මන්නාරම් පිටි වැල්ලේ... මදටිය වැල් ඔංචිල්ලේ.... හතර වටේ අවුරුද්දකට අධික විරාමයකින් පස්සෙ ඔන්න මම අදත් ආවා සුපිරි සංචාරක අත්දැකීමක් එක්ක. අද අපි යන්නෙ මන්නාරමට. මන්නාරම කිව්වම ගොඩක් දෙනෙක්ගෙ හිතේ ඇඳෙන්නෙ දැඩි අව්-රශ්මිය සහ වියලි කලාපයට උරුම කර්කශ පරිසරයක්. ඒත් අපි ගිය දවසේ ඉතා සෞම්‍ය කාලගුණයක් මන්නාරම් දූපතේ පැවතියා. එය සිතට මෙන්ම ගතටත් එක් කලේ ප්‍රබෝධමත් හැඟීමක්! මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලේකොණ්ඩෙ කඩන් හඳට අඬන් සිංදු කියන්නේකුණ්ඩුමණී....එන්න මාත් ...
හිත මිතුරු සුලඟ ලග එන වැහි වලාවට කියන්... හතර වටේ ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට සුදුසු කාලය ගැන ලිපියක් ලියන්නැයි මගේ බ්ලොග් පාඨකයින් බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා. ඉතින් අද මම සූදානම් වෙන්නේ ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්න. ලංකාව කියන්නේ සංචාරක පාරාදීසයක්. ඒත් රටේ ඕනෑම පලාතක ඕනෑම වේලාවක සංචාරය කිරීමට සුදුසු පරිසරයක් අපට නෑ. ඒ අපේ රටට නිතර බලපාන අධික වර්ෂාව නිසා. එසේ නම් ඒ ඒ ප්‍රදේශ වල සංචාරය කිරීමට සුදුසු කාලය ...
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ හතර වටේ කලබලකාරී නාගරික පරිසරයෙන් මිදිල අද අපි යනවා යක්ෂයින්ගේ අඩවියට. තව විදියකින් කියනව නම්, ලංකාවේ ලස්සනම පරිසර පද්ධතියක් පසුකරමින් මහියංගනයට. මහනුවර-පදියතලාව මාර්ගය ඔස්සේ මහනුවර ඉඳන් මහියංගනයට කි.මී. 75ක පමණ දුරක් තියෙනවා. ඒ අතරතුර හමුවෙන මොරගහමුල නගරයෙන් හැරිල කි.මී.10ක් ගිය තැන තමයි අපේ පලවෙනි නැරඹුම්පොල හමුවෙන්නෙ.වික්ටෝරියා වේල්ල! ලංකාවේ උසම වේල්ල. එමෙන්ම රටේ විශාලතම ජලවිදුලි බලාගාරය ඉදිවන්නේ වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව. ඒ මෙගාවොට් 210ක ...
පොල් රුප්පාවෙන් තල් රුප්පාවට හතර වටේ අවුරුදු තිස්ගානක ජීවිතකාලය තුල අනුරාධපුරයෙන් උතුරට ගමන් කරන පලවෙනි අවස්ථාව. ජීවිතයේ විශාල අඩුවක්ව තිබූ දෙයක් පිරවීමට තැත්කරන සේයාවක් මට දැනෙන්න ගත්තා. යාපනය! මම එනවා! ඒ තනියම නෙවෙයි. මගේ බ්ලොග් පාඨක ඔබ සැමදෙනා එක්කයි. උදෑසනම කොළඹින් පිටත් වූ අපි උදෑසන 8 පමණ වනවිට අනුරාධපුරයට සේන්දු උනා. එතැනින් මැදවච්චිය හරහා වවුනියාවට පැමිණි අපිට පරිසරයේ සිදුවන වෙනස්කම් හොඳින් දැනෙන්නට උනා. අව්වට වියලුනු ...
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා හතර වටේ දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධාපේවී රකිති සොඳ සීලේ නිබන්දා//ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//රහතුන් නිවසනා පායා ප්‍රකාශේ// සිංහල ගීත සාහිත්‍යයේ බිහිවුනු විශිෂ්ටතම පුර වැයුම ආරම්භවන්නේ එහෙමයි. ඍද්ධියෙන් යන රහතුන් සිටි, ඕලු, නෙළුම්, මානෙල් ආදියෙන් පිරුණු, සේරුන් පීනන පොකුණුවලින් සමන්විත වූ අනුරාධපුරය ජෝන් ද සිල්වා ශූරීන් විසින් මිහි පිට දෙව්ලොවකට උපමා කරනවා. යමු මාත් එක්ක ඒ දෙව් ලොවේ සංචාරය කරන්න.[සැ. යු: ...
සිලි සිලි සීතල ඇල්ලේ.... හතර වටේ අද මම ඔබව එක්කගෙන යන්නේ සීතල පලාතකට... ඇල්ල! බණ්ඩාරවෙල සංචාරය ගැන ලියවුනු "මීදුම මැදින් බණ්ඩාරවෙල යමුද?" ලිපිය ඔයගොල්ලොන්ට මතක ඇති. මේ සංචාරයේ අරමුණ වුනේ එදා යන්නට නොහැකිවුන තැන් සොයායාම. ඉතින් මේ බණ්ඩාරවෙල සංචාරයේ දෙවෙනි කොටස කියල හැඳින්වුවත් වරදක් නෑ.බණ්ඩාරවෙල ඉඳන් බදුල්ල පාරේ කි. මී. 8.6ක් ආ තැන කුඹල්වෙල හන්දිය මුනගැහෙනවා. වැල්ලවාය දක්වා දිවෙන A23 මාර්ගය පටන්ගන්නේ මෙතනින්. මෙම මාර්ගයේ කි. ...
සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය හතර වටේ පේරාදෙණිය, හග්ගල සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි ලංකාවේ උද්භිද උද්‍යාන ගොන්නට එකතුවුනු අලුත්ම උද්‍යානය ගැනයි අද කතාකරන්නේ...සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය!මෙය පිහිටල තියෙන්නෙ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ. හරියටම කියනව නම් හෝමාගම ඉඳන් කි. මී. 30ක දුරක් A4 මාර්ගයේ එන ඔබට පුවක්පිටිය දුම්රියපොල හමුවෙනවා. එතැනින් දකුණට හැරී තුම්මෝදර පාරේ කි. මී 6ක් පමණ එනවිට මේ උද්‍යානය දකින්න පුලුවන්. අවිස්සාවේල්ල සිට ඇත්තේ කි. මී ...
සැඟවුනු උමඟක් සොයා ගිය ගමනක්! හතර වටේ කාලෙකට පස්සෙ හමුවෙලා අද මම හිතුවා ඔයගොල්ලන්ව මහනුවර ප්‍රදේශයට එක්කගෙන යන්න. මහනුවර කිව්වම ගොඩක් දෙනෙකුට මතක් වෙන්නෙ දළදා මාලිගාව. එහෙම නැත්නම් පේරාදෙණිය මල්වත්ත. තවත් අය පිළිමතලාවෙන් හැරිල ගඩලාදෙණිය, ලංකාතිලකය, ඇම්බැක්කේ දේවාලය යන සිද්ධස්ථාන ත්‍රිත්වය වන්දනා කරනවා. මේ හැරුනාම සාපේක්ෂව ගත්කල අඩු සංචාරක ආකර්ශණයක් ලැබෙන තැනක් ගැන අද මම කතා කරන්න හිතුවා. ඒ තමයි දෙගල්දොරුව විහාරය. දෙගල්දොරුව විහාරය ගැන බ්ලොග් ලිපියක් ...
ලංකාවේ හරි මැද සොයා යමු! හතර වටේ මම මෙතෙක් ලියපු චාරිකා සටහන් වලට මගේ බ්ලොග් රසිකයන්ගෙන් ඉහල ප්‍රතිචාර ලැබුනා. විශේෂයෙන්ම බණ්ඩාරවෙල, අනුරාධපුර, මාතර, කතරගම, නුවරඑළිය වගේ චාරිකා සටහන් වලට. ඉතින් මම අදත් ඔයගොල්ලන්ව එක්ක යනවා සුන්දර මාතලේ පුරවරයේ සංචාරයකට!කොළඹ සිට මාතලේට ලඟාවිය හැකි මාර්ග කීපයක්ම තියෙනවා. ඒ අතරින් අපි තෝරාගත්තේ පේරාදෙණිය-කටුගස්තොට හරහා මාර්ගයයි. A1 මාර්ගය ඔස්සේ පේරාදෙණිය හන්දියට ගමන් කල අපි එතැනින් ගන්නොරුව පාරට හැරී එතැනින් ගොහාගොඩ ...
අටවිසි බුදුවරු පිටදුන් බෝධී හතර වටේ අප ගෞතම බුදුරජාණන්වහන්සේ බුදුවරුන් තුන් නමකගෙන් අනියත විවරණත් (*) තවත් බුදුවරුන් විසිහතර දෙනෙකුගෙන් නියත විවරණත් (**) ලැබූ බව ඔබ දන්නවා ඇති. එසේ විවරණ දුන් බුදුවරුන් ගැනත් උන්වහන්සේලාට බුදුවීමට සෙවන දුන් වෘක්ෂ ගැනත් අද ලිපියෙන් සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.ඔබේ දැනගැනීම සඳහා අතුරු කාරණා දෙකක් සඳහන් කරන්නම්.1) මෙතෙක් පහල වූ බුදුවරුන් ගණන සංඛ්‍යාවකින් දැක්විය නොහැකි තරම් අප්‍රමාණ බව බුද්ධ දේශනාවේ සඳහන්වෙනවා. ...
ටේලර් සාප්පුව ගිනිගනී හතර වටේ අද මම ඔබව ගෙනියනවා අවුරුදු 16 ක් අතීතයට. හරියටම දිනය කියනවනම්, 1996 මාර්තු 18 වැනි සඳුදා. ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත්තු දවසට පසු දිනය. එදා දිවයින පත්තරේ සිරස්තලය තමයි මේ. අර්ජුන රණතුංග පකිස්තානු අගමැති බෙනාසීර් බූතෝ අතින් ලෝක කුසලානය ලබාගන්නා අයුරු දැක්වෙන අපැහැදිලි ඡායාරූපයක් ඊට වම් පසින් මුද්‍රණය කර තිබුනා. සිරස්තලයට යටින් තිබුනේ ලංකා නායක අර්ජුන සහ උපනායක අරවින්දගේ ඡායාරූප ...
අවවාදයයි! ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැක. හතර වටේ ෆෝබියාව කියල කියන්නෙ යමකට තියෙන අධික සහ අසාමාන්‍ය බයට. ඒවගේම ෆෝබියාව කියන්නේ මානසික රෝග විශේෂයක්. ෆෝබියාව සාමාන්‍ය භීතියෙන් වෙනස් වන්නේ කෙසේද? එන්නතක් විදින්න කලින් එන්නත් කටුවක් දැක්කම බය හිතෙන එක සාමාන්‍යයි. නමුත්, ඒ හේතුවෙන් අතවශ්‍ය වෛද්යප්රතිකාර වලින් ඉවත්වී සිටී නම්, ඔබට ඇත්තේ ෆෝබියාවක් විය හැකියි. යමෙකුට ෆෝබියාව වැලඳීමට නිශ්චිත හා ස්ථිර හේතුවක් කියන්න බැහැ. නමුත් ෆෝබියාවට හේතුකාරක වියහැකි දේවල් ...
වසර 82 ක් පැරණි මුල්ම සිළුමිණ පුවත්පත හතර වටේ මට හම්බ උනා ගොඩක් වටින කෞතුක භාණ්ඩයක්! ඒ තමයි අවුරුදු 82ක් පරණ, ලංකාවේ මුල්ම සිළුමිණ පුවත්පත. ප්‍රකාශිත දිනය 1930 මාර්තු 30 වන ඉරිදා. පත්තරේ මිල ශත 10යි. අද මගේ ලිපියෙන් ගෙන එන්නෙ ඒ පුවත්පතින් උපුටා ගත් ලිපි හා ඡායාරූප කීපයක්. "බෞධ රටවල දෙකක් අතර යුධයක් ඇතිවන්ට යාමේ ලකුණු." පත්තරේ සිරස්තලේ තමයි ඒ. ලේක්හවුසියේ රාත්‍රීකාලයේ ගන්නා ලද ඡායාරූපයකුත් ඊට යටින් ...
ඔච්චම් කරයි ගැමිකම මගෙ සිත ඇතුලේ හතර වටේ මේ දවස්වල වල ගොඩක් දෙනෙක් 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය' ගැන කතා කරනව. ඕක ගැන හිත හිත ලියන්න දෙයක් නැතුව ඉන්නකොට මට හිතුනා කවි පංතියක් ලියල බලන්න. :) මම කවි කාරයෙක් නම් නෙවෙයි. විනෝදයට වගේ ලිව්වෙ. :) පාසැල් ගොසින් එන අතරේ වෙල අයිනේ මා දං ගහේ ගෙඩි පිරිලා බරට බරේ බඩකට පුරා දං කාලා රසට රසේ විගහට ගෙදර දිවුවා මම ...
මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය හතර වටේ නොදුටු ගැමි සුවඳ කාලෙකට පස්සෙ ලැබුනු නිවාඩුවේදී මාතර ප්‍රදේශයේ සංචාරය කරන්න මට සිතුනා. ඒ කාලෙකින් එහි ගියෙ නැති නිසා නොවේ. මගේ නෑයින් බහුතරයක් සිටින නිසාමත් නොවේ. මා අවංකවම ගැමි සුවඳට ප්‍රියකරන නිසාවෙන් සහ දකුණේ ආගන්තුක සත්කාරයට ප්‍රිය කරන නිසාවෙනි. කුඩා කාලයේ දෙමාපියන් එක්ක සිංහල අවුරුද්දට මාතර ගිය හැටි මට සිහිවේ. එදා මාතර වීදි වල ඉඳහිට හෝ බක්කි කරත්ත, ගොන් ...
සුන්දර අයිස්ලන්තය හතර වටේ යාලුවනේ... ඉතින් කොහොමද? ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න බැරිවීම ගැන කනගාටුව ප්‍රකාශකරනවා. 2012 කියන්නෙ මගේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් සිදුවෙච්ච සහ සිදුවෙමින් පවතින වසරක්. විශේෂයෙන්ම රැකියාව පැත්තෙන්. ඉතින් අලුත් ලිපියක් ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු උනා. කාලෙකට පස්සෙ ලැබුනු විවේකයේදී, මේ විදියේ තොරතුරු ටිකක් බෙදාගන්න හිතුවා... අයිස්ලන්තය ගැන. මුලින්ම අයිස්ලන්තය ලෝක සිතියමේ කොයි ඉසව්වක පිහිටල තියෙනවද කියල බලමු. අයිස්ලන්තය කියන්නේ වර්ග කිලෝමීටර් 103,000 ...
දැනගෙන ගියොත් කතරගම... නොදැන ගියොත් අතරමග! හතර වටේ ඉකුත් සතිඅන්තයේ මට කතරගම සංචාරය කිරීමට අවස්ථාව ලැබුනා. හදිස්සියේ යෙදුන ගමනක් නිසා ගොඩක් තැන්වල යන්නටවත් බොහෝ තොරතුරු රැස් කරන්නටවත් අවස්ථාවක් ලැබුනෙ නෑ. නමුත් ඒ කෙටි සංචාරයේ අත්දැකීම මගේ බ්ලොග් රසිකයන් අතර මේ විදියට බෙදාගන්න හිතුවා. කොලඹ ඉඳන් කතරගමට යා හැකි ප්‍රධාන මාර්ග 2ක් තියෙනවා. රත්නපුර හරහා 230km ක් පමණ වූ මේ මාර්ගයේ යන්නේ නම්, හොරණ හෝ අවිස්සාවේල්ල හරහා රත්නපුරයට පැමිණිය ...
යටත්විජිත සමයේ විමුක්ති අරගල හතර වටේ මෙම ලිපිය කියවන ඔබ වයස අවුරුදු 64 ඉක්මවා නැතැයි උපකල්පනය කලහොත්, ඔබත් මා මෙන්ම නිදහසින් පසු ඉපදී ඇත්තෙක්ය. යටත්විජිත්වාදයේ අත්දැකීම් ඔබටත් මටත් නැත. නමුත් මේ ලක් පොලව වසර 424 ක පමණ කාලයක් විවිධ ජාතීන්වල යටත් විජිතයක්ව පැවතිබව ඔබ අමතක කල යුතු නැත. වසර 153ක් පෘතුගීසීනුත් වසර 138ක් ලන්දේසීනුත් තවත් වසර 133ක් ඉංග්‍රීසීනුත් යටතේ ලංකාව පාලනය වී ඇත. එම සියවස් හතරකට ...
දිය කැපීමේ චාරිත්‍රය හතර වටේ අපේ ගමේ පංසලේ පෙරහැර මංගල්‍යය ගිය සතියේ තිබුනා. පංසලේ නම "පුලිනථලාරාමය". පිහිටල තියෙන්නෙ රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ. ඕනෑම පෙරහැර මංගල්‍යයක් අවසාන වෙන්නෙ දිය කැපීමේ චාරිත්‍රයෙන්. පෙරහැරට වගේම පෙරහැරට පසුදා උදේ දිය කැපීමේ චාරිත්‍රයටත් සහභාගීවීමේ දුර්ලභ අවස්ථාවක් මට හිමි වුනා. ඒ අවස්ථාවට අදාල ඡායාරූප කීපයක් ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා. චාරිත්‍රය සිදුකෙරුනේ බොල්ගොඩ වැවේ. මුලින්ම දේවාලයේ චාරිත්‍ර කීපයක් සිදුකරල, පෙරහැරකින් වැවට ...