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂනය කර අධිකරණයට ගල් ගැසීමේ සිද්ධිය ආගම්බේධවාදීන් විසින් තමන්ගේ තුරුම්පුවක් ලෙස භාවිතා කරන්නට පටන් ගෙන ඇත. මා මේ පිළිබඳව ලිපියක් ලියන්නට තීරණය කළේ ආගම්බේධවාදීන්ගේ මහදැනමුත්තා වන අසුචිරාළද මැදිහත් වී ඇති බව දුටු නිසාය. පලමුව අප මේ සිද්ධියේ පසුබිම විමසා බලමු. මේ සිද්ධියට අදාල පසුබිම පසුගිය වර්ගවාදී යුද්ධ කාලය දක්වා දිවෙන එකකි. [...] ...
බොබසේ අළුත්ම බයිලා තැටිය දැන් නිකුත් වුණා! මාතෘකාව මූණ වහන බුර්කා තහනම! Anver Manatunga බයිලා නම් ඥානසාර හලාල් සලකුණු විරෝධී බයිලා තැටියෙන් ඉමහත් ජනප්‍රියත්වයට පත්වු ලංකාවේ අන්තවාදී සුපර් ස්ටාර් වන බයිලා චක්‍රවර්තී ඥානසාර විසින් සිය දෙවන තැටිය නිකුත් කර තිබේ. මෙම නවතම තැටිය නම් කර තිබෙන්නේ මූණ වහන බුර්කා තහනම් කරනු! ලෙසයි. බොබසේ ලේබලයෙන් නිකුත් කළ හලාල් තහනම් බයිලාවෙන් බොබසේට හෝ ජනතාවට අත්වු සෙතක් නැත. වෙනසකට තිබෙන්නේ එදා මිනිසුන් හලාල් කෑවේ නොදැන නමුදු අද ...
බංගලාදේශ අන්තවාදයට එරෙහිව පැවති බොදුබලසේනාවේ උද්ඝෝෂණය ගැන විමසුමක්! Anver Manatunga ඊයේ එනම් ඔක්තෝබර් 4 වැනිදා කොලඹදී මැච් දෙකක් තිබුණි. එකක් ලංකාව සහ පකිස්ථානය අතර 20 යි 20 ක්‍රිකට් තරඟයයි. අනෙක නම් බංගලාදේශ බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බොදුනුවන්ට සිදුවු හිරිහැර සම්බන්ධව බොදුබලසේනා සංවිධානය විසින් පැවැත්වු උද්ඝෝෂණයයි. ක්‍රිකට් තරඟයට වඩා මේ උද්ඝෝෂණය සුවිශේෂී වීමට ප්‍රධාන හේතුව නම් එයට සිංහල භාෂිත අන්තර්ජාලය තුල ලබා දුන් ප්රචාරයේ ප්‍රමාණයයි. එනම් [...] ...
බෞද්ධයන්ගේ නිශ්ශබ්දතාවෙන් ඇඟවෙන්නේ, අපරාධ සහායකත්වයක් ද?- රෂීඩ් රීසා Anver Manatunga ෂින්ඞ්ලර්ස් ලිස්ට් ‘ෂින්ඞ්ලර්ස් ලිස්ට්’ චිත්‍රපටියේ එම දර්ශනය මා තුළ තියුණු බලපෑමක් ඇති කොට තිබුණි. ඇත්තෙන්ම එය මට මතක තිබුණේ නැත. එහෙත්, අදාළ මොහොතක් එළඹෙන තෙක්, එය මගේ මොළේ තන්තු අතරේ අප්රකටව සහ නිද්‍රාගතව සැඟ වී සිට ඇත. ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනයාගේ තත්වය වෙනස් වෙමින් තිබේ. ඉර පායන හැම උදාවක් සමගම එය තව තවත් උපද්‍රවයට පත්වීමේ අවදානමට ලක්වෙයි. මේ ...