බොදුබල සේනා-විරෝධී ඉටිපහන් සත්‍යක්‍රියාව | විචාරය පිළිබඳ විචාරයක් – දයාන් ජයතිලක Anver Manatunga මෙත පෑම තුන්මුල්ලේ පැවැත්වූ ඉටිපහන් සත්‍යක්‍රියාවේ මම නොසිටියෙමි. මන්ද යත්, මා සත්‍යක‍්‍රියාවන්ට සහභාගී නොවෙන බැවිනි. යම් හෙයකින් එවැන්නකට සහභාගී වෙතොත්, එය ලෝකයේ වෙනත් බොහෝ තැන්වල ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ කෙරෙන්නා සේ, වමෙන් මෙහෙයවෙන (ලංකාවේදී නම් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි) සත්‍යක්‍රියාවක් විය යුතුය. එය, මේ කියන ප්‍රශංසනීය උද්ඝෝෂණයේ සංවිධායකවරුන් වෙත මට දිය හැකි මිත්‍රශීලි උපදේශයකි. 70 ගණන් ...
සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ මාධ්‍ය නිවේදනය! Anver Manatunga සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ (ACJU) අවධානය මෑතකදී සංගමය විසින් පවත්වාගෙන යනු ලබන හලාල් සහතික ලබාදීමේ ක්‍රියාවලිය හේතුකොටගෙන රටතුල විවිධ ජාතීන් හා ආගම් අතර මතබේධයන් ඇති කොට ජාතීන් අතර සාමය සහ සහජීවනයට ඇති වී ඇති අවධානම් හා තර්ජනාත්මක අභියෝගය කෙරෙහි යොමුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම ප්රවෘත්ති නිවේදනය නිකුත් කිරීම කාලෝචිත වන බවට සංගමය [...] Related posts: සමස්ත ලංකා ...
බොදු බල සේනාව කරන්නේ ජනතාව අතර හුඔස් බියක් ඇතිකර පටු අරමුණු ඉටුකරගැනීමක් -බද්දේගම සමිත හිමි Anver Manatunga *ඔබ වහන්සේ බොදු බල සේනා සංවිධානයට විරුද්ධ වන්නේ ඇයි ? අප අවරුදු තිහක යුද්ධයකින් බැට කෑ රටක්. ප්රභාකරන්ට ඕනෑකර තිබුණේ ජාතින් අතර අසමගිය ඇති කරලා මේ රට දෙකඩ කරන්න. ප්රභාකරන්ට එරෙහිව සටන් කලේ සිංහලයන් පමණක් නොවේ දෙමළ, මුස්ලිම් ඇතුළු සියළු ජනවර්ගවල කොටස් ඊට එකතු වුණා. යුද හමුදා බුද්ධි අංශයේ කර්නල් මුත්තලිෆ්, කර්නල් මීඩීන් වැනි මුස්ලිම් [...] Related posts: ඇතැම් සේනා ...
ධර්මපාලලා ලක්ෂ දෙකක් බිහිකිරීමේ බොබසේ වෑයම විමසුමක්! Anver Manatunga මොල සෝදන්නා! අනගාරික ධර්මපාල තුමා වැනි අය ලක්ෂ දෙකක් බිහිකිරීමේ බොදුබල මෙහෙයුමක් අරඹා ඇත. එහි උදෘතය අවදිවව් යනුවෙන් නම් කර ඇත. නැගිටපියව් කිවහැක්කේ නිදාගෙන සිටින්නන්ටය. මේ ව්‍යාපෘතිය තුලින් පන්සල් 2000 ක් අන්තවාදී මධ්‍යස්ථාන කිරීම ඔවුන්ගේ අරමුණයි. මෙම මධ්‍යස්ථාන වලදී අන්තවාදී අයුරින් බණ කියන චීවරධාරීන් යොදාගෙන අහිංසක ජනතාවගේ මොල සෝදනු ඇත. බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු/භික්ෂුණී ශාසනය පිහිටවුයේ ජනතාවට ආධ්‍යාත්මික මගපෙන්වීමක් ලබාදීමේ ...
ජැනට් ජැක්සන් සහ ඉස්ලාම් මග Anver Manatunga කුඩා කාලයේ මගේ ප්‍රියතම ගායකයා වුනේ මයිකල් ජැක්සන්. එකල එය කෙතරම් උන්මාදයක් වීද යත් මගේ පොත්වල ඔහුගේ ඡායාරූප අලවා තිබුණා මතකයි. කළු ජාතික සම්භවයක් ඇති මයිකල් ගී ලොව කෙතරම් කැලඹුවාද යත් ඔහුගේ රසිකයන් පුදුමාකාර අන්දමින් ඔහුව අනුගමනය කරන්නට විය. මේ නිසා ඔහුට දිගු කලක් ගී ලොව කිරුළ දරන්නටද අවස්ථාව හිමිවිය. නමුත් මේ සුපිරි තරු [...] ...
බොදු බල සේනාවට ඉපදී ඇති සාම්ප්‍රදායික මුස්ලිම් කැක්කුමේ ඇතුල් පැත්ත Anver Manatunga බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබඩඅත්තේ ඥාණසාර ථෙරුන් විසින් දිගින් දිගටම මුස්ලිම් නායකයන්ට සහ සංවිධාන වලට බොරු මඩ ගැසීම නිසා “කෙප්පසාර” යනුවෙන් “අළුත් නමක්” ෆේස් බුක් පෝස්ටරයක සටහන් වී තිබෙනු දුටුවෙමි. කෙසේ වෙතත් මෙම ලිපිය වෙන්කරන්නේ බොදු බල සේනාවට හදිසියේ ඇති වී තිබෙන සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් කෙරෙහි කැක්කුම කුමක්දැයි විමසා බැලීමටයි. බොදු බල සේනාව [...] ...
ඇයි මෙතරම් මට විතරක් මඩ??? Anver Manatunga අන්වර් මනතුංග වන මට මුණුපොත තුල මඩ ගැසීමේ ව්‍යාපාරය නැවත වටයකින් ආරම්භ වෙලා. මේ පාර මට දාලා තියෙන්නේ දුෂණ චෝදනාවක්. එය කොපි කරගන්නට ඇත්තේ ඇමරිකාව විසින් wiki leeks අඩවියේ ජුලියන් අසාන්ජ්ට කළ දෙයින් වෙන්න ඇති. මේ අය මට මඩගසන්න ගෙනාපු චෝදනාවට මමම ප්‍රසිද්ධිය ලබා දෙන්නට තීරණය කළා. මෙහි තිබෙන ඡායාරූපය මා විදේශයක සිටියදී ගත්ත [...] ...
ජපානය තුල ඉස්ලාම් දහම පිළිබඳ තොරතුරු විකෘති කර දැක්වීම Anver Manatunga ආගම්බේධවාදීන් සිය මතවාද පතුරවන්නට විවිධ ආකාරයේ උපක්‍රම භාවිතා කරති. මා ළඟදී දුටු අන්තර්ජාල පෝස්ටරයක පලවුයේ ජපානයේ මුස්ලිම් වරුන්ට එරෙහිව තිබෙන ජපාන ප්‍රතිපත්තියක් ගැනයි. මෙය පලකර තිබුණේ සිංහ හඬ ලෙස පෙනී සිටින හිවල් හඬ විසිනි. මෙය ජනතාව මුලා කරන අසත්‍ය එකක් බව පෙනුනු නිසා මම ජනතාවට නිවැරදි තොරතුරු දැක්වීමට මේ ලිපිය ලිවීමට තීරණය කළෙමි. [...] ...
ඔබට ෂරියාව! Anver Manatunga මේ දිනවල දේශපාලන ප්රවෘත්ති වල ෂරියා නීතිය සාකච්ඡා වනු අපට නිතර ඇසිය හැක. ෂරියාව ගැන සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය වල පෙන්නුම් කරන්නේ අයහපත් දෙයක් ලෙස වන නමුදු ඔවුන්ගෙන් කවුරුවත් මෙය කුමක්දැයි හරියාකාරව දන්නා බව නොපෙනේ. මේ නිසා ෂරියාව යනු කුමක්දැයි මෙම ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි. ෂරියා (شريعة shari’ah) යන අරාබි පදයේ අර්ථය වන්නේ, ලිඳකට [...] ...
මියන්මාරයේ (බුරුමයේ) පවතින වත්මන් තත්වය කුමක්ද? Anver Manatunga මේ දිනවල බුරුමය තුල විශාල ආගමික ගැටුමක් ඇති වී තිබෙන බව මාධ්‍ය මගින් වාර්තාවේ. එමෙන්ම සිංහල මාධ්‍ය අන්තර්ජාලය තුල මියන්මාරයේ බොදුනුවන්ට පහරදුන් ඡායාරූප විශාල වශයෙන් සැරි සරන්නේ එමගින් සිංහල සහ මුස්ලිම් සමාජ දෙක අතර වෛරයක් ජනිත කරවන ආකාරයටයි. මේ ඡායාරූප ප්‍රචාරයද භාරගෙන තිබෙන්නේ ආගමික අන්තවාදී කල්ලි විසිනි. නමුත් මෙහි සැබෑ තතු කුමක්ද? යන්න ජනතාවට හෙලි [...] ...
මලාලා යුසුෆ්සායි, පකිස්තාන් තලේබාන් වරු සහ ජිහාද් සංකල්පය!!! Anver Manatunga පකිස්තානු තලේබාන් වරු විසින් 14 හැවිරිදි මලාලා යුසුෆ්සායි ශිෂ්‍යාවට වෙඩිතැබීම අප සියළු දෙනා විසින්ම තරයේ හෙළාදැකිය යුතු ක්‍රියාවකි. සමහර වෙබ් අඩවි මෙම ම්ලේච්ඡ ක්‍රියාව ඉස්ලාමය සමග ඈඳීමට අසාර්ථක ව්‍යායාමයක යෙදෙමින් සිටිති. තලේබාන් වරුන්ගේ සියළු ක්‍රියා ජිහාදය ලෙස හඳුන්වාදී ජිහාඩ් සංකල්පයට වැරදි අර්ථ නිරූපනයක් ලබාදීමට ඉස්ලාම් විරෝදීන් මෙම සිදුවීම උපුටා දක්වමින් ජනයා නොමග යවන්නට වෙර [...] ...
දෙසැම්බර් 21 වෙනිදා ලෝකය විනාශ වෙයිද? Anver Manatunga මේ වසරේ එනම් මේ දෙසැම්බර් මාසයේ 21 වෙනි දින ලෝකය අවසන් වීමට සියල්ල සූදානම් කර තිබේ. මෙසේ ලෝක විනාශය සඳහා දින වකවානුව පවා නියම කර ඇති බැවින් අපි සියළු දෙනා මෙම ජීවිතයට සමුදෙන්නට ලහියේ ලහියේ ලකලෑස්තිවී සිටින්නෙමු. අපි මෙතෙක් දුරට පැමිණෙමින් ඉතා අමාරුවෙන් සියළු බාධක මැද ගොඩ නගාගත් අපගේ පරිසරය අපගේ ගේදොර මහපොලොවේ [...] ...
මහත්වරුනේ, මට ජාතිවාදියෙකුයැයි කියාපල්ලා! ලිපිය විමසුමක්! Anver Manatunga ප්‍රංශයේ සිටින ශ්‍රි ලාංකික විප්රවාසියෙකු වෙන රෝහිත මුණසිංහ නැමැත්තා විසින් ඉහත ප්රස්තූතය යටතේ ලියන ලද ලිපියක් මගේ අවධානයට ලක්විය. ඒ ලිපියෙන් ඔහු අපෙන් ඉල්ලන්නේ තමන්ට “ජාතිවාදියෙකු” ලෙස අමතන ලෙසට නමුදු මේ ලිපියට අනුව සාධාරණ වන්නේ “ජාතිවාදියා” යැයි පැවසීම නොව 88-89 යුගයේදී රට විනාශ කර ප්‍රංශයට පැන දැන් නැවතත් රටේ ගිනි අවුළුවන්නට තනන “අවස්ථාවාදියෙකු” ලෙස නම් [...] ...
සිංහල මුස්ලිම් ගැටුමකට අර අඳින විජාතික බලවේග Anver Manatunga බෙදුම්වාදී ත්‍රස්තවාදය බටහිර බලවේග අපේ රටට මැදිහත්වීම සඳහා පාවිච්චි කළ බළල් අතකි. ත්‍රස්තවාදය පාවිච්චි කරමින්ම උතුරු නැගෙනහිර වෙනම ඊලමක් නිර්මාණය කිරීමට ප්‍රයන්ත දැරූ විජාතික බලවේගය ජාතික බලවේගය විසින් පරාජය කරනු ලැබීය. එහෙත් අදටත් විජාතික බලවේග අපේ රටේ අභ්‍යන්තරයට ඇඟිළි ගැසීමේ අරමුණ පෙරදැරීව විවිධ වේෂ හරහා තම කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් සිටී. දැනුවත් හෝ නොදැනුවත්ව අපේ ජාතික [...] No related posts. ...
ගලවන්නට වෙර දරන මුස්ලිම් කාන්තා වස්ත්‍රය Anver Manatunga මුස්ලිම් කාන්තා වස්ත්‍රය දැන් සමහරුන්ට හීනෙන්ද පෙනෙන්නට පටන් ගෙන තිබේ. මෙතුවක් කල් මනෝ තෘප්තිය ලැබුවේ විවර කර ගෙන යන තමන්ගේම අක්ක නංගි අම්ම දෙස බලාය. හැමදාමත් දකින කුකුලාගේ කරමල සුදු පාටයිලු. ඒ නිසාම දැන් දැන් එකී මනෝ තෘප්තිය තෘප්තියක් නොවන නිසාම වසාගෙන යන මුස්ලිම් කාන්තාවන්ගේ කාන්තා වස්ත්‍රය විවර කර මනෝ තෘප්තිය ලබන්නට පුල පුලා බලා [...] Related posts: මුස්ලිම් කාන්තා ...
බංගලාදේශ අන්තවාදීන්ගේ අධම ක්‍රියාවන් තරයේ හෙලා දකිමු! Anver Manatunga බංගලාදේශයේ බෞද්ධ ආගමික ස්ථානයන්ට හා බෞද්ධ ජනයාට ඉස්ලාමිකයින් යැයි කියාගත් අන්තවාදීන් පිරිසක් විසින් කර ඇති පිළිකුල් සහගත අන්ත පහත් හා ම්ලේච්ඡ ක්‍රියාවන් ඉතා දැඩි ලෙස හෙලා දකින්නෙමු. මෙම නින්දිත ක්‍රියාව පිළිබඳව ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනයාගේ කෝපය හා පිළිකුල ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරීස්වරයා මගින් එම රජයට දන්වා සිටින්නටද කටයුතු කරන්නෙමු. මෙම සිද්ධිය සිදුවූ ප්‍රදේශයේ [...] ...
ගුරුවරිය දණගැස්වු පලාබබාගේ අළුත් ටෝක් එක “ඔබේ ඡන්දය සිංහල කමට” Anver Manatunga සුසිලා හේරත් මහත්මිය “පලාබබා විසින් දණගැස්වුණු ගුරුවරියට ඇත්තේ විසඳුම් දෙකක් බවත්, එකක් ජීවිත තර්ජන නිසා විදෙස් රටකට පලා යෑම හෝ දේශපාලනයට පිවිසීම” බව මා විසින් පලකළ අනාවැකිය සනාථ කරමින් දණගැස්වුණු ගුරුවරිය ප්‍රකාශයක් කර ඇත. එනම් “තමන්ව දණගැස්වු පලා බබාට නාමයෝජනා දෙනවා නම් තමන් විපක්ෂයෙන් මැතිවරණ වේදිකාවට ගොඩවෙන” බවයි. මෙහිදී පලාබබාද තමන්ට ගොඩ එන්නට සංකල්පයක් සාදාගෙන ඇත. පලාබබා හෝ සහචරයෙකු විසින් ...
මෙත්මගද? නොව වෛරයේ මග දෙව්දත් නිකායේ මගයි! Anver Manatunga දින කිහිපයකට පෙර මෙත්මග නම් වු වෛරය පතුරවන ෆේස්බුක් පිටුවකින් පලකර ඇති පිංතූරයක් දුටුවෙමි. මෙම පිංතූරය බැලු මාද මවිත විය. මන්ද එම පිංතූරයෙහි පවසන්නේ ඇමරිකාවේ නිපදවනු මුහම්මද් නබි තුමාණන්ට අපහාස කළ චිත්‍රපටයට එරෙහිව ලංකාවේ මුස්ලිම් වරුන් විසින් කළ උද්ඝෝෂණයට මුළු කොලඹම භීතියෙන් ඇලළුණු බවයි. මීට පෙරද මෙවැනිම උද්ඝෝෂණයක් ලංකාවේ මුස්ලිම් වරුන් විසින් පවත්වන [...] ...
අමද්‍යප ව්‍යාපාරයෙන් බිහි වූ නිදහස් සටනේ නායකයෝ – නිදහස් සටනේ කතාව Anver Manatunga සාර කෙත් වතු පිස හමා එන ඒ සුළඟ සශ්‍රිකත්වයේ සුළඟයි. නෙක මල් ඵල අතර දැවටී දියවරෙහි සිහිලසද රැගෙන එන ඒ සුළඟ ඉහළ නිල් අහසේ වලාකුළු අතර ද දැවටෙයි. ඒ නිදහසේ සුළඟයි. හැටපස් වසරක් පුරා පොළොව පිස හමන නිදහසේ සුළඟයි. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජීතයක් බවට පත් වූයේ වර්ෂ 1815 දීය. ඒ අධිරාජ්‍යවාදයෙන් ශ්‍රි ලංකාව [...] Related posts: ජාතිවාදයට, ආගම්වාදයට ...
රාජගිරිය දාරුල් ඊමාන් මස්ජිදය හොරට ලියාපදිංචි කළ එකක්ද? Anver Manatunga මේ දිනවල හොරි ඩොට් කොම් විසින්, මූණු පොතේ රාජගිරිය දාරුල් ඊමාන් මස්ජිදය ගැන බොරු ප්‍රචාරයක් දියත් කරමින් පවතියි. එහි සඳහන් වන්නේ “මතබේධයට තුඩු දී ඇති රාජගිරියේ මුස්ලිම් පල්ලිය ලියාපදිංචියට හොර ලියවිලි හදලා, අන්තවාදී ප්‍රෝඩාවක සුලමුල හෙළිවේ” යනුවෙනි. එහි තවදුරටත් දැක්වෙන්නේ උපුටා ගැනීම ලංකාව තුල පවතින නීතිය අනුව කුමන හෝ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන [...] ...