අපේ අම්මට අකුරු බෑ මිස්... අසරණයා මම 8 වසරේ ඉද්දි අපේ පන්ති භාර මිස් අපේ සිංහල මිස්. ආසම විෂයක් එපා වුනේ අපේ සිංහල මිස් ගේ දැඩි දඬුවම් ක්‍රමය නිසා. ඒ කාලේ අපේ පන්තියට ගැහුවේ කිඹුරු මඩවද්දී අම්බරුවෝ පාලනය කරන්න ගන්න කෙවිටක් වගේ එකකින්.හදිස්සියෙවත් ඒ කෝටුව නැති වුනොත් ඒ හා සමාන කෝටුවක් ගේන්න පන්තියෙන් කෙනෙක්ට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්න වෙනවා.කෝටුවක් ගෙන්න සුදානම් වෙන්නේ හැමදාම ගුටි කන්න කන්න ...
පාසැල ජිවිතේ තවත් අඳුරු දවසක්.. අසරණයා අපි හතර වසරේ ඉද්දි පිරිසිදු කිරීම තිබුනේ එළියේ. මිදුල අතු ගාන්න.හතර වසර පටන් ගද්දි මුලින්ම ලැබුනේ පංති කාමරය පිරිසිදු කරන්න. ගෑණු ළමයි ගොඩේ ඉන්න දැන් වගේ නෙවෙයි ඉස්සර අපි පොඩ්ඩක්වත් කැමති නැහැ.පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න තමයි බැලුවේ. ගෑණු ළමයින්ගේ පුටු අස්සේ, ඩේස් යට කුණු අතු ගාන්න අපි කැමති වුනේම නෑ. මොකවත් නිසා නෙවෙයි ගෑණු ළමයි කියන කථා ඉවසන්න ...
අපේ ගමේ "බූත වනේ".1 කොටස.. අසරණයා එදා සිකුරාදා පාසල් ඇරිලා ගෙදර ආවේ සුමතිපාල හදල දුන්නු නයා වාට්ටුව සරුංගලේ නුල් කාල් දෙකම ඉවර වෙනකන් උඩ යවන්න.නුල් කාලක් උඩ යැවුවත් උඩු හුළගට අහුවන නිසා කරදරයක් නැතුව ඒ දිහා බලන් ඉන්න පුළුවන් කියල අංජන කිවුවා.එත් නූල් කාල් දෙකම දුන්නොත් හවස බාන්න ඕනේ නැහැ.ඊලග දවසේ හවස නැත්නම් ඉරිදා හවස බාන්න පුළුවන් කියල මට වඩා සරුංගල් ගැන දන්නා අංජන මාත් ...
මුරලිදරන්ව ඝාතනය කරයි. අසරණයා එදාත් හවස ගෙදරින් පිටත් වුනේ සෙල්ලම් කරන පිට්ටනියට යන්න.යකඩ පාලම උඩදී තුසිතව හම්බවුනේ කඩේ ලෑල්ල උඩ තියෙන පත්තරේ කියවල අයෙත් යන ගමන්. පත්තරේ තිබුණු දේයක් ගැන තුසිත කියපු විස්තරේ මම පිලි ගත්තේ නැහැ.ඒත් තුසිත මාව කඩේට එක්කං හිහිං තිබුන විස්තරේ පෙන්නුවා.පිටුවෙන් භාගයක් පිරෙන්න තිබුණු ඒ ලිපියේ එක තැනක් ඇඟිල්ල තියල පෙන්නලා මා දිහා බැලුවේ නොරිස්සුම් ගතියකින්. ඒක දැක්ක ගමන් ...
වසරක අවසානේ. අසරණයා එදා සිට අද දක්වා මාව Follow කරපු යාළුවො. මිට හරියටම අවුරුද්දකට කලින් (නොවැම්බර් 13) පැය 13 ක වැඩ මුරයක් තිබියදී වැඩ තිබුනේ උදේ පැයකුත් හවස පැයකුත් විතරයි. උදෙත් හවසත් අතර කාලේ කරන්න වැඩ නැතුව අන්තර් ජාලයේ ඔහේ මෙහෙ ඇවිද ඇවිද ඉද්දි හදිස්සියේම හම්බ වුනා ලස්සන කතා ලියපු ජිවිත අත්දැකීම් ලස්සනට ගොතපු "සිංහල සයිට් එකක්". එකේ තිබුනේ “හිස් අහස” කියලා. ...
පාසැල් ගමන එපා කරපු මිස්ගේ වතුර බෝතලය හා පෙර ලිපියට සමාව ගැනීම.. අසරණයා මගේ කලින් පොස්ට් එක ලියන්න හිතුවේ මගේ පලවෙනි පොස්ට් 10 ට කොමෙන්ට් කරලා මාව දිරි ගැන්වීමක් කරපු සියලු දෙනා වෙනුවෙන්.කවදාවත් දැකලා කතා නොකරපු පිරිසක් වෙනුවෙන් මට පුළුවන් විදියේ ස්තුතියි කිරීමක්.එය විනෝදය ගෙන දෙන දෙයක් විදියට ඉදිරි පත් කරන්නට මට හිතුනා. කිසිම කෙනෙකුගේ හිත රිදවෙමක් සඳහාද නොවෙයි.කම්මැලි ජිවිතේ පොඩි හරි වින්දනයක් කරන්න පුළුවන් විහිළුවක් මං කලේ කාගෙවත් ඇස් රතු කරන්නනම් ...
රට ගිය ඇත්තෝ.. අසරණයා මේ කතාව මට ඊ තැපෑලෙන් ආපු එකක් ගොඩක් අය කියවලත් ඇති එත් මේක කියවපු නැති හැමෝටම .. මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටමතේරෙන්නෙ නැහැ.අපි මෙහෙම පටන් ගමු.මම සිංහ සමාජයේසාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක් සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා.ඇමරිකන් උණ සෑදී වලිප්පුව සෑදී සිටි මම ආපසුආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට්උනා. දැන් අවුරුදු ...
කකුල් තුනේ මිතුරා... ආබධිතයෙක් නොවෙයි අසරණයා "යන්නම් ඇන්ටි" කියාගෙන අසංකත් සමීරත් අපේ ගෙදරින් පිටත් වුනේ එදා රැ සමීර අසන්කලගේ ගෙදර නවතින අදහසින්.මට හදල තිබුණු කිරි ටොපි ටිකත් කාලා මේ දෙන්නා පිටත් වුනයින් පස්සේ ඇඳන් ඉන්නු දිග කලිසම ගලවලා ඒ කාලේ ඇවිත් තිබුණු කොට කලිසම් රැල්ලේ සාක්කු ගොඩක් තියෙන කොට කලිසම හොය හොය ඉඳල බැරිම තැන තිබුණු කඩමාළු වෙච්ච තනි සාක්කුවේ කලිසම ඇඳගෙන කලිසම ගත්තු කෙනාට ...
අසරණයහේ අදෝනාව අසරණයා මං වැඩ කරන පැය දහ තුනෙන් නමයක් මඉන්නේ සයිබ අවකාසේ තනියෙන් ම කරන්න වැඩක් නැති හැම වෙලාවේම මකියවනවා දකින දකින හැම දෙයක් ම අහම්බෙන් දවසක් අස ගැටුනා ඔහුගේ විරු කියෙවුව ඒ සියල්ල ගෙන මගේ සිතට විරු "හිස් අහස " ඒ එකතුවේ කවි නම් මරේ මාරුඑය ලියන කිවිදගේ නම අම්පාරේ සඳරුසිත් උනා මටත් ගලපන්න කවි සහ කතන්දර සිතුවා අරබන්න අවකාශයක් ගෙන ...
පරණ ඔක්කොම තනි එකක. අසරණයා අද මම දාන්න හිතුවා මෙතෙක් කල් මගේ පොස්ට් වලට ඇන්ඳ චිත්‍ර ටික පොස්ට් ලින්ක් එක්කම තනි පොස්ට් එකක. . බස් අජිත්ගේ පැහර ගැනීම.{"ඒ.... මල්ලි මාර වැඩේ නේ බස් ඒක නැහැ නේ. අපි ඩිපෝවට මොකද කියන්නේ .""අපි මෙතන නේද නැවැත්තුවේ." එදා හිටියේ අලුත් කොන්දොස්තර කෙනෙක්.රියදුරා මගේ ලඟට ආවා"මල්ලි මෙතන තිබුන බස් ඒක දැක්කද?""අහ්... හංදිය පැත්තට ගියා ඒ ඔය ගොල්ලෝ නෙවෙයිද?" ...
7 වසරේ කරටි පංතිය.. 1 කොටස අසරණයා යන්තම් ස්කොලේම හිටපු පොඩිවුන් කියන නම නැතිකරගෙන අපි 7 වසරට ආවා.එකම නමින් තියෙන ස්කොලේ කණ්ෂ්ඨ විද්‍යාල හා මහා විද්‍යාල කියල දෙකක් තිබුනේ.මහා විද්‍යාලයේ පොඩිම පන්තිය 6 වසර.ඒ ඉස්කෝල දෙකටම ප්‍රින්සිපල්ල දෙන්නෙක් ඉන්නවා.ඒ දෙක වෙන් වෙන්නේ රැට හරක් ලඟින උදේට පොඩිම පන්තිය කොල්ලෝ ගොම එකතුකරන ඉස්කෝලේ නැති දවස් වල වටේ කොල්ලෝ පිස්සු කෙලින ක්‍රීඩා පිටියකින්.6 වසරට එන්නේ කණ්ෂ්ඨ විද්‍යාලේ හිටපු ...
මම මුලින්ම නටපු දවස. අසරණයා එදා දෙසැම්බර් 26 වෙනිදා නත්තල් දවසට පසු දින විභාගේ නිවාඩුයි.ඒ මම සාපෙ ලියපු අවුරුද්ද.විභාගේ ලියන්න හැර අනිත් කිසිම දෙයකට ගෙදරින් පිට වෙන්න කිසි අවසරයක් ලැබුනේ නැහැ.පාඩම් කලේ නැතත් පොතක් අතේ තියාගෙන ඉන්න ඒක අම්මට සතුටක් ගෙනාවා.විභාගේ ලියන මට වඩා අම්මට වුවනාව තිබුනේ මට පාඩම් කරවන්න.එහෙම තත්වයක් තියෙද්දී හන්දියේ පාලම,තරංගගේ ගෙදර මට මැවි මැවි පෙනුනා.එදා රෑ අපේ ගමේ තිබුනා සංගීත ...
මාරාන්තික මුහුදු ගමන. Deadly Voyage අසරණයා කිංස්ලි ඔෆෝසු. කිංස්ලි ඔෆෝසු ඉපදුනේ 1970 දිය. කාර්මික ඉංජිනේරුවෙක් වීමට සිහින මැව්ව ඔහුගේ එම සිහිනය බොඳ වුනේ ඉදිරියට අධ්‍යාපනය කරගෙන යාමට ඔහුගේ මවට වියදම් කිරීමට හැකියාවක් නොමැති කම නිසයි.එළවලු හෝ පළතුරක් විකිණීම රැකියාව කරගත් ඔහුගේ මවට ගෙදර බර වැඩි බව තේරුම් ගිය නිසා කුඩා කාලෙදිම පාසල් ගමනට නැවතීමේ තිත තබන්නට කිංස්ලිට සිද්ධවෙනවා. තම සහෝදරයන් රැකීමට යම් යම් රැකියාවල් කල ...
උඹ හොරෙන් තියාගෙන ඉන්නවනේ. මටත් දියන්කෝ. අසරණයා හිස ජෙල් ගෑම,එලියට යද්දී විලවුන් ගෑම, වගේ පුරුදු ඒ කාලේ ඉඳලම තිබුනා. ඉස්කෝලේ කාලේ දී ගෑවේ තිබුන මිල අඩුම එක. දැන් මාසෙන් ඉවර කරන එක ඒ කාලේ මාස 6ක් විතර ගෑවා. ඒ ඔළුව ඒ කොන්ඩේ ප්‍රමාණයත් එකම වගේ ඒත් පිරිමැස්ම හොඳට තිබුන මගේ ජෙල් අඩුවෙන් වතුර වැඩියෙන් පාවිච්චිකරපු නිසා අමාරුවෙන් කල් ඉකුත්වීමේ දිනට පෙර කොහොම හරි ඉවර කරගත්තා. රැකියාවට ...
සිරිවර්ධන බුදුදහමින් නිවන් ගිය සීයාගේ බීම කඩේ. අසරණයා අපි ඉස්කෝලේ ඇරිලා බස් එක එනකන් හිටපු හංදියේ ලොකුම කොල්ලෝ ටික තමා අපි. බස් අජිත් ඒ මල්ලි නිශාන්ත ,රොෂාන් මම. අපි තමා හිටපු එකම දිග කලිසම් කාරයෝ. අනිත් උන් පොඩි උන් නිසා උන්ගේ වැඩ ලාමක නිසාත් අපි උන්ව ගණන ගත්තේ නැහැ ඒත් පස්සෙනුත් ආවා. කාලේන් කාලෙට අපි බස් එක එනතෙක් හිටපු තැන් සැරින් සැරේ මාරු කළා. මේ කාලේ අපි ...
ලිංගල කතා කරන කොංගෝවරු. අසරණයා කොංගෝ සිතියම. කොංගෝව අප්‍රිකාවේ ඇති දෙවන විශාලතම රටයි. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර 2,345,406 පමණ පමණ දිළිඳු රටකි.ජනගහනය මිලියන 71 කට වඩා ඉහල අගයක් ගනියි. අප්‍රිකා මහාද්වීපයේ උතුරින් මද්යම අප්‍රිකාවටත්, දකුණු සුඩනයටත් ඊසානට වෙන්න උගන්ඩාව,රුවාන්ඩා, බුරුන්ඩි යන රටවලටත් දකුණෙන් සැම්බියා,ඇන්ගෝලාවටත් කොංගෝ ජනරජයටත්, "තන්ගන්යිකා" විලෙන් ටැන්සානියාවත් වට වුනු රටකි.රටේ අග නගරය "කින්ෂාසා" නගරයයි.සියලු ප්‍රධාන පෙලේ ආයතන පිහිටා තිබෙන්නේ කින්ෂාසා කේන්ද්‍ර කොටගෙනයි. ...
කුකුළා උඹට නිවන්සුව!!!... අසරණයා මගේ ජිවිතේ 3 වසරට වෙනකන් හරි සුන්දරයි.ඒකට හේතුව මං පොඩි ළමයෙක් නිසාමත් අපේ පුංචි අපිත් එක්ක හිටියා නිසාත්,තව තව සිදුවීම් නිසා. අම්ම ගහද්දි අපිව බේර ගත්තේ, අපිත් එක්ක සෙල්ලම් කරේත් පුංචි .කාලෙකට පස්සේ එයා මොකක්ද විභාගයක් පාස් උන නිසා කොළොඹ රස්සාවකට ගියා.ඊට පස්සේ මගේ ජිවිතේ "අදුරුයි, ගුප්තයි,හරියට ලෙනක් වගේ රයිට් " මං ඉස්කෝලේ ගිහින් ගෙදර ආපු ගමන් ගෙදරමයි ඉන්නේ.මට ...
ආනිසාම අපි යායුතුව ඇත ඔබා මාමේ .. අසරණයා ලියනවා මකනවා ආයෙත් ලියනවා ඒත් කොහොම ලියන්නද.වචන එන්නෙම නැහැ.ඒත් අමාරුවෙන් හරි මෙහෙම ලියන්නම්. ඊයේ උදේ ඔෆිස් ගිහිල්ල වැඩ පටන් ගන්නවත් එක්කම නිකමට වගේ බ්ලොග් එකට ලොග් වුනේ අලුත් පොස්ට් තියෙන්නේ මොනවද බලන්න.මගේ බ්ලොග් රෝලේ තිබුණු අලුත් පොස්ට් එකක් දැක්ක "ඔබා මාමාට නිවන් සුව" කියල. ඒක දැකපු ගමන් මට හිනා ගියේ ඔබා මමත් එක්ක ඉන්න මිතුරන්ගේ තවත් විහිළු වැඩක් වෙන්න ...
රුවැත්තියක් මට අත වනනවා මම ඉඳගෙන බෑ බෑ කියනවා.. අසරණයා සෙනසුරාද වැඩ තියෙන්නේ වෙනද වගේ නෙවෙයි දවස් භාගයයි.වැඩ ඉවර වුන ගමන් මාත් එක්ක වැඩ කරන තනිකඩයෝ හෙව්වේ අපේ සමාජෙට ගැලෙපෙන්නේ එවුන් නිසා.ඒත් එදා මට මේ නව නින්ගිරා වැඩේ සිද්ද වෙන්න ඕනේ නිසා මගේ නපුරු වෙලාවට කාටවත් මාත් එක්ක සමාජ ගත වෙන්න එදා බැරි වුනා. ඒ හැම දෙයක්ම අසාර්ථක වුනු හින්දම බම්බලපිටියෙන් බස් එකට නැග්ගේ පිටකොටුවට ගිහින් තවත් ගමනක් යන්න ...
කිතුල් ගස් වන්දනාව. අසරණයා කොට කලිසම ගලවලා දිග කලිසම ඇඳපු අලුත. ගැණු ළමයින්ට හිත යන්න පටන් ගත්තු මුල් කාලේ.ලොකු පන්තිවල උන් එක්ක පැටලෙන කුරුමානම් අල්ලන හිතන් හිටපු අවුරුදු 9 ක් කොටට ඇඳලා දිගක් අන්දම ලොකු මිනිස්සු කියල වලිප්පුව හැදුනු 10 වසරට ගියපු ඒ අලුත.ඒ කාලේ වෙද්දී අපේ ගොඩක් දෙනෙක් විටමින් කුරු උරන්න පුරුදු වෙලා හිටියේ.ගෙදර වහලේ වැඩ කරන්න ආපු වයසක මාමා කෙනෙක්ගේ බීඩි ...