සැඟව ගිය මවු සෙනෙහසක් සොයා ගිය ඇත්තම කතාවක් 2 හිස් අහස මේ ඇත්ත කතාවේ පලමු කොටස නොබැලුව කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් ඒකත් කියෝලම දෙවනි කොටසට එන එක හොඳයි "මම කුමාරකන්ද ගමට පය ගහනකොටත් ආච්චිලාගේ ගෙදරට අපේ නෑදෑයෝ සෙට් එක කෝල් කරලා කියලා තිබුණා මට තනිවම ගෙයින් එළියට පයගහන්නවත් දෙන්න එපා කියලා . ඒ මිනිස්සුත් මට යන්තම්වත් ගෙදරින් පිටට යන්න දුන්නේ නෑ. උඹට කියන්න මම හුජ්ජ කරන්න යනකොටත් එකෙක් පස්සෙන් ...
කිතුලට යන මාමණ්ඩියේ හිස් අහස බිමෙන් නැඟ අහසට උසස් රැකියාවට උරුම කී ඔබ තමා මගේ සුදු මාමණ්ඩි විඳවලා ඇති පමණ මල් තලා රොන් රැගෙන පැසවලා රා ලෙසින විකුණලා දිවි ගෙවන ගහේ බැඳි ගැට වලට ඔහේ පය තබ තබා මල් තලන, රා පෙරන මගේ සුදු මාමණ්ඩි අතේ රැඳි මන්නයෙන් මගේ ගෙල සිඳලන්න කලින් අහපන් ඉතින් මගෙ කථාවත් සොඳින් නුඹ මදින කිතුල් මල වගෙයි මගෙ හිත් ...
චියර්ස් රත්තරන් ..!! හිස් අහස "බොන්න එපා අනේ !!” එයා මගේ කනට ලං වෙලා හැමදාකම කෙඳිරිගාන ඔය බොන්න එපා බයිලේ මට ඉතින් ඇහිලාම වෙරි වගේ .ඉස්සර බීමට ජීවිතේම පුදලා හිටිය මම අද වෙනස් . ඉස්සර ටිකක් විතර වැඩියෙන් බීපු මම අද වෙනකොට මම සාමාන්‍ය පුද්ගලයෙක් තරම් යාන්තමට මත් වෙන කෙනෙක් විතරමයි . ඉතින් ඒවගේ තත්වයක් යටතේ එයා මාව අවීශ්වාස කරන එක මට දරාගන්න අමාරුයි ...
ලක්ෂ පනහක සුවඳ හිස් අහස කාලෙකට පස්සේ ලියන යන ලියවිල්ල මට හරිම නුහුරුයි . මාස දෙකක් විතර ලිවිල්ලෙන් ඈත් වෙලා වෙන මල ඉලවු බදාගෙන ඉඳලම මගේ මේ අත් දෙකට කී බෝඩ් එක දැනෙන්නේ බොහොම නුහුරට . ඒ විතරකම නෙවෙයි මේ ලියන්න යන කථාවත් කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා මට හිතාගන්න බෑ . මේ කතාව ලීවට පස්සේ මේක කියවන අය මේකෙ ඇත්ත නැත්ත ...
උපන් ගෙයිම මියැදුණු මගේ ඉංග්‍රීසි ඉගනීමේ සිහිනය හිස් අහස "හපෝ එහෙමත් භාෂාවක් !” ඔය වචනේ මගේ කටින් සිය වරකට වඩා පිට වෙලා ඇති, දහස් වාරයක් හිතෙන් කියලත් ඇති . ඒත් මම තවම මෙතන වැතිරිලා . ඉංගිරීසි කියන ටොන් ගානක බර මගේ කර මත පැටවිලා . මට කිසිම දවසක මේ ඉංගිරිසිය හරිගස්සා ගන්නේ නැතිව නැගිට ගන්න බැරි වේවි . එහෙම හිතෙන වාරයක් පාසා "හපෝ එහෙමත් භාෂාවක් !” කියලා මට ...
කුණ්ඩවාලයක් පාත් වුණදා හිස් අහස තැපැල් කන්තෝරුවේ වැඩ කරවුව දාස මාමලෑ ලොකු පුතා රණවීර අයියා මගෙත් එක්ක තරහ වෙලා දැන් මාසෙකටත් වැඩියි . කාලෙකට කලියෙන් මට පණ වුණත් දෙන්න තරම් ලෙංගතු එකෙක් වෙලා උන්නු රණවීර මුලින්ම මා එක්ක තරහ වුණේ මම උන්ගේ ගෙදර උන්නු කම්මැලි නාකි බල්ලට නරියා කියලා කොලොප්පමක් කළ දවසෙයි . එදා මම විහිළුවට කීව කතාව ගෝරියක් දක්වාම ඇදිලා ගිහින් නැවතුණේ රණවීර ...
පැණියා සෑර් ගේ බඹර වදේ . හිස් අහස මීට අවුරුදු කිහිපයකට උඩදී මම ඉස්කෝලේ යන සන්දියේ සිද්ධ වෙච්ච මේ කතාව කාලයත් එක්ක මගේ හිත ඇතුලෙම වැළලිලා ගිහින් තිබුණා . මගේ හොඳම මිත්‍රයෙක් මේ කතාව මට ඊයේ පෙරෲර්රේදා දවසක ආයෙමත් සිහිපත් කළායින් පසුව මම හිතුණා ආයේ අමතක වෙලා යන්න කලියෙන් මේ කතාව ලෝක වියාප්ත ජාලයේ බිත්තියක අලවලා දාන්න . එතකොට මම හිටියේ ඉස්කෝලේ දොළහ වසර පන්තියේ. ඒ තමයි ...
මහ වරුසාවට හේදුණු පළමු ප්‍රේමයේ මතකය. "ධනංජනී" හිස් අහස එදා ඔක්තෝබර් මාසේ 15 වෙනිදා . වෙලාව උදේ දහයට විතර ඇති .වටින් ගොඩින් අහස කලු කරගෙන ටිකක් විතර තදින් වැස්සකුත් වැටෙමින් තිබුණා . හොඳට නොතෙමී ඉන්නට තරමට ලොකු කුඩයකුත් ඉහළ ගත්ත මම ඒ වැස්සෙම ටවුන් එක පැත්තට ගියා . කුඩේ නිසා මගේ දණහිසෙන් ඉහළ කොටසට වතුර බින්දුවක්වත් ඉහුණේ නෑ ඒත් කකුලේ ඇඟිලි නම් දියබුං ගහමිනුයි හිටියේ . සපත්තු ඇතුළට ...
අලියාගේ ගූ කඳ සහ විදානේ මාමාගේ සෙනෙහෙ කඳ හිස් අහස අපි පොඩි එවුන් සන්දියේ අපේ ගමේ විදානේ මාමලාගේ ගෙදර අලියෙක් හිටියා . අලි ඇතත්තු ඇති කරන්න තරම් විදානේ මාමා ගජ පෝසතෙක් නෙවේ . ඉතින් ඒ ලොකු අලියත් විදානේ මාමගෙ නෙවෙයි . විදානේ මාමා කවලා පොවලා දරුවෙක් වගේ හදාගත්තත් ඒ හෙණ ලොකු අලියා අයිති වුණේ අපේ ගමේ තිලෝක මුදලාලිට. ගමේ ලොකු පෝසතෙක් වෙච්චි තිලෝක මුදලාලි කොන්තරාත් වැඩ කළා එයැයිට ලී ...
ලක්ෂ පනහක සුවඳ. අවසන් කොටස හිස් අහස පලමු කොටසට එදා අපේ හමුවීමෙන් පස්සේ දවස් තුනක් නිකම්ම ගෙවිලා ගියා. ඔය ගෙවිලා ගිය කාලෙදී මම හීනෙන් නම් කෝටිපතියෙක් වෙලා ආතල් ගත්ත වාර ගණන නම් අනන්තයි අප්‍රමාණයි . ඒ දැක්ක හීන ඇතුලෙම ජීවත් වෙන්න තිබුණාම කොයිතරම් හොඳද කියලා නින්දෙන් අහරින අහරින වාරයක් පාසා හිතට දැනෙනවා. රුක්මන් මහත්තයා සුබ නැකතක් බලලා යොදාගෙන තිබුණු දිනේ උදා වුණා . එදා උදේ රුක්මන් ...
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක් හිස් අහස අපේ ගමේ අය නම් බ්‍රන්ත කියලා අපි හඳුන්නන්නේ අහන් ඉන්න ආස හිතෙන ආතල් සීන්ස් වලටනේ .. වෙච්චි සීන් එකක් පෙරළගත්ත බාල්දියක් වගේ දේවල් කෙළින්ම කියද්දි කිසි ගතියක් නෑ .. හැබැයි බ්රන්තදාලා අනලා ගානට උකුවට අනලා කියනකොට මරු .. වෙනස් නමකින් සහ වෙනස් පිට කවරයකින් ආපු මේ බ්‍රන්ත පිරුණු“චයිනමන්” පොත මගේ හිත ගත්තේ පිටුවක් ,පිටුවක් පුරාම ඇඳිච්ච මාර සරල භාෂාවත් ...
බොසාට කියන කවි හිස් අහස සිනා සෙන්න නොම දන්නා නිවාඩු දින ගැන නොදන්න කතා බහට හරි අකමැති මගේ හොඳ බොසා නිතරම නීතියට සිටින බඩේ ගින්න නොම හඳුනන ඔබත් එක්ක වැඩ කළෙ මම කරුමෙටද බොසා සෙනෙසුරාද ඉරිදත් වැඩ පොහොය නත්තලේදිත් වැඩ කරන්න අප යොමු කරවයි අපේ හොඳ බොසා කෝඩිං ලියපං කොල්ලෝ අතුපතු ගාපං කොල්ලෝ ලෙක්චස් කරපං කොල්ලෝ කියයි මට බොසා පරි සමාප්ත අර්ථයෙන්ම බොසා ඔබ ...
මම, හිස් අහස , හත සහ නුඹලා . හිස් අහස අද දෙසැබර් මාසෙ තිස් එක් වැනිදා අවුරුද්දේ මාස එකොළහක්ම ගිනි කූටක අවුව වැටෙන්න පායන අපේ ගම් පළාතට දෙසැමබර් මාසේදී නම් දැනෙන්නේ දරාගන්න බැරි හීතලක් . උපන්දා පටන් අද වෙනකම්ම මේ පළාතේ වේලෙන මටත් හීතලට වඩා උණුහුම දරාගෙන පුරුදුයි . ඉතින් මේ මාසේ දැනෙන කටුක හීතලට මම කොහොමටත් අකමැතියි . ඒක නිසාම මම මේ දිනවල උදේට අවදි වෙන්නෙත් බොහොම පමා ...
ඒජීයේ මහත්තයාගේ වල්ල තැලූ හැටි හිස් අහස පොසොන් මාසෙක උස්න කාලේ සිද්ද වෙච්ච මේ කතාව .. නත්තල් මාසේකදී කියන එක පොඩ්ඩක් අපිළිවෙළයි තමා ..ඒත් ඉතින් මං පිළිවෙළට වැඩ කරන මිනිහෙකුත් නෙවෙයිනේ . කෝමහරි ඉතින් මට මේ කතාව මතක් වුණේ ගෝල්ෆේස් පිට්ටනියේ හදන්න ගියපු ලෝකෙ ලොකුම නත්තල් ගහ සීන් එක නිසානේ .. ඉතින් ඒ වගේ ලොකු සීන් එකක් ගැන තමයි මේ කථාවත් ..ක්‍රිස්තියානි කාරයන්ට නත්තල් වගේ තමයි .. ...
ගුලිය නුඹ හිස් අහස බෙහෙත් බඩු කඩේකින් පුංචි මුදලට රැගෙන දවටනේ ඉවත් කර කටේ දාගෙන සෙමින උඩු තල්ලේ තියාගෙන නිරන්තරවම උරන ගුලිය නුඹ ගුලිය නුඹ පිරිමි දුක් ගිනි නසන පහේ ටොපි වෙලා ටික කලක් නුඹ රජ කලේ සකල දුක් නසා අප හක්ක තුළ දඟ කලේ දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ අපේ කරුමෙටයි නුඹ හතළිහට වැඩි කලේ පැණි රසද ඇඹුල මැද තිත්ත ...
නිල්පාට තට්ටම් හිස් අහස මචංලා ගොඩ කාලෙකට ඉස්සල්ලා අපේ රටේ තිබුණා දැයට කිරුළ කියලා පොඩි එක්සිබිසන් එකක් .. මට තාම මතකයි අපේ ගං වල අය ඩීමෝ බට්ටා ලොරියේ ඉඳන් කුබෝටාවේ පවා නැගලා ඈත පළාත් වල පැවැත් වුණ දැයට කිරුළ බලලා ඇවිල්ලා ගමේ ඉඳන් ආතල් ගත්ත හැටි ..කොහොම හරි සීන් එක පටන් ගත්තේ දැයට අපේ කිරුළ අපේ පළාතටත් එනවා කියලා නිල වසයෙන් තීන්දු කරලා ඉවර ...
බාල දක්ෂයෝ සහ පකිරිම්බෝ හිස් අහස ඔය සිද්ධිය පත්තු වුණේ මං අකමැත්තෙන් ඉස්කෝලෙ යන කාලේ .. තවත් ලං කළොත් ඒ මම දහය වසරේ ඉගෙනගන්න කාලේ ..ඔය කීව දවස් වල මගේම පන්තියේ හිටිය එක අපූරු කෙල්ලක් එක්ක බැඳිච්චි මරු කතාවක් මට බත් කන වෙලාවට නිතරම මතක් වෙනවා . බත් කාලා අත හෝදාගත්තම ආයේ ඒ කතාව මට අමතක වෙලා යනවා .. ඉතින් ඒ නිසා ඒ කතාව ලියලා දාන්න ...
අම්පාර බස් එකේ ගම්බාර දෙයියෝ හිස් අහස ගමෙන් ඈත් වෙලා කොළඹ ගෙවන ජීවිතේ .. මාර මස්තෙ..ඉතින් ගමේ යන්ඩ හොඳ නිවාඩුවක් එනකම් මං මග බලනවා .. ගමේ ඉන්නකොට අතේ සල්ලි නැතත් හිතේ ආතල් එක තිබ්බා.. ! .. කොළඹදී කියලත් සල්ලි නම් නෑ .. ඒත් රස්සාවක් තියෙනවා.. ගමේ සූටබල් පීපල්ස් ලා වන අපිට මේ කොළඹ තවම ඇලජික් වගේ .... ඉතින් අවුරුද්දට ගමේ යන්ඩ දවස් කිට්ටු වෙනකොට මට ඉන්ඩ ...
අම්මට හුඩු ඩේ ජා වූ හිස් අහස එකම දේ දෙපාරක් වෙන්නෑ . ඒක ලෝක සුබාවේ . ඒත් ජීවිතේදී අපි අත්දකින සමහර පුංචි පුංචි සිදුවීම් .. මීට කලින් දැකලා තියෙනවා නේද කියලා පටස් ගාලා ඔලුවට එන අමුතුම හැඟීමක් අපි ඉඳලා හිටලා විඳිනවා.. තත්පර ගානකින් ඇතිවෙලා තත්පර ගානකින් චුත වෙලා යන මේ අරුම පුදුම මානසික කෙලිය නිසා මොහොතකට අපි පුදුම වෙනවා .. ඊළඟ මොහොතෙ ඒක අමතක කරලා දානවා ..අන්න ...
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක් හිස් අහස අපේ ගමේ අය නම් බ්‍රන්ත කියලා අපි හඳුන්නන්නේ අහන් ඉන්න ආස හිතෙන ආතල් සීන්ස් වලටනේ .. වෙච්චි සීන් එකක් පෙරළගත්ත බාල්දියක් වගේ දේවල් කෙළින්ම කියද්දි කිසි ගතියක් නෑ .. හැබැයි බ්රන්තදාලා අනලා ගානට උකුවට අනලා කියනකොට මරු .. වෙනස් නමකින් සහ වෙනස් පිට කවරයකින් ආපු මේ බ්‍රන්ත පිරුණු“චයිනමන්” පොත මගේ හිත ගත්තේ පිටුවක් ,පිටුවක් පුරාම ඇඳිච්ච මාර සරල භාෂාවත් ...