ගැඹුර Hudekalakaluwara අහස් කුස නිල් පැහැයහොරෙන් ගෙන හිනැහුනත්දුටු දුටුව සිත් සතන්සිසිලසින් නැහැවුවත්නිමා නොවන නෙත් කැළුම්මොහොතකට නැවැතුවත්මන බඳින නිසල දියගැඹුරුයිලු බොහොමත් ...
අලුත් වැස්ස Hudekalakaluwara අලුතින් ම නම් තැබූඅලුත් කවි සිඟිත්තක්හීනයෙන් හිනැහෙමින්තොටිලි යහනේ නිදයි.ඉර හඳ ද තාරකාගහ කොළ ද සපිරිවරඅලුත් මිණි'බරණ හැඳඅලුත් රැස් කිරණ දෙයි.නිලන වෑ තල සමඟදිය ඇලි ද ඇළ දොළ දඅලුත් දියවර පුරාඅලුත් සිසිලසක් බෙදයි.ගැඹුරු මහ සයුරු ගැබඅලුත් රළ රැළි එවාඅලුත් ආදරයකින්වෙරළ දෙකොපුල සිඹියි.නොයෙක විසකටු අතරනොපැරදුණු බිම් මලත්තුටු කඳුළු වැසි මැදින්අලුත් ලෝකය දකී... ...
නුඹ! Hudekalakaluwara හිරු බැසගියමගේ දිවියටසඳක් වෙලා නුඹ පිපුණාඅවුල්ව ගියමගේ මනසේසිල් පදයක් සේ උන්නා...නෙත කඳුලක්නොසැලෙන්නටමගේ තනියට නුඹ උන්නාහැම හුස්මකනුඹ ඉඳිද්දීඅත්වැල නුඹබව සිතුනා.දාල යන්නබැරි තරමටනුඹෙ සෙනෙහසමට දුන්නානුඹ රිදවූබව සිතිලාමගෙ සිතහොඳටම රිදුනා. ...
අහිමි සෙනෙහස Hudekalakaluwara විසල් මහ අහස් ගැබ තරම් තුබුණද සිතේකියාගන්නට බැරි සෙනෙහසකින් කිමද ඇති පලේහඬන සිතුවිලි රැහැන් නිසසලව හද ගැබේකඳුළු බිඳුවක් වෙලා නෙත් ඉවුරු ළඟ රැඳේ...පබළු මුතු වැනි අකුරුඅමුණලා පෙම් හසුන්නොලීවද දකින්නෙමි.පෙම නුඹේ නුවනගින්හදවතම කැළඹුනා ඒ සුවඳවත් බවින්නිමාවිය වසන්තයහදට රිද්මය සොයන්ආදරය ලබන්නටනොමැතිකම් හිමිකමක් පැතුම් මල් පාව යනවළාකුළු සිහිනයන්නොමැත පෙම් තරම් මටලබන තව සැනසුමක්කුමට ලත්වෙම්ද තවඅහිමි බව දැන දැනත්... ...
ආදරණීය ටයි මාමේ.... Hudekalakaluwara මම පොඩි කාලේ ඔබතුමා නිර්මාණය කරපු කාටුන් බොහොම ආසාවෙන් බැලුවා... පොඩි කාලෙ අපිට තිබ්බේ අමුතු හීන... ඒ හීන වලට නවමු අරුතක් දෙන්න ඔබතුමා ගේ නිර්මාණ මනා පිටිවහලක් වුනා... " හා හා හරි හාවා", "පිස්සු පූසා", "දොස්තර හොඳ හිත" වගේ කාටුන් මගේ ජීවිත කාලෙ පුරවටම මගේ හිතේ රැදෙවී... ඔබතුමා අපෙන් වෙන්ව ගියත් ඔබතුමා අපෙ මේ පුංචි රටට දායද කරපු නිර්මාණ කාවදාවත් ...
සිහිනයක් වූ ජීවිතය Hudekalakaluwara මිහිකත අඳුරේ ගිල්ලවමින්හිරු සඳු හිසින් සැඟව යනනිශා යහන් තලා අද්දර....සිහිනයක් වී ඉන්න.ආදරෙයි ඒ සිහිනයට හැමදාමත් මම....අඳුරු ඒ යහන් ගැබඅද්දරට ගුලි වෙලා...නිශා කුමරිය සමඟදකින ඒ සිහින වැලබොඳ නොවේ නම් කෙදිනඅඳුරු ඒ සොඳුරු රැය හ්ම්ම්ම්ම්ම්ම්ම්......කොයි තරම් සුන්දර ද?ඒත්... ඒ සොඳුරු රැයනිමා කර නැඟෙන හිරුගෙන්දගම් මිහිතලය ඉරි තලා බිඳින විටනොහඬන්න ඉකි ගසා...එයයි අප ජීවිතේසොඳුරුතම යහන් ගැබ....! ...
සොඳුරු සිහින... Hudekalakaluwara තිබේ නම් මටදෙව්ලොව විසිතුරු සළුපිළිවැඩ දැමුණු රනින් රිදියෙන්අඳුරෙත් එළියෙත් මඳ අඳුරෙත්අළු හා අඳුරු පැහැයෙන් පවා බබළවනමම ඔබ දෙපා මුලඑවන් සළු අතුරමි.. නමුත් දිළිඳු මට ඇත්තේසොඳුරු සිහින පමණි.මම ඒ සිහින ඔබ දෙපාමුලඅතුරා ඇත්තෙමි...සෙමෙන් පිය නඟා එන්න.මන්ද???????? ඔබ පා නඟන්නේමා සිහින මත බැවිනි. ...
ඔබ මා අමතයි.... Hudekalakaluwara ඔබ නොදොඩයි නම්මම මගේ හදවතඔබේ නිහඬතාවයෙන් පුරවා ගනිමි.මට එය දරා ගත හැක.මම සන්සුන් වෙමි.තරු නිදිමරන රාත්‍රිය මෙන්සන්සුන්ව බලා ඉඳිමි.ඉවසීමෙන්හිස බිමට නැඹුරු වන තෙක්බලා හිඳිමි.ළා හිරු නිසැකවම උදා වේවි.ඝන අන්ධකාරය එසැනින් දුරු වේවි.එවිට දුර ඈත ගගන තලේ සිටඔබේ හඬරන් දිය රැළි වෙත ගලා ඒවි.ඔබේ මිහිරි තෙපුල්පියාපත් ලැබමගේ දෙසවන් නම්විහඟ කැදැලි තුළසදාකල් ගීතයක් වේවි.ඒ ස්වරයවන අරණේපිපි සෑම කුසුමක් තුළමසුවඳ පොදක් තවරාවී..... ...
මනුෂ්‍යයකු උවමනාය.... Hudekalakaluwara නිවැරදි හෝඩුවාවක් දැනුම්දෙන්නෙකු වෙත දිවි ඇතිතාක් හෘදයාංගමව ණයගැති වන්නෙමි.තැන සොයා ගෙන පැමිණ හමුවන්නෙමි.....මනුෂ්‍යයකු උවමනායඋගත් ද නූගත් ද යන වගපොහොසත් ද දුප්පත් ද යන වගසුරූපී ද විරූපී ද යන වගලාබාලද වැඩිමල් ද යන වගගැහැණියද පිරිමියාද යන වගසහ තරාතිරමතුට්ටුවට සලකනු ලැබේ....දුෂ්ටයකු කුහකයකු දුබලයකුමෝඩයකු පිස්සෙකු හෝ නෝවැදගතෙකු නම් වඩාත් සුදුසු ය,මන්ද යත් මා ද එබඳු බැවිනි.එහෙත් තමන් එබඳු බව අවංකවම දන්නා අයෙකු විය ...
සිතුවිලි.... Hudekalakaluwara අන්‍යයන්ගේ කරුණාව, අ වංක කම, පරිත්‍යාගය, නිහතමානී කම හා ඉවසීම යනා දී ගුණවත් කම් නිසා ඔබට ලැබී ඇති ප්රයෝජනයන් ඔබට අගයක් නැත්නම් සතුට භුක්ති විඳීමේ හැකියාව ඔබට කෙදිනකවත් හිමි නොවේ. ලැබෙන සහ ලැබී ඇති දේ වල අගය ඔබ නොදකින්නේ නම්, ඔබට මුළු ලොවම හිමි වුවත් සතුට හිමි නොවේ. ඔබගේ ආත්මය නීරස ය. සිත අශෝභනය. උන්නතිකාමී වේදනාවන්ගෙන් ඔබ සඳහටම දුක් විඳින්නෙහි ...
දෙබසක් සහ පැනයක් Hudekalakaluwara "මම සිද්ධාර්ථ ගෞතම... ඔබ???""එම්මානුවෙල්! ජේසු කියලත් කියනවා.""මා රජ සැප අත හැරල ආව.""මා දේවත්වයෙන් බැහැල ආවා..""මා ගියේ කණ්ඨක අස්සයා පිටේ..""මා කොටළුව පිටේ...""එතෙර වුණා, මා නේරංජනා නදියෙන්""මා ජොර්දාන් ගඟෙන්""මා අත්ථඛිල මාතානුයෝග කළා""මා උන්නා පාළුකරයේ""අග සව්වන් මගෙ, සැරියුත්, මුගලන්""මගෙ, පේදුරු, ජුවාම්""එදිරිකාරය දෙව්දත්.""මිත්‍රද්‍රෝහියා ජුදාස්""වෛරයෙන් වෛරය නොසංසිඳේ...""සතුරාට ද ප්‍රේම කරන්න...""අප ගෙවන්නේ කර්මය.""අප දේව සැලැස්ම..""මා දුන්න අටලෝ දහම""අපේ දස පනත.""විනය, සූත්‍ර, අභිධර්ම""අපේ පැරණි ගිවි
සිතීමේ මානව නිදහස Hudekalakaluwara ඔබගේ මතවාදයන් විශ්වාසයන් හා රුචි අරුචිකම්මවෙත කාවද්දන්නට වෑයම් නොකරන්න.ඔබ පවසන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට එය මට බාධාවක් විය හැකි බැවිනි.එහෙත්, ඔබගේ මතවාදයන් හා ඇදහීම් හා රුචි අරුචිකම් මවෙත හෙළි කරන්න. ඔබ සහඔබ සහ ඔබ පවසන දේ තේරුම් ගැනීමට මා කැමති බැවිනි.තමාට කැමති මතයන් හා විශ්වාසයන් හාදැරීමට පුද්ගලයෙකුට හිමි විය යුතු මානව අයිතියට මම ඉතා ගරු කරමි. එම නිදහස ඔබ උපරිමලෙස ...
ආරම්භය! Hudekalakaluwara දහවල මෙන්ම රාත්‍රිය ද දිගු වූ කල රාත්‍රියේ හිමිකරු ඔබ ය.ඔබ ජීවිතය ගැන තෘප්තිමත් වූ දින ඔබ ජීවිතයෙන් සමු ගන්න.ඔබේ සිතුවිලි ගසා යාමට ඉඩ නොදෙන්න.සැවොම අඬයි. සැවොම විඳවයි.ඒත් සමහර විට,සමහර විට සියලු දේ සාවද්‍යයයි.සැවොම විඳවයි. මිතුරන් සොයා යන්න.සැවොම විඳවයි. දෑත් දිගු නොකරන්න.ඔබ තනි වී ඇත්දැයි සිතේ ද?ඒත් එය එසේ නොවේ. ...
තෙත බරිතයි Hudekalakaluwara තෙත බරිතයි........රාත්‍රිය තෙත බරිතයි..මගෙ සිහින තෙත බරිතයි..අපේ වදන් තෙත බරිතයි..මගේ තෙමුණු ඇස් තවත් තෙමෙයි.මගේ සිහින සෙවණැලි නෙත් මත කඩා හැලේ........මොහොතක දී මා සිනා ගන්වයි....මොහොතක දී මා හඬවයි....එහෙත් මන්ද මේ හිස් බවක්?මේ කිනම් ජිවිතයක් ද කියා කිසිවෙකු නොදනී.මෙය අවසන් නොවූ කථාවකී....කුණාටු අවදි වන මොහොතේ,කුණාටු නිදියන මොහොතේ,ඔබේ නුවන් හැඬුවා සේ පෙනේ.......දෙවියන් උරණ වෙලා........සියලු දේ නැති වෙලා......ජීවිතය අර්ථ විරහිතයි... ...
විවෘත කර ගැනීමට අපමණ දොරටු ඇත. Hudekalakaluwara බුද්ධිමත්ව කල්පනා කිරීම නම්, නිර්මාණශීලීව සිතීමයි. එසේ කල්පනා කිරීමෙන් ජීවීතයේ සාර්ථක භාවය මත, ජීවිතය හසුරුවා ගැනීමේ ස්වාමියා ඔබ බවත්, කෙතරම් අමාරු වුවත් එය සත්‍යයක් බවත් ඔබට වැටහෙයි. බුද්ධිමත්ව කල්පනා කිරීමෙන් ඔබේ මනස පිරිසිදු වෙයි. පැහැදිලි වෙයි. සිත නිදහස් වෙයි. ජීවිතය උපරිම සාර්ථකත්වයකට පත් වෙයි.ඔබේ මනසට ඉදිරිපත් වන වැදගත් අදහස් ලියා තැබීම පුරුද්දක් කර ගන්න. සිතීමෙන් හා පොත පත කියවීමෙන් ඔබට ...