අවසානයේ මහියංගනය අරෆා ජුම්මා මස්ජිදයට සිදුවුදේ විමසුමක්! Anver Manatunga අරෆා පල්ලිය කිසියම් අන්තවාදී ත්‍රස්ත කන්ඩායමක් විසින් මහියංගනය අරෆා ජුම්මා මස්ජිදයට පහරදී එහි සුකරමාංශ සහ ලේ විසුරවා හැරියේ 2013 ජුලි 11 දා අළුයමදීය. ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට හෝ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට පොලීසියට නොහැකි විය. ඉන්පසුව ජුලි මස 16 වැනි දින පොලීසියේ කිහිපදෙනෙකු පැමිණ මහියංගන මස්ජිදයට නැමදුමට එන මුස්ලිම් වරුන්ගෙන් නැමදුම සඳහා පංගරගම්මන මුස්ලිම් පල්ලියට (මෙම ස්ථානයේ සිට කි.මී. ...
අවුරුද්ද ඇවිත් – සිංහලයා කවුද? Anver Manatunga මොහිදීන් බෙග් මහතා මේ වන විට නූතන ලංකාවේ වෙළෙඳ අවුරුද්ද සිංහල හින්දු අලූත් අවුරුද්ද ලෙස වෙස් ගන්වා කරළියට ගෙනවිත් හමාර ය. හලාල් විරෝධයට හසු වූ බෙග් මාස්ටර්ගේ “ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා” ගීතය එෆ්එම් මකර කටවලින් වැගිරෙමින් තිබෙනු නියත ය. සුපර් මාකට්වල රෙදි හැට්ට අන්දවන ලද ගැහැනු ළමුන් ආයුබෝවන් සුබ අලූත් අවුරුද්දක් ආදී වශයෙන් මාල ගිරවියන් සේ කියනු ඇත්තේ ය. ...
‘මචං ඥානසාර’ මචං සාදුලා හඳුන්වන සංකේතයක් – සේපාල් අමරසිංහ රහස් පොලිසියට කියයි Anver Manatunga නව පැපරාසියා සඟරාවේ ‘මචං ඥානසාර’ යනුවෙන් හඳුන්වන්නේ බොදු බල සේනා සංවිධානයේ ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුවදැයි රහස් පොලිසිය මාධ්‍යවේදී සේපාල් අමරසිංහ මහතාගෙන් විමසා තිබේ. ඊට පිළිතුර ලෙස ඔහු පවසා තිබෙන්නේ, එමගින් කිසියම් එක් පුද්ගලයකු හඳුන්වන්නේ නැති අතර පරමාදර්ශී භික්ෂුව නොවන ‘මචං සාදුලා’ සංකේතවත් කිරීමට ‘ඥානසාර’ යන නම භාවිතයට ගැනෙන බවයි. අන්තවාදී සංවිධාන විසින් බෞද්ධ ජනතාව [...] Related posts: පැපරාසියා සඟරාවේ ...
රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම පිළිබඳ විමසුමක්! Anver Manatunga අප සියළු දෙනාගේ නෙතඟට කඳුලක් එක්කල, ඊයේ උදේ 11.40 ට පමණ සෞදි ආරාබියේදී රිසානා නෆීක් මෙනවිය මරණ දන්ඩනයට ලක්වු බව ආරංචි වු සැණින්, එය ලංකා මාධ්‍ය තුල ආන්දෝලනයක් ඇති කරවන්නට සමත් විය. මම මේ ලිපිය ලියන්නේ ඒ සම්බන්ධව ලියන ලෙස ආගම්බේධවාදීන් සහ පාඨකයන් මට පීඩනයක් එල්ල කළ නිසා බව පලමුවෙන් පවසමි. මුලින්ම පැවසිය යුතු [...] ...
මාළු යාළුවන් සහ ඔබේ මාළු කන යාළුවන් Anver Manatunga විදෙස් රටක සිටින මගේ මිත්‍රයෙකු ලංකාවේ සිටින සිය පවුල සමග උම්රා වන්දනාවේ යන්නට තීරණය කරන ලදී. එමනිසා ඔහු කලේ තමන්ගේ පවුලේ උදවිය ඔහු සේවය කරන රටට ගෙන්වා ගෙන ඔවුන් සමග උම්රා වන්දනාව සඳහා එම රටින් පිටත්වීමට ගුවන් තොටුපලට ළඟා වීමයි. නමුත් ගුවන් තොටුපොලේදී ඔහු මුහුණ දුන් සිදුවීමක් නිසා ඔහු දැඩි කම්පනයටත් අපහසුතාවයටත් පත්විය. ඔහුගේ [...] Related posts: මස් මාළු ...
සිංහල බෞද්ධයෙකුගෙන් මුස්ලිම් නීතිය පොතක්! Anver Manatunga ජේෂ්ඨ නිතීඥ කරුණාරත්න හේරත් මහතා විසින් රචිත ”මුස්ලිම් නීතිය” නම්වු කෘතිය දොරට වැඩීමේ උළෙල බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි පසුගිය 2013 පෙබරවාරි මස 11 වැනිදා සිදුවිය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවුයේ ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තෆා මහතායි. මෙම උළෙලෙහිදී අදහස් දැක්වු ජ්‍යෙෂඨ නිතීඥ කරුණාරත්න හේරත් මෙසේ පවසා සිටියා; “අපේ රටේ නීතිය විවිධාකාරයි. යම්කිසි වරදක් [...] Related posts: දේව නීතිය ...
බොදු බල සේනාවේ පිපිරීමක් අතලඟ! Anver Manatunga බොදු බල සේනා බොදු බල සේනා සංවිධානයේ ඇතිවී තිබෙන අභ්‍යන්තර බල අරගලය එම සංවිධානය දෙකඩවීම දක්වා ව්‍යාප්තවී ඇතැයි වාර්තා වේ. එම සංවිධානයේ නායක මට්ටමේ සිටින භික්ෂූන්වහන්සේලා කිහිපනමක් සහ එහි විධායක නිළධාරියා ලෙස පත්වූ ගිහි පර්ශවයේ නියෝජිතයා අතර ඇතිවී තිබෙන නායකත්ව බල අරගලය හේතුවෙන් නුදුරු අනාගතයේදි සංවිධානය දෙකඩවීමක් සිදුවනු ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මෙම බල අරගලයේ උච්ඡතම අවස්ථාවක් ලෙස මෙතෙක් ...
ජනතාවගේ දේව භක්තිය ගණිකා වෘත්තියේ යොදවන දේවාල මුදළාලිලා Anver Manatunga මගේ උපන් ගම වන හලාවත නොහොත් සලාපුරය ගැන මම ඉතා ආඩම්බරයෙන් කතා කරන නිසා, අපේ ගමේ පදිංචි වෙලා ඉන්න මුනේශ්වරම් දෙවියන් හා ඔහුගේ ගෝලබාලයන් ගැනත් මම අමතක කලයුතු නැහැ. මන්ද, මමත් කිහිපවතවක් එහි ගොස් ඔවුන් හමු වීමට උත්සහ දරූ මුත්, හමුවීමට නොහැකිවූ තවත් එක් අයෙකු වූ නිසාවෙනි. වසරක් පාසාම හලාවත මුන්නේෂ්වරම් දේවාලයේ මංගල්‍ය නම් [...] ...
ග්‍රෑන්ඩ්පාස් පල්ලියට පහරදීමේ සිද්ධිය සමථයකට පත්වුණාද? Anver Manatunga පෙරේදා සවස ග්‍රෑන්ඩ්පාස් හි මස්ජිදුල් දීනුල් ඉස්ලාම් පල්ලියට පහර දුන් පසුව දහස් ගණනක් මුස්ලිම් ජනතාව ඒ අසලට රොක් වන්නට විය. ඔවුන් සපථ කළේ මෙම මස්ජිදයට රජයේ අවසරය ලැබ තිබියදී පහර දීම අසාධාරණ නිසා කුමණ හේතුවකටවත් මස්ජිදයේ නැමදුම් නතර නොකරන බවයි. පොලීසිය කැරළි මර්ධන ඒකකය සමග ජනතාව අස්වසා විසිරවු අතර සිද්ධියට සම්බන්ධ මුස්ලිම් දේශපාලකයන් විසින් යහපත් විසඳුමක් ලබාදෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු ...
බුදු දහමට නිගා කරන ප්‍රකාශන තහංචි පනතක්!!! Anver Manatunga “බුදු දහමට නිගා කරන ප්‍රකාශන තහංචි පනතක්” යනුවෙන් සඳහන් අන්තර්ජාල පෝස්ටරයක් මා දුටුවෙමි. ඒ ගැන විමසිලිමත්වු මා හට දැනගන්නට ලැබුණේ බුදු දහමට නිගාදෙන ප්‍රකාශන වලට එරෙහිව පනතක් ළගඳීම ගෙන ඒමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බවයි. ආගම්බේධවාදීන් කියන්නේ නොබෝදා පැවති බොදුබල සේනා සම්මේලනයට බියවු ආන්ඩුව මේ පියවර ගත් බවයි. මගේ අදහස නම් [...] ...
ලංකාවට අඩුවෙලා තිබුණේ SLPL විතරමද? Anver Manatunga ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක උත්සවය අගෝස්තු 10 පස්වරු 7.30 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණා. මෙම උත්සවය වර්ණවත් කිරීමට විදෙස්ගත රෙගේ ගායකයන්, ඉන්දියානු සිනමා තරු සහ විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ද සහභාගී වී ඇත. මේ අතරේ SLPL තරඟා වලියේ නිල වෙබ් අඩවිය වෙබ් අඩවි හැකර් කෙනෙකුගේ ප්‍රහාරයට ලක්වෙලා තිබුණා. ආන්ඩුව විසින් ජනතාවට ගසන හැකර් ප්‍රහාරයක් [...] ...
උතුරු පලාත් සභාව කවුරුන් දිනයිද? Anver Manatunga චම්පික සහ විමල් පලාත් සභා ක්‍රමයට විරුද්ධව විමල් සහ චම්පික ඝෝෂා නගන විට ඔවුන් මේ ඝෝෂා නගන්නේ ඔවුන්ගේ උවමනාවට නොව රටේ නායකයාගේ උවමනාවට බව මා කලින් ලිපියකින් සඳහන් කළා. පලාත් සභා ක්රමයේ බලය බෙදීම සම්බන්ධව සුභවාදී අදහස් දැරූ වාසුදේව නානායක්කාර සහ රාජිත සේනාරත්න වැනි අයට නටන්න ලැබෙන්නේ නායකයාගේ ලණුවේ දිග ප්‍රමාණයට පමණක් බව අප මුල සිට දැන සිටි දෙයක්. දැන් ...
ගවමස් කඩ වැසීමෙන් විමුක්තිය සොයන්නෝ! Anver Manatunga “ඇඹිලිපිටියේ සහ පානදුර ගවමස් කඩ දෙකක් වසා දමලා” කියා උදම් අනන පෝස්ටර් මුණුපොත තුල සැරිසරනවා දුටුවෙමි. “මාර වැඩේ! දැන් හරක් මස් කඩ ඔක්කොම වැහෙයිද?” සමහරුන්ට මෙවැනි අදහස් පහල වෙන එක පුදුමයක් නොවේ. සහතිකවම කිසිදිනෙක එය සිදුවන්නේ නැති බව මගේ අදහසයි. එයට හේතුව නම් ලංකාවේ බහුතරයක් ගවමස් කඩ වල නීත්‍යානුකූල හිමිකරුවන් බොදුනුවන් බැවිනි. මා එසේ [...] ...
බොදුබල සේනා ෆැසිස්ට්වාදය හිස එසවීම- (-අවරදිග ආවර්ජනා. රාවය. 2013.03.16) Gamini Viyangoda | ගාමිණී වියන්ගොඩ Anver Manatunga බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප්‍රතිපත්ති ප්රකාශනය’ යි. එහි සඳහන් පරිදි, ඔවුන් සකල ජාතිවාදයන්ට සහ පටු ආගම්වාදයට විරුද්ධ ලූ. එය, පතිවතක් ගැන කතා කරන ගණිකාවකගේ ‘සිල්වත්’ ප්‍රකාශයකට දෙවැනි නැත. [...] Related posts: ‘හලාල්’, මොහිදින් ...
බුර්කාව ජාතික සමගියට බාධාවක්ද? Anver Manatunga මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් නම් හිටපු මංත්‍රී වරයා විසින් බුර්කාව සහ ස්ත්‍රී දුෂණය යන මාතෘකාවෙන් ලියු ලිපියක් දැකීමෙන් මට මේ ලිපිය ලිවීමට සිත්විය. පලමුව කිවයුත්තේ මා බොහෝ කල් නිරීක්ෂණය කළ ආකාරයට මුසම්මිල් හිටපු මංත්රීවරයාට මුස්ලිම් සමාජය තුල කිසිදු ජනපදනමක් හෝ ඔහු මුස්ලිම් නායකයෙකු ලෙස මුස්ලිම් සමාජය තුල කිසිදු පිළිගැනීමක් තිබෙන කෙනෙකු නොවන බවයි. මොහුව දේශපාලනයට ගෙනාවේ ජනතා ...
ලංකාව මුස්ලිම් රටක් වන්නේ කවදාද? Anver Manatunga ආගම් බෙදුම්වාදීන් පවසන අන්දමට ලංකාව නුදුරු අනාගතයේදීම මුස්ලිම් රටක් බවට පත්වන්නේය. ඔවුන්ගෙන් ඇතැමෙක් එය දැනටමත් සිදුවී ඇති බව පවසනු දැක ඇත්තෙමි. නමුත් ඔවුන් එම ප්‍රකාශන නිකුත් කරන්නේ කිසිදු දත්තයක් පදනම් කරගෙන නොවේ. එය විවිධ මාදිලි වල අන්තවාදීන් අතර දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. ඔවුන් විසින් කිසියම් සංඛ්‍යා/දත්ත ඉදිරිපත් කරන්නේ නම් ඒවාහිද පැහැදිලි මුලාශ්‍රයක් දක්වන්නේ නැත. [...] ...
අල්-කුර්ආනය සිංහලෙන් තේරුම් ගන්නේ කෙසේද? Anver Manatunga සිංහල බසින් අල්-කුර්ආනය පරිවර්තනයක් තිබේද? එය මිලදී ගන්නට තිබෙන්නේ කොහේද? යන්න අප වෙත බොහෝ දෙනෙකු විසින් අසා එවන ප්රශ්නයන්ය. මා දන්නා පරිදි ලංකාව තුල ඉස්ලාම් දහම පිළිබඳව දැනගන්නට සිංහල බසින් අල්-කුර්ආන පරිවර්තන තුනක් පමණ ඇත. මා මෙම ලිපිය ලියන්නේ ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ අභිලාශයෙනි. වර්තමාන සමාජයේ සිටින ආගම්බේධවාදීන් විසින් බහුතර බොදුනු සහ කිතුණු [...] ...
ඉස්ලාමයට අනුව ගව ඝාතනය පිංකමක්ද? Anver Manatunga අලවි මව්ලානා බස්නාහිර පලාත් ආංඩුකාර අලෙවි මව්ලානා මහතා විසින් කොලොන්නාව නගර සභාවේ සභාපති වෙත ලියන ලද ලිපියක් දැන් අන්තර්ජාලය පුරා සැරිසරමින් පවතියි. මෙයට හේතුව මෙම ලිපිය තුල හජ්ජි උත්සවය කාලය තුල කෙරෙන ගවඝාතණය පිං කමක් ලෙස දක්වා තිබීම හේතුවෙනි. ආන්ඩුකාර වරයාගේ මෙම ලිපිය සම්බන්ධව මටත් ගැටළු ඇත. මා සිතන්නේ මෙය ලියු තැනැත්තා එක්කෝ ඉස්ලාම් නොදනී. නැතිනම් සිංහල නොදනී. නැතහොත් මේ ...
අනුරාධපුර මුස්ලිම් වෙලදසැලක් ගිනි තබලා! කෝටියකට වැඩි පාඩුවක්! Anver Manatunga ඊයේ එනම් සැප්තැම්බර් 19 වෙනිදා රාත්රියේදී අනුරාධපුර නගරයේ ලාස්ට් චාන්ස් Last Chance නම්වු මුස්ලිම් වෙලදසැලකට කිසියම් නාදුනන පිරිසක් විසින් ගිනිතබා තිබෙනවා. මෙම ගින්න නිසා වෙලදසැල සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර රුපියල් මිලියන 10ත් 15ත් අතර මුදලක් වටිනා භාන්ඩ සහ දේපල විනාශ වී ඇතැයි වෙලදසැල් හිමිකරු පවසනවා. මෙම වෙලදසැල පිටරටින් විදුලි සහ ඉලෙක්ටොනික් උපකරණ ගෙන්වා සේල් දමමින් විකුණන ව්‍යාපාරික ස්ථානයකි. මේ ...
පන්සිය පනස් ජාතක විචාරය Anver Manatunga කර්මය පිළිබද බෞද්ධ විද්වතෙකුගේ මතයක් යන ලිපියට ප්‍රතිචාර දැක්වු අයට අබු ෆාතිමා සහෝදරයා පිළිතුරු සපයා ඇත. මෙම ලිපිය තුලින් @ Hemantha, @ Kasun, @ Ajward, @ මහා කළු සිංහලයා, @ දෙව් යන අයට පිළිතුරු සපයා ඇත. එය පන්සිය පනස් ජාතක විචාරය නමින් ලිපියක් ලෙස මෙසේ පලකරමි. කරුණාකර මෙම ලිපියේ මාතෘකාව අනුව ඉතා පැහැදිලිව පෙන්වාදී [...] ...