Facebook කපුවා ගේ කතාව හිස් අහස මම දන්න කියන මගේ යාළු මිත්‍ර හැත්ත වරිගෙ එවුන් කාටත් කලියෙන් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගත්තේ මම . ඉස්සර ෆේස්බුක් ගැන කොච්චර කීවත් ෆේස්බුක් කියන්නේ මොකක්ද ඒකෙන් වෙන්නේ කරන්නේ මොනවාද කියලා මගේ යාළුවන්ට තේරුම් බේරුම් කරලා දෙන්ඩ මට බැරි වුණා . උන්ට ෆේස්බුක් ගැන උනන්දුවක් තිබුණෙම නෑ . ඒත් අද වෙනකොට තත්වේ බොහොම වෙනස් . ෆේස්බුක් ගැන නොදන්න වැඩිහිටියෙක්වත් අපේ ...
මේඩින් චයිනා අවසන් කොටස හිස් අහස පලමු කොටසට මෙතනින් මාපිලා බෝක්කුව යට පෙරාපු මත් වතුර වල උකු ගතිය වැඩි නිසාම බෝතල් දෙක ඉවර වෙනකොට දෙන්නෙක්ම කට් වුණා . අපි කාටත් වඩා මාපිලා පානය බීපු චීනත් චීන සරුංඟලයක් වගේ ඔහේ කරකැවෙමින් උන්නා.තව මොහොතක් ගිය තැන මගෙත් ඔළුව කැරකැවෙන්න ගත්ත නිසාම මමත් බීම නතර කලා . මාව අනුගමනය කල අනෙක් එවුන් හැමෝමත් තමන්ගේ ප්ලාස්ටික් කෝප්ප පොඩි කරලා වීසි ...
මේඩින් චයිනා හිස් අහස මේ කතාව ලියන්න පටන් ගත් දිනය 2013 පෙබරවාරි මාසයේදී බව සලකන්න දැයට කිරුළ ප්‍රදර්ශනේ මේ වතාවේ පැවැත්වෙන්නේ අපි ඉන්න ඉසවුවෙලු . ටවුමේ හයි කරාපු සද්දන්ත බෝඩ තඩියක එහෙම ලියලා තිබුණා . ඉතින් මේ පළාතේ බොහොමයක් දෙනාට වගේම මටත් සතුටු හිතුණා . සමහරු නම් තුහ් නෙද්දකිං කියලා කෙළ ගැහුවා ඒත් වැඩි මනක් දෙනා වගේම මමත් දැයට කිරුළට නම් එකෙන්ම මනාපයි . ...
සවළෙන් ගහන්නට හිතුණා නුඹට නඟේ හිස් අහස පහු ගිය මාසයක එක දවසක හැන්දෑ වරුවක ජයසේන අත්තගේ තේ කඩේ දී යාළුවෝ කීප දෙනෙක් එක්ක කයිය ගහලා මම ගෙදර ආවේ හවස හයත් පැන්නායින් පස්සේ . මම ගෙදර අවුදිල්ලා වතුර ටිකක් නාගන්න හදන කොටම වාගේ මට කෝල් එකක් ආවා . "සඳරු මම අජිත් ." "කියහන් අයියේ .. " "මල්ලි අපේ අම්මට හොඳටම අමාරුයි බේත් ගන්ඩ සල්ලි වියදම් වුණා. මම ...
සවළෙන් ගහන්නට හිතුණා නුඹට නඟේ ! හිස් අහස පහු ගිය මාසයක එක දවසක හැන්දෑ වරුවක ජයසේන අත්තගේ තේ කඩේ දී යාළුවෝ කීප දෙනෙක් එක්ක කයිය ගහලා මම ගෙදර ආවේ හවස හයත් පැන්නායින් පස්සේ . මම ගෙදර අවුදිල්ලා වතුර ටිකක් නාගන්න හදන කොටම වාගේ මට කෝල් එකක් ආවා . "සඳරු මම අජිත් ." "කියහන් අයියේ .. " "මල්ලි අපේ අම්මට හොඳටම අමාරුයි බේත් ගන්ඩ සල්ලි වියදම් වුණා. මම ...
කොලනි කාරයෝ. අවසන් කොටස හිස් අහස අදට හිස් අහස බ්ලොග් එක ලියන්න පටන් අරගෙන අවුරුදු තුනක් වෙනවා. මේ වෙනකම් බ්ලොග් එකට ආපු ගියපු කියෝපු හෑම කෙනෙකුටම ස්තූතියි !! කොලනි කාරයෝ කතාවේ පහුගිය කොටස් නොබලපු අය ඉනවා නම් මෙහෙන් ගිහින් ඒ කොටස් කීපයත් බලලාම අවසන් කොටසට එකතු වෙන්ඩ 1 කොටස 2 කොටස " නළු බට්ටෝ බැහැපියවු බිමට .තොපිත් එක්ක මට ගනුදෙනුවක් බේරගන්ඩ තියෙනවා" නාට්‍ය බලමින් උන්නු ...
කොලනි කාරයෝ. 2 කොටස හිස් අහස පලවෙනි කොටසට "අපිත් සංවිධානය කරමු වේදිකා නාට්‍යක් මම ගොඩ කාලෙකට කලින් ලියවුව නාට්‍ය පිටපතක් තියනවා .. අද මේ පන්තියේ ඉන්න මේ ගෑනු දැරිවියෝ තුන් දෙනයි මේ කොල්ලෝ කට්ටියයි විතරක් ඒකට සම්මාදම් වුනානම් ඇති .නාට්ටිය හොඳට සංවිධානය කෙරුවොත් ,හොඳට රඟපෑවොත් මම හොඳවයින් ලකුණුත් දෙනවා ..තව දෙයක් අහගනියවු.. අපේ නාට්‍යයේ නම තමයි.."කොලනි කාරයෝ" හෙනං උඹලා හැමෝම ලැහැත්ති වෙල්ලා නළුවෝ වෙන්ඩ..” "නියමයි ...
කොලනි කාරයෝ හිස් අහස මේ ලියැවෙන කතාව සිද්ධ වෙච්චි දින වකවානු ආයේ ආයේ මතක් කරන එක මල කරදයක් නිසා මම ලේසියට මෙහෙම කියන්නම්..ඒ මාව ඉස්කෝලෙන් බලෙන්ම දොට්ට දමාපු අවුරුද්ද... කෙටියෙන්ම කීවොත් .. ඒ මම දොළහ වසරේ ඉගෙන ගත්තු කාලේ ..මම ගියවුව ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්වාපු ගුරුතුමී එතුමියගේ දුෂ්කරක්‍රියා සමය නිමා කරලා අපෙන් සමු අරගෙන එතුමියගේ ගම් පළාතේ ඉස්කෝලෙක වැඩ බාරගත්ත දවසේ පටන් අපේ ඉංග්‍රීසි ...
රාළහාමි හිස් අහස ටවුමට යන අතර මහදී පාරෙ අයිනේ පුංචි ගෙදරක උන්නු මන්දමානසික කොල්ලෙක්ව මම නිතරම දැක්කා .ඌ මට වඩා වයසින් සෑහෙන්න වැඩිමල් වුණත් මනසින් යාන්තමටවත් මෝරලා නැති ඌ බොහොමයක් වෙලාවට පාර අයිනට වෙලා පාරේ යන වාහන දිහාවේ කට ඇරගෙන ඔහේ බලාන හිටියා. ළඟකදී ඉඳන් මම බයික් එකකින් ටවුන් යන විටදී මම ඒ මන්ද මානසික කොල්ලා පාර අයිනේ ඔහේ බලාන ඉන්නවා දැක්කොත් ...
ඔයා නිසා මට බඩත් ගියා හිස් අහස මම අරක්කු බොන්න පටන්ගත්තේ ඉස්කෝලේ දහය වසරේ මුල් කාලයේ හෝ නවය වසරේ අග කියලා තමයි මගෙ මතකයේ තියෙන්නේ . මගෙත් එක්ක එකට උන්නු යාළු මිත්‍රයෝ නොසෑහෙන්න මත්පැන් කෙළින හැටියට මම නිතරම හිතුවා මම කොයිතරම් දුරට බීමෙන් පාලනය වුණ එකෙක්ද කියලා .ඇත්තටම මට බොන්න ඔනෑ වුණේ , මල ගෙදරක ,මගුල් ගෙදරක සහ ඇස්ටොං ගෙදරක ගියාම එහෙමත් නැතිනම් දවසෙම වැඩකරලා ඇඟපත ...
රණවිරුවෙකුගේ වම් කකුල . හිස් අහස මේ සිදුවීමට මම මුහුණ දීලා දැනට මාස තුනක් විතර ඇති . සිද්ධියක් වෙච්ච ගමන්ම ඒක ලියන එක මට කොහෙත්ම කරන්න බෑ ඒ සිද්ධිය මාස ගකීපයක් හිතේ තැම්බිලා ගානට පදම් වුණාට පස්සේ තමයි මට ඒ සිදුවීම අකුරු කරන්න හිතෙන්නේ . මම හිතන්නේ ඒ මම හිතන්නේ ඒ මැයි මාසේ . අවුරුදු කාලා අතේ සතේ නැති මැයි මාසේ කියන්නේ මට වගේම කාට ...
කුප්පයා හිස් අහස ජොබකුත් නැති එකේ එකේ මේ දවස් වල උදෙන්ම නැගිටලා වැඩක් නෑ . උදෙන්ම නැගිට්ටොත් මම යාළුවොත් එක්ක අයිලේ යාවි කියලා බය හිතිලාද මන්දා අම්මා වුණත් මම දවස පුරාම නිදාගන්නවාටයි කැමති . ඉතින් කාගේවත් හිරිහැරයක් නැතුව මද්දහනේ ඉර එළිය ඇඳට වැටෙනකම් මම නිදියෑවා . පහුගිය සතියේ මැද දවසක නම් මම උදෙන්ම ඇහැරුණේ ගෙවල් දෙකකට එහෑ කළු මාමා මොර දීලා කාටදෝ ...
අභ්‍යවකාශයේදී අතුරුදන් වූ ආදායම් බලපත්‍රය හිස් අහස දාහතේ කොලනියට ඒතරම් හඳ එළිය වැටිච්ච නැති එක දවසක මමයි රිපිටයි දෙන්න කිරි ඉබ්බෝ දෙන්නෙක් තුන් දෙනෙක් අල්ලගන්න හිතාගෙන ඇල දිගේ පහළට ගියා . චිකන් කන්න අතේ මිටේ සල්ලි හිඟ කම නිසාම මේ කොලනි කීපයේම මිනිස්සු ඉබි මස් නම් බෑ නොකියා දෙසා බෑවා . මම වුණත් එහෙමයි . හරක් මස් කටේ තොලේ ගෑවෙනවාට පවා අකමැති මම ඉබි මස් කන ...
කුණ්ඩවාලයක් පාත් වුණදා හිස් අහස තැපැල් කන්තෝරුවේ වැඩ කරවුව දාස මාමලෑ ලොකු පුතා රණවීර අයියා මගෙත් එක්ක තරහ වෙලා දැන් මාසෙකටත් වැඩියි . කාලෙකට කලියෙන් මට පණ වුණත් දෙන්න තරම් ලෙංගතු එකෙක් වෙලා උන්නු රණවීර මුලින්ම මා එක්ක තරහ වුණේ මම උන්ගේ ගෙදර උන්නු කම්මැලි නාකි බල්ලට නරියා කියලා කොලොප්පමක් කළ දවසෙයි . එදා මම විහිළුවට කීව කතාව ගෝරියක් දක්වාම ඇදිලා ගිහින් නැවතුණේ රණවීර ...
ලක්ෂ පනහක සුවඳ. අවසන් කොටස හිස් අහස පලමු කොටසට එදා අපේ හමුවීමෙන් පස්සේ දවස් තුනක් නිකම්ම ගෙවිලා ගියා. ඔය ගෙවිලා ගිය කාලෙදී මම හීනෙන් නම් කෝටිපතියෙක් වෙලා ආතල් ගත්ත වාර ගණන නම් අනන්තයි අප්‍රමාණයි . ඒ දැක්ක හීන ඇතුලෙම ජීවත් වෙන්න තිබුණාම කොයිතරම් හොඳද කියලා නින්දෙන් අහරින අහරින වාරයක් පාසා හිතට දැනෙනවා. රුක්මන් මහත්තයා සුබ නැකතක් බලලා යොදාගෙන තිබුණු දිනේ උදා වුණා . එදා උදේ රුක්මන් ...
ලක්ෂ පනහක සුවඳ හිස් අහස කාලෙකට පස්සේ ලියන යන ලියවිල්ල මට හරිම නුහුරුයි . මාස දෙකක් විතර ලිවිල්ලෙන් ඈත් වෙලා වෙන මල ඉලවු බදාගෙන ඉඳලම මගේ මේ අත් දෙකට කී බෝඩ් එක දැනෙන්නේ බොහොම නුහුරට . ඒ විතරකම නෙවෙයි මේ ලියන්න යන කථාවත් කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා මට හිතාගන්න බෑ . මේ කතාව ලීවට පස්සේ මේක කියවන අය මේකෙ ඇත්ත නැත්ත ...
කංසා කෝපි කඩේ හිස් අහස ගමේ කෝපි කඩ කීපයක්ම තිබුණත් හැනිබල් මාමගේ කඩේට එන තරම් සෙනගක් වෙන කිසිම කඩේකට ආවේ නෑ . අනෙක් කඩවල් වළට යන්තම් පොඩි එකෙක් දෙන්නෙක් සීනිබෝලයක් ගන්න ආවා ගියා විතරයි. ඒත් හැනිබල් අප්පු මාමට නම් උන්දැගෙ කඩේ ඇතුළේ පිරිලා උන්නු සෙනග හන්දා කන්ඩ බොන්ඩ වත් වෙලාවක් තිබුණේ නැති ගානයි . ගංසභා පාර දිගේ කෙලෝරටම ගියාම හැනිබල් මාමගේ කෝපි කඩේට ගොඩවැදුණහැකි ...
බතලයෙකුගේ කතාවක්. 3 හිස් අහස පලමු කොටස දෙවනි කොටස රුවන් අමාලිගේ කිට්ටුවට යනකොටම අමාලිගේ මූණ හිනාවකින් පාට වැටුණ හැටි මම දුර උන්නට හොඳටම දැක්කා . මට දැන් විශ්වාසයි මේ කෙල්ල හිඹිජ්ජි වගේ හිටියට අපේ රුවන් බතලයා ගැන මොකක් නමුත් කැක්කුමකින් ඉන්න බවට . කෙල්ලො කියන ජාතිය ඔහොම්මයි කාලා බැලුවත් කොහොමවත් තේරුම් ගන්න අමාරුයි . රුවන් විනාඩි පහකට වඩා අමාලිත් එක්ක කතා කරමින් හිටියා අමාලිගේ දෙපස ...
බතලයෙකුගේ කතාවක් 2 හිස් අහස පළමු කොටසට මෙතනින් අනුන්ගේ කෙටි පණිවිඩ තියා මයිලක් දිහාවත් හොරෙන් බලන එක වැරදියි . ඒත් දැන් රුවන් ගැන මට වගකිමක් තියනවා . සල්ලි සාගරයක් වියදම් කරලා තිලකේ මාමා මේකට උගන්වන්න හදද්දී මූ කෙල්ලෝ පස්සේ ගිහින් ඉගනීම හාල් කරගත්තොත් තිලකෙයා ගේ පපුව පැලෙයි ඒක හන්දම මම උඩින්ම තිබුනු කෙටි පනිවිඩේ අමාරුවෙන් කියවන්න වුණා . “මේ හලෝ අපෙ අයිය දැනගත්තොත් ඔයාගේ ...
බතලයෙකුගේ කතාවක් හිස් අහස එදා හැන්දෑ වරුවේදී මම ගෙදර දිහාවට එද්දී තිලකේ මාමා අපේ ගෙදර සාලේ පුටුවක වාඩිගෙන ටීපෝ එක උඩ තිබුණ පත්තරයක් කියවමින් උන්නා . උන්දැගේ කකුල් දෙක ලඟ වැටිච්ච බිස්කට් කුඩු කන්න ඕනෑ හන්දම අපේ ගෙදර උන්නු පූස් තඩියත් ඒ ලඟම දවටෙමින් උන්නා . “මේ යකා අවේලාවේ මොකට කඩා පාත් වුණාද මන්දා” හිතෙන් හිතන දේවල් පිටට ඇහෙන්නේ නැති නිසාම හිතෙන් බනිමිනුයි ...