අනෙක් අතට ඔවුන් පළමුව 'අභියෝග' කල අවස්ථාවේ පවසා තිබුනේ "තැන,වේලාව,ස්ථානය නිර්මාල්ට තීරණය කළ හැක"කියාය. එසේ පවසා නැවතත් සතියක කාලයක් ඉල්ලා සිටීම පරස්පර උවත්, වැදගත් වන්නේ විවාදය පැවැත්වීම වන නිසා අපි එය ගැටළුවක් කර නොගත්තෙමු. අනෙක් අතට තුෂාර දස්කොන් මහතා විසින් ගුණරත්න මහතාව නිල වශයෙන් නියෝජනය කරන්නේද යන්නත් අපි නිශ්චිතවම දන්නේ නොමැත. මෙවන් තත්වයක් තුල සමහරවිට ගුණරත්න මහතා බලාපොරොත්තු වන්නේ අප විසින් දිනය, වෙලාව සහ ස්ථානය තීරණය කර ඒ පිළිබඳව දැනුම් දීම යන්නත් විය හැකිය.
එම නිසා අපි මේ පිළිබඳව මතක් කිරීම් දෙකක් කිරීමට තීරණය කළෙමු. මේ පළමු මතක් කිරීමයි. දෙවැනි මතක් කිරීම මෙම සතියේ මැද දිනකදී කිරීමට බලාපොරොත්තු වෙමු. එයටද ප්‍රතිචාර නොමැති වන්නේනම්, තුන්වෙනුව අප විවාදය සඳහා දිනය, වෙලාව සහ ස්ථානය නිවේදනය කිරීමට බලාපොරොත්තු වෙමු. තුන්වෙනි සීනුව නාද වෙනවා සමගම වේදිකා නාට්‍යය ආරම්භ වේ. සීනුව හැඬවෙන්නේ කා වෙනුවෙන්ද?
By the way, what/whose is this fabulous painting?
ReplyDeleteIt's a piece by Jeane Myers, titled "She Questioned".
Delete