මහින්දගේ පිටපත සහ ජ.වි.පෙ ඇතුල්පත මධ්‍යස්ථානය ජ.වි.පෙ. කටුවන දි පැවැත්වූ ජන හමුවකට ගීගන ගමගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරෙ යන ත්රස්තවාදියා, ඔහුගේ ත්‍රස්තවාදී ගෝල පිරිසක් ද රැගෙන විත් පහර දී දේපල හානි සිදු කර එම ජන හමුවට සහභාගි වූ ජ.වි.පෙ. සාමාජිකාවක් හා එයට පැමිණි අවු. 18 ක් පමණ වයසැති තරුණයෙකුට ද වෙඩි තබා ඝාතනය කර තිබූ බව පුවත්පත්වල සඳහන් විය. ජූලම්පිටියේ අමරේ අවු. 09 ක් පුරා වරෙන්තු ...
අනාගත ලංකාව! මධ්‍යස්ථානය පසු ගිය දිනක ESPN වෙබ් අඩවියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන සමග ඇමෙරිකානු ජාතික ක්‍රීඩා රචකයකු වන රයිට් තොම්සන් විසින් කල සාකච්චාවක් පල වී තිබිණි. තොම්සන් ට මහේල ව මුණ ගැසී තිබුනේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිය බිරිඳ සමග තේ පානය කරමින් සිටින අතර තුරයි. ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ පුළුල් ඓතිහාසිකත්වය තුල තබා කියවීමට මහේලගේ අත්දැකීම් යොදා ගැනීමට මෙම රචනය ...
කොමියුනිස්ට් උපන්‍යාසය කියන්නේ කුමක්ද? මධ්‍යස්ථානය ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරය විසින් ලංකාව තුල ඇති කල හැකි විනාශය පිළිබඳව මහජන සාකච්චාවක් ඇති කිරීම පිළිබඳව ජන අරගල ව්‍යාපාරය ඇතුළු සංවිධාන කීපයක් සමග අප සාකච්චාවක් පැවැත්වීම පිළිබඳව දීප්ති කුමාර ගුණරත්න මහතා ගේ කණ්ඩායම බොහෝ සේ කලබල වී ඇත. අප පිළිබඳව අර්ථ විරහිත මඩ ගැසීම් නොකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන් එය පිළිගන්නේ නොමැති නිසා අපට කලින් කලට මෙවැනි දේ ...
ද.දේ.නි. අධ්‍යාපනය සඳහා සියයට හයක් : මනඃ සෘෂ්ටියෙන් සැබෑ වැඩසටහනක් දක්වා මධ්‍යස්ථානය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය සිය දශක තුනක පමණ ඉතිහාසය තුල ඇරඹු වෘත්තීය සමිති අරගල හතරෙන්, පසු ගිය සතියේ අවසන් වූ අරගලය තමයි භෞතික වශයෙන් ලැබූ ප්‍රතිඵලයකින් තොරව අවසන් වූ පළමු අරගලය. නමුත්, අනෙක් අතට මෙම අවසාන වෘත්තීය අරගලය හේතු දෙකක් නිසා විශාල ලෙස වැදගත් වෙයි. පළමුවෙන්, මෙය තමයි විශ්ව විද්‍යාල ගුරුවරුන් විසින් සිදු කල පළමු වැඩ වර්ජනය. ...
තාරාවෝ ඉගිලෙති මධ්‍යස්ථානය ගල්කිස්ස පොලීසිය විසින් “ගණිකා” නිවාසයක් කළමනාකරණය කිරීමක් සම්බන්ධ බව පවසා මට විරුද්ධව චෝදනා ගොනු කොට අගෝස්තු 11 දින අත් අඩංගුවට ගෙන (එම අවස්ථාවේ එහි වෛද්‍යවරයෙක් නොසිටි නිසා) රිමාන්ඩ් දින 07 කට පසුව (එයද උසාවිය නොපැවැත්වෙන දින නිසා) අගෝස්තු 20 දින මා වෙනම වත් එම ආයතයේ සිටි සේවාදායකයින් 06 දෙනාමත් නිවැරදි කරුවන් ලෙස උසාවියේ පෙනී සිටීමෙන් පසු නඩු දිනයක් නියමව ...
'විවෘත අභියෝගය' පිලිබඳ මතක් කිරීමයි! මධ්‍යස්ථානය පසුගිය 25 වෙනි දා දීප්ති කුමාර ගුණරත්න මහතා ඔහු සමග ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් නිර්මාල් හට අභියෝග කරන ලදී. එම අභියෝගය නිර්මාල් විසින් බාර ගන්නා ලද අතර මේ සඳහා සංවිධාන කටයුතු කිරීම පිළිබඳව නිර්මාල් පාර්ශවය වෙනුවෙන් වංගීස ඉදිරිපත් වී ගුණරත්න මහතාගේ නියෝජිතයෙක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් ද කළේය. මේ පිළිබඳව දැනුම් දීම සඳහා පල කල සටහන ෆේස්බුක් මගින් හුවමාරු කරන ...
රොහානියානු සිම්ටමය තව දුරටත් රැගෙන යන දිප්ති මධ්‍යස්ථානය මම ගුණයා ගැන ලියන්නේ නැහැ. ගුණයා අන් අය ගැන ලියපු දේවල් වලින්ම අරගෙන ඵම කන්නාඩියම ගුණයාට හරවන ඵක විතරයි කරන්න තියෙන්නෙ. හිස්ටීරියා පොත පලවීමෙන් පසු “හිස්ටීරියාව” පොත කියවා ඇති කෙනෙක් සිටී නම් හෝ එම පොතෙන් ප්‍රශ්න මතු වී තිබේ නම් එවැනි කෙනෙකු තමන්ට මුණ ගස්සවන ලෙස ගුණයා දිනක් කීවේය. බොහෝ කලක් යනතුරු මට කිසිවෙක් හමු වූයේ නැත. බොහෝ දෙනෙක් ...
ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති මධ්‍යස්ථානය සිය ඇහිබැම ඉවත්කර පාසැලට පැමිණි ශිෂ්‍යාවකට විරුද්ධව විනයානුකූලව කි‍්‍රයාකල ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ශිෂ්‍යාවගේ පියා විසින් පහරදෙනු ලැබීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ සාකච්ඡාවක් පවතී. පොදුවේ දක්නට ලැබෙන බව පෙනෙන්නේ විදුහල්පතිවරයාට පහර දුන් පියාට විරුද්ධ ආකල්පයකි. කොස් වෙතත් මගේ ප්රශ්නය වන්නේ විදුහල්පතිවරයාගේ ක්‍රියාව ගැන සාකච්ඡාවක් අවශ්‍ය නැති ද යන්නයි. විදුහල්පතිවරයාට පහරදෙනු ලැබීම කීප ආකාරයකින්ම වරදක් බව පැහැදිළිය. තමන්ගේ ආත්මාරක්ෂාවට නොවැලැක්විය ...
සක්කෝ උජූ ච සූජූච - සුවචෝ චස්ස මුදු අනතිමානී මධ්‍යස්ථානය දීප්ති කුමාර ගුණරත්න මහතා ඉර හඳ වැඳලා, අත් දෙක නළලේ තියා, අපට පොරොන්දු වන්නේ, නිර්මාල් සම්බන්ධයෙන් ඇති ඔවුනගේ 'විවේචනය' කිසිදු ආකාරයක පෞද්ගලික කෝන්තරයක් නොව සමාජ ක්‍රමයට එරෙහිව සාධාරණ යුතෝපියාවක් යෝජනා කල දේශපාලන සංවිධානයක් පවතින ක්රමයේ සියළු ප්රතිගාමී කුලක වලට වසර 2005 දී පාවා දුන් පුද්ගලයෙකු වෘත්තීය සමිති නායකයෙකු වීම පිළිබඳව ගැටලුවකි යන්නය. මේවාට ප්‍රතිචාර ලෙස අපිට කල හැක්කේ එකම එක ...
නිර්මාල් පසුපස එන්නේ සුදු වෑන් රියක් නොවේ. (ගෝඨාභයත් දීප්ති වගේම නිසා අනතුරක් නැත.) මධ්‍යස්ථානය ''වාසුදේවගේ මැනීමට අනුව නිර්මාල් ට තර්ජනය කරන්නේ ජීවිත අනතුරක් කිරීමට නොව බය කිරීම සඳහා පමණි. වාසුදේව ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන්ද මැන්නේ මේ විදහටම ය. ප්‍රගීත් අදටත් නැත.'' මතේව් - 2.1.3. IV දීප්තිගේ ත්‍රිමාන වෙබ් අඩවියේ ජූනි 26 වන දා පළවු ලිපියක නම "නන්දා මාලනී රතු කැකුලු සහ යෝගට් මිළදී ගැනීම යන්නයි. එම ලිපිය ලියා ඇති අරමුණ කුමක්ද? අන් කිසිවක් නොව නිර්මාල් ...
සත්‍යය යනුවෙන් දෙයක් පවතී ද? මධ්‍යස්ථානය පසුගිය දිනවල පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පිරිසක් සම්බන්ධව එල්ල වූ නිදන් හෑරීම පිළිබඳ චෝදනාවට පොලිස්පතිවරයා විසින් දෙනු ලැබ ඇති පිළිතුර අපූරු එකකි. මෙම පොලිස්පති ප්‍රකාශය දෙස බැලූ බැල්මටම පෙනෙන්නේ එය මෙම චෝදනාව නිසා පොලිස් හා පොදුවේ ආණ්ඩුවේ බලධාරීන්ට එල්ල වී ඇති චෝදනා වලින් වන හානිය අවම කරගැනීම(damage control) සඳහා කරන ලද ප්‍රකාශයක් බවයි. සාමාන්‍යයෙන් කෙනෙකුට චෝදනාවක් එල්ල වූ විට ...
ප්‍රබන්ධ ලෝකය හා යථා ලෝකය අතර සම්බන්ධය ගැන කතිකාවක් = ‘‘පොදු පුරුෂයා’’ නවකතාව ඇසුරෙන් මධ්‍යස්ථානය සුනේත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයා නවකථාවට වර්තමාන සාහිත්‍ය කතිකාව තුළ ලැබී ඇත්තේ මිශ්‍ර ප්රතිචාරයකි. ලංකාවේ දැනට ජීවත් වන වඩාත් බලපෑම් සහගත සාහිත්‍යකරුවා වන ගුණදාස අමරසේකර මෙම කෘතිය පිළිබඳව ඉදිරිපත් කළ අදහස වූයේ එය ‘‘තනිකරම ව්‍යාජයක් බවයි’’ (දිවයින 15-10-2009 සරසවි උයන අතිරේකය) ගුණදාස අමරසේකරගේ අදහස් දැක්වීම කෙටි එකක් වන අතර අදාල කෘතිය ‘‘තනිකරම ව්‍යාජයක්’’ යන මත දැක්වීමට අමතරව එය එසේ වන්නේ ඇයිද ...
විශ්වවිද්‍යාල තුළ අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය මධ්‍යස්ථානය පසුගිය දිනෙක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කරතිබූ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි මාධ්‍යවේදීන්ට කොළඹ විශ්වවිද්‍යාල භූමිය තුළට ඇතුල් වීමට ඉඩනොදීම නිසා ඇතිවූ තත්වය පිළිබඳව ඇතැම් මාධ්‍යවල වාර්තා වී තිබුණි. මෙය අලූත් තත්වයක් නොවේ. පසුගිය වසරේද කොළඹ විශ්වවිද්‍යාලය තුළ මෙවැනිම තත්වයක් ඇතිවිය. මෙම අවස්ථා දෙකේදීම මේ සිදුවීමට අදාලව විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පාර්ශවයෙන් සෘජුව ගනුදෙනු කළ පුද්ගලයා ලෙස මේ සිදුවීමෙන් ...
සරසවි ඇදුරන්ගේ වර්ජනය සහ z ලකුණේ අවුල මධ්‍යස්ථානය "සරසවි ඇදුරන්ගේ වර්ජනය සහ z ලකුණේ අවුල" යන මාතෘකාව යටතේ 'චින්තන පර්ෂදය' විසින් සංවිධානය කරනු ලබන සංවාදයක් හෙට, 2 වෙනි දා, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරය්දී පැවැත්වේ. සංවාදයකට කැමති නම් හවස් වෙලා එන්න ඒ පැත්තට. ...
එන්න දීප්ති, අපි සුද්ද කරමු ටොයිලට් ඒක! මධ්‍යස්ථානය දීප්ති මහතාණෙනි,මේ අභියෝගය මම මීට පෙරත් අන්තර්ජාලයේ සැඟවී සිටිනා චන්ඩියෙකුට කලෙමි. අවංකව කියන්නේනම්, ඔබටත් මට එරෙහිව මඩ ගැසීමට ඇත්තේ, එම අන්තර්ජාල චන්ඩියා කල කරුණු දෙකම පමණක් වීම පිළිබඳව ඇත්තේ කණගාටුවකි. ඔයා හිතනවනන් ලංකාවේ අනිත් මිනිස්සු වගේ මගේ ලිංගික ජීවිතය ගැන ඔයා කියන්න යනකොට මම බියෙන් සලිත වෙලා ඔයා ගාව දනින් වැටෙයි කියල, ඒක ලොකු මුලාවක් (අර රුපියල් ලක්ෂ 12 ...
නිර්මාල් ගේ පෝස්ටර් ඉතිහාසය මධ්‍යස්ථානය දේශපාලනයෙහි එක් චරිත ස්වභාවයක් වන්නේ සතුරන්ගේ පැවැත්මයි. ලිබරල් පාර්ලිමේන්තුවාදය විසින් යටපත් කිරීමට කොතරම් උත්සාහ කලද අව්‍යාජ දේශපාලන අභිමුඛ වීමක් යනු සමාජ සමස්තය තුලින්ම එහි ප්රතිවිරෝදය මතු වන දෙපළුවීමකි. එම නිසා අපගේ දේශපාලන සතුරන් කරන විවිධ ආකෘතියේ මඩ ගැසීම් සම්බන්ධයෙන් ලිබරල් සදාචාරමය ගැටළු නොමැති වෙයි. ඒවා එක්තරා ලෙසකින්, අපගේ දේශපාලනය අපගේ සතුරන්ගේ සාමකාමිත්වය බිඳ දමා තිබේය යන්න අපට පෙන්වන නිර්ණායකයකි. අප ...
දීප්ති කුමාර ගුණරත්න මහතාට විවෘත ප්‍රතිචාරයක් මධ්‍යස්ථානය මම සහ තවත් මිතුරන් කීප දෙනෙකු කලක් පවත්වාගෙන ගිය 'මධ්‍යස්ථානය' නම් බ්ලොග් අඩවිය නතර කර දැමීමට අප තීරණය කරන්නට හේතු කීපයක් තිබිණි. මේ අතරින් එක හේතුවක් වූයේ එම බ්ලොග් අඩවිය තුල අප අනවශ්‍ය පරිදි දීප්ති කුමාර ගුණරත්න මහතා සහ එම මහතාගේ දේශපාලන පක්ෂය ලෙස නම් කරන කණ්ඩායම සමග පැටලීමයි. ගුණරත්න මහතා සමග සංවාද කිරීම අරුත් සහිත වැඩක් නොවේ. ඒ ඔහු ...
බදියු, හේගල් සහ ජාතික චින්තනය මධ්‍යස්ථානය “ඔබලා වැනි කණ්ඩායම් හැමදාම කරන්නේ බටහිර සුදු පිරිමියක් ගැන කතා කරන එක විතරයි නේද? ඩෙරීඩා, ලකාන්, ෆූකෝ ගැන ඉස්සර කතා කරනවා. දැන් දීප්තිලා කියනවා හේගල් තමයි දාර්ශනිකයා, ඔබලා කියනවා බදියු තමයි දාර්ශනිකයා කියල. හැමදාම අනුන්ගේ දේවල් අනුකරණය කරන්නේ නැතුව තමන්ගේ දැනුමක් නිර්මාණය කරන්න හිතන්නේ නැද්ද? අපේ රටේ දේශපාලනය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගොඩ ...
නිර්මාල්ගෙන් නිවේදනයක් මධ්‍යස්ථානය දීප්තිගේ කණ්ඩායම සමග පවත්වාගෙන යන ගෝරිය නැවැත්වීම හොදයි කියන එකයි මගේ නම් අදහස. මේකෙන් දීප්තිටවත් අපිටවත් වෙන කාටවත් සිද්ධවෙන ප්‍රයෝජනයක් නැහැ. දීප්ති ගැන විවේචනයක් අවශ්‍යයි. අපි ඒ ගැන ඕනේ තරන් ලියල කතා කරලත් තියනවා. තව දුරටත් එසේ කිරීම අවශ්‍යයි. නමුත් එය කල යුත්තේ බොහොම සංයමයකින් සහ මේගැන උනන්දුවක් දක්වන අයට බුද්ධිමය හා දේශපාලන වශයෙන් ප්‍රයෝජනයක් අත් වෙන ආකාරයටයි. වැදගත්ම දේ ...
උන්ට-ලොජිකල් ලෙනින්වාදය සහ උන්ට-ලොජිකල් ප්රජාතන්ත්රවාදය මධ්‍යස්ථානය x කණ්ඩායම ලෙස අප පළමු වරට ලංකාවේ ජනප්‍රිය වුයේ 'පශ්චාත් නූතනවාදය' යන්නත් සමගයි. ඇත්තටම එකල අපේ දේශපාලන සංවාදයේ එක් ප්‍රධාන තාක්ෂණික මෙහෙයුමක් උනේ 'අතීත ලංකාව' තේරුම් ගත්ත සංකල්පීය මිනුම් දඬු භාවිතා කල පුද්ගලයන්ට මෙම 'නව ලංකාව' නොතේරීම අවධාරණය කිරීමයි. එමගින් අපේ ප්‍රතිවිරුද්ධ දේශපාලනය ගැන ලියන්නන් යල්පැනගිය අය වීමත්, එයට පරස්පරව අප වත්මන් මොහොත හරියටම තේරුම් ගත් නවීනයන් බවටත් එකවර පත්වෙන ...