තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු! හතර වටේ ඔබ විධායක ශ්‍රේණියේ රැකියාවක හෝ ව්‍යාපාරික ක්ෂේත්රයේ නිරත අයෙක් නම්, බොහෝ විට තරු පංතියේ හෝටල්වල භෝජන සංග්‍රහ වලට ආරාධනා ලැබෙනවා. කුමක් හෝ විශේෂ දවසක, පවුලේ අය සමඟ මෙවැනි හෝටලයකින් ආහාර ගන්නා අයත් ඕනෑ තරම් ඉන්නවා. ඒසේත් නැත්නම් අඩුම තරමින් හිතවතෙකුගේ විවාහ උත්සවයකදීවත් ඔබ තරු පංතියේ හෝටලයකින් ආහාර ගන්න ඇති. ඔබ දන්නවාද.. එවැනි හෝටල්වල, ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ පිලිගත් සම්ප්‍රදායන් තිබෙන ...
රජෙකුගේ දවසක් හතර වටේ පුරාණ ලංකාවේ රජෙකුගේ දෛනික කාලසටහන මොන ආකාර වන්නට ඇත්ද? ඒ පිලිබඳ කරුණු සොයාබැලීමේදී "කඳවුරු සිරිත" නම් අපූරු ග්රන්ථයක් හමුවෙනවා. එම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ II වන පරාක්‍රමබාහු රජතුමාගේ දින චරියාවයි. II වන පරාක්‍රමබාහු යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන නමක්. දඹදෙනිය රාජධානිය කරගනිමින්, ක්‍රි.ව. 1236 සිට ක්‍රි.ව. 1270 දක්වා වසර 34ක් රජකම් කල මෙතුමා තම පාලනකාලය තුලදී කාලිංගමාඝ, චන්ද්‍රභානු වැන්නන්ගේ විදේශ ...
මනුස්සකම හතර වටේ මාතෘකාව 'මනුස්සකම' වුවත් මේ ලිපිය වෙනත් දෙයක් ගැනයි. එසේනම් මේවගේ මාතෘකාවක් දැම්මේ ඇයි? ඔබේ අවබෝධ ශක්තිය හොඳ නම් ලිපිය අවසානයේ එයට උත්තරයක් ලැබේවි. ඔබ ජීවිතයේ ඕනෑතරම් දේ පරිත්‍යාග කරල ඇති. ඒ පිනෙන් ඔබ නොයෙක් ලෞකික සැප බලාපොරොත්තු වෙන්න ඇති. එසේ නම් ඔබ කර ඇත්තේ සැබෑ පරිත්‍යාගයක් නොවේ. පරිත්‍යාගය නොඑසේනම්, දානය යනු අත්හැරීමයි. සැබෑ දානයක් අර්ථගැන්වෙන්නේ ධාර්මිකව උපයාගත් දෙයක්, අත්හැරීමේ චේතනාවෙන් ...
සැබෑ වූ සිහින හතර වටේ අද පලකරන්නේ මට ලැබුනු ඊමේල් පණිවිඩයක්. කාලීන වැදගත්කමක් තියෙන නිසා ඒක ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා. මේක පොතකින් උපුටාගෙන තියෙන්නේ. නමුත් පොතේ කතෘ හෝ චිත්‍ර ශිල්පියා කවුදැයි සොයාගන්න බැරිවුනා.බුදුන් දවස, කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දිනක් මහා බියකරු හීන 16ක් දකිනවා. පසු දින වහාම සිය උපදේශක බමුණන් කැඳවන රජතුමා ඒ සිහිනවල පලාඵල විමසනවා. බමුණන්ගේ මතය වන්නේ මෙය ...
අයියණ්ඩි, බිය නොවන්න. මැරෙනහැටි මම පෙන්වන්නම්! හතර වටේ 1815 මාර්තු 2 වෙනි දින ඇතිකරගත් උඩරට ගිවිසුමෙන් ලංකාව පූර්ණ යටත්විජිතයක් වූ බව අප හොඳින් දන්නා කාරණයක්. මෙසේ ඉංග්‍රීසීන්ට කන්ද උඩරට යටත් කරගැනීම පහසු කරවූ විවිධ කාරණා තිබුනා. උඩරට රදලයන්ගේ සහ සිංහලයන්ගේ සහයෝගය ලැබීම එහිදී ඉංග්‍රීසීන්ට මහත් වාසියක් වුනා. එය එසේ වූයේ ඇයි? ඊට බලපෑ බහුවිධ කාරණා අතුරින් එකක් වන්නේ ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන්ට ලබාදුන් කෲර දඬුවමයි. එය රජු කෙරෙහි ...
මම කැමතිම ගී 20 හතර වටේ එක්තරා ගුවන් විදුලි නාලිකාවක මීට කලකට පෙර මම ආසාවෙන් අහපු වැඩසටහනක් තිබුනා. "මම කැමතිම ගී 10". රටේ ප්‍රසිද්ධ චරිත තමන් අහන්න කැමතිම ගීත 10ක් රුචිකත්වයේ ආරෝහණ පිලිවෙලට විකාශනය කරනවා. තාමත් ඒ වැඩසටහන විකාශනය වුනත්, කාර්ය්යබහුලත්වය නිසා ලඟදිනම් ඇහුවේ නෑ. අද ලිපියෙ තියෙන්නෙ මම අහන්න කැමතිම ගීත. ගීත 10ක් වෙනුවට මම 20ක්ම තෝරනවා. කියවා බලන්න. මගේ රුචිකත්වය ඔබේ රුචිකත්වයෙන් අපගමණය වන්නේ ...
ගණිත විනෝදේ හතර වටේ අද ලිපිය මා ලියන්නේ පාසැල්යන කුඩා දරුවන් වෙනුවෙන්. මුලින්ම කිවයුත්තේ මෙය ගණිත පාඩමක් නොවන බවයි. ගණිතය යනු කුමක්ද යන්නත්, ගණිතය පිලිබඳ පාසැල් සිසුන්ගේ ආකල්පය ගැනත් මා දකින ආකාරය පහත ප්‍රකාශ කෙරේ. ඔයා පාසැලේ කැමතිම විශය මොකක්ද? අකමැතිම විශය මොකක්ද? කියා ඇසුවොත් බහුතරයක් දරුවන් ඔය දෙකෙන් එකකට දෙන පිලිතුර තමයි, "ගණිතය". ගණිතය සමහරුන්ට කැමතිම විශය වද්දී තවත් අයෙකුට අකමැතිම විශය වන්නේ ...
සුන්දර නුවරඑළිය හතර වටේ ඉකුත් සතිඅන්තයේ මට නුවරඑළියේ සංචාරය කිරීමට අවස්ථාව ලැබුනා. මේ එම සංචාරය තුලින් මම සොයාගත් තොරතුරු කීපයක්. මුහුදු මට්ටමේ සිට අඩි6128ක් උස නුවරඑළිය නගරය 19වන සියවසේදී 'සැමුවෙල් බේකර්' විසින් සොයාගත්තායැයි සැලකෙනවා. රාම රාවණා කථාපුවතට අනුව හනුමා විසින් ගිනිතබා ඇත්තේ නුවරඑළියයි. ඒ ගින්නෙන් හටගත් ආලෝකය නිසා 'නුවර' + 'එළිය' යන පද සන්ධිවීමෙන් 'නුවරඑළිය' සෑදුනු බවයි ජනප්රවාදයේ පැවසෙන්නේ. නුවරඑළිය හා ඒ අවට වැදගත් ...
ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මහාමාර්ග හතර වටේ උපුටා ගැනීම - wikipedia.orgHighways Highway NumberRouteLength-km A0Colpity-Sri Jayawardenapura07 A1Colombo-Kandy115 A2Colombo-Wellawaya317 A3Peliyagoda-Puttalam126 A4Colombo-Batticaloa430 A5Peradeniya-Chenkalady276 A6Ambepussa-Trincomalee199 A7Avissawella-Nuwara Eliya119 A8Panadura-Ratnapura68 A9Kandy-Jaffna321 A10Katugastota-Puttalam125 A11Maradankadawala-Trikandimadu129 A12Puttalam-Trincomalee177 A13Galkulama-Anuradhapura17 A14Medawachchiya-Talaimannar114 A15Batticaloa-Trincomalee131 A16Beragala-Hali Ela
නූතන සිංහල ටෙලිනාට්‍ය ගැන මගේ අදහස හතර වටේ මම ටෙලිනාට්‍ය ලෝලියෙකු නොවෙමි. අහබු ලෙස දුටු ටෙලිනාට්‍ය කොටස් වලින් ගොඩනඟාගත්, ලාංකේය ටෙලිනාට්‍ය කලාව ගැන මාගේ අදහස මෙසේය. මා කුඩාකල ආශාවෙන් නැරඹූ අඹයාළුවෝ, පලිඟුමැණිකේ, චරිත තුනක්, යශෝරාවය, කඩුල්ල, ඇල්ල ලඟ වලව්ව, දඩුබස්නාමානය වැනි ටෙලිනාට්‍ය අද දක්නට නැත. ඒ වෙනුවට අද නිෂ්පාදනයවන බහුතරයක් ටෙලිනාට්‍ය වලට පාදක වන්නේ, බොලඳ ආදර කතාවක් වටා ගෙතුනු බාල නවකතාවකි. මෙහි තේමාව බොහෝවිට තුන්කොන් හෝ සිව්කොන් ආදරයකි. ...
දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය හා හින්දු දෙවිවරු - 2 හතර වටේ --පළමු ලිපිය හා සම්බන්ධයි.-- ශිව දෙවි ගවයා වාහනය කරගත් ශිව දෙවියන්ට "ගංගා" සහ "පාර්වතී" නම් වූ බිරියන් දෙදෙනෙකු සිටි බව සඳහන්වේ. සරස්වතී දැක්මට අධිපති ලෙස සැලකෙන සරස්වතී දෙවඟනගේ වාහනය හංසයාය. කලා කටයුතු වලදී පෙරමුනට ගන්නා දෙවඟනකි. සරස්වතී දෙවඟනට මවක් නොමැති අතර බ්‍රහ්ම විසින් මවනා ලදැයි සැලකේ. තවත් මතයකින් කියවෙන්නේ, බ්‍රහ්ම විසින් මැවූ අගස්ති නම් ඍතිවරයෙකු විසින් සරස්වතිය මවන ලද ...
දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය හා හින්දු දෙවිවරු - 1 හතර වටේ ලොව පවතින ආගම් ප්‍රධාන වර්ග 2කට බෙදා දැක්විය හැක. 1) මානව කේන්ද්‍රිය ආගම් [සත්වයාගේ විමුක්තිය තමා තුලම පවතින බව පැවසෙන ආගම්] 2) දේව කේන්ද්‍රිය ආගම් [සත්වයාට විමුක්තිය ලබිය හැක්කේ දෙවියෙකුගෙන් බව පැවසෙන ආගම්] බුද්ධාගම මානව කේන්ද්‍රිය ආගමකි. ලොව අනිකුත් ප්‍රධාන ආගම් වන ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආදිය දේව කේන්ද්‍රිය ආගම් ලෙස දැක්විය හැක. හේතුඵල වාදය පදනම් කරගත් බුද්ධාගමේ විමුක්තිය ලබාගැනීම සදහා ...
ඇල්බට් අයින්ස්ටයින් හතර වටේ පාසල් යන අවදියේ මා ආසාවෙන් කියවූ පොතක් විය. ක්වොන්ටම් භෞතික විද්‍යාව පිලිබඳ ලියවුනු එහි කාලය නමැති සිවුවන මානයක් පිලිබඳ අදහසක් විය. ලොව පවතින උපරිම වේගය 3x108 ms-1 ක් වූ නියත අගයක් බවත්, සෛද්ධාන්තිකව ගත්කල එම වේගයෙන් යන පදාර්ථයේ ස්කන්ධය හා කාලය ශූන්‍ය විය යුතු බවත් මා කියවූ අයුරු මතකය. ආලෝකයේ ප්‍රවේගයෙන් යන වස්තුවක කාලය නොගෙවෙන බව මා එදා කියවූයේ සුරංගනා ...