දුම් වැටියයි පෙම්වතියයි. හිස් අහස දවසක් මහ හඬින් ගොරවන්නට ගත්තා සුලු මොහොතකින් වැස්සක් වැටෙනට ගත්තා කවියක් කතාවක් ලියනට සිත් ගත්තා ලැපත් අරං මම ඇඳටම නැග ගත්තා දෑඟිලි එකින් එක කීබෝඩය මැද්දේ වදිනා විටදි ඇහුණා ටිකි ටිකි සද්දේ අකුරෙන් අකුර වදිනා විට පිටු මැද්දේ හඬනා හඬක් මතුවිණ පරදා සද්දේ මම පිරිමියෙකි නෑ කිසිදා බය ගත්තේ එනමුදු ඒ හඬට මම නම් තැති ගත්තේ සරම තදකරන් හොඳ ...
බොසාට කියන කවි හිස් අහස සිනා සෙන්න නොම දන්නා නිවාඩු දින ගැන නොදන්න කතා බහට හරි අකමැති මගේ හොඳ බොසා නිතරම නීතියට සිටින බඩේ ගින්න නොම හඳුනන ඔබත් එක්ක වැඩ කළෙ මම කරුමෙටද බොසා සෙනෙසුරාද ඉරිදත් වැඩ පොහොය නත්තලේදිත් වැඩ කරන්න අප යොමු කරවයි අපේ හොඳ බොසා කෝඩිං ලියපං කොල්ලෝ අතුපතු ගාපං කොල්ලෝ ලෙක්චස් කරපං කොල්ලෝ කියයි මට බොසා පරි සමාප්ත අර්ථයෙන්ම බොසා ඔබ ...
අලියාගේ ගූ කඳ සහ විදානේ මාමාගේ සෙනෙහෙ කඳ හිස් අහස අපි පොඩි එවුන් සන්දියේ අපේ ගමේ විදානේ මාමලාගේ ගෙදර අලියෙක් හිටියා . අලි ඇතත්තු ඇති කරන්න තරම් විදානේ මාමා ගජ පෝසතෙක් නෙවේ . ඉතින් ඒ ලොකු අලියත් විදානේ මාමගෙ නෙවෙයි . විදානේ මාමා කවලා පොවලා දරුවෙක් වගේ හදාගත්තත් ඒ හෙණ ලොකු අලියා අයිති වුණේ අපේ ගමේ තිලෝක මුදලාලිට. ගමේ ලොකු පෝසතෙක් වෙච්චි තිලෝක මුදලාලි කොන්තරාත් වැඩ කළා එයැයිට ලී ...
චියර්ස් රත්තරන් ..!! හිස් අහස "බොන්න එපා අනේ !!” එයා මගේ කනට ලං වෙලා හැමදාකම කෙඳිරිගාන ඔය බොන්න එපා බයිලේ මට ඉතින් ඇහිලාම වෙරි වගේ .ඉස්සර බීමට ජීවිතේම පුදලා හිටිය මම අද වෙනස් . ඉස්සර ටිකක් විතර වැඩියෙන් බීපු මම අද වෙනකොට මම සාමාන්‍ය පුද්ගලයෙක් තරම් යාන්තමට මත් වෙන කෙනෙක් විතරමයි . ඉතින් ඒවගේ තත්වයක් යටතේ එයා මාව අවීශ්වාස කරන එක මට දරාගන්න අමාරුයි ...
තල්පේ ගුරාගේ ඉනා බේත හිස් අහස බොහෝම ඉස්සර කාලෙක මම මේ ජීවත් වෙන පළාත යන්තර, මන්තර, ගුරුකම් අන,වින, කොඩිවින ආදියෙන් පිරිනු පළාතක් . යක්ෂයෝ, ප්‍රේතයෝ ආදී මනුස්ස නොවන කට්ටියත් මේ පළාතේ මුල් පදිංචි කාරයෝ වෙලා හැම ගහක් ගලක් ගානෙම අරක් ගෙන හිටියාලු .ඒත් කාලය ටිකෙන් ටික ගෙවිලා යද්දී ඔය කියන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල පල්ලට ගියා වගේම මේ පළාතේ හිටි අමනුෂ්‍යයෝ ටිකත් කාලයත් එක්ක නැති ...
සොඳරි හඬා වැටුණු එක් මූසල රාත්‍රියක්..! හිස් අහස එදා දවස පුරාම පොද වැස්ස වැටෙමින් තිබුණා මතකයි. කුප්පි ලාම්පුවේ එළියෙන් ලොක්කයියයි මායි දාං අතක් අදිමින් උන්නා. අම්මයි , නැන්දයි දෙන්නා කුස්සියේ දුම් ගහමින් රෑ කෑම වේල උයනවා .වෙලාව රෑ අටත් පැනලා ..එක පාරටම මහ වත්ත පැත්තෙන් ඇහුණේ මහා මල මූසල මුස්පේන්තු හඬක් . !! බඩ පපුව හීතල කරගෙන යද්දී අපි දෙන්නම එක පිම්මේ දුවලා ගිහිං නතර වුණේ කුස්සියේ ...
උපන් ගෙයිම මියැදුණු මගේ ඉංග්‍රීසි ඉගනීමේ සිහිනය හිස් අහස "හපෝ එහෙමත් භාෂාවක් !” ඔය වචනේ මගේ කටින් සිය වරකට වඩා පිට වෙලා ඇති, දහස් වාරයක් හිතෙන් කියලත් ඇති . ඒත් මම තවම මෙතන වැතිරිලා . ඉංගිරීසි කියන ටොන් ගානක බර මගේ කර මත පැටවිලා . මට කිසිම දවසක මේ ඉංගිරිසිය හරිගස්සා ගන්නේ නැතිව නැගිට ගන්න බැරි වේවි . එහෙම හිතෙන වාරයක් පාසා "හපෝ එහෙමත් භාෂාවක් !” කියලා මට ...
ගුලිය නුඹ හිස් අහස බෙහෙත් බඩු කඩේකින් පුංචි මුදලට රැගෙන දවටනේ ඉවත් කර කටේ දාගෙන සෙමින උඩු තල්ලේ තියාගෙන නිරන්තරවම උරන ගුලිය නුඹ ගුලිය නුඹ පිරිමි දුක් ගිනි නසන පහේ ටොපි වෙලා ටික කලක් නුඹ රජ කලේ සකල දුක් නසා අප හක්ක තුළ දඟ කලේ දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ අපේ කරුමෙටයි නුඹ හතළිහට වැඩි කලේ පැණි රසද ඇඹුල මැද තිත්ත ...
වල් ඌරෙක් කියූ කතාවක් හිස් අහස සුද්දප්පු මාමලෑ ගෙවල් තිබුණේ අපේ ගම මායිමේ කෙළවරටම වෙනඩ . පොඩි එකා කාලේ පටන්ම නිතර දෙවේලේ හමුවෙන මනුස්සයා වුණාට සුද්දප්පු මාමා එක්ක මුලදී නම් මයෙ වැඩි ඇයි හොඳයියක් තිබුණේ නෑ . ඒ වුණත් ඉතින් සුද්දප්පු මාමාගේ ලොකු පුතා රත්නසිරියා නම් මගෙ හොඳ ගජයෙක්. ඒක නිසා කාලයත් එක්ක සුද්දප්පුවා මට උගේ පුතෙකුට වගේ සලකන්න පටන්ගත්තා .මමත් ඒ මිනිහට මයෙ නෑයෙකුට ...
කක්කුස්සියේ ඉපිද බස් නැවතුම්පළෙන් අවසන් ගමන් ගිය මගේ පළමු පෙම් පත හිස් අහස මම නවය වසර පන්තියේ ඉගන ගන්න කාලේ .ඒ පන්තියටම හිටපු සීදේවි පෙනුමක් තිබුණු එකම කෙල්ල තමයි උංගි . පන්තියේ හිටපු කෙල්ල්ලෝ බොහෝම දෙනෙකුගේ සරීර කූඩු නිකම් ලබ්බට කෝටු ගැහුවා වාගේ අවලක්ෂණ වුණත් . උංගිට නම් බෝම හැඩ රූ සපුවක් තිබුණා .හරියටම ඉදිච්චි දෙළුම් ගෙඩියක් වගේ.උංගි ගේ මූණ රෝසපාටයි, ඇඟ සුදුම සුදු පාටයි . ගිනි කූටක අවුව වැටෙන අපේ ගම් ...
පැණියා සෑර් ගේ බඹර වදේ . හිස් අහස මීට අවුරුදු කිහිපයකට උඩදී මම ඉස්කෝලේ යන සන්දියේ සිද්ධ වෙච්ච මේ කතාව කාලයත් එක්ක මගේ හිත ඇතුලෙම වැළලිලා ගිහින් තිබුණා . මගේ හොඳම මිත්‍රයෙක් මේ කතාව මට ඊයේ පෙරෲර්රේදා දවසක ආයෙමත් සිහිපත් කළායින් පසුව මම හිතුණා ආයේ අමතක වෙලා යන්න කලියෙන් මේ කතාව ලෝක වියාප්ත ජාලයේ බිත්තියක අලවලා දාන්න . එතකොට මම හිටියේ ඉස්කෝලේ දොළහ වසර පන්තියේ. ඒ තමයි ...
ඉංගිරිසිය බැරි හන්දයි මම මේ ලෙස බලු වුණේ හිස් අහස හෙල බස දැන පර තෙරටම ඉංගිරිසිය නොම දැනේ පෙර දිනයක උන්නයි මම ගමක දිවිය ගෙවමිනේ වේග තැපෑලෙන් දිනයක ලැබුණයි ලියුමක් මට ඉල්ලුම් කල රැකියාවක පළමු පරික්ශනයට දහස් ගණන් මල් පිපුණා මගෙ සිංහල හිත මත ඉතින් බොළඳ හිත හැදුණා යන්නට නගරය වෙත සියක් පැතුම් පොදි බන්දා සියක් පැතුම් සිත දරා මවුතුමියට මම වැන්දා ෆයිල් එකත් අත දරා බුදු සරණයි මගේ ...
මහ වරුසාවට හේදුණු පළමු ප්‍රේමයේ මතකය. "ධනංජනී" හිස් අහස එදා ඔක්තෝබර් මාසේ 15 වෙනිදා . වෙලාව උදේ දහයට විතර ඇති .වටින් ගොඩින් අහස කලු කරගෙන ටිකක් විතර තදින් වැස්සකුත් වැටෙමින් තිබුණා . හොඳට නොතෙමී ඉන්නට තරමට ලොකු කුඩයකුත් ඉහළ ගත්ත මම ඒ වැස්සෙම ටවුන් එක පැත්තට ගියා . කුඩේ නිසා මගේ දණහිසෙන් ඉහළ කොටසට වතුර බින්දුවක්වත් ඉහුණේ නෑ ඒත් කකුලේ ඇඟිලි නම් දියබුං ගහමිනුයි හිටියේ . සපත්තු ඇතුළට ...
කාපට් පාරට පෙම් බැඳි අප්පු හාමි හිස් අහස ගමේ හරක් බලන එකයි කුලියට වැඩ කරන එකයි ඉඳ හිට පොල් කඩන එකයි මගෙ රැකියාව ආප්පු හාමි නමයි මගේ ඇල ළඟ පැල් කොටේ මගේ ගෙවෙණා ජීවිතේ මගේ මට එපා වෙලා ගමෙන් එපිට යන්න හිතයි වෙනසක් දැක ගන්න හිතයි සල්ලි මිටි බඳින්න හිතයි දිවිය පුරාම එහේ දිවිය හරි සැපයි ලු හමනා සුළඟද සැපයි ලු හිඟමන් යැද්දත් සැපයි ලු කොළඹ ජවිතේ බෝඩිමක් ...
ගාමනී චිත්‍රපටියේ නොතිබුණු , ගෝනගල ගමේ සැඟව ගිය ඇත්තම ආදර කතාව 2 හිස් අහස පලවෙනි කොටස "පිස්සුද බං . මම ඒකිට මීටර් හතරක් විතර පරතරයක් තියාගෙනයි හැම වෙලාවෙම හිටියේ . උඹ දන්නවානේ අපේ ගමේ බුවාලගේ හැටි ! කෙල්ලෙකුගේ ඇඟේ වැරදීමකින් හැප්පුණත් ඇති පදයක් හදන්න . උඹට මතකද ඒ කාලේ කෙල්ලක් සහ කොල්ලෙක් අතරේ "ඔයා" කියන වචනේ හුවමාරු වුණොත් වෙන දේ ?” "දන්නවා දන්නවා !! උඹ ඔය රට බයිලා නොකියා කතාව කියපන්කෝ" "මම දවස් ...
ගාමනී චිත්‍රපටියේ නොතිබුණු , ගෝනගල ගමේ සැඟව ගිය ඇත්තම ආදර කතාව හිස් අහස http://www.ticketslk.com/movies/217/show_movie මම මීට දින කීපයකට උඩදී අපේ එහා ගමේ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගාමනී චිත්‍රපටිය බැලුවා .ඒත් ඒ චිත්‍රපටිය තුළ තිබුණේ මගේ ගමට හුඟක්ම සමාන පරිසරයක් විතරයි . චිත්‍රපටියේ පළමු විනාඩි විස්ස නම් සියේට සීයක්ම ඇත්ත සිදුවීමක්. ඒත් අනික් ටික කතාවක්ම විතරයි . . අම්පාර ගෝනගල ගමේ සිද්ධ වේච්චි ඔය අහස පොළව නුහුලන සිදුවීම ඇතුළේ තරමක් වෙනස් ආදර කතාවකුත් ...
හිස් අහසට අවුරුද්දක්. ඉතින් මේ සැලියුට් එක ඔබටයි ! හිස් අහස මේ යන්තම් වදින හිරිකඩ එදත් තිබුණා මතකයි . ජනේලෙන් එහා වැටෙන වැහි වතුර බින්ඳු දිහා බලාගෙන මම පරිගණකය ගාව වාඩි වුණත් මට මතකයි . ජීවිතේ හැටි.....! වෙනදා වගේම පුරුදු විදිහට එදත් බ්ලොග් කියවමින් යන අතරර මටත් හිතුණා බ්ලොග් එකක් ලියන්න නිකම්ම නෙවේ. අමු සිංහලෙන්ම. ඉස්කෝලේ යන කාලේ මොන විෂයට මම අකමැති වුණත් සිංහල විෂයට නම් මම ඉහළින්ම කැමතියි . ...
ගුස්ති ඇල්ලීම සහ රෙදි ගලවං පාරේ යාම හිස් අහස උතුරු වැවුගම්පත්තුව ..! ඒ තමයි මම ජීවත් වෙන ඉසවුව. ඔය ඉසවුවේ ජීවත් වෙච්ච මිනිස්සු හැමදාමත් තනි වචනයක් තියාන උන්නු මිනිස්සු..! ගලේ ගහලා ඇහුවත් කටේ තිබුණෙම එක වචනයයි !. මේ ඉසවුවේ මිනිස්සු කවදාවත් කරන්න බැරි දෙයක් පොරොන්දු වුණේ නැ ! ඒ වගේමයි දුන්නු වචනයක් කිසිමදාක වෙනස් කළෙත් නෑ ! අපේ ගං තුලානේ හිටි තනි වචනේ මිනිස්සු අතරේ නිතරම දකින්න ලැබුණු ...
පේදුරු මුත්තාගෙන් ලද අරුම පුදුම තෑග්ග ! හිස් අහස මගෙ පුංචි සන්දියේදී මම උන්නු ගමේ කෙළවරකට වෙන්න මහා සද්දන්ත නුග ගහක් තිබුණා . ඔය ගහේ වයස හරියටම මට කියන්න බැරිවුනත් මගේ ගමේ උන්නු පරණ මිනිස්සු බොහොමයක් දෙනා තමන්ගේ ළමා කාලේ ගැන සඳහන් කරද්දී ඔය මහා ගහ ගැන නිතරම කීව හැටි මට මතකයි . දන්න කියන හැමෝම ඒ මහ ගහ හැඳින්නුවේ "මහ නුඟේ" කියලයි පහළට එල්ලි එල්ලී තිබිච්චි දිගම ...