හයිබ්‍රිඩ් සතුරා පැරදවීමට 06වැනිදා හයිඩ් එන්න-පූජ්‍ය දඹර අමිල හිමි Lanka hot news අධිරාජ්‍යවාදය, රටට විජාතික බලවේග කැඳවන ආණ්ඩුව ලෙසිනුත් ආණ්ඩුව නිර්මාණය කරන අර්බුදවල ගැලවුම්කරුවා ලෙසිනුත් ආකර දෙකකින් පෙනී සිටිමින් සිටින බවත් ඔවුන්ගේ කුමන්ත්‍රණ පරදා රටට වන විනාශය නතර කිරීම සඳහා පුළුල් ජනතා බලවේග ඒකරාශී විය යුතු බවත් අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.උන් වහන්සේ මෙම අදහස් පළකළේ 03 කොළඹ ජාතික පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් ...
මාතලේ සමූහ මිනී වල ගැන ජවිපෙ කතා කරයි - 88-89 ඝාතනයන්ට වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් ඉන්නවා... සාධාරණයක් ඉටුවේ යැයි අපි හිතන්නේ නැහැ Lanka hot news මාතලේ සමූහ ඝාතනයට මෙන්ම 1988 - 1989 ඝාතනයන්ට සෘජුව හා වක්‍රව වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් ඉන්නා බවත් ඝාතනය වූවන්ට මෙම ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටුවේ යැයි තමන් නොසිතන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක මහතා අද (05) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසීය.එහිදී ඒ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ. "ඉතා ...
සිරියාවට පහර දීමට ඊශ්‍රායලය සැරසේ - දේශසීමා ඉක්මවූ අරගලයකට සිරියාව සූදානමින් Lanka hot news හිස්බුල්ලා වරුන්ට යැවෙන බවට සැලකෙන අවි දුටුවොත් නැවත සිරියාවට පහර දෙන බව ඊශ්‍රායලය කියන අතර ඇමරිකාව කියන්නේ අන්තවාදීන් ගේ අතට අවි ලැබීම වැලැක්වීමට ඕනෑම සහයක් දෙන බවයි. සිරියානු ප්‍රදේශයේ හමුදා පර්යේෂණ මධ්‍යස්ථානයට පහර දීමෙන් පසු කලාපයේ ආතතිය වැඩි වී ඇත.ඊශ්‍රායෙල් ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊබ්‍රාහිම් කැම් කියා ඇත්තේ අවි ප්‍රවාහන වලට පහර දීමට තමන් සූදානම් බවත් ඊශ්‍රායලය තුන්වන ...
මට ආලෝකේ ගෙන දේවි සංසාරයේ ගීතයේ පද මාලාව සොරකම් කලයි ඉරාජ්ට කෝටියක් ඉල්ලා නඩු Lanka hot news "මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ" පැරණි ගීතයේ පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.එම ගීතය ලියා තිබෙන්නේ 1950 වසරේදී හර්බට් එම් සෙනවිරත්න මහතා විසිනි. නඩුව පවරා ඇත්තේ දැන් ගීතයේ දැන් හිමිකරුවන් වන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න විසිනි.පද රචකයාගේ අවසරයකින් ...
65 වන නිදහස් සමරුම මහ ඉහලින් ත්‍රීකුණාමලයේදී, ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂත් සම්බන්ධවේ. Lanka hot news 65 වන ජාතික නිදහස් දින උළෙල ත්‍රිකුණාමලය ෆෙඩ්රික් කොටුව මාවත පරිශ්‍රයේ දී අද (04) උදෑසන 09.22ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික ධජය එසවීමෙන් අනතුරු ව අභිමානවත් අයුරින් ආරම්භ විණි.මෙවර ජාතික දින උළෙලේ තේමාව වන්නේ 'අසිරිමත් මව්බිමක් - ඉසුරුමත් හෙට දිනක්' යන්නයි.උත්සව පරිශ්‍රයට පොලිස්පතිවරයාගේ හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාගේ සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ පැමිණීමෙන් පසු ව නැඟෙනහිර ...
මධ්‍යම-වයඹ පළාත් සභා විසිරුවා හැරීමට සූදානම්, මැතිවරණය අපේ‍්‍රල් අග හෝ මැයි මුල Lanka hot news මධ්‍යම සහ වයඹ පළාත් සභා විසුරුවා හැර මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මතුවන අාර්ථික අර්බුධ වලට අාණ්ඩුෙව් විසදුම ෙමවැනි කුඩා මැතිවරණ තැබීමයි.වාර්තා වන අකාරයට ඉදිරි සති කිහිපය ඇතුලත මෙම පළාත් සභා දෙක විසුරුවා හැර මැතිවරණය අපේ‍්‍රල් අග භාගයේ හෝ මැයි මස මුලදී පැවැත්වීමට ඉඩ ඇත.මෙම මැතිවරණයෙන් පසුව වසර අවසානයේදී තවත් පළාත් සභා තුනක් මැතිවරණය ...
අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය එළඹෙන 06වනදා පා ගමන් දෙකක් සහිත දැවැන්ත රැලියක් හයිඩ් පිටියේ සූදානම්කරයි Lanka hot news අධිරාජ්‍යවාදය, රටට විජාතික බලවේග කැඳවන ආණ්ඩුව ලෙසිනුත් ආණ්ඩුව නිර්මාණය කරන අර්බුදවල ගැලවුම්කරුවා ලෙසිනුත් ආකර දෙකකින් පෙනී සිටිමින් සිටින බවත් ඔවුන්ගේ කුමන්ත්‍රණ පරදා රටට වන විනාශය නතර කිරීම සඳහා පුළුල් ජනතා බලවේග ඒකරාශී විය යුතු බවත් අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති. උන් වහන්සේ මෙම අදහස් පළකළේ අද (03) කොළඹ ජාතික පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. ...
කියුබානු BTI බැක්ටීරියාව ගුවනින් ඉසීම කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් අරඹයි Lanka hot news නියාමන ව්‍යාපෘතියක් වශයෙන් ඩෙංගු මර්දනයේ දී බී.ටී.අයි. බැක්ටීරියාව ගුවනින් ඉසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.මීට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කර අවසන් කර තිබේ. එය ඉදිරි දින කීපය තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙම ව්‍යාපෘතිය සඳහා ලැබුණහොත් මාර්තු 15 දින කොළඹ නගර සභා බල ප්‍රදේශය, දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශය,කොලොන්නාව නුගේගොඩ යන ප්‍රදේශවලට ගුවනින් ...
මුස්ලිම් ජනතාවට එරෙහිව ප්රචණ්ඩත්වයක් මතුවුවත් ඊට එරෙහිව ආණ්ඩුවේ පියවර ප්‍රශංසනීයයි - මුස්ලිම් නායකයෝ කියති Lanka hot news ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ ඇතැම් බෞද්ධ සංවිධාන මගින් කලක් මුළුල්ලේ ගෙන යන ප්‍රචාරවලට ප්‍රතිචාරය පළ කිරීම පිණිස කොළඹ පැවති මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කැදවා තිබුණි. මුස්ලිම් ජනතාවට එරෙහිව රට තුලින් මතුවෙමින් තිබෙන ප්රචණ්ඩත්වය පාලනය කිරීම් වස් ආණ්ඩුව ගෙන තිබෙන පියවර පිළිබඳව සෑහීමකට පත්වන බව මෙහිදී මුස්ලිම් නායකයෝ අවදාරණය කලහ. අල් කයිඩා ...
ජාත්‍යන්තර නීතීඥයින්ගේ වීසා අවලංගු කරයි Lanka hot news ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සොයා බැලීම පිණිස ඉහල පෙළේ ජාත්‍යන්තර විනිශ්චයකරුවන් ඇතුළු දූත පිරිසක් (ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිළිබඳ ආයතනය (ඉබාරි)) පෙබරවාරි පළමු වැනි දින සිට දස වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතව තිබිණ.දූත පිරිසේ එක් සාමාජිකයෙකුට ජනවාරි වැනි දින වීසා බලපත් නිකුත් කළ ශ්‍රී ලංකා ආණ්ඩුව, අවසාන මොහොතේ එනම් පසුගිය ...
දේශසීමා අතර දිවෙන ගංගාවන්ගේ උපයෝජනය සම්බන්ධයෙන් වගකීමෙන් ක්‍රියාකරන බව චීනය කියයි Lanka hot news ඉන්දියාවත් අසල්වැසි තිබ්බතයත් අතර ජලය බෙදාහදා ගන්නා බ්‍රහ්ම පුත්‍ර (තිබ්බතයේදී යාලුන් සැංපෝ) ගංගාවේ අලුතින් ජල විදුලි බලාගාර 03ක් ඉදිකිරීමට චීනය සැලසුම් කරන බවට පළවුණු මාධ්‍ය වාර්තාවකට පසු තම රටේ ගංගා අයිතින් කෙරේ ගරු කරන ලෙස ඉන්දියාව පෙරේදා චීනයෙන් ඉල්ලා තිබේ.බ්‍රහ්මපුත්‍ර නදියේ සිදුවන වර්ධනයන්පිළිබඳව ඉන්දීය රජය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරමින් සිටින බව පවසන ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක සයිද් අක්බරුදින් ඉහළ නදී ප්‍රදේශවල ...
සමාජවාදය හැර වෙන කිසිම උත්තරයක් නැහැ - ටිල්වින් සිල්වා කියයි Lanka hot news වී.අයි. ලෙනින් මරණයට පත්වී දැනට වසර 89ක් ගෙවී හමාරය. ඒ වෙනුවෙන් ලෙනින සමරුවක් සමාජවාදී කම්කරු සංගමය විසින් පැවැත්වූ අතර එහි ප්‍රධාන දේශනය සිදුකරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලිවින් සිල්වා මහතා විසිනි. එම දේශනය කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2013.01.21 දින පැවැත්විණි. එහිදී ජවිපෙ ප්‍රධාන ලෙකම් ටිල්වින් සිල්වා මහතා විසින් කළ සමරැ දේශනය මෙසේ පල කර සිටිමු.වර්තමානයේ ජීවත්වන අපට ලෙනින් ...
මහින්ද චින්තනය ඉදිරියට ගන්න මේ ඇමතිතමට අමාරුයි Lanka hot news අයවැය ප්‍රතිපාදන අඩුවෙන්ම වෙන් කෙරුණු අමාත්‍යංශයක් නව කැබිනට් මණ්ඩල සංශේධනයේදී තමන්ට පැවරී ඇති බව තාක්ෂණ පර්යේෂණ හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.තමන් මහින්ද චින්තනය හිස් මුදුනෙන්ම පිළිගන්නා බවත් රටේ අනාගතය ආසියාවේ ආශ්චර්යය රැදි ඇත්තේ මහින්ද චින්තනයේ වුවත් තාක්ෂණ පර්යේෂණ හා බලශක්ති අමාත්‍යංශ්‍යට 2013 අයවැයෙන් වෙන් කෙරෙන බවට පොරොන්දු වූ ප්‍රතිපාදන වලින් සිය අමාත්‍යංශ්‍යට හිමි වී ඇත්තේ 0.04% ...
කුරුණෑගල ව්‍යාජ කච්චේරියක් වටලයි Lanka hot news කුරුණෑගල ඔරලෝසු කණුව හන්දිය අසළ දී ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු විසින් ව්‍යාජ උප්පැන්න, මරණ, විවාහ සහතික ඇතුළු වෙනත් ලිපි ලේඛන සකස් කර ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 62 හැවිරිදි වූ පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී රජයේ නිලධාරීන්ගේ රබර් මුද්‍රා කිහිපයක් ද, ව්‍යාජ ලිපි ලේඛන කිහිපයක්ද, ඡායා පිටපත් යන්ත්‍රයක් ...
දෝෂාභියෝගය පැරදුනා දැන් අවශ්‍ය ජනතාව සමග කරන අරගලයක් Lanka hot news "අග්රවිනිශ්චයකාරවරිව දෝෂාභියෝගයට ලක්කළාට වඩා බරපතළ කාරණයක් තමයි දැන් මතුවෙලා තිබෙන්නේ. නීතියේ ස්වාධිපත්‍ය නැවත පිහිටුවීමේ අරගලයකයි දැන් අපට නියලීමට සිදුවෙලා තිබෙන්නේ. මගේ මතය අනුව ඒ දෙස බැලීමයි දැන් අවශ්‍ය වන්නේ.මේකේදී නීතිඥ මහත්වරුන්ට නෝනලාට ප්‍රශ්නයක් වන්නේ නැහැ. ජනතාවගේ නඩුවලට සහ ජනතාවට තමයි මේකෙන් බලපෑම් සිදුවන්නේ. අවසාන වශයෙන් මහජනතාවට කියන්න තිබෙන්නේ ඒ යථාර්ථයට සූදානම් වෙන්න කියලා පමණයි... ''යයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ ...
මොහාන් පීරිස් තමන්ගේ නඩුව තමන්ම ඇසීමට යයි නඩුව ගෙනා නාගානන්දට තර්ජන Lanka hot news ශ්‍රී ලංකා රේගුව, ඩොක්යාර්ඩ් (Dockyard) සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක් අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපතිවරයාව සිටිය දී ඉවත් කරගැනීමෙන් රජයට රුපියල් බිලියන 600 කට වැඩි මුදලක පාඩුවක් සිදු කළ බව පවසමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණ. එම අවස්ථාවේ එහි විනිසුරු මඩුල්ලේ මොහාන් පීරීස් මහතා අසුන්ගෙන තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නඩුව විභාගයට ගත් අවස්ථාවේ අගවිනිසුරු ...
පෙරටුගාමීන් එල්.ටී.ටී.ඊ.ය සමග රහසේ වැඩ කිරීම අත් හරී Lanka hot news පෙරටුගාමීන්ව පිළිගන්නේනම් ඉදිරියේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග එකට දේශපාලනය කිරීමට තම සංවිධානය සූදානම් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා පහුගිය සති අන්තයේ (සෙනසුරාදා) ස්වීස්ටර්ගන්තයේ සුරිච්හි පැවති පෙරටුගාමී පක්ෂයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය. ඉකුත් සති අන්තයේ ස්වීස්ටර්ලන්තයට පැමිණි කුමාර මහතා එහි වෙසෙන සිංහල දෙමළ ජාතීන් වෙනුවෙන් සම අයිතිය ව්‍යාපාරයේ ශාඛාවක් පිහිටුවීම සිදු කල අතර එහිදී එම පිරිස අමතා කුමාර ගුණරත්නම් ...
ලංකා වීව්ස් කතුමණ්ඩලයේ ගැටුමක් Lanka hot news අළුතින් ඇමති 10යි, ව්‍යාපෘති ඇමති 2යි, නියෝජ්‍ය ඇමති 6යික් වශයෙන් ලංකා වීව්ස් වෙබ් අඩවිය පුවතක් පල කලේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා අලුතින් ඇතිකල ඇමති මණ්ඩල සංශෝධනය ගැන තම මතය පල කරමිනි. ඇමති මණ්ඩල සංශෝධනය ලංකා වීව්ස් කතෘ මණ්ඩලය අර්ථ ගන්වා තිබුනේ ඔවුන් දෛනිකව නරඹණ කාම චිත්‍රපටි දර්ශණයක පිංතූරක්ද එම පුවතට අප්ලෝඩ් කරමින්ය. මෙම පුවත අප්ලෝඩ් වීමත් සමග මෙහි වරදක් ඇති ...
රැකියා අහිමි කළ සියලු සහෝදර සහෝදරියන්ගේ රැකියා නැවත ලබා දෙනු! උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය තහවුරු කරනු!! - තාරුණ්‍යයේ හඬ Lanka hot news රැකියා අහිමි කළ සියලු සහෝදර සහෝදරියන්ගේ රැකියා නැවත ලබාදෙන ලෙසත් උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය තහවුරු කරන ලෙසත් තාරැණ්යයේ හඬ සංවිධානය රජයට බල කර සිටී. මේ බව සඳහන් කරමින් අද ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.වසරක් ගෙවී නව වසරක් උදාවීම යනු තාරුණ්‍යයට මෙන්ම රටේ සාමාන්‍ය ජනතාවට අලූත් බලාපොරොත්තු, අලූත් සිහින පිළිබඳ සුබවාදී අදහසක් ඇති කරන මොහොතකි. ...
විකාර ඇමති මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල බර ජනතාවට දරන්න වෙනවා Lanka hot news ඊයේ (28) සිදුකෙරුනේ රාජපක්ෂ පවුලට බැලමෙහෙවරකම් කරන්නන්ට ඇමති පදවි දෙන්න ගෙනා සංශෝධනයක් මිස එය කිසිදු විද්‍යාත්මක පදනමක සිට රටේ ආර්ථිකය ඉලක්කකර ගෙනා සංශෝධනයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසූවේ අද (29) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ ජනමාධ්‍ය හමුවේදීය. එහිදී විජිත හේරත් මහතා දැක්වූ සම්පූර්ණ ...