ති‍්‍රමාන ක්‍රමයට තැනූ උපාංගයක් ලබා පුංචි බබා දිවි බේරා ගනියි! නවීන වෛද්‍ය විද්‍යාවේ හාස්කමක්! මල්කැකුළු ඒ පුංචි ළමයට කවදාවත් ඉස්පිරිතාලෙන් ගෙදර යන්න ලැබෙන එකක් නැහැ කියලයි, දොස්තරල කිව්වෙ. ඒත් නවීන ති‍්‍රමාන (3D) මුද්‍රණ ක්‍රමයට පින්සිදුවෙන්නට සැත්කමට අවශ්‍ය උපාංගය තනා ගෙන සැත්කමකින් ඒක බද්ධ කළා. දැන් ගෙදර ගිහින් විස්මයජනක ලෙස ජීවත් වෙනවා.කායිබා ජියොන්ෆ්රිඩෝට මුලදි හැමදාම වගේ හුස්ම ගන්න බැරිව ගිහින් සිහි නැති වෙනවා. ඒක එදා මාරක තත්වයක්. ඒත් දැන් එයාට සාමාන්‍ය විධියට හුස්ම ගන්න පුළුවන්. වෛද්‍යවරුන් ...
විශ්වයෙන් ආ අබිරහස් සංඥා : ලෝකයේ නොවිසඳුණු අබිරහස් මල්කැකුළු අපේ මේ විශ්වය කොතරම් විශාලද? මේ විශ්වයේ සිටිනා බුද්ධිමත් ජීවීන් වන්නේ මනුෂ්‍යයන් පමණක්ද? එහෙම නැත්නම් අපි විශ්වයේ පෘථිවිය නමින් හැඳින්වෙන මේ ග්‍රහලොවේ ජීවත් වන බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් පමණද? පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන අපට විටින් විට අසන්න ලැබෙනවා. පිටසක්වළ යානා, පිටසක්වළ ජීවීන්ගේ ඡායාරූප විදෙස් පුවත් සේවා හරහා දකින්න ලැබෙනවා. ශී‍්‍ර ලංකාවට ද පිටසක්වළ ජීවීන් පැමිණි බවට නොයෙක් නොයෙක් අවස්ථාවලදී ...
අනාගත ටෙලිවිෂන් තිරය විනිවිද පෙනෙන එකක්! දාපුවාම පේනවා! වහපුවාම නොපෙනී යනවා! මල්කැකුළු පසුගිය කාලෙ ටෙලිවිෂන් තිරය ලොකු ලොකු වෙනස්කම් රැසකට මුහුණ පෑවා. තුනී තිර, හිතේ හැටියට, ඇහේ හැටියට තෝරා ගන්න කියලා ඒවා ඔබට විකුණපු හැටි මතක ඇති නේ!දැන් ඔන්න පාරදෘශ්‍ය ටෙලිවිෂන් තිරයක් ළඟ එනවා. ඔබට ටෙලිවිෂන් නරඹන්න අවශ්‍ය වෙලාවට ස්විචය දැම්මාම තිරය මතුවෙලා එනවා. ස්විචය නිවා දැම්මාම ටෙලිවිෂන් තිරය පරිසරයට ගිලී යනවා. එවිට ඒ තිරය විනිවිද අවට පරිසරයයි, ඔබට පෙනෙන්නේ. මේ සඳහා ...
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ගේ අමරණීය රැය මල්කැකුළු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට අමරණීය රැයක් වූ 1996 මාර්තු 17 දින පකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් පිටියේ ලිලිපුට්ටන් වූ ශ්‍රී ලංකාව ක්‍රිකට් පිටියේ යෝධයන්වු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් 6 වැනි ලෝක කුසලානය (විල්ස් ලෝක කුසලානය නමින් ද හැදින්විය) තමන් සතු කර ගත් අර්ජුන රණතුංග ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා නාමය ලෝක ක්‍රිකට් ඉතිහාස පොතේ රන් අකුරින් ලිව්වේය.මෙවන් ජවසම්පන්න, කිසිදු ...
සැපට නිදා ගන්න ඉලෙක්ට්‍රොනික් උපකරණයක්! අයිස්ලීප් වෙනුවෙන් කාන්තාවකට සම්මානයක්! මල්කැකුළු අයිස්ලීප් (iSleep) නමින් තැනූ නව උපකරණයකටයි, මේ සම්මානය හිමි වුණේ. ඒ පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්වල පැවති ලෝක ඉලෙක්ට්‍රොනික ප්රදර්ශනයෙදියි. කාටවත් වදයක් නොවී නිදි යහනේ පාවිච්චි කළ හැකි උපකරණයක් ලෙසයි මෙය හඳුන්වා දී තිබුණේ.ඇගේ නිර්මාණය වූයේ බාහිර ශබ්දවලින් මිදී සුව නින්දක් නිදා ගත හැකි අමුතුම තාලේ සිරස් පටියක්. සිතට සහනයක් ගෙනෙන සංගීතයක් අසන්නට සැලැස්විය හැකි උපකරණයක්. ඒ වගේම සැමියාට වදයක් නොවී ...
මිලියන 47 ක් පැරණි ‘අයිඩා’, අපේ මිත්තණියක්ද ? නැතිනම් නැන්දණියක්ද ? : විස්මිත සොයා ගැනීම් මල්කැකුළු මනුෂ්‍යයන්ට, වානරයන්ට හා අනෙක් පි‍්‍රමේටාවන්ට නෑකම් කියන පොදු ජීවියෙකුගේ ඇට සැකිල්ලක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සොබාව ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ප්‍රමාණයෙන් කුඩා මේ අපූරු සත්ත්වයාගේ නිල නාමය වන්නේ ‘ඩාර්විනියුස් මැසිලේ’ යන්නයි. ඒත් මේ විද්‍යාඥයන් මේ සතා හඳුන්වන්නේ ‘අයිඩා’ (Fossil Ida) යනුවෙනුයි.මේ පුංචි සත්ත්වයා ජීවත් වී තිබෙන්නේ මීට වසර මිලියන 47 කට පෙර ඈත අතීතයේයි. විද්‍යාඥයන්ට මේ සතාගේ ඇට සැකිල්ලෙන් සියයට ...
ඞී. ඇස්. සේනානායකට දුර පෙනුනු හැටි! නිදහසට පෙර දේශපාලන රස කතා - 2 මල්කැකුළු 1948 අපි ලැබූ නිදහසට පෙර අපේ රටේ දේශපාලනයේ රසකතා හුඟක් තියෙනවා. මේ කතාවත් මම කුඩා කාලෙ අපේ තාත්තගෙන් අහපු එකක්. ඒත් මෙහි පළවෙන්නේ ඒ කතාව ම ‘අයිලන්ඞ්’ පුවත්පතේ පළවුණු ආකාරයටයි. මේකත් අමිත අබේසේකර කියන සුප්‍රකට විකට චිත්‍ර ශිල්පියා ලියූ එකක්. ‘මගේ දිවයින’ යන අරුත් ඇති ‘මයි අයිලන්ඞ්’ නමින් පළ වූ ඒ ඉංගිරිසි තීරු ලිපි මාලාව පොතක් හැටියටත් පළ වී තියෙනවා. ...
දුර පළාත්වල අයට බැලූන්වලින් අන්තර් ජාලයට ඇතුළු වෙන්න පහසු මගක්! ‘ප්‍රොජෙක්ට් ලූන්’! මල්කැකුළු අන්තර්ජාලයට පිවිසි නොහැකි දුර පළාත්වල සිටින අයට ඒ සඳහා යොදා ගත හැකි ලාබදායී ක්‍රමයක් ගූගල් ආයතනය අත්හදා බැලීමක් ලෙස ආරම්භ කර තියෙනවා. චන්ද්‍රිකා වෙනුවට බැලූන් යොදා ගන්නා මේ නව ක්‍රමය මුල්වරට ආරම්භ කර ඇත්තේ නවසීලන්තයෙන්. බැලූන 30ක් ඇතුළත් මේ නව ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත්තේ ‘ප්‍රොජෙක්ට් ලූන්’ (Project Loon) කියායි. මේ සඳහා අන්තර්ජාල දැවැන්තයා විසින් මේ සුපිරි පීඩන බැලූන පෙළ සැතැපුම් ...
ඕනෑම තැනක දී ඕනෑම වේලාවක දී කෝපි වත් කර දෙන ස්මාට් කෝප්පයක්! මල්කැකුළු නිදි මරා ගෙන පාඩම් කරන කොට ඇති වෙන විඩාව මග හරවා ගන්නට කෝපි කෝප්පයක් බිව්වොත් පුළුවන්. එහෙම නැත්නම් වැඩ කරන ජනතාවට ප්‍රබෝධයෙන් වැඩ පටන් ගන්න තේ හෝ කෝපි හෝ කෝප්පයකින් පුළුවන්.ඒත් ඒකටත් වෙලාවක් ගත වෙනවා. ටිකක් වද විඳින්නත් වෙනවා. හදා ගත්තු කෝපි කෝප්පය නිමෙනතුරු බලා ඉන්න බැරිව කට පුච්චා ගන්න වෙලාවලූත් තියෙනවා. මෙ සියල්ලෙන්ම මිදෙන්න දැන් ක්‍රමයක් ඇවිත්!ඒ ඇමරිකාවේ ඇට්ලැන්ටාහී ...
අපේ සූර්යයාගේ දැවැන්ත කුහරයක් අභ්‍යවකාශ යානයකින් සොයා ගනියි! මල්කැකුළු සූර්යයාගේ කාලක් පමණ ඇතුළු වන සේ සෑදුණු යෝධ කුහරය තුළින් සූර්යය ජාලා පිටතට විදිනවා. මෙම කුහරය ඇති වී තිබෙන්නේ හිරුගේ බාහිර කලාපයේ අඩු ඝනත්වයෙන් යුත් ස්තරයේ කොටසකයි.මේ කුහරය එළිදරවු කර ගෙන ඇත්තේ සූර්යයා ආවේක්ෂණය සඳහා යවා ඇති සුවිශේෂ නිරීක්ෂණ යානයකිනි. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය හා නාසා ආයතනය එක්ව යවා ඇති සූර්ය හා සූර්යගෝලීය නිරීක්ෂණාගාරය (Solar and Heliospheric Observatory) මගිනුයි, මේ නිරීක්ෂණය ...
ලබන අවුරුද්දේ ඉඳන් ඔබටත් උඩුගුවනට ගියෑකි. සංචාරක ගුවන් ගමන් 2014 දී ! මල්කැකුළු අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයකට දැන් පාර කැපිලා! 2014 දී උඩුගුවනට මගීන් ගෙන යන්න ගුවන් යානා සමාගමක් සැරසෙනවා.වර්ජින් ගැලක්ටික් (Virgin Galactic) නම් මේ සමාගම පසුගියදා දෙවැනි පරීක්ෂණ ගමනත් ගියා. ශබ්දයේ වේගය ඉක්මවමින් මෙතෙක් කිසිදාක නොගිය උසකට යන්න ඔවුන්ගේ යානය සමත් වුණා.මගීන් රැගෙන යා හැකි මේ පියාපත් සහිත විශේෂ ගුවන් යානය ගිය තරම් උසකට කිසිම මගී ගුවන් යානයක් ගොස් නැහැ. ආපසු පොළොවේ වායුගෝලයට ...
විෂ පෙවූ ඊ තලය : බොදු උපමා කතා මල්කැකුළු දිනක් හුදෙකලා විවේකීව සිටි මාලූංකපුත්ත නම් භික්ෂු නමට මෙබඳු සිතක් පහළ වී ඇත. ලෝකය ශාස්වත ද? ලෝකය අශාස්වත ද? ලෝකය ආත්මවත් ද? ජීවිතයත් ශරීරයත් දෙකක් ද? එකක් ද? මේ ආදී දෘෂ්ටි සංකල්පනා ජාලයක පැටළුණ උන්වහන්සේ මේ පිළිබඳව විස්තරයක් අසා ගැනීමේ අදහසින් බුදුරජාණන් වහන්සේ කරා එළඹ ඒ දෘෂ්ටි පිළිබඳ විමසා ඒවාට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුනහොත් සිවුරු හැර ගිහි ගෙට යන බව ...
හදවත් සුවපත් කරන්න රත්තරන්! ඊශ්‍රායල් ටෙල් අවිව් සරසවියේ අලූත් සොයා ගැනීමක්! මල්කැකුළු ඊශ්‍රායලයේ ටෙල් අවිව් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් රන්වලින් ගත හැකි අලූත්ම ප්‍රයෝජනයක් සොයා ගෙන තියෙනවා.රත්තරන් දැන් ඔවුන් හදවත් සැත්කම්වලට යොදා ගන්නවා. විද්‍යාඥයන් රන්වලින් කළ නැනෝ තන්තු යොදා ගෙන හෘද පටක මැසීම සිදු කරනවා. එවිට හෘද අකරණවල දී බාහිරව යැවෙන විදුලි සංඥා මගින් හෘදයේ කි‍්‍රයාකාරිත්වය යථා තත්වයට පත් කිරීමට හැකියාව ලැබෙනවා. හෘද අකරණයකදී හෘද පටකවලට වන හානිය යළි පැවති තත්වයට ගෙන එන්නට ...
තවත් යෝධ ග්රහකයක් පෘථිවිය දෙසට එනවා! පෘථිවිය පසු කර ගෙන යන්නේ මැයි 31 වැනිදා! මල්කැකුළු ‘කිව්ඊ 2’ හෙවත් ක්වීන් එලිසැබත් නෞකාව මෙන් නව ගුණයක් දිගින් වැඩි මේ යෝධ ග්රහකය පෘථිවිය පසු කර යන්නේ මැයි 31 වැනිදාය. වාසනාවකට මෙය පෘථිවිය පසු කර ගන්නේ පෘථිවියේ සිට සැතැපුම් මිලියන 3.6ක් ඈතිනි. එනම් පෘථිවියත් හඳත් අතර දුර මෙන් 15 ගුණයක දුරකිනි.විද්‍යාඥයන් මේ ග්රහකය නම් කළේ ‘1998කිව්ඊ2’ කියායි. ක්වීන් එලිසැබත් නෞකාවට මෙහි ඇති සම්බන්ධයක් නැත. මෙසේ නම් තබා ඇත්තේ ඇමරිකාවේ ...
මෙන්න! තවත් ඔබ නුදුටු දසුනක්! මවගේ කුස තුළ ඈනුම් අරින බිලිඳෙක්! මල්කැකුළු ගර්භාෂය තුළ හොඳින් හැදී වැඞී දරුවකු බිහිවීමේදී, එනම් කලලයක් භ‍්‍රෑණයකු දක්වාත් භ‍්‍රෑණයකු බිලිඳකු දක්වාත්, බිලිඳා මෙලොව එළි දකින තෙක්, දීර්ඝ කි‍්‍රයාවලියක් සිදු වෙනවා. විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා, මවගේ ගැබෙහි සිටින නුපන් දරුවා ඉක්කා ගැසීම, ගිලීම, අතපය දිග හැරීම ආදිය ගැබ තුළදී කරන බව. ඒ විතරක් නොවෙයි, ඈනුම් පවා අරින බව දැන් සොයා ගෙන තියෙනවා. ගැබ තුළ සිටින නිරෝගී භ්රෑණයන් 15 ...
රථවාහන තදබදයට විස්මිත විසඳුමක්! ප්‍රථම පියාඹන කාරය 2015 දී වෙළඳ පොළට? මල්කැකුළු ටෙරාෆූජියා (Terrafugia) ඒ ට‍්‍රාන්ස්සිශන් කාරයේ සැලැස්ම දැන් එළි දැක්වලා තියෙනවා. ඒක අඩක් මෝටර් රථයක් වගෙයි, අඩක් පුංචි ජෙට් අහස් යානයක් වගෙයි. රෝද හතර දිග හැර පියාපත් හකුළා ගත් පසු මෝටර් රථයක් වගේ මහ මග පදවන්න පුළුවන්. තව අවුරුද් දෙකකින් මෙය ඔබටත් මිල දී ගන්න පුළුවන්.මේ කාරය නිපදවන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස්හී පිහිටි ටෙරාෆූජියා සමාගමයි. මෙහි අලූත්ම මාදිලිය හැඳින්වෙන්නේ ‘ටීඑෆ්-එක්ස්’ (TF-X) කියායි. මෙය ...
ලොව අංක එකේ පිතිකරු කුමාර් සංගක්කාරගේ ලෝක වාර්තා! මල්කැකුළු මහේල ගැන කතා කරන කොට අමතක නොවන නමක් තමයි, ඔහුගේ පිටියේ සුවිශේෂ මිතුරා, සංගක්කාර. මහේල සංගා එක්වී තැබූ ලෝක වාර්තා එදා මහේල ගැන කියන විට අප සිහිපත් කළා, ඔබට මතක ඇති. මහේලට පිටියේ දීත් පිටියෙන් පිටතදීත් හැමවිටම සහයට සිටින අඹයාළුවා ඔහුයි. ඒ නිසා මේ අවස්ථාව අපි ‘මහේලගේ ආදරණීය සංගාගේ’ දස්කම් ගැන යමක් කියන්න යොදා ගන්නවා.මෑතදී අවසන් වූ පාකිස්තාන් - ශ්‍රී ...
මීට පෙර දම්පාට තක්කාලි ආවා! දැන් දොඩම් පාට රාස්ප්බෙරි (රටකැටැඹිල්ල) ඇවිත්! මල්කැකුළු උද්භිද විද්‍යාඥයන් විසින් නව රටකැටැඹිල්ල ප්‍රභේදයක් හෙවත් රාස්ප්බෙරි (raspberry) විශේෂයක් ලොවට හඳුන්වා දී තියෙනවා. අනාගතයේ දී පෘට් සැලඞ් රසවත් කරන්න වගේ ම වර්ණවත් කරන්නත් මේ නව පලතුරු විශේෂය නිසා හැකියාව ලැබෙනව.මේ නව පලතුර පෙනුමෙනුත්, රසයෙනුත්, ප්‍රමාණයෙනුත් එහි රතු ප්‍රභේදයට සම්පූර්ණයෙන් ම සමානයි. නමුත් මෙහි දොඩම් පැහැති වර්ණය ඉතාමත් සිත් ගන්නාසුලූයි.මේ නව පලතුරු ප්‍රභේදය නම් කර ඇත්තේ ‘ ඕටම් ඇම්බර්’ (Autumn ...
ලෝකයේ විශාලතම තල්මස් රංචුව ශී‍්‍ර ලංකාවේ? : දැනමුතු මල්කැකුළු ඉන්දියන් සාගරයේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රත මුහුදේ තල්මසුන් හා ඩොල්පින් රංචු ගැවසෙන බව ලෝපතල කරුණක්. ඒත් ලොව විශාලතම තල්මස් ගහණය ජීවත්වන්නේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රතව බව හෙළිවුණේ මේ මෑතකදියි. ඒ තල්මසුන්ගේ ‘කල්කිරියාව’ හොයන්නට ශී‍්‍ර ලංකා නිල් තල්මස් ව්‍යාපෘතිය ආරම්භ කළාට පසුවයි. මේ ව්‍යාපෘතිය යටතේ කළ සමීක්ෂණ අනුව මේ තොරතුරු හෙළිකළේ සාගරජීව විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් (Asha de Vos) ශී‍්‍ර ලාංකික කාන්තාවක් ...
අයින්ස්ටයින් බිය පළ කළ දිනය අන්තිමේ දී උදාවෙලා! මල්කැකුළු අයින්ස්ටයින් කියන්නේ මේ මෑත ලෝකයේ විසූ විශිෂ්ට දාර්ශනිකයෙක්, ගණිතඥයෙක් හා විද්‍යාඥයෙක්. ඔහු ලෝකය දිහා වෙනත් කිසි කෙනකු නොබැලූ ඇසකින් බැලූ නිසා සාපේක්ෂතාවාදය ඇතුළු න්‍යායන් රැසක් අපට උරුම වුණා. ඔහු දාර්ශනිකයකු වශයෙන් අනාගත ලෝකය දිහා බලා පළ කළ අපූරු අනාවැකියක් ඔස්සේ නිර්මාණය කළ රූප පෙළක් ඇතුළත් ඊමේල් පණිවුඩයක් පසුගියදා අපට අන්තර් ජාලය හරහා ලැබුණා.එය අපට මිතුරකුගෙන් ලැබුණු එකක්. ඉංගිරිසි භාෂාවෙන් ආ ...