ඉබි මසට ලොල් වූ මුතුබණ්ඩා හිස් අහස මීට අවුරුදු කීපයකට ඉස්සරදී අද මම මේ වසන ගං තුලානට හිටි හොඳම වඩු බාසුන්නැහේ තමයි මුතුබණ්ඩා මාමා. ගමේ උඩහ කෙළවරේ ඇල ඉස්මත්තේ කුඹුක් ගස් හෙවණක අටෝගත්ත වඩු මඩුවට වෙලා ලී බඩු හදමින්, කැටයම් කපමින් මුතුබණ්ඩා මාමා දවස ගත කළා. ඕනෙම හයිය ලීයක් කැටයම් කරලා ලස්සනට වාත්තු කරලා ගන්න මුතුබණ්ඩා මාමට තිබුණේ මහ පුදුම හැකියාවක්. උන්දැගේ අත ගැටෙන මොන ලීය ...
අසික්කිත සීඩී තැටිය හිස් අහස අකලට වහින වැස්සට තෙමෙන්න එපා කියලා අම්මා මට කොච්චරවත් කියනවා ඒත් මම මෝඩයෙක් වගේ ගිහින් ඒ වැස්සේ තෙමිලා එනවා . බස් එකේ ෆුඩ් බෝඩ් එකේ යන්න එපා කීවත් , හවස හයෙන් පස්සේ එලියට බහින්න එපා කීවත් ,රෑ දෙගොඩ හරියේ ඇවිත් දොරට තඩිබාන්න එපා කීවත්, බොන්න එපා ! කියලා හැමදාම කීවත් මම කීවේ එකම එක දෙයයි . "ආයේ එහෙම කරන්නෑ ...
හූනෙක් නිසා වෙච්චි හදියක් හිස් අහස එදා දවල් වරුවේ යන්තම් වැහිපොදක් වැටුනා මමත් ගෙදර තැපගෙන නොයිඳ උඩහ ගම දිහාවට පොඩ්ඩක් ගෑටුවේ වෙනදා තරම් අවු කූටකයක් එදා නොතිබ්බ නිසයි . මේ තමා වැවුගම්පත්තුවට උපරිමේටම පායන කාලේ . ඉහින් කනින් අනන්ත දඩිය බිංදු බේරිලා කාස්ටක පොලවට වැටෙනකොට ඒ දාඩිය බින්දුව වැටිච්ච තැනින් පොඩි දුම් රැල්ලකුත් උඩට නැගෙනවා . ඉතින් කාලෙකට පස්සේ වැහැපු ඒ පොඩි මල් වැස්ස කාට ...
වස්තුහාමි ගේ කතාව හිස් අහස පුංචි සන්දියේ පටන්ම අපි දන්න කියන අපේ ගමේ එකෙක් වෙච්චි වස්තු හාමිට අයියා කියන්නද? අක්කා කියන්නද? කියලා මට තවමත් හිතාගන්න අමාරුයි. ඒත් මුලදී නම් අපි කාටත් ඌ වස්තු හාමි අයියා. වස්තු හාමි අපිට වඩා වෙනස් චරිතයක් බව අපි පොඩි එවුං කාලේ ඉඳන්ම දැනං උන්නා. එකට උන්නු කොලු රැළ ගිනි මද්දහනේ පන්දු කෙළිද්දී වස්තුහාමි අයියා ගස් හෙවණකට වෙලා ඉඳගෙන උන්නා ...
ජනාධිපති ලේකම් තුමන් බැහැදැක ගතිමි හිස් අහස මේ පහුගිය දවසක මටත් අමුතුම චෑන්ස් එකක් වැදුණා . ගෙදෙට්ට වෙලා අට්ටං වෙලා උන්නු මට දැනගන්න ලැබුණු ඒ පයිණ්ඩේ තමයි ජනාධිපති ලේකම් තුමාව බැහැදකින්න අවස්ථාවක් ලැබිලා තියනවා කියන වග . ස්ලම්ඩෝග් මිලියනයර් ෆිල්ම් එකේ පොඩි එකා අමිතාබ් බච්චන් බලන්න නොයිවසිල්ලෙන් උන්නා වාගේ හැඟීමක් මගේ හිතටත් නොදැනුනාය කීවොත් ඒක බොරුවක් . එදා දවසේ මට උගන්වන්න තිබ්බ පරිගණක පන්ති ටික සේරම ...
නියඟයට එරෙහිව හෙළුවෙන් සටන් කල මිනිස්සු. හිස් අහස මේ සිදුවීම වුණේ එක නියං කාලෙකදියි. අවුරුද්දේ පොසොන් මාසේ කිට්ටු වෙද්දී අපේ පළාතට තිබහ දැනෙන්න පටන් ගන්නවා . ඉර එළිය වැවු වල ලිං වල තියන වතුර බින්දුව වෙනකම්ම උරාගත්තාට පස්සේ ගමේ එවුන්ට ඉතිරි වෙන්නේ ජල සම්පාදනෙන් එන බවුසරේ එනකම් බලා ඉන්ඩ තමයි . බාල්දිය කොරහ සහ අතට අහු වුණ පොල්කට්ට පවා අරං නගරසභා වතුර බවුසරේ පස්සේ එලෝන ගෑනු මිනිස්සු ...
වැවුගම් පත්තුවටම දඩයක්කාරි මැණිකා හිස් අහස මැණිකාව මම මුලින්ම අඳුනගත්තේ දෙයියංගේ ලෙඩ හැදිලා උන්නු මගේ ලොකු මාමට සාත්තු සප්පායම් කරන්න උන්දැලාගේ ගෙදර ගිය සන්දියේදීයි. ඒ අදින් වසරකට පමණ ඉස්සර. මැණිකාගේ පැල තිබුණේ අම්පාර බුද්ධංගල කැලේ මායිමේ . ඔප්පු තිරප්පු නැති ඒ ඉඩමත් බුද්ධංගල කැලේටම අයිති එකක් බවත් කාලෙකට ඉහතදී බලෙන් අල්ලාගත්ත ඉඩමක් බවත් එක බැල්මකින් කිව හැකි . මැණිකා තමයි ඔය ඉඩමේ හිමි කාරි, බුද්ධංගල ...
කිරි අම්මා ගේ ආදරය සහ ගංජා ගෝනිය 2 හිස් අහස පලවෙනි කොටසට මම ආපහු අවදි වෙද්දී වෙලාව උදේ හතට විතර ඇති. එළියේ බැඳලා තිබ්බ ළිපකින් අඟුරු කෑල්ලක් අරං දත මැදගත්තු මම මූණ කට හෝදගෙන එද්දී ලොකු අම්මා තේ හදලා තිබුණා . මමත් කිරි කෑල්ලක් කාලා තේ බීවා . මම තේ බොන අතරේ ලොකු අම්මා කලින්දා රෑ ජාමේ තිබිච්චි කිරි දානේ ගැන සිංහාවලෝකනේ පටන්ගත්තා. "වැඩේ හොඳට තිබ්බ නේද පුතේ ?” ...
කිරි අම්මා ගේ ආදරය සහ ගංජා ගෝනිය හිස් අහස "හෙට දිහාට අපෙ ගෙදර කිරි දානේ. පුතේ උඹ එනව නේ ?” ලොකු අම්මා මගෙන් එහෙම අහද්දී මට දෙන්න තිබුණ එකම උත්තරේ තමා ඔළුව දෙපැත්තට පද්දලා "හා" කියන එක . උදේ ඉඳන්ම පන්තියේ උගන්වලා නැහිලා නැහිලා. රෑට මුනිං වැටිලා බුදියගන්නං කියලා හිතාගෙන ගෙදරට වදින මම ආයේ උදේට අවදි වෙලා වැඩට යන්නේ හාන්න දක්කාගෙන යන මිවුවෙක් වගේ. එහෙවු එකෙක් වෙච්ච මට ...
සාටර් පෙම්වතාගේ කවිය හිස් අහස කොණ්ඩය මැදින් බෙදලා පීරා ගත්ත පරණ කමිසයක් නිතරම ඇඳගත්ත සෙරෙප්පු කටු දෙකක් දෙපයේ ලාගත්ත පෙම්වන්තයා මම වෙමි ඔබෙ සිත් ගත්ත හරි ඉගැනුමක් දැනුමක් මා සතුව නැති සල්ලිය යාන වාහන ගේ දොර නොමැති පාරේ හන්දි ගානේ ඇවිදිමින් නිති චාටර් කන මටද ඔබගේ හිත කැමතී ඉංගිරිසියෙන් එක වදනක් ලියනු බැරී දෙවරක් චක්කරේවත් මට කියනු බැරී මවු බස හැරෙන්නට වෙන කිසි දෙයක් ...
උතුරු වැවුගම් පත්තුවේ සුපිරිම අලි එළවන්නා හමුවී ! හිස් අහස "වනිගේ අයියේ !! . . . . වනිගෙ අයියේ !” මම හතරවෙනි වතාවටත් ගිරිය කඩාගෙන කෑමොර දෙද්දී දෙයියෝ බැලුවා වාගේ ගෙදර දොර ඇරගෙන වනිගෙ අයියා පදිකිට මත්තට ආවා . වෙලාව හීල් පාන්දර එකයි ඒ දෙසැම්බර් මාසයක එක් දවසක් . අවුරුද්දේ අග කාලේ මුලු සකල සරීරෙම වෙවුළුවලා දාන හීතලෙන් මමත් මිරිකෙමින් උන්නා . නැගෙනහිර පළාතේ කාෂ්ටක පොළවේ පයගහලා ඒ වැටෙන ...
කිතුලට යන මාමණ්ඩියේ හිස් අහස බිමෙන් නැඟ අහසට උසස් රැකියාවට උරුම කී ඔබ තමා මගේ සුදු මාමණ්ඩි විඳවලා ඇති පමණ මල් තලා රොන් රැගෙන පැසවලා රා ලෙසින විකුණලා දිවි ගෙවන ගහේ බැඳි ගැට වලට ඔහේ පය තබ තබා මල් තලන, රා පෙරන මගේ සුදු මාමණ්ඩි අතේ රැඳි මන්නයෙන් මගේ ගෙල සිඳලන්න කලින් අහපන් ඉතින් මගෙ කථාවත් සොඳින් නුඹ මදින කිතුල් මල වගෙයි මගෙ හිත් ...
පොලීසියෙන් වහං වෙච්චි හොර ගෙඩියෙක් කනප්පුවකින් ඇල්ලූ හැටි හිස් අහස ගෙවල් කිට්ටුව චූටික්කු අයියලෑගේ ගෙදර හොරකමක් වෙලා සති ගාණක් ගත වුණා . පොලීසියත් අපරාධ කරුවන් සුවඳින් අල්ලාගන්ට දක්ෂකම් පෑ පොලිස් බල්ලනුත් ඇවිදින් ගම මුනිං අතට පෙරළලා වැරදි කරුවන් හෙවුවත් අබමල් රේණුවක තරම්වත් හෝඩුවාවක් හොයාගන්ඩ බැරි වුණා . මේ සිද්ධ වුණ හොරකම නිසා ගමේ උන්නු අපි පොලිස් බල්ලෙන්ව අපේ ඇස් වලින් දැකගත්තා. මීට ඉස්සර නම් පත්තර වල ටීවී එකේ ඉඳලා ...
ගමක් කාපු පොලිස් බල්ලෝ හිස් අහස ඒ සිදුවීම නම් මට කවදාකවත්ම අමතක වෙන එකක් නෑ . ඒ ඇයි කියලා කීවොත් මගේ ජීවිතේට මම අත් විඳලා තියන සිදුවීම් එක්ක බැලුවහාම මේ වගේ සිදුවීමක් නම් මම කිසි දිනෙක විඳලා නැති නිසා වෙන්නැති .මේ සිදුවීම මගේ හිතේ කාලාන්තරයක් තිස්සේ කැලතෙමින් තිබුණා ඒත් ඒක අකුරු කරගන්න විදියක් නැතිව මම දවස් ගාණක් කල් මැරුවා. අන්තිමේදී තීරණයක් අරගෙන මේ සිදුවීම ලියලා ...
ලෝක විනාශය ගැන ඔට්ටුවක් ඇල්ලූ වික්ටර් මාමා හිස් අහස "මේ අවුරුද්දේ ලෝක විනාසේ වෙනවා කියන කතාව සහතික ඇත්ත ! “ වික්ටර් මාමා එහෙම කියාගෙන උදැහැනැක්කෙම තුම්මං හන්දියේ පොල්ලතු කඩේට ගොඩ වෙද්දී මමයි මගෙ ගෝලයා උක්කුවයි හිටියේ කඩේ නැන්දා හදාපු ලැවරිය එකක් හපන ගමන් . "ඇයි බං ප්රවෘත්ති වලටවත් කීවයි එහෙම කතාවක් ?” තේ කෝප්පයක් "ටිලි ටිලි" හඬින් හැඳිගාමින් උන්නු කඩේ නැන්දා එහෙම කියන කොට කට පුරා ලැවරිය ගිල ගිල ...
බලු කූඩුවක පැයක් ගත කළෙමි. හිස් අහස තරමක් මල බැඳුණු යකඩ කූරු අතරින් වදින සැර එළියට ඇස් දෙක පොඩ්ඩක් විතර හුරු වෙලා . නොකඩවාම ඇහෙන පණිවිඩ හුවමාරු යන්ත්‍රවලින් නැගෙන ගොරැහැඩි යාන්ත්‍රික හඬ දැන් කන් දෙකටත් තරමක් හුරුයි . මොහොතකට කලින් නහහය දිගේ ගමන් කරමින් මගේ බොකු බඩවැල් අඹරවලා දමාපු වමනේ ගන්ධස්සාරෙත් දැන් නාහෙට නොදැනෙන ගානයි. ඒත් එකම එක දෙයක් මට තාම නුහුරුයි . මම දැන් ලැගලා ...
සැඟව ගිය මවු සෙනෙහසක් සොයා ගිය ඇත්තම කතාවක් 2 හිස් අහස මේ ඇත්ත කතාවේ පලමු කොටස නොබැලුව කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් ඒකත් කියෝලම දෙවනි කොටසට එන එක හොඳයි "මම කුමාරකන්ද ගමට පය ගහනකොටත් ආච්චිලාගේ ගෙදරට අපේ නෑදෑයෝ සෙට් එක කෝල් කරලා කියලා තිබුණා මට තනිවම ගෙයින් එළියට පයගහන්නවත් දෙන්න එපා කියලා . ඒ මිනිස්සුත් මට යන්තම්වත් ගෙදරින් පිටට යන්න දුන්නේ නෑ. උඹට කියන්න මම හුජ්ජ කරන්න යනකොටත් එකෙක් පස්සෙන් ...
සැඟව ගිය මවු සෙනෙහසක් සොයා ගිය ඇත්තම කතාවක් හිස් අහස මේ පින්තූරේ ඉන්නේ අපේ කිතුලාසුරනි අක්කලාගේ ගෙට පිටිපස්සේ තියන ලොකු සියඹලා ගහ ගාවට ආවම හවස ඉර බැහැගෙන යන හැටි බෝම ලස්සනට බලාන හිටිය හැකි . ඒ ළඟම තියන කුණු ඇලේ කොළපාට වතුර මත්තේ පීනන දියකාවෝ, වල් තාරාවෝ, ගං කබරයෝ ආදී සාටර් සත්තුත් බලන්න හැකි නිසා කෙනෙකුට තනියක් නැතිව එතන පැය ගාණක් වුණත් කල් මැරුව හැකි . ඕනම අබල දුබල ...
මම, හිස් අහස , හත සහ නුඹලා . හිස් අහස අද දෙසැබර් මාසෙ තිස් එක් වැනිදා අවුරුද්දේ මාස එකොළහක්ම ගිනි කූටක අවුව වැටෙන්න පායන අපේ ගම් පළාතට දෙසැමබර් මාසේදී නම් දැනෙන්නේ දරාගන්න බැරි හීතලක් . උපන්දා පටන් අද වෙනකම්ම මේ පළාතේ වේලෙන මටත් හීතලට වඩා උණුහුම දරාගෙන පුරුදුයි . ඉතින් මේ මාසේ දැනෙන කටුක හීතලට මම කොහොමටත් අකමැතියි . ඒක නිසාම මම මේ දිනවල උදේට අවදි වෙන්නෙත් බොහොම පමා ...
අයුක්තියට අසාධාරණයට එරෙහි අපේ ගමේ කැට් වුමන් " රම්‍යා අක්කා " හිස් අහස රම්‍යා අක්කා ! ඒකිව මම දැන ඇඳිනගෙන උන්නේ පොඩි කාලේ ඉඳන්මයි .රම්‍යා අක්කා ගමේ හෝල් හන්දියේ හයිරං පාපු බණ්ඩක්කෙයා ගේ පස්සට උඩ පැනලා පයින් පාරක් ගහනවා දුටුදා පටන් මට ඒකිව අමතක කරන්න බෑ . ඒකි ඒ ගහපු පා පහර මට තවමත් මැවි මැවී පේනවා . මම හොඳටම දන්නවා මට කිසිම දවසක ඒක අමතක වෙන්නේ නෑ කියලා . මම මේ ...