Untitled Post මධ්‍යස්ථානය සමකාලීන යුරෝපීය දර්ශනයපාර-දේශපාලනික රචනා පිළිබඳවඅපගේ 'කියවන කව' වලට සම්බන්ධ වෙන්න ඔබත් කැමතිනම් ඊ මේල් : madhyasthanaya@gmail.com දුරකථන : 0714391514
මහසෝනා දැක ගැනීමට කැමති අය, මේ පැත්තෙන් එන්න! මධ්‍යස්ථානය එය නිර්මාල් විසින් 1999 වසරේදී ලියන ලද ලිපියකි. නලින් ද සිල්වා විසින් රූපවාහිනී සාකච්චා වට කීපයකදීම ජනයා ඉදිරියේ හෙළි කරනා බවට අනතුරු හැඟවූ ලිපියකි. මෙය පල කිරීමෙන් අපගේ වත්මන් දේශපාලන ආස්ථානයන් දෙදරා යනු ඇතැයි සිතා අප වෙත කොමෙන්ටුවක් සේ යොමු කර ඇති ලිපියකි. 1840 දශකයේ කොමියුනිස්ට්වාදය නම් අවතාරය යුරෝපයේ හොල්මන් කළා මෙන්ම අපව හොල්මන් කරනා මෙම ලිපිය අප ගුරුකමක් ...
ආචාර්යවරුන්ගේ අරගලයට පෙර අධ්‍යාපනය පිලිබඳ ලාංකික සංවාදය තිබුනේ කොතැනද? මධ්‍යස්ථානය මෙයට පෙර අප විසින් පළ කල කෙටි සටහනට බොහෝ දෙනෙකු කුණුහරුප සහිත කොමෙන්ටු විශාල ප්‍රමාණයකින් අපට පවසන්නේ අප සඳහන් කල දෘෂ්ඨිවාදී ජයග්‍රහණය ව්‍යාජයක් බවයි. පළමුවෙන් කිව යුත්තේ, අප මෙම කුණුහරප කොමෙන්ටු පළ නොකරන්නේ අප කුණුහරප වලට බය නිසා නොව, පොදු අවකාශයක් තුල ඉන්නා විට එහි නීති රීති වලට ගරු කල යුතු නිසා බවයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යාපන අරගලයට පෙර ...
ලෝක කුසලානයේ අවසානය සහ ආචාර්ය සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයේ අවසානය මධ්‍යස්ථානය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විසින් මාස තුනකට අදික කාලයක් කරමින් සිටි වැඩ වර්ජනය අවසන් කිරීම පිලිබඳ යෝජනාව කරලියට පැමිණීමත් සමග ෆේස්බුක් එකේ, සහ පොදුවේ අන්තර්ජාලයේ එක එක තැන වල විවිධ කොමෙන්ට් දමන, තමන්ගේ දෛනික ජීවිතය තුල සමාජය සංවිධානය කිරීමට කිසිදු වැඩක් නොකරන නිකමුන් පිරිසක් දැන් 'නැවතත් අරගලය පාවා දී ඇත' සහ 'මෙයින් වූ කිසිවක් නොමැත' කියා විශාල ...
නිර්මාල් ගේ පෝස්ටර් ඉතිහාසය මධ්‍යස්ථානය දේශපාලනයෙහි එක් චරිත ස්වභාවයක් වන්නේ සතුරන්ගේ පැවැත්මයි. ලිබරල් පාර්ලිමේන්තුවාදය විසින් යටපත් කිරීමට කොතරම් උත්සාහ කලද අව්‍යාජ දේශපාලන අභිමුඛ වීමක් යනු සමාජ සමස්තය තුලින්ම එහි ප්රතිවිරෝදය මතු වන දෙපළුවීමකි. එම නිසා අපගේ දේශපාලන සතුරන් කරන විවිධ ආකෘතියේ මඩ ගැසීම් සම්බන්ධයෙන් ලිබරල් සදාචාරමය ගැටළු නොමැති වෙයි. ඒවා එක්තරා ලෙසකින්, අපගේ දේශපාලනය අපගේ සතුරන්ගේ සාමකාමිත්වය බිඳ දමා තිබේය යන්න අපට පෙන්වන නිර්ණායකයකි. අප ...
අනාගත ලංකාව! මධ්‍යස්ථානය පසු ගිය දිනක ESPN වෙබ් අඩවියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන සමග ඇමෙරිකානු ජාතික ක්‍රීඩා රචකයකු වන රයිට් තොම්සන් විසින් කල සාකච්චාවක් පල වී තිබිණි. තොම්සන් ට මහේල ව මුණ ගැසී තිබුනේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිය බිරිඳ සමග තේ පානය කරමින් සිටින අතර තුරයි. ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ පුළුල් ඓතිහාසිකත්වය තුල තබා කියවීමට මහේලගේ අත්දැකීම් යොදා ගැනීමට මෙම රචනය ...
වසන්තේ නිදා උන්, යොවුන් කෝකිලාවුන් වෙනුවෙන්! මධ්‍යස්ථානය විශ්ව විද්‍යාල කතිකාචාර්යවරුන්ගේ අරගලය ට එරෙහිව සටන් බිමට අවතීර්ණ වී ඇති ජාතික චින්තන ගුරු කුලයෙන් මෙම අරගලය සඳහා අපූරු විවේචනයක් එල්ල වෙයි. එනම්, ඔවුන් 'අරාබි වසන්තය' ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බවයි. මේ පිළිබඳව අපට කියන්නට තිබෙන්නේ මෙවැන්නකි. එක්කෝ මෙය විශ්ව විද්‍යාල කතිකාචාර්යවරුන්ගේ වෘත්තීය සමිති අරගලය වෙත ජාතික චින්තන ගුරුකුලය විසින් ලබා දෙන අති විශිෂ්ඨ ගෞරවයකි. නැතිනම්, මෙය ශ්‍රේෂ්ඨ ...
සැබෑ අනුකාරකයන් වන්නේ කවුද? මධ්‍යස්ථානය පසු ගිය ඉරිදා සිය 'දැක්ම' තීරු ලිපිය තුල නලින් ද සිල්වා මහතා මෙලෙස කියයි:"බටහිර ඉතා ඉහලින් පිළිගත් ක්‍රිස්තියානි නූතනත්වයේ මහා පඬුවකු වූ තෝමස් කූන් බටහිර විද්‍යාවේ වර්ධනය සුසමාදර්ශ සමග බැඳී ඇති බව කීවේය. දන්ත වෛද්‍ය මහාචාර්යවරයකුට අනුවනම් කූන් පශ්චාත් නූතනවාදියෙකි, සාපේක්ෂතාවාදියෙකි. ඔහු ඒ එක් අයෙකුවත් නොවේ. විද්‍යාවේ දර්ශනය සුළුවෙන් වුවත් හැදෑරු සියල්ලෝම පාහේ ඒ බව දනිති. එහෙත් මහාචාර්යවරයා ඒ ...
ලෝකය වෙනස් කිරීම සහ අර්ථකථනය කිරීම ගැන මධ්‍යස්ථානය "මේ අතර ලෝකය අර්ථකථනය කිරීමෙන් සහ වියුක්ත සමපේක්ෂණයන් තුල රවුම් ගැසීමෙන් තවදුරටත් තෘප්තිමත් නොවී සිටින ලෙසත්, ඒ වෙනුවට වඩාත් වැදගත් වන්නේ ලෝකය ප්‍රායෝගිකව වෙනස් කිරීම බවත් දර්ශනයෙන් ඉල්ලා සිටී. නමුත් මෙලෙස අදහස් කරන ලෙසට ලෝකය වෙනස් කිරීමට පෙර අවශ්‍ය වන්නේ සිතීම වෙනස් කිරීම වන්නේ අප සඳහන් කරන ලද ඉල්ලීම යටින්ද ඒ වනවිටත් වූ සිතීමේ වෙනසක් තිබෙන්නා මෙනි. නමුත් චින්තනයට ...
දීප්ති ගුණරත්න ගේ ගිරා පෝතකයින් වෙත මධ්‍යස්ථානය පසුගිය දිනක දීප්ති කුමාර ගුණරත්නගේ අනුදැනුම ඇතුව පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමක නමින් අන්තර්ජාලයේ විස්තරයක් පල විය. මෙහිදී එම විස්තරයේ රචකයා චෝදනා කරන්නේ කල්‍යානන්ද පෙරේරා විසින් ගණිකා නිවාසයක කළමනාකාරිත්වය දරන ලද බවට අධිකරණය ඉදිරියේ ඇති චෝදනාව සම්බන්ධයෙන් "ජනරළ" පුවත් පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත සහෝදරයා මුනිවත රැකීම සම්බන්ධයෙන්ය. අපිට මෙම ලිපිය පල කල ගිරා පෝතකයාට කියන්නට තිබෙන්නේ සරල කාරනාවකි. කල්යා ඔබලාගේ ...
ඉගිලුණු තාරාවන් ගැන ලියවුනු සටහනට සංශෝධනයක් මධ්‍යස්ථානය දේශපාලනය තුල ජයග්රහණයන් මෙන්ම පරාජයන්ද, සාර්ථක අර්ථකතනයන් මෙන්ම අසාර්ථක අර්ථකතනයන්ද, නිවැරදි පුරෝකථනයන් මෙන්ම වැරදෙන පුරෝකථනයන්ද තිබේ. 'ස්වයං විවේචනය' කියන්නේ මෙලෙස සිදු වන පරාජයන්, අසාර්ථක අර්ථකතනයන් සහ වැරදුනු පුරෝකථනයන් පිළිබඳව කෙරෙන අවංක සිතා බැලීමකි. සාර්ථක දේශපාලන අනුක්‍රමණයක් සඳහා මෙය අනිවාර්ය කොන්දේසියකි. නිදර්ශනයක් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය ආරම්භයේදී එමගින් මේ වන විට ගොඩ නැගී ඇති වටිනාකම් විනාශ වීමක් විනා ...
තාරාවෝ ඉගිලෙති මධ්‍යස්ථානය ගල්කිස්ස පොලීසිය විසින් “ගණිකා” නිවාසයක් කළමනාකරණය කිරීමක් සම්බන්ධ බව පවසා මට විරුද්ධව චෝදනා ගොනු කොට අගෝස්තු 11 දින අත් අඩංගුවට ගෙන (එම අවස්ථාවේ එහි වෛද්‍යවරයෙක් නොසිටි නිසා) රිමාන්ඩ් දින 07 කට පසුව (එයද උසාවිය නොපැවැත්වෙන දින නිසා) අගෝස්තු 20 දින මා වෙනම වත් එම ආයතයේ සිටි සේවාදායකයින් 06 දෙනාමත් නිවැරදි කරුවන් ලෙස උසාවියේ පෙනී සිටීමෙන් පසු නඩු දිනයක් නියමව ...
තාරාවෝ ඉගිලෙති මධ්‍යස්ථානය ගල්කිස්ස පොලීසිය විසින් “ගණිකා” නිවාසයක් කළමනාකරණය කිරීමක් සම්බන්ධ බව පවසා මට විරුද්ධව චෝදනා ගොනු කොට අගෝ. 11 දින අත් අඩංගුවට ගෙන (එම අවස් ථාවේ එහි වෛද්‍යවරයෙක් නොසිටි නිසා) රිමාන්ඩ් දින 07 කට පසුව (එයද උසාවිය නොපැවැත්වෙන දින නිසා) අගෝස්තු 20 දින මා වෙනම වත් එම ආයතයේ සිටි සේවාදායකයින් 06 දෙනාමත් නිවැරදි කරුවන් ලෙස උසාවියේ පෙනී සිටීමින් පසු නඩු දිනයක් ...
සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත මධ්‍යස්ථානය විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දියත් කොට ඇති වැඩ වර්ජනය දින 50 සපුරද්දී සරසවි ඇදුරන් කොළඹ නගරයේ වීදි දිගේ පෙළපාලි ගොස් හයිඩ් පාක් හි පැවැත්වූ සාර්ථක මහජන රැළියත් සමගින් එම සටන ගුණාත්මක පිම්මක් පැන්නේය. එම රැළියේදී ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක බාලා තම්පෝ, පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි, සහ ජාතික මට්ටමේ විවිධ වෘත්තීය සමිති නායකයන් සියලු දෙන දිගින් දිගටම අවධාරණය කළ රාජ්‍ය ...
ජාතික හෙළ උරුමයේ 'රියැලිටි ටී වී' යෝජනාව මධ්‍යස්ථානය බෙහෙවින් කතා බහට ලක් වී ඇති මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික හෙළ උරුමය අභියෝගයක් ඉදිරිපත් කර තිබේ. එනම්, එම බිලි පූජාව සජීවී ලෙස මාධ්‍ය මගින් විකාශය කරන ලෙසයි. බොහෝ දෙනා මෙය ජාතිවාදී කතාවක් ලෙස ගත්තද, අපි නම් එය මෙලෙස බාර නොගන්නෙමු. ඇත්තටම ඕමල්පේ සෝභිත හිමියන් මෙහිදී කර තිබෙන්නේ ජිජැකියානු යෝජනාවකි.අපිට ලැබී ඇති තොරතුරු අනුව ...
ඇට දෙකේ උපමා කතාව මධ්‍යස්ථානය රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කරන රජයේ ආයෝජන වැඩි කිරීම සඳහා කෙරෙන විශ්ව විද්‍යාල ඇදුරන්ගේ වෘත්තීය සමිති අරගලය ධනවාදයට එරෙහි මිනිස් අරගලයක කොටසක් ලෙස හඳුනා ගැනීමට නොහැකි විවිධ ආකාරයේ නන්නත්තාර වූ වාමාංශිකයන් පිළිබඳව අප අතර ඇති වූ සාකච්චාවකදී කරලියට පැමිණි ජිජැක් ගේ මෙම විහිලු කතාව සහ ඒ හා සම්බන්ධ විග්‍රහය ඔබ සමග බෙදා ගන්නට සිතුවෙමු.ජිජැක් ගේ විහිලු කතාව මෙයයි: මොන්ගෝලියානුවන් විසින් ...
බදියු, හේගල් සහ ජාතික චින්තනය මධ්‍යස්ථානය “ඔබලා වැනි කණ්ඩායම් හැමදාම කරන්නේ බටහිර සුදු පිරිමියක් ගැන කතා කරන එක විතරයි නේද? ඩෙරීඩා, ලකාන්, ෆූකෝ ගැන ඉස්සර කතා කරනවා. දැන් දීප්තිලා කියනවා හේගල් තමයි දාර්ශනිකයා, ඔබලා කියනවා බදියු තමයි දාර්ශනිකයා කියල. හැමදාම අනුන්ගේ දේවල් අනුකරණය කරන්නේ නැතුව තමන්ගේ දැනුමක් නිර්මාණය කරන්න හිතන්නේ නැද්ද? අපේ රටේ දේශපාලනය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගොඩ ...
'පාරභෞතික' කියන්නේ 'මනස්ගාතද'? මධ්‍යස්ථානය දර්ශනය ගැන කිසිම විධිමත් අධ්‍යාපනයක් නැති අය අද ලංකාවේ දර්ශනය ගැන ලියනවා. අපෙන් පෙරලා ප්‍රශ්න කරනවා උඹලා දන්නේ අහවල් කෙන්ගෙඩියක්ද කියලා. මේ සියලු දෙනාට පිළිතුරු දෙන එක වෙලාව නාස්ති කිරීමක්. මේගොල්ලන් දර්ශනය දන්නවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් අපිට තියෙන එකම නිර්ණායකය තමයි ඒගොල්ලන්ගේ ලිපි වල ඒගොල්ලෝ දර්ශනය ගැන දන්නවා කියල ඒගොල්ලෝම කියන එක.නමුත් මේ දර්ශනය ගැන දන්නවා කියලා මැරෙන්න ...
steven spielberg ගේ සිනමාව තාක්ෂණ පෙළහරක් ද? පවුලේ මිත්‍යවක් ද? මධ්‍යස්ථානය පහතින් පල වන්නේ ජිජැක් ගේ A Pervert’s Guide to Family නමැති ලිපියේ කොටසක පරිවර්තනයකි. ස්ටීවන් ස්පීල්බර්ග් ගේ සිනමාව සම්බන්ධයෙන් ඔහු මෙහිදී විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. මේ අදහස් සිංහලෙන්, ජිජැක් ගේ නම නොකියා කියන සමහරුන් වැඩි දුරටත් කියා සිටින්නේ ලංකාවේ විශ්ව විද්‍යාල ගුරුවරුන් මෙසේ නොකරන නිසා ඔවුන්ගේ පඩි වැඩි කිරීම සුදුසු නැති බවයි. එම නිසා අපි ලංකාවේ විශ්ව විද්‍යාල ගුරුවරුන්ට පහසුවක් පිණිස ...
නීස් බෝර් සහ නීල්ස් බෝර් මධ්‍යස්ථානය එකෝමත් එක රටක නීස් බෝර් කියල දාර්ශනිකයෙක් ඉඳල තියනවා. මේ දාර්ශනිකය ගොඩාක් කතා කරලා තියෙන්නේ දෘෂ්ඨිවාදය ගැන. එයා සහ නීල්ස් බෝර් කියන භෞතික විද්‍යාඥයා අතර සම්බන්ධයක් තියනවද කියල මේ දවස් වල අපි හොයමින් යනවා. මොකද, එයත් සමහරක් අය කියන විදියට දෘෂ්ඨිවාදය ගැන ලියල තියෙනවා. ජිජැක් කරලා තියෙන්නේ නීල්ස් බෝර් දෘෂ්ඨිවාදය ගැන ලියපු දේවල් කොපි කරන එකලු. ඒ නිසා ජිජැක් ගේ ...