අකල් වැහි Hudekalakaluwara වියෝගේ රුදු අකල් වැහි වැද..කාලයේ පවතින් සැගව ගියස්නෙහයේ ගිනි සිළුව යළිපුරා හඳ වී මා වෙත ළංවියඑයයි මගේ ආත්මයගෙවී ගිය කාලයේවැසිගිය හද සිතුවමේ රුවඇදි ගිය මහ කුණාටුවේනැවත එක් වරම මතු වියඑයයි මගේ ජීවිතය ...
x,y,z සහ මම Hudekalakaluwara දෙනෙත්පියා”x”විදියිදිනන්නටයනආදරයදෙනෙත්පියා”y”විදියිදිනාගත්ආදරයදෙනෙත්පියා”z”විදියිවිරහවේදනාවදෙනෙත්හැර”මම”සිටිමිවිදින්නේකුමක්දැයිසිතමින්
දිළිඳුකම Hudekalakaluwara දිළිඳුකම සුළඟ සේමා වටා එතෙයිඅවංකභාවයමා උණුසුම් කරයිදිළිඳුකම හිරු සේමා දවයිවිශ්වාසයමා දිරිමත් කරයිදිළිඳුකමඅඳුරු ගුලි සේ විත්මා බිය කරයිආදරය මා දමාපලා දුවයි ...
Untitled Post Hudekalakaluwara සුසිනිඳු පෙති රැඳීනෙක පැහැයෙන් දිලීකටු අකුලක පිපීනුඹ මලක් වුණේ කිමැයි?නිලම්බරේ පිපීඅමාවකේ මැකීපහළොස්වක දිලීනුඹ සඳක් වුණේ කිමැයි?බිම්කඩ ඉරිතැලීනියංසාය බිඳීදෙගොඩ තලා නැඟීනුඹ වැස්ස වුණේ කිමැයි? ...
”මම” නම් සිපිරිගෙය Hudekalakaluwara පිය මනිම් හතරැස් වබිම ඔබා හිසමමමා වට ම....ගැන නැතකිසි ම දවසකයපොලු කීයක් වෙත්දැයිමා ඉදිරිපස... සොයමිපහුරු ගා මහ බිත්තිපලායන්නට ඉඩක්නොවහමුවෙතැයිමා සම මිනිසකුලියූකුරුටු ගී...පුරුකින් පුරුක බැඳිවිලංගු යකිසිවිටෙකත් නොහැඟේආදරය නොවේයැයිඑය... අඳුරු යවිටෙක එළිය යඇතුළේ යවිටෙක පිටත යහිතැත්තෝබලති විමසතිඑති යති... තවමත්නොදුටු හැටිමා වන් අයකු වෙනපවුරක් සේමා වට කොට සිටිනමම මිස... ...
ඔබ වෙතට Hudekalakaluwara මෙදුක මහ බරකි මටතනිව ම දරනු බැහැ එයනොතේරෙන කවියකදවටා එවමි ඔබ වෙතළපලු සෙවණැලිනි බරවැලි අතුල මළුවකසිත එකඟ කළ නොහැකි යබිඳී පලු පත් වැලඳගෙන නලකැඩපතක් වෙත හිඳමාව ම සොයන කල මමපිරිපුනින් පෙනෙතත් මාතිබූ යමක් නැති බව හැඟෙයි මටරළ පෙළන වෙරළකඅහඹු හක් බෙලි කටුවක‘හෝ’ ගාන හිස් බවරැව් නඟයි නොනැවතී මා තුළපුරුදු මහ දිගු රැයකඅවදිව දකින සිහිනෙකමා හා එක ම මඟ යනනොහඳුනන හඳුනන ...
පුරා හඳ වී පායන්න.. Hudekalakaluwara ඇද බැඳ වැළඳ මුදු පහසින්තෙපළා අදර බස් මුව මඬලින්පා පිය සෙනෙහෙ නෙතු කැල්මෙන්සිත බැඳි නුඹයි සමනළිය විලසින්තටු සලා ගිය අයුරු විහඟ ගී නාදෙන්මන් මත් කලා ගී රස වසඟයට ගනිමින්කිරි සුවඳ නොගිය මුත් නුඹේ මුව මඬලින්නුඹය මගේ කිරුළ විජිතයේ සිළු නොපලන්කැණිමඬල ගිනි ගනි මිහිමඬල කම්පා වෙද්දීහද නුඹේ ඇවිළුනිද? දුක් සුසුම් පොර කද්දීනිල් නෙතට රත් පැහැය පෙර පවට එක් වෙද්දීකොපුල් තල මතින් ...
මගියෙකු හට! Hudekalakaluwara මගිය, නැත මාවතක්ඔබ තබන පා සලකුණු මිසමගිය, නැත මාවතක්ඔබ ඇවිද යාමෙන්සෑදෙන මාවත මිසක්අඩියෙන් අඩියපා සලකුණු තබාඇරඹීම් මාවත සාදන්නමගිය, දැන් ඔබටයා හැකිය ඒ මාවතේනොසැලී ඉදිරියටමකටු පඳුරු ගල් බොරළුහමුවේවි අතරමගඑපා නවතින්න කිසිදිනකඇරඹූ ඒ ගමනමාවත සුමට වෙයි යම්දිනකඔබේ රළු පා සලකුණුවලටමන්ද,ඒ ඔබම සෑදු මාවත නිසාම... ...
අසම්මතයි ජීවිතය ම Hudekalakaluwara සඳ මැරිලාමළගම දාතරු දියවීරේණු සැලීබිම වැටිලා තිබුණාඑන්න හෙමින්අඩිය තියාමේ අඳුරෙ මඅත පත ගානිදා ඉන්නමේ ගහ කොළඇහැරෙන්නට කලින් ම නුඹඑන්න ඉතින්කළුවරේ මඑළිය ඇවිත් හෙට උදේ මඅරන් යාවි ජීවිතය ම ...
ප්‍රේම ද්වාරය Hudekalakaluwara හිත හෙමින් මුමුණනමියුරු ගී අමුණලාමැවූ සිහින් සීනු හඬඇත යළිත් පිබිදිලාමුව අගට මෝදු වුණුකැලුම් යළි ඉඟි කළාගඟක් වී ගැලූ කඳුළුනියං කළ හිස් වෙලාප්රේමයේ මාවතකඇත කඩුලු බිඳලලාපය ගැටෙන වැලි කැටත්සන්සුන්ව හැසිරුණාහැර ප්‍රේම ද්වාරයඑන්න නුඹ පියඹලානොඉඳුල්ම උයන්තෙරඇත අමුතු වෙස් අරාරෑ අහස ගනඳුරටපෙම් බඳින සඳ වෙලාඅමාවක හැර යළිත්නුඹ මගේ සඳ වෙලා ...
අහිමි හිමි වීම Hudekalakaluwara සෑම ගහවැලක් මසඳ දියෙන් නැහැවීපහළ යටි වියනට පවාඅතු අගින් පෙරී එනසඳ ඇබින්දක් හෝ ඇතිඑහෙත් මා කිසිවක් නැතිව මගිනියම් ව ඉරි තැළුණු කතරකට දවැසි පොදක් නොමැති මුත්දෙතොල් සනසාගන්නඉඳහිට හෝපිනි බිඳක් වැටෙනවා ඇතිඑහෙත් මා කිසිවක් නැතිව මතටු සිදුණ බමරෙකුට වුවබැරි නමුදු සිත් සේරොනවුලෙහි කිමි දෙන්නඈත හිඳ විදගන්නමල් සුවඳ හෝ ඇතිඑහෙත් මා කිසිවක් නැතිව ම ...
වැස්සෙන් තෙත් වූ මතක කඳුළ Hudekalakaluwara අහස නුඹ, මිහිකතටගව් ගණන් දුරක්ෂිතිජ ඉම මායවක් වෙලාලොව සනසනා...දුක හිර කරන් උන් හිතඉකි බිඳින දිනයකවරන කඳුළයි.මිහිකතම සිඹිනාසයුර සේ මා අබියසින් හිඳමසිත නම් වෙරළ අසළබොහෝ සෙනෙහසින්පෙණින් පෙණ නිහඬවමතක සිත්තම් කළනුඹේ සිතවෙරළ තනිකරකරදිය හා මුසුවබොහෝ දුර පියමං කරඉතින් මට පසක් කර දී යන්න ඇහැකි ද?මොහොතකට මතක කඳුළක් වූ නුඹේ සෙනෙහසතාමත් මට ඇවැසිද? ...
හිත තාමත් නුඹේමයි Hudekalakaluwara පොළව මත වැටුණ කඳුළසැනින් වියැළී යයි.සොයන්නෙපා හමුවන්නේ ඔබට වෙහෙස විතරමයි.උඩු සුළඟට හසුව ගියේඔබ මට දුන් සිහිනයයි.හිරු පැතුවේ පහන් තරුවපායන්නැති අහසකයි.රෑ කළුවර බව දැනුණේසඳ ඇවිදින් ගියාමයි.නුඹ ගිය බව අදහන්නැතිහිත තාමත් නුඹේමයි. ...
යුවතිය Hudekalakaluwara මෙවදනඅරුත සොයමිනදින දින පෑළවිය වෙත එළඹෙනකාලයඅහෝ මිය යනදවසකට එළි වෙයි.නැතත් අරගලවිඩා පිරිපතසමඟ සිත කය මිරිකෙයි.කලුවරම රැය පැමිණෙයි.වැතිර තනි යහනතර කොට දෑස පියවමි.පියවි ලොව අතහැරදුර ඈත ලොවකට යමි.දයා කරුණා ගුණ සරැලි නංවාඋතුරා ගලන ගඟබඩමුදු මද පවනසියොළඟ වෙළී පැටලෙයිසඳ මඩලු සිහිල් සෙවණලු යටසෙනෙහස නොහිම් සුව දෙයි.මල් මාවතකි හදවතටඑය නිසැකවම දෙවොලකි.සොඳුර,සුර කුමරියකි.ප්රණ සම පෙම්බරියකි.සැම දුක් වේදනාඅසා ගෙන ළඟ දැවටෙයි.රෝස තොල් පෙති මත නුරා ...
යථාර්ථය Hudekalakaluwara අතරමං විය ඔබේ දෑසේඑයින් ජීවය දුටු නිසාඅසරණයි මම.... තවම සොඳුර,ආදරය නියත නිසාසිත් පතුළ තුළවැදී තෙරපීරත් නහර මැදගලා ඉතිරීනෙත් කෙවෙනි අගසෙමෙන් මතු වීතෙත් කරයි වතඔබ කඳුළ වීනුඹේ ප්රේමයනිශා මැදියමරහසෙම මියැදුණුකඩුපුල් මලකි. ...
දනිමි Hudekalakaluwara මම සියල්ල දනිමි.ඔබ වැනි කෙනෙකුකිසිදා යලි හමු නොවේ.ඒත් මම කුමක් කරන්නද?මා සිත පඹ ගාලක පැටලී ඇත.මා කුමක් කරන්නද?කන්ද පාමුල දී දුටුමුදුනේ ලස්සනකිම සබඳ නුදුටුවේතරණය කළ විට කන්ද?සොඳුර,මබ මගේ සඳ නොවේ දිනෙන් දින එයවෙනස් වන හින්දාඔබ මගේ හිරු නොවේ සවස අවරින්සැඟව යන හින්දාඔබ මගේ සෙවණල්ල නොමවේඅඳුරේ මා හැර නොපෙනී යන හින්දාඔබ මගේ ප්‍රාණයම වේයැයි නිවන් දක්වාඅරන් යන හින්දා... ...
සිහින සිතුවම් Hudekalakaluwara සෙනෙහසක මල් ලියැද කුලියට දීපු දාමා පිපී හිනැහුනේ නොතේරෙන හන්දාතරු ගිලුන අමාවක දා රෑ නුඹ පුරාසිහින සිතුවම් දුටුවෙද දනිමිහීන අනුන්ගේ කියලාහදවතයි දේහයයි එකම එක් නොවේමැයිදේහය මගේ මුත් හදවත අනුන්ගෙයි.සැබෑ නොවනා මගේ නොවනාමගේ හීන බිඳී අහවරයි.යදම් දා මගේ හද මවෙන්දේසි වී අහවරයි. ...
ගැඹුර Hudekalakaluwara අහස් කුස නිල් පැහැයහොරෙන් ගෙන හිනැහුනත්දුටු දුටුව සිත් සතන්සිසිලසින් නැහැවුවත්නිමා නොවන නෙත් කැළුම්මොහොතකට නැවැතුවත්මන බඳින නිසල දියගැඹුරුයිලු බොහොමත් ...
අලුත් වැස්ස Hudekalakaluwara අලුතින් ම නම් තැබූඅලුත් කවි සිඟිත්තක්හීනයෙන් හිනැහෙමින්තොටිලි යහනේ නිදයි.ඉර හඳ ද තාරකාගහ කොළ ද සපිරිවරඅලුත් මිණි'බරණ හැඳඅලුත් රැස් කිරණ දෙයි.නිලන වෑ තල සමඟදිය ඇලි ද ඇළ දොළ දඅලුත් දියවර පුරාඅලුත් සිසිලසක් බෙදයි.ගැඹුරු මහ සයුරු ගැබඅලුත් රළ රැළි එවාඅලුත් ආදරයකින්වෙරළ දෙකොපුල සිඹියි.නොයෙක විසකටු අතරනොපැරදුණු බිම් මලත්තුටු කඳුළු වැසි මැදින්අලුත් ලෝකය දකී... ...
නුඹ! Hudekalakaluwara හිරු බැසගියමගේ දිවියටසඳක් වෙලා නුඹ පිපුණාඅවුල්ව ගියමගේ මනසේසිල් පදයක් සේ උන්නා...නෙත කඳුලක්නොසැලෙන්නටමගේ තනියට නුඹ උන්නාහැම හුස්මකනුඹ ඉඳිද්දීඅත්වැල නුඹබව සිතුනා.දාල යන්නබැරි තරමටනුඹෙ සෙනෙහසමට දුන්නානුඹ රිදවූබව සිතිලාමගෙ සිතහොඳටම රිදුනා. ...