හුස්ම පිට වෙන කහ පාට අවකාශය තුල ඇති එළිය මධ්‍යස්ථානය ක්වෙන්ටින් මෙයසූ ගේ දර්ශනය හදාරන අධ්‍යන කවයක් අප විසින් සංවිධානය කරන්නෙමු. මෙයසූ යනු සමකාලීන මහත්ද්වීපික දර්ශනයේ වඩාත් කේන්ද්‍රීය යොවුන් චින්තකයාය. සමපේක්ෂී යථාර්ථවාදය නම් අතිශයින් තීරණාත්මක දාර්ශනික ව්‍යාපාරයේ මූලික සිතන්නාය. දර්ශනය පිලිබඳ කෙරෙන පුළුල් අධ්‍යයන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මෙයසූ කරුණු කීපයක් නිසා වැදගත් වෙයි. ඔහු සමකාලීන දර්ශනයේ කේන්ද්‍රීය දාර්ශනිකයෙක් වන හෙයින් ඔහු හරහා අපිට වත්මන් ගෝලීය සාකච්චාවන් සමග සම්බන්ධ වීමට ශක්තිමත් ...
"රාවය" වෙනුවෙන් මධ්‍යස්ථානය අප මෙයට වසර එකහමාරකට පමණ පෙර "සාකෝසි යනු කුමක්ද?" කියා පොතක් පරිවර්තනය කළෙමු. පොතේ රචකයා ඇලේන් බදියු නම් සමකාලීන ප්‍රංශ දාර්ශනිකයාය. එම පොත ඔහු විසින් ලියන ලද්දේ නිකලස් සාකෝසි ප්‍රංශයේ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ඇති වූ විශාදිය සහ බෙලහීනත්වය තුල අප කටයුතු කල යුත්තේ කෙසේද කියාය. බදියුගේ ම වචන වලින් කියන්නේනම් "ඔබ කිසිසේත් අකමැති, අවාසනාවන්ත දෙයක් සිදු වී ඇතැයි යන ඔබව ...
පරමාධිපත්‍යයේ තර්කණය කියන්නේ කුමක්ද? මධ්‍යස්ථානය සාමාන්‍යයෙන් මෙම බ්ලොග් අඩවිය තුල අප උත්සාහ කරන්නේ රාජ්‍යයේ කාලක්‍රමිකත්වය ට එරෙහි විකල්ප කාලයක් ගොඩ නැගීමටයි. සරල නිදර්ශනයක් තුලින් අපිට මෙය පැහැදිලි කල හැකිය. අපි දන්නවා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රධාන මූලෝපායක් වන්නේ මැතිවරණ වර්ෂාවක් නිරන්තරයෙන් ලබා දීමයි. එවිට, නිදර්ශනයක් ලෙස, ජනතා විමුක්ති පෙරමුණට සිදු වන්නේ මුළු සංවිධාන ශක්තිය යොදා මැතිවරණ ව්‍යාපාර කර, අවසානයේදී පරාජය වීමටයි. එවිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ...
රතු වැස්සට පසු 2013... මධ්‍යස්ථානය "මාක්ස්වාදය, කම්කරු ව්‍යාපාරය, මහජන ප්රජාතන්ත්රවාදය, ලෙනින්වාදය, කම්කරු පංති පක්ෂය, සමාජවාදී රාජ්‍යය - මේ විසිවැනි සියවසේ අති විශිෂ්ඨ නිපැයුම් - තවදුරටත් ප්‍රායෝගිකව භාවිත කළ හැකි නොවේ." (ඇලේන් බදියු, "සාකෝසි යනු කුමක්ද?", පි. 145)මෙම ප්‍රකාශය ලංකාවේ දේශපාලනය කරන බොහෝ දෙනෙකුට ජීරණය කර ගැනීම අපහසු වන බව අපට වැටහී ගියේ මෙම පොත පිළිබඳව කල පළමු කියවීමෙදීමය. ඇත්ත. ලංකාවේ පශ්චාත්-මාක්ස්වාදය පිලිබඳ සාකච්චාව නැතිනම් පශ්චාත්-ලෙනින්වාදී ...
උන්ට-ලොජිකල් ලෙනින්වාදය සහ උන්ට-ලොජිකල් ප්රජාතන්ත්රවාදය මධ්‍යස්ථානය x කණ්ඩායම ලෙස අප පළමු වරට ලංකාවේ ජනප්‍රිය වුයේ 'පශ්චාත් නූතනවාදය' යන්නත් සමගයි. ඇත්තටම එකල අපේ දේශපාලන සංවාදයේ එක් ප්‍රධාන තාක්ෂණික මෙහෙයුමක් උනේ 'අතීත ලංකාව' තේරුම් ගත්ත සංකල්පීය මිනුම් දඬු භාවිතා කල පුද්ගලයන්ට මෙම 'නව ලංකාව' නොතේරීම අවධාරණය කිරීමයි. එමගින් අපේ ප්‍රතිවිරුද්ධ දේශපාලනය ගැන ලියන්නන් යල්පැනගිය අය වීමත්, එයට පරස්පරව අප වත්මන් මොහොත හරියටම තේරුම් ගත් නවීනයන් බවටත් එකවර පත්වෙන ...
ගන්ගම් ස්ටයිල් එකේ දේශපාලනය මධ්‍යස්ථානය මෙයට මාස කිහිපයකට පෙර අපගේ සමාජ වැඩ ගැන උනන්දුවක් තිබෙන තරුණයෙක් මුණ ගැසුණි. ප්‍රධාන පරිඝනක මෘදුකාංග සමාගමක සේවය කරනා ඔහු පුද්ගලික ජීවිතය තුලදී ලංකාවේ මිල අධික සමාජ ශාලා සහ බොජුන් හල් වල නිතර ගැවසේන්නෙකි. මේ නිසාම ලංකාවේ දේශපාලන අධිකාරියට සම්බන්ධ පුද්ගලයන්, විශේෂයෙන් දේශපාලකයන් ගේ තරුණ පුතුන් නිතර නිතර මුණ ගැසෙනා මොහු බොහෝ නිදර්ශණ සපයමින් අප සමග පැවසුවේ එම පුද්ගලයන් ලංකාව ...
ඉතිහාසයේ හදිසි අනතුරු මධ්‍යස්ථානය පෝල් ෆෙයරාබන්ඩ් ගේ Against Method කෘතිය ලංකාවේ ජාතික චින්තන ව්‍යාපෘතිය සඳහා කල කේන්ද්‍රීය බලපෑම බොහෝ දෙනා දන්නා කරුණකි. අදටත් නලින් ද සිල්වා මහතාගේ ලියවිලි වල, ප්‍රසිද්ධ අදහස් දැක්වීම් වල ෆෙයරාබන්ඩ් ගේ තර්ක සහ නිදර්ශන පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන් වෙයි. විද්‍යාවේ වර්ධනය තුල පදනම් වන එකම මූලධර්මය වන්නේ 'ඕනෑම දෙයක් ඔට්ටුයි' ('anything goes') යන්න බව සඳහන් ෆෙයරාබන්ඩ් ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය නලින් ...
බුදුන්ගේ උපමා කතාව මධ්‍යස්ථානය පසුගියදා අපට රොහාන් පෙරේරා සමග කලක් වැඩ කරමින් සිටි තරුණයෙක් මුණ ගැසුණි. රොහාන් පෙරේරා නම් චරිතය ලංකාවේ සිදු කල සමාජ මැදිහත්වීම සහ ඒ හරහා බිහිවුණු සමාජ ක්‍රියාකාරිත්වය පිළිබඳව කලකට පසුව කතා කරන්නට මේ නිසා අපට අවස්ථාව සැලසුණි. '60 දශකයේ ප්‍රංශ දර්ශනය' නම් මැජික් පොල්ලෙන් පරම්පරා කීපයකට මැජික් පෙන්වපු රොහාන් සහ ඔහුගේ විවිධ අවතාර ගැන සිහි කරන විට අපට නිතර මතක් ...
බදියු ගැන ලාංකික තිසීස එකොළහ මධ්‍යස්ථානය 1. අප ජීවත්වන යුගයේ ප්‍රධානම දාර්ශනිකයා ඇලේන් බදියු බව ස්ලැවොයි ජිජැක් විසින් 2008 වසරේ අවසානයේදී පිළිගනු ලැබීය.ලැකේනියානු න්‍යායේ සමකාලීන ගෝලීය බලකේන්ද්‍රය වන්නේ ස්ලැවොයි ජිජැක් වන අතර, ඔහුගේ වඩාත් පැතිරුණු අනුගාමිකයන් පරාසය අයත්වන්නේ සිනමා විචාරය අළලා ඔහු කරන මැදිහත්වීමටය. 2. බොහෝ දෙනෙකුගේ කැමැත්ත කුමක් වුවත් පසු ගිය දශක එකහමාරක පමණ කාලය තුල මෙරට බුද්ධිමය සංවාදයේ අධෝව්‍යුහය වූයේ ලැකේනියානු න්‍යායෙන් ප්රභවය වූ ...
කොමියුනිස්ට් උපන්‍යාසය කියන්නේ කුමක්ද? මධ්‍යස්ථානය ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරය විසින් ලංකාව තුල ඇති කල හැකි විනාශය පිළිබඳව මහජන සාකච්චාවක් ඇති කිරීම පිළිබඳව ජන අරගල ව්‍යාපාරය ඇතුළු සංවිධාන කීපයක් සමග අප සාකච්චාවක් පැවැත්වීම පිළිබඳව දීප්ති කුමාර ගුණරත්න මහතා ගේ කණ්ඩායම බොහෝ සේ කලබල වී ඇත. අප පිළිබඳව අර්ථ විරහිත මඩ ගැසීම් නොකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන් එය පිළිගන්නේ නොමැති නිසා අපට කලින් කලට මෙවැනි දේ ...
මහපාර ගැන සාකච්චාවක් මධ්‍යස්ථානය ප්‍රියාන් ගේ අලුත් කෘතිය එලි දැක්වීම පිලිබඳ සාකච්චාව හෙට සවස 3ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. කිසිම සාකච්චාවක් වෙන්නැති මේ ඒකාකාරී කාලය තුල කම්මැලිකම යන්නත් එක්ක ඒ පැත්තට ඇවිත් යන්න එන්න. ...
ද්වේෂා-භියෝගය මධ්‍යස්ථානය රජය විසින් ලබාදුන් වෙනත් පත්වීම් ලෙසම "ස්වාධීන" අධිකරණය සඳහාද එවැනි පත්වීමක් ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් ද ලබාදුන් බව ta පිළිබඳව විමසීමේදී පෙනී යන කරුණකි. අවම වශයෙන් රැකියාවන් සඳහා ද තෝරාගැනීමක් සිදුවන්නේ දේශපාලන කරුණු සැලකිල්ලට ගෙන ය. එම අයුරින්ම අධිකරණය සඳහා කරන පත්වීම් ගැන ද විමසන්නට ජනයා පෙළඹී නැත. "විධායකය" එසේ නැතහොත් දේශපාලන බලය වැඩියෙන්ම සංකේන්ද්‍රණය වී ඇති ආයතනය හෝ තනතුර යනුම, ...
ලක්ෂ්‍යයක් වෙනුවෙන් සටන් වදිනවා කියන්නේ කුමක්ද? මධ්‍යස්ථානය පළමු කොටසදැන් දින කීපයක් තිස්සේ අපගේ බ්ලොග් අඩවියේ අලුතෙන් ලිපි පල නොවන්නේ 'මේ කිසිම දෙයක් හිතෙන්නේ නැති කාලයක්' නිසා නොවේද කියා අසනා කොමෙන්ටුවක් අප වෙත එවා තිබිණි. සමහර විට මෙම කොමෙන්ටුව එවූ අපගේ පාඨකයා සිතන්නට ඇත්තේ මෙම බ්ලොග් අඩවිය තුල පල වන දෙය තීරණය කරන්නේ පවතින අවස්ථාව තුල දෘශ්‍යමානයෙහි තීව්ර බව තීරණය කරන නීතිය තුලින් බවයි. නිදර්ශනයක් ලෙස අපි පවතින ...
විශ්ව විද්‍යාල ආචාර්ය සටනට මොකද වුණේ? මධ්‍යස්ථානය විශ්ව විද්‍යාල ආචාර්ය සටන දීප ව්‍යාප්ත සමාජ කතිකාවක් බවට පත්කෙළේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතුය යන තේමාව යි. එයම, ආණඩුව පැත්තෙන් වඩාත්ම අභියෝගයට ලක්වු කාරණය ද විය. මේ නිසා, එම ඉල්ලීම ජයග්‍රහණය නොකොට ආපසු වැඩට යාම, වර්ජනයේ අසාර්ථකත්වය මනින මූලික මිණුම් දණ්ඩ බවට අද පත්ව ඇති බවක් පෙනේ. සිවිල් සමාජය මීට පෙර නොවු විරූ ...
'බලය' සහ 'දර්ශනය' අතර සාකච්චා ගැන ඩෙලර්ස් මධ්‍යස්ථානය “සාකච්චාවල්(negotiations) සමහරවිට කොතරම් කල් ඇදෙනවාද කියනවානම් ඔබ දන්නේ නැහැ ඒවා තවදුරටත් යුද්ධයේ කොටසක්ද නැතිනම් සාමයේ ආරම්භයද කියල. අනෙක් අතට දර්ශනය සෑම විටම තියෙන්නේ දේවල් පවත්නා ආකාරය ගැන විරෝධයක් සහ එම දේවල් විසින් ගෙන එනු ලබන නිසංසල බව අතර මැද්දේ හිර වෙලා. නමුත් දර්ශනය කියන්නේ බලයක් නොවෙයි. ආගම්, රාජ්‍යයන්, ධනවාදය, විද්‍යාව, නීතිය, මහජන මතය සහ රූපවාහිනිය කියන්නේ බලයන් උනත් දර්ශනය ...
අධ්‍යාපනය ගැන අරගලයෙන් අරගලයේ අධ්‍යාපනයට මධ්‍යස්ථානය මේ ලිපිය සරසවි ආචාර්යවරුන්ගේ අරගලය දෙස ආපසු හැරී බලන්නට උත්සාහ කරයි. මේ දිනවල බොහෝ දෙනා එසේ කරනු පෙනෙයි. ඒ හැම බැල්මකම එහිම වූ රාමුවක් තිබේ. ඒ රාමුවෙන් එකිනෙකා ගේ සිතීමේ උත්කර්ෂවත් වස්තූන් ඔවුන් දෙස බලා හිඳිනු දැකිය හැකි ය. කෙනෙකු වෙත අරගලය තුලින් කොටියෙක් දත් විලිස්සාගෙන සිටියි, තවකෙකු වෙත ඩොලර් ඉගිමරයි, තවත් කෙනෙකු ගේ කවුලුවෙන් අරාබි වසන්තයේ හිරු රැස් ...
ද.දේ.නි. අධ්‍යාපනය සඳහා සියයට හයක් : මනඃ සෘෂ්ටියෙන් සැබෑ වැඩසටහනක් දක්වා මධ්‍යස්ථානය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය සිය දශක තුනක පමණ ඉතිහාසය තුල ඇරඹු වෘත්තීය සමිති අරගල හතරෙන්, පසු ගිය සතියේ අවසන් වූ අරගලය තමයි භෞතික වශයෙන් ලැබූ ප්‍රතිඵලයකින් තොරව අවසන් වූ පළමු අරගලය. නමුත්, අනෙක් අතට මෙම අවසාන වෘත්තීය අරගලය හේතු දෙකක් නිසා විශාල ලෙස වැදගත් වෙයි. පළමුවෙන්, මෙය තමයි විශ්ව විද්‍යාල ගුරුවරුන් විසින් සිදු කල පළමු වැඩ වර්ජනය. ...
නලින් ද සිල්වා අරාබි වසන්තය ගැන දන්නේ කුමක්ද? මධ්‍යස්ථානය පහතින් පල වෙන්නේ මැද පෙරදිග සමාජ නැගී සිටීම් සම්බන්ධයෙන් ඇලෙන් බදියු විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයේ දෙවන කොටසයි. මෙහි පළමු කොටස වෙනුවෙන් ප්‍රතිචාරයක් දක්වා තිබුණු නලින් ද සිල්වා ගේ ගිරා පෝතකයෙක් කියා තිබුනේ 'අරාබි වසන්තය යනු සී. අයි. ඒ. කුමන්ත්‍රණයක්' බවයි. ගිරවුන් කතා කරන විට එමගින් හෙළි වන්නේ ඔවුන්ගේ ස්වයං-සවිඥානකත්වය නොව ඔවුන් හැදී වැදුණු පරිසරයේ ස්වභාවය කියා අප ...
අරාබි වසන්තය ඇත්තටම ශ්‍රේෂ්ඨ ද ? මධ්‍යස්ථානය මැද පෙරදිග මහජන නැගී සිටීම් සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන ඉතා ලාමක විග්රහයන් වෙනුවට ඒ පිළිබඳව කිසියම් ආකාරයක ගැඹුරු සාකච්චාවක් කල යුතු බව අප සඳහන් කළෙමු. 'සමාජ වෙනසක්' වෙනුවෙන් මහන්සි වෙන සියලු දෙනාට අප ජීවත් වන යුගයේ මග හැරිය නොහැකි අත්දැකීමක් තිබෙනවානම් ඒ අන් කිසිවක් නොව මෙම මහජන නැගී සිටීම්ය. පහතින් පල වෙන්නේ ඇලේන් බදියු විසින් ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ මහජන නැගී ...