රැදවියන් සියලූ දෙනාගේම තොරතුරු විනාශයි Lanka hot news lankahotnews.orgමැගසින් බන්ධනාගාරයේ ඊයේ (24) ඇතිවූ ගින්නෙන් එහි රැදවියන් සියලූ දෙනාගේම තොරතුරු ඇතුළත් ලේඛන මුළුමනින්ම විනාශ වී ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ රැදවියන් එම ලේඛන ඇතුළත් ගොඩනැගිල්ලට සහ එහි ගබඩාවට ගිනි තබා ඇති බවයි. මීට අමතරව මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ...
13 කියන්නේ සුදු අලියෙක් 13+ කියන්නේ Lanka hot news lankahotnews.orgඅපි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දන්නවා. නමුත් ''13 ප්ලස්'' ගැන අපි දන්නෙ නෑ. දන්න දෙයක් ගැන නම්, හොද හෝ නරක කියන්න පුළුවන්. නමුත් අපි නොදන්න දෙයක් ගැන කියන්න බෑ. යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද ලක්බිම පුවත් පතට ප්‍රකාශ කර ඇත. ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ13 වෙනි සංශෝධනය ව්‍යවස්ථාවේ තිබෙන දෙයක්. එය ක්‍රියාත්මක නොවුණත්, ...
එළවළු වෙළදුන් සහ ගොවීන් රට පුරා උද්ඝෝෂණයේ, එළවළු මිල 60%කින් ඉහළට Lanka hot news lankahotnews.orgඑළවළු හා පළතුරු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් ඇසුරුම් අනිවාර්ය කිරීමට එරෙහිව අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්විය.දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ වෙළදුන් සහ ගොවීන් දෙවන දිනටත් අද පෙරවරුවේ විරෝධතාව ආරම්භ කළේ දඹුල්ල නගර මධ්‍යයේදීය. විරෝධතාව පස්වරුව වනවිට ඉතා නොසන්සුන් මුහුණුවරක් ගනු ලැබිණි. ඒ විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙනි. පසුව විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසිය කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළේය. මෙහිදී පොලිසියට ද විරෝධතාකරුවන් ගල්මුල්වලින් ...
රාජපක්ෂ පවුල් වාදය නිසා රජයේ මාධ්‍යය ජනතාවගෙන් දුරස් වෙලා Lanka hot news lankahotnews.orgරජයේ මාධ්‍ය ආයතන රාජපක්ෂ පවුලේ නාලිකාවක් බවට පත්වී ඇතැයි විපක්ෂය විසින් නගනා චෝදනාවන් තමන්ද පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.එය එසේ නොවිය යුතු බව තමන් පිළිගන්නා බවත්,ඒ පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය යුතු බවත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ වැය ශිර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිනි.පසුගිය කාලයේ මමයි ජනාධිපතිතුමයි අපේ අම්මයි මල්ලිලා දෙන්නයි නිව්ස් බලනකොට ...
ප්ලාස්ටික් කූඩ ප්රශ්නය දේශපාලන වාසියට ගන්න එපා ඇමති ජොනි, ජවිපෙට කියයි Lanka hot news lankahotnews.orgඑළවළු හා පළතුරු ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ භාවිතය සඳහා ගනු ලැබූ තීරණය කිසිඳු හේතුවක් මත යළි ආපස්සට නොගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.අනාරක්ෂිත ලෙස ගෝනි මඟින් එළවළු හා පළතුරු ප්‍රවාහනය කරන්නන්ට එරෙහිව අඛණ්ඩව නීතීය ක්‍රියාත්මක කරන බව ඔහු පෙන්වා දෙයි.ප්ලාස්ටික් හා ලී ඇසුරුම්වල එළවළු ප්‍රවාහනය කිරීමේ දී ඇතිවන්නා වූ යම් යම් ප්‍රායෝගික ගැටලු සඳහා ...
ආණ්ඩුව අල බස්සවයි Lanka hot news lankahotnews.orgවෙළෙඳපොලේ මිල පාලනය සඳහා වහා ම ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 15 කින් පහත හෙළා ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි. දේශීය වෙළඳ පොලේ අර්තාපල් මිල ස්ථාවරව පවත්වා ගැනිම මෙහි අරමුණ වන බවත් එම බද්ද වහාම ක්‍රියාත්මක වන බවත් මුදල් අමාත්‍යංශය පවසයි. පසුගිය දා ආනයනික අර්තාපල් සඳහා ලක් සතොස සිල්ලර මිල රුපියල් ...
ඇමෙරිකාව, රුසියානු වැසියන් උසිගන්වයි Lanka hot news lankahotnews.orgරුසියාවේ පැවැත්වුණු මහ මැතිවරණය දුෂිත බව පවසමින් සහ අගමැති ව්ලැඩිමීර් පුටින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් (10) මොස්කව් නුවර ඇතුළු රුසියාවේ නගර රැසක දැවැන්ත විරෝධතා පෙළපාළි පැවැත්විණි. විපක්ෂ කණ්ඩායම් සංවිධානය කළ එම විරෝධතා පෙළපාළිවලට පනස්දහසක් පමණ ජනයා සහභාගී වූ බව පොලිසිය පවසයි. අගමැති පුටින්ට එරෙහිව විපක්ෂ කණ්ඩායම්වලින් නැගුණු දැවැන්තම විරෝධතා රැල්ල මෙය යැයි රුසියානු දේශපාලන ...
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවෘත කල නෙළුම් පොකුණ වෙබ් අඩවිය තවම අක්‍රීයයි Lanka hot news lankahotnews.orgරුපියල් කෝටි 300කට වැඩි මුදලක වියදමින් චීන රජයෙන් ප්‍රධානය කැරුණු නෙඵම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ නිළ වෙබ් අඩවිය www.lotuspond.lk ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දීරයේදී අද විවෘත කළේය. නමුත් මෙම වෙබ් අඩවිය තවම සක්‍රීය වී නොමැත.මහල් හතකින් යුත් මේ රඟහල අංග සම්පූර්ණ නෘත්‍ය ශාලාවක්, එළිමහන් රංග ශාලාවක්, ප්‍රදර්ශන ශාලා දෙකක්, නාට්‍ය සඳහා පෙර සූදානම් වීමේ කාමර 13ක් ඇතුළු අති ...
පැපොල් ගෙඩි 8ක් ප්‍රවාහනය කලාට රු8000ක දඩයක් Lanka hot news lankahotnews.orgඑළවළු ප්‍රවාහනයේදි කූඩ භාවිතය ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට අනිවාර්ය කිරිමට විරෝධය පල කරමින් ප්‍රදේශ කිහිපයක අද විරෝධතා පැවැත්විය.තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් පිරිසක් අද උදෑසන ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන් අනුරාධපුර - කුරුණෑගල මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල විය. විරෝධතාකරුවන් එළවළු තොගවලින් මාර්ගය අවහිර කලේය. ගොවීන්ගේ එළවළු තොග තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තුළ විකුණාගත නොහැකිවීම වීම මීට ප්‍රධාන හේතුව වී ඇත.මේ අතර මෙම ...
ඉන්දීය උප මහා ද්වීපය චීනයෙන් ආරක්ෂා කොට ඇත Lanka hot news lankahotnews.orgයුධ හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි පැවසුවේ, ඉන්දු - ශ්‍රී ලංකා හමුදා සබඳතා ශක්තිමත් කිරීම සංචාරයේ අරමුණ බවය.මෙහිදී ඉන්දීය යුධ නාවික සහ ගුවන් හමුදාපතිවරුන් සමග ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය සාකච්ඡා පවත්වා තිබේ.ඉන්දීය සාගරය තුළ චීනයේ බලපෑම වර්ධනය වුවද එය ඉන්දීය උප මහා ද්වීපයට තර්ජනයක් නොවන බව යුද හමුදාපති ලූතිනන් ...
ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් මෙවර Lanka hot news lankahotnews.orgඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (12) ආරම්භ වීමට නියමිත අතර මේ මස 21 වැනිදා අවසන් වීමට නියමිතවඇත. දිවයින පුරා මධ්‍යස්ථාන 3,920 කදී විභාගය පැවැත්වෙන අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් පන් ලක්ෂ 31,325 දෙනෙකු පෙනී සිටී. ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් පෙනී සිටින්නේ මෙවර 2011 සාපෙළ විභාගයටයි. ...
නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා සහෝදරත්වයේ ජනතා පවුර Lanka hot news lankahotnews.orgඑල්.ටී.ටී.ඊ නායකයන්ට ආණ්ඩුවේ ඇමතිකම් පවා ලබාදී තිබියදී එල්ටීටීඊ සැකකරුවන් යැයි කියමින් වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් පිළිබඳව නඩු අසා දඩුවම් නියම කරන්නේ ඔවුන්ට නොතේරෙන භාෂාවකින් බවත් උතුර නැගෙනහිර ජනතාවගේ සිවිල් අයිතීන් පවා තවමත් ස්ථාපිත කර නොමැති බවත් සහෝදරවයේ ජනතා පවුර (PWC) සංවිධානය පවසයි. මෙම තත්වය තුළ උතුර නැගෙනහිර ජනතාව මූහුණ දෙන මූලික ගැටළු විසඳීමට ආණ්ඩුවට බලකරන බවද එම ...
උතුරු පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ප්‍රසාදය Lanka hot news lankahotnews.orgශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සහ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් අතර පැවැති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ උතුරු පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ප්‍රසාදය පලවී තිබේ. විදේශ අමාත්‍යාංශය මෙම කරුණු අනාවරණ කළේය. යුරෝපා සංගමය ආර්ථික සහ සමාජීය වශයෙන් දිගුකලක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදවත් ශ්‍රී ලංකාව දැනට ලබා තිබෙන ආර්ථික ප්‍රගතිය සහ දේශපාලන ...
IMF ඉදිරියේ පනවාගත් ස්වයං වාරණය නිසා ඩොලර් සංචිත හිදේ Lanka hot news lankahotnews.orgඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට ඩොලර් විකුණමින් මහ බැංකුව මැදිහත් වෙමින් තිබෙන වාතාවරණයකදී ගෙවුණු අගෝස්තු මාසයට සාපේක්ෂව මෙරට විදේශ සංචිතය සැප්තැම්බර් මාසය වනවිට සියයට 11.8 කින් අඩුවී තිබෙන බව අනාවරණය වේ. හදිසියේ අයවැය මගින් රුපියල අවප්‍රමාණය කිරීම නිසා ඩොලරයට හුවමාරු වන රුපියල් ගණන 113.90 ක් වැනි අගයක් දක්වා වැඩිවූ අතර පොලී අනුපාත සැප්තැම්බර් දෙවන සතිය වනවිට ඉහළට ගමන් ...
ලාල්කාන්ත වැටුප් අහෝසි කර ගැනීම සඳහා වූ සටනක Lanka hot news lankahotnews.orgකම්කරු නායකයෙක් වෘත්තීය සමිති නායකයෙක් වැටුප් සටන් පමණක් කරමින් සිටින්නේනම් එම නායකයෝ ධනපති ක්රමයේ ඒජන්තයින් බවත්, එවැනි වෘත්තීය සමිති ප්රතිගාමී බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවති ලංකා ටෙලිකොම් සේවා සංගමයේ 7 වන වාර්ෂික සමුළුව අමතමිනි.එහිදී ඔහු තවදුරටත් මෙසේ පැවසීය. ‘‘කම්කරු පන්තියට සිය අයිතිවාසිකම් දිනා ගැනීමේදී ඒ ආණ්ඩුව රතුද කොළද, ...
kp දුක්විදිනවා, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරගෙදර හොඳට සැප විඳිනවා Lanka hot news lankahotnews.orgහිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරගෙදර හොඳට සැප විඳින බව බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ‘ඔහු අපට තවත් හිර කරුවෙක් පමණයි. හිරේ හැමට අප එක සමානව සලකනවා. මම නායකයෙක් නම් හිරේ ගියත් කන්නේ අනෙක් හිරකාරයන්ට දෙන කෑමමයි. ෆොන්සේකාට අසනීපයක් හැදුණු ගමන් යන්නේ කොළඹ රෝහලකට. එහෙම අවුත් මාධ්‍ය වටකරගෙන ආණ්ඩුවට බනිනවා. මාධ්‍යයත් ඒ බව දැනගත යුතුයැයිද රජයට ...
UNP නියම නායකයා මමයි - ජෝන් අමරතුංග Lanka hot news lankahotnews.orgඑක්සත් ජාකිත පක්ෂය තුළ හටගෙන ඇති නායකත්ව අර්බුදය නිසා මේ දිනවල දේශපාලන කරලිය උණුසුම් වී ඇත. එජාප නායකත්වය සදහා තරගකිරීමට කරු ජයසූරිය මහතා ඉදිරිපත්වී ඇත. ඒ සම්බන්ධයෙන් ඊයේ (08) කොළඹ තම නිවසේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා කියාසිටියේ ආණ්ඩු පක්ෂයට එක්වූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂය සමග නැවත එක්වූ අවස්ථාවේ පක්ෂය හැර ...
Z-ස්කෝර් ගැටළුව පැරණි අර්බුදයක් Lanka hot news lankahotnews.orgඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය යටතේ විභාග පැවැත්වීම සිදුකරන අවස්තාවක Z-ස්කෝර් අගයේ ගැටළුවක් අනිවාර්යයෙන්ම මතුවන අතර මෙය පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කළ යුතු කාර්යයකි. මේ නිසා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පාසල් නිවාඩුවට ප්‍රථම ලබාදීමේ වගකීම විභාග දෙපාර්තමේන්තුවපැහැර ඇතැයි ලංකා ගුරු සේවා සංගමය චෝදනා කර සිටියි. ...
සනත් ජයසූරිය නැවත පිටියට Lanka hot news lankahotnews.orgකතානායක අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගය මෙම මස 11 වන දින ටොරින්ටන් පිටියේ දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කොට ඇත. මීට සහභාගීවන කණ්ඩායම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රජයේ අමාත්‍යවරුන් ලෙස නම් කෙට ඇත.අමාත්‍යවරුන්ගේ කණ්ඩායම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ක්‍රීඩාකිරීමට නියමිත වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩකයකු වන සනත් ජයසූරිය මහතා ද සහභාගී ...
ආණ්ඩුව නගර හා ග්‍රාම නිර්මාණ පනත් කෙටුම්පත අකුලාගනියි Lanka hot news lankahotnews.orgනගර සහ ග්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.අයවැය දෙවනවර කියවීමේ හයවන දිනය වන අද නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ පසු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ මත එම පනත ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දී ඇත.මෙම පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ...