ඕස්ට්‍රේලියාව සමග තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න! Anver Manatunga කොළඹදී පැවැත්වෙන සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 16 දෙනාගේ නම් ලැයිස්තුව පහතින් දැක්වේ. කුසල් පෙරේරා කුසල් මෙන්ඩිස් තිලකරත්න දිල්ශාන් දිනේශ් චන්දිමාල් (උපනායක) ඇන්ජලෝ මැතිව්ස් (නායක) ධනංජය ද සිල්වා මිලින්ද සිරිවර්ධන අවිශ්ක ප්‍රනාන්දු දනුෂ්ක ගුණතිලක නුවන් ප්‍රදීප් සුරංග ලක්මාල් තිසර පෙරේරා දිල්රුවන් පෙරේරා සීක්කුගේ ප්‍රසන්න ලක්ෂාන් සදකැන් අමිල ...
ෂෙඩ් එකක් ලඟදී බවුසරයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වේ! video Anver Manatunga මහනුවර තෙල්දෙණිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක නවතා තිබූ තෙල් බවුසරයක ඊයේ (20) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටද බාධා වී ඇත. තෙල්දෙණිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට තෙල් රැගෙන ආ බවුසරයක මෙම ගින්න හටගෙන තිබෙනවා. ඒ, ඉන්ධන පිරවුම් හලේ තෙල් ටැංකිවලට අදාළ බවුසරයෙන් ඉන්ධන පුරවමින් සිටි අවස්ථාවේය. මේ සම්බන්ධයෙන් මහනුවර ගිනි නිවීම් අංශයට ...
ජර්මනිය බුර්කාව තහනම් කිරීමේ සූදානමක! Anver Manatunga මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කා ඇඳුම සහමුලින්ම තහනම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පටහැණි වන හෙයින් එහි එක්තරා පාලනයක් සිදු කරන ලෙස ජර්මනියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා පවසයි. බුර්කාව සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බව ජර්මනියේ ස්වදේශ කටයුතු භාර අමාත්‍ය තෝමස් ඩි මයිසියරේ මීට ඉහතදී පවසා තිබිණි. අදාළ යෝජනාව නීතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය යුතු වේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ...
මංගල උත්සවයකට බෝම්බ ප්‍රහාරයක්! Anver Manatunga දකුණුදිග තුර්කියේ මංගල උත්සවයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් තිස් දෙනෙකු මියගොස් තවත් 94 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුර්කි රජය උපුටා දක්වමින් බී.බී.සී ලෝක සේවය ප්‍රකාශ කළේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට හඳුනාගෙන ඇති බවයි. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරය සිදුකර තිබෙනවා. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මියගොස් ඇති බව වාර්තා වනවා. The post මංගල උත්සවයකට බෝම්බ ප්‍රහාරයක්! appeared first on Anver Manatunga Sinhala ...
අසීරුවට පත් වූ හැම විටම ඩලස් පක්ෂය හැර ගියා! චන්දිම වීරක්කොඩි Anver Manatunga පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීම පුදුමයට කරුණක් නොවන බවත් මීට පෙරත් පක්ෂය අසීරු අවස්ථාවකට මුහුණ දුන් විටදි ඔහු පක්ෂය අතහැර ගිය බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති චන්දිම විරක්කොඩි මහතා පවසීය. ඒ මහතා මේ බව සඳහන් කෙළේ ඊයේ (19) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. සමහර අය ...
තම නිවුන් දරුවන් දෙදෙනා විකුණන්න හැදූ ලාංකික කත පිටුවහල් කරයි! Anver Manatunga ලාංකික කාන්තාවක් එක්සත් අරාබි එමීර් රාජ්යේදී තම නිවුන් දරුවන් දෙදෙනා විකුණන්නට හැදූ අවස්ථාවේදී කොටු කරගෙන තිබෙනවා. එම හේතුවෙන් ඇයට සාජා අධිකරණයෙන් දඩුවම් කර පිටුවහල් කිරීමට තීරණය කර ඇත. මෙම කාන්තාව පවසන්නේ ඇයට ජීවත් වීමට මගක් නොවූ තැන දරුවන් විකිණීමට තීරණය කල බවයි. මැය විසින් දරුවන් විකුණන්නට සූදානම් වන බව පොලීසියට දැනගන්නට ලැබී පොලීසිය විසින් උපාය ධූතයෙකු යවා දිර්හම් 2500 කට දරුවන් විකුණන ...
හලාල් සටන නැවතත්! (video) Anver Manatunga යහපාලන ආන්ඩුව හරහා නැවතත් දළුලමින් වැඩෙන මුස්ළිම් අන්තවාදය හරහා හලාල් සහතික කරණය යළිත් කරළියට පැමිණ තිබෙන අතර බොදුබල සේනා සංවිධානය යළිත් ඊට එරෙහිව සටන් වැදිමට සූදානම් වන බව ඩිලන්ත විතානගේ මහතා පවසනවා. මේ පිළිබද වීඩියෝව පහතින් The post හලාල් සටන නැවතත්! (video) appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය. ...
ජනපතිට චෝදනා කරමින් මහින්දගෙන් නිවේදනයක්! Anver Manatunga ජනප්‍රිය ශ්‍රීලනිප සංවිධායකරුවන් පිරිසක් ඉවත් කර අලුතින් නව ආසන සංවිධායකවරුන් පත්කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය. ජනපතිට චෝදනා කරමින් මහින්දගෙන් නිවේදනයක් The post ජනපතිට චෝදනා කරමින් මහින්දගෙන් නිවේදනයක්! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය. ...
තුර්කියේ පොලීසිය අසල බෝම්බ පිපිරීමක්! Anver Manatunga තුර්කියේ නැගෙනහිර පෙදෙසේ එළාසිග් හි කාර් බෝම්බ දෙකක් පිපිරීමෙන් 6 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා කරනවා. තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි ද තුර්කි බලධාරීහු පවසනවා. එළාසිග් හි පොලිස් ස්ථානය අසල බෝම්බ ප්‍රහාරය සිදුව ඇති අතර මිය ගිය පිරිස අතර පොලිස් නිලධාරීන් තිදෙනකුද වෙති. පොලිස් ස්ථානය අසල පිපුරුමට පැයකට පමණ පෙර වෑන් නගරයේ දී ද කාර් බෝම්බයක් පුපුරා ඇති අතර ...
ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවෝ පොලිසියේදීම තියුණු ආයුධයකින් පහර දීලා! Anver Manatunga හම්බන්තොට කුඩාඉදිවැව තම්මෙන්නාගල රජමහ විහාරයේ ලොකු හිමිනමට එම විහරස්ථානයේ තවත් හිමි නමක් විසින් හම්බන්තොට පොලීසියේදී තියුනු ආයුධයකින් පහරදී තුවාල සිදු කර ඇතැයි හම්බන්තොට පොලිසිය පවසනවා. එම විහාරයේ ලොකු හිමි නමට එම විහාරස්ථානයේම වෙනත් හිමි නමක් මරන තර්ජනය කිරීමකට අදාලව හම්බන්තොට පොලිසියට ලද පැමිණිල්ලක් විභාග කිරීමට දෙදෙනා ඊයේ හම්බන්තොට පොලිසියට කැදවා ඇත. ඊට අදාල පැමිණිල්ල සමථයකට පත් කිරීම සදහා පොලීසියට කැදවා ...
ඩලස් අලහප්පෙරුම ශ්‍රීලනිප යේ දිස්ත්‍රීක් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි! Anver Manatunga ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රීක් නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂය අද (19) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන ලිපිය ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කිරීමට අපේක්ෂා කරන බවයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පියවරට එළඹෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ...
හේරත් එංගලන්තේ හිටියනම් වෙනදේ සංගා කියයි! Anver Manatunga ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලැබූ ටෙස්ට් තරග ජයග්රහණයෙන් පසුව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරන ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර පවසන්නේ හේරත් එංගලන්ත ජාතිකයෙක් වූ වානම් ඔහුව නයිට් පදවියකින් පිදුම් ලබනු ඇති බවයි. රංගන හේරත් ඔහුගේ උපරිමය දි ඇති බව පවසන සංගා ඔහු ශ්‍රී ලාංකිකයෙකු වීම පිළිබඳව සතුටු වන බවද සඳහන් කරයි. ඔස්ට්‍රේලියාවට හා පැවැති ටෙස්ට් තරග ...
සංවිධායක ධුර අහිමි වූ ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයන් මෙන්න! Anver Manatunga ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නව ආසන සංවිධායකවරුන් 41දෙනෙකුට පත් වීම් ලබා දී තිබෙනවා. පක්ෂ සභාපති ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් අද උදෑසන එම පත්වීම් පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ. කැස්බෑව, මීරිගම, මීගමුව, දිවුලපිටිය, කළුතර, බේරුවල, වැලිගම, බෙලිඅත්ත, කුණ්ඩසාලේ, වලපනේ, ඇහැලියගොඩ, කෑගල්ල, ඌවපරණගම, හපුතලේ සහ වව්නියාව යන මැතිවරණ කොට්ඨාස සදහා නව සංවිධායකවරුන් පත්කර තිබෙනවා. ඒ අනුව මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, ...
ශ්‍රී ලංකාව පළමු වතාවට ඔස්ට්‍රේලියාව 3-0ක් ලෙස පරාජය කරයි! Anver Manatunga ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ඔස්ට්‍රේලියාවට එරෙහිව 3ට 0ක් ලෙස ටෙස්ට් තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය. ඒ කොළඹ එස්.එස්.සී පිටියේ පැවැති තෙවැනි ටෙස්ට් තරඟය ලකුණු 163කින් ජය ගැනීමත් සමගය. රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියාව ලැබූ මෙම අනපේක්ෂිත ජයත් සමග ඔවුන්ට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එක අහිමි වූ අතර පකිස්ථානය මේවන විට ...
පීජේ ගෙන්වන්න නොදුන්නැයි තව්හීද් ජමාත් නඩුයයි! Anver Manatunga ඉන්දියාවේ සිට මෙරටට මුස්ලිම් ආගමික දේශකයෙකුගෙන්වීමට බාධා කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තව්හීද් ජමාත් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු 15 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) දින නියම කළේය. මෙම පෙත්සම් අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් ...
බන්දු සමරසිංහ අනුකාරකයා නැවත උසාවියට! Anver Manatunga “ඩුප්ලිකේට් බන්දු” යන අන්වර්ථ නාමයෙන් ප්රසිද්ධිටය පත්ව සිටින බින්දු බෝතලේගම මහතාට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ ඊයේ (15) විභාගයට ගැනිණි. ජනප්‍රිය විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා අනුකරණය කරමින් චිත්‍රපටවල ඔහුගේ නමින් රඟපා DVD තැටි අලෙවි කළැයි බෝතලේගම මහතාට චෝදනා එල්ල වී ඇත. බන්දු සමරසිංහ මහතා අනුකරණය කරමින් DVD තැටි අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කටඋත්තරයක් දෙන්නැයි බින්දු බෝතලේගම මහතාට නියෝග කෙරුණු අතර සාමදාන ...
අන්වර් මනතුංග බ්ලොගයේ නව වෙනසක්! Anver Manatunga සිව් වසරක් ඔබ සමග අන්තර්ජාලයේ බ්ලොග් අවකාශයක් වශයෙන් කටයුතු කළ අන්වර් මනතුංග බ්ලොගය තවත් පියවරක් ඉදිරියට තබමින් ඔබවෙත නවතම පුවත් ලබාදෙන්නට තීරණය කළෙමු. ඒ දීර්ඝ කාලයක සිට අප සිත්තුල තිබු බලාපොරොත්තුවක් මල්ඵල ගැනීමකි. අපගේ බලාපොරොත්තුව වුයේ ජනතාවට සමබර පුවත් ලබාදෙන අන්තර්ජාල අවකාශයක් ලබාදීමයි. එම කාර්යය අප බ්ලොගය මගින්ම ඉටුකිරීමට හැකිවීම ගැන ඉතාමත්ම සතුටට පත්වෙමු. ලංකාවේ සමබර මාධ්‍ය කලාවක් නැත. සියළුම ...
යුඒඊ හි තාවකාලික රැකියා නීතිය වෙනස් වේ Anver Manatunga එක්සත් අරාබ් එමීර් රාජ්‍ය විසින් පෞද්ගලික අංශයේ තාවකාලික රැකියා ( Temporary and Part Time Work ) පිළිබද නව අමාත්‍ය මණ්ඩල තීරණ ගෙන තිබේ. 2007 වසරේ සිට බලපැවැත්වෙන පරිදි මෙය සිදුකර තිබේ. ඒ අනුව තාවකාලික රැකියාවක් ලෙස හදුන්වන්නේ මාස 6ක කාලයක් සිදුකරන රැකියාවකි. ගිවිසුමි ගත කාලයතුළ තාවකලික රැකියා බලපත්‍රය ( Temporary Work Permit ) දෙවතාවක් අලුත්කළ හැකිය. ඒ කොන්දේසි ගණනාවකට යටත්වය. ...
සිරියාවේ රෝහලක් රුසියානු ගුවන් ප්‍රහාරයකින් වැනසෙයි! Anver Manatunga ගුවන් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් සිය සහාය ඇතිව පවත්වාගෙන යනු ලබන සිරියාවේ පිහිටි රෝහලක් විනාශයට පත් වී ඇතැයි ‘එම්එස්එෆ්’ දේශසීමා නොමැති වෛද්‍යවරු සංවිධානය පැවසුවේය. බ්‍රිතාන්‍ය මූලස්ථානය කොට ගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය කියා සිටියේ රුසියානු ගුවන් යානා විසින් ඉහත කී ප්‍රහාරය එල්ල කොට ඇති බවයි. ප්‍රහාරයට ගොදුරු වී පුද්ගලයන් නව දෙනකු මරුමුවට පත් වී ඇති බවත් එම ආයතනය සඳහන් ...
නව ව්‍යවස්ථාවට ඔබේ අදහස් දෙන්න! Anver Manatunga මේවන විට දිස්ත්‍රික් 13ක් ආවරණය කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවට මෙතෙක් ලැබී ඇත්තේ මහජන අදහස් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බව වාර්තා වේ. එම කමිටුව ඊයේ (15) කුරුණෑගල ප්‍රදේශයේත් අද (16) යාපනය ප්‍රදේශයේත් මහජන අදහස් රැස් කිරීමට නියමිත බව පැවසේ. මේ සදහා අදහස් දැක්වීම සෘජුව, ෆැක්ස්, දුරකථන , ඊමේල් හා ෆේස්බුක් ඔස්සේද සිදු කළ හැකි වේ. එහි ...