"මගේ බුද්ධිමය අනන්‍යතාවය 'පශ්චාත් X' " - නිර්මාල් රංජිත් දේවසිරි මධ්‍යස්ථානය දෙරණ නාලිකාවේ 360 වැඩසටහන සඳහා නැවත නැරඹීම සඳහා අප කලින් ලබා දී තිබූ සබැඳිය මගින් ලැබෙනා වීඩියෝවේ එම වැඩසටහනේ මුල් කොටසක් ඉවත් කර තිබෙන බව අපට කීප දෙනෙක් විසින්ම පෙන්වා දෙනු ලැබුවා. විශේෂයෙන් නිර්මාල්ගෙන් X කණ්ඩායම හා සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට ලබා දුන් පිළිතුරු හිතා මතා වාරණය කරනු ලැබුවාද කියා මින් සමහරක් අපගෙන් විමසා සිටියා. ඇත්තටම සිදු වූයේ වෙනත් ...
මම රුපියල් ලක්ෂ 12 ක මුදලක් වංචා කලාද? මධ්‍යස්ථානය අපගේ බ්ලොග් අඩවිය නිසා බෙහෙවින් අසීරුතාවයට පත් වී ඇති පිරිස් විසින් තලු මරමින් දිගින් දිගටම මට චෝදනා කරන්නේ මම කලකට පෙර නියෝජනය කල දේශපාලන සංවිධානයක වැඩ කටයුතු සඳහා ලැබුණු රුපියල් ලක්ෂ 12 ක මුදලක් වියදම් කර මෝටර් රථයක් මිලට ගෙන, ගැහැනියක් සමග පිස්සු නටමින් මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවයි. මේ පිළිබඳව, මා සමග වැඩ කරනා අනෙකුත් දේශපාලන සගයන්ට ගැටළුවක් ...
කිසිවක්ම නොමැති වීමටත් වඩා අඩුවෙන්.... මධ්‍යස්ථානය පහතින් පල වෙන්නේ ස්ලැවෝයි ජිජැක් ගේ “Less Than Nothing – Hegel and the Shadow of Dialectical Materialism” නම් කෘතියෙන් කොටසක් සඳහා කල දල සිංහල පරිවර්තනයයි. හේගලියානු දයලෙක්තිකය යනු කුමක්ද, එය පිළිබඳව මාක්ස්වාදය තුල ඇති විවේචනය, ආදිය සම්බන්ධයෙන් විවිධ හේගලියානු බුද්ධිමතුන්ගේ විවරණ යොදා ගනිමින් මෙහිදී ජිජැක් සරල පැහැදිලි කිරීමක් කරයි. හේගල් පිළිබඳව කරන කියවීමකදී මග හැරිය නොහැකි මෙම සමකාලීන හේගලියානුවාගේ අර්ථ ...
දේශපාලනය කිරීමට හේගල් අවශ්‍යය වන්නේ ඇයි? මධ්‍යස්ථානය හේගලියානු දර්ශනය පිළිබඳව ලංකාවේ තරමක උනන්දුවක් ඇති වී තිබීම යහපත් තත්වයකි. මෙහි ප්‍රතිපලයක් ලෙස හේගලියානු දයලෙක්තිකය යනු කුමක්ද කියනා ප්රශ්නය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර ලැබෙමින් තිබේ. මේ පිළිබඳව ලියවුනු ස්ලැවොයි ජිජැක් ගේ "අරගලය සහ ප්‍රතිසංධානය" නම් කෙටි ලිපියේ පරිවර්තනයක් අපි ඉදිරි දින කීපයේදී පල කරන්නට අදහස් කරමු. මෙම සටහන වෙන් වන්නේ එය සඳහා වන ඉල ඇදෙන පූර්විකාවකටයි.හේගල් පිළිබඳව ඇති වී ඇති ...
රාජ්‍යය, ජාතික ආරක්ෂාව සහ සමාජ සාධාරණත්වය මධ්‍යස්ථානය පසුගිය දිනෙක කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ ආචාර්ය සංගමය මගින් එම පීඨයේ අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා සූදානම්වන පාසැල් ගුරුවරුන් සඳහා විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වන ලදි. එහි අරමුණ වූයේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනයට අදාල ඉල්ලීම් සම්බන්ධව එම ගුරුවරුන්ට අවබෝධයක් ලබා දීමයි. මෙහිදී මා විසින් රාජ්‍යය හා සමාජ සාධාරණත්වය සම්බන්ධව ඉදිරිපත්කරනු ලැබූ අදහසක් සම්බන්ධව මා සහ මගේ මිතුරකු සහ දේශපාලන සගයකු වන වංගීස සුමනසේකර අතර ...
සරසවි ඇදුරන්ගේ වර්ජනය සහ z ලකුණේ අවුල මධ්‍යස්ථානය "සරසවි ඇදුරන්ගේ වර්ජනය සහ z ලකුණේ අවුල" යන මාතෘකාව යටතේ 'චින්තන පර්ෂදය' විසින් සංවිධානය කරනු ලබන සංවාදයක් හෙට, 2 වෙනි දා, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරය්දී පැවැත්වේ. සංවාදයකට කැමති නම් හවස් වෙලා එන්න ඒ පැත්තට. ...
සක්කෝ උජූ ච සූජූච - සුවචෝ චස්ස මුදු අනතිමානී මධ්‍යස්ථානය දීප්ති කුමාර ගුණරත්න මහතා ඉර හඳ වැඳලා, අත් දෙක නළලේ තියා, අපට පොරොන්දු වන්නේ, නිර්මාල් සම්බන්ධයෙන් ඇති ඔවුනගේ 'විවේචනය' කිසිදු ආකාරයක පෞද්ගලික කෝන්තරයක් නොව සමාජ ක්‍රමයට එරෙහිව සාධාරණ යුතෝපියාවක් යෝජනා කල දේශපාලන සංවිධානයක් පවතින ක්රමයේ සියළු ප්රතිගාමී කුලක වලට වසර 2005 දී පාවා දුන් පුද්ගලයෙකු වෘත්තීය සමිති නායකයෙකු වීම පිළිබඳව ගැටලුවකි යන්නය. මේවාට ප්‍රතිචාර ලෙස අපිට කල හැක්කේ එකම එක ...
මහින්දගේ ආගිය කතා - නිර්මාල් ගැන මහින්ද අබේසුන්දර! මධ්‍යස්ථානය 1. නිර්මාල් පශ්චාත් උපාධිය ලබාගෙන ඇත්තේ 2004 වර්ෂයට පසුව ඔස්ට්රේලියාවනි.2. එකල ලංකාවේ භීෂණයක් තිබී ඇත. 3. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කලයුත්තේ ඔවුන්ට අවශ්‍ය වැටුප කොලයක ලියා දී, දේශන ශාලා වලට ගොස් වැඩ පන්ති පැවැත්වීමය. 4. ඔවුන් දේශන කිරීම නවත්වන්නේ නැතිනම් ඔවුන්ගේ වෘත්තීය සටන් වලට මහින්ද අබේසුන්දර ගේද සහය ලැබේ. පහත සබැඳිය හරහා මේක බලන්නමහින්දගේ ආගිය කතා ...
නිර්මාල්, අනුරුද්ධ, නලින් - වාද පිටිය මධ්‍යස්ථානය දෙරණ රූපවාහිනිය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනය පිලිබඳ සංවාදයට අදාල සබැඳිය. මෙහිදී මූලික වශයෙන් ප්‍රශ්න අසන්නන්ගේ භූමිකාව රඟ දැක්වූයේ නලින් ද සිල්වා සහ - අඩු වශයෙන් - රොහාන් රාජපක්ෂ වන හෙයින් 360 සංවාදයේදී මෙන්, අපගේ බ්ලොග් අඩවියේ එක කොමෙන්ටු කරුවෙක් කියා තිබූ පරිදි, සංවාදය නිල වශයෙන් මෙහෙයවන්නාගේ හක්ක තැලීමට ඔබට සිතීමට ඇති ඉඩ කඩ අඩුය. http://www.youtube.com/watch?list=PLD4C31E2AE1A01988&v=AhTEI3eqR18&feature=player_embedded ...
නිර්මාල් - දෙරණ 360 මධ්‍යස්ථානය නිර්මාල්ගේ දෙරණ 360 සාකච්චාව (සහ රුපවාහිනි නිවෙදිකාවන්ගේ නූගත් කම, මාධ්‍ය හරහා දේශපාලනය කිරීමේ සීමාව, සහ - අවසාන වශයෙන් - විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය පිළිබඳව) දැක බලා ගැනීමට අවශ්‍යය කෙනෙක් වේනම් පහත සබැඳිය ක්ලික් කරන්න. http://www.youtube.com/watch?v=gmVsV148jh4&list=PLCBD9279D5A107422&index=1&feature=plpp_video ...
ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ මධ්‍යස්ථානය ගුණදාස අමරසේකර විසින් රචිත ‘රූපාන්තරණය නොහොත් සෝමදේවගේ සංක්‍රාන්තිය’ නමැති නවකතාව නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති සම්මන්ත්‍රණයේ කතාවක් කිරීමට මට ද ආරාධනා කර තිබුණි. මා මගේ කෙටි අදහස් දැක්වීමේ මාතෘකාව ලෙස යෝජනා කළේ ‘ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ’ යන්නයි. ‘ගමනක අග’ යන රූපකය මා භාවිත කලේ ගුණදාස අමරසේකරගේ ‘ගමනක අග‘ යන නවකතාව ආශ්රයෙනි. ගමනක මුල නවකතාවෙන් ඇරඹෙන ගුණදාස අමරසේකරගේ නවකතා මාලාව ...
මහින්දගේ පිටපත සහ ජ.වි.පෙ ඇතුල්පත මධ්‍යස්ථානය ජ.වි.පෙ. කටුවන දි පැවැත්වූ ජන හමුවකට ගීගන ගමගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරෙ යන ත්රස්තවාදියා, ඔහුගේ ත්‍රස්තවාදී ගෝල පිරිසක් ද රැගෙන විත් පහර දී දේපල හානි සිදු කර එම ජන හමුවට සහභාගි වූ ජ.වි.පෙ. සාමාජිකාවක් හා එයට පැමිණි අවු. 18 ක් පමණ වයසැති තරුණයෙකුට ද වෙඩි තබා ඝාතනය කර තිබූ බව පුවත්පත්වල සඳහන් විය. ජූලම්පිටියේ අමරේ අවු. 09 ක් පුරා වරෙන්තු ...
රොහානියානු සිම්ටමය තව දුරටත් රැගෙන යන දිප්ති මධ්‍යස්ථානය මම ගුණයා ගැන ලියන්නේ නැහැ. ගුණයා අන් අය ගැන ලියපු දේවල් වලින්ම අරගෙන ඵම කන්නාඩියම ගුණයාට හරවන ඵක විතරයි කරන්න තියෙන්නෙ. හිස්ටීරියා පොත පලවීමෙන් පසු “හිස්ටීරියාව” පොත කියවා ඇති කෙනෙක් සිටී නම් හෝ එම පොතෙන් ප්‍රශ්න මතු වී තිබේ නම් එවැනි කෙනෙකු තමන්ට මුණ ගස්සවන ලෙස ගුණයා දිනක් කීවේය. බොහෝ කලක් යනතුරු මට කිසිවෙක් හමු වූයේ නැත. බොහෝ දෙනෙක් ...
නිර්මාල් පසුපස එන්නේ සුදු වෑන් රියක් නොවේ. (ගෝඨාභයත් දීප්ති වගේම නිසා අනතුරක් නැත.) මධ්‍යස්ථානය ''වාසුදේවගේ මැනීමට අනුව නිර්මාල් ට තර්ජනය කරන්නේ ජීවිත අනතුරක් කිරීමට නොව බය කිරීම සඳහා පමණි. වාසුදේව ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන්ද මැන්නේ මේ විදහටම ය. ප්‍රගීත් අදටත් නැත.'' මතේව් - 2.1.3. IV දීප්තිගේ ත්‍රිමාන වෙබ් අඩවියේ ජූනි 26 වන දා පළවු ලිපියක නම "නන්දා මාලනී රතු කැකුලු සහ යෝගට් මිළදී ගැනීම යන්නයි. එම ලිපිය ලියා ඇති අරමුණ කුමක්ද? අන් කිසිවක් නොව නිර්මාල් ...
අජිත්ගේ පාට පාට ලා...ස්සන ලෝකය ගැන.. මධ්‍යස්ථානය අජිත් පැරකුම් ජයසිංහ නිර්මාල් ගේ ජීවිතයට එල්ල වූ තර්ජනය සහ එය පසුබිමේ ඇති විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ යෝජිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් ලියා තබා ඇති සටහනට අපට කනගාටුවෙන් උවත් තරමක් කර්කශ ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවේ.මෙහිදී අජිත් බොහෝ දේ ගැන ඔහුට සිතෙන දේ ලියා තිබෙන අතර, ඒවා සියල්ලටම පිළිතුරු දීමට අපට උවමනාවක් නොමැත. නමුත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය ...
‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ මධ්‍යස්ථානය ඉරිදා ලක්බිම සංග්‍රහය පුවත්පතට මා සතිපතා ලියන තීරුලිපිය මේ සතියේ ද නියමිත වේලාවට පුවත්පතට ලැබෙන්නට සැලැස්වූ නමුත් එය මෙවර පලකෙරී නැත. ඒ පිළිබඳව මට දැනුම් දීමක් පවා සිදු නොවීය. කෙසේ වෙතත් එම ලිපිය මා යැවූ ආකාරයෙන් ම පළ කෙරෙන තුරු මා නැවත මෙම තීරු ලිපිය ලක්බිම පුවත්පතට සැපයීමට බලාපොරොත්තු නොවන බව සඳහන් කරමි. පහත පළවන්නේ ඉරිදා ලක්බිම පුවත්පත පළ නොකළ ...
‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ මධ්‍යස්ථානය ඉරිදා ලක්බිම සංග්‍රහය පුවත්පතට මා සතිපතා ලියන තීරුලිපිය මේ සතියේ ද නියමිත වේලාවට පුවත්පතට ලැබෙන්නට සැලැස්වූ නමුත් එය මෙවර පලකෙරී නැත. ඒ පිළිබඳව මට දැනුම් දීමක් පවා සිදු නොවීය. කෙසේ වෙතත් එම ලිපිය මා යැවූ ආකාරයෙන්ම පළ කෙරෙන තුරු මා නැවත මෙම තීරුලිපිය ලක්බිම පුවත්පතට සැපයීමට බලාපොරොත්තු නොවන බව සඳහන් කරමි. පහත පළවන්නේ ඉරිදා ලක්බිම සංග්‍රහය පළ නොකළ එම ලිපියයි.නිර්මාල්‘ගෝඨාගේ ...
අප රක්නා උරුමය! මධ්‍යස්ථානය පහතින් පල වන්නේ 1998 ජූනි - ජූලි මස 'මාතොට' සඟරාවේ සංස්කාරක සටහනයි. වසර දහ හතරකට පසු අප මෙය නැවත ඔබට ඉදිරිපත් කරමු. දශක එකහමාරක් පමණ කාලය තුල බොහෝ දේ වෙනස් වී තිබුනද සමහරක් දේ අවිචල්‍යය වේ. සටන් වැදිය යුත්තේ වෙනස්වන දේ සඳහා නොව, සදාකාලිත්වය වෙනුවෙන්ය යන්නද අපගේ අවිචල්‍යය වූ පර්ඥානයකි. ඉතිහාසය (History) යනු ඕපපාතික ප්රපංචයන්ගේ අර්ථ විරහිත විකාශනය නොව, පරිමිත ...
ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති මධ්‍යස්ථානය සිය ඇහිබැම ඉවත්කර පාසැලට පැමිණි ශිෂ්‍යාවකට විරුද්ධව විනයානුකූලව කි‍්‍රයාකල ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ශිෂ්‍යාවගේ පියා විසින් පහරදෙනු ලැබීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ සාකච්ඡාවක් පවතී. පොදුවේ දක්නට ලැබෙන බව පෙනෙන්නේ විදුහල්පතිවරයාට පහර දුන් පියාට විරුද්ධ ආකල්පයකි. කොස් වෙතත් මගේ ප්රශ්නය වන්නේ විදුහල්පතිවරයාගේ ක්‍රියාව ගැන සාකච්ඡාවක් අවශ්‍ය නැති ද යන්නයි. විදුහල්පතිවරයාට පහරදෙනු ලැබීම කීප ආකාරයකින්ම වරදක් බව පැහැදිළිය. තමන්ගේ ආත්මාරක්ෂාවට නොවැලැක්විය ...
නිර්මාල්ගෙන් නිවේදනයක් මධ්‍යස්ථානය දීප්තිගේ කණ්ඩායම සමග පවත්වාගෙන යන ගෝරිය නැවැත්වීම හොදයි කියන එකයි මගේ නම් අදහස. මේකෙන් දීප්තිටවත් අපිටවත් වෙන කාටවත් සිද්ධවෙන ප්‍රයෝජනයක් නැහැ. දීප්ති ගැන විවේචනයක් අවශ්‍යයි. අපි ඒ ගැන ඕනේ තරන් ලියල කතා කරලත් තියනවා. තව දුරටත් එසේ කිරීම අවශ්‍යයි. නමුත් එය කල යුත්තේ බොහොම සංයමයකින් සහ මේගැන උනන්දුවක් දක්වන අයට බුද්ධිමය හා දේශපාලන වශයෙන් ප්‍රයෝජනයක් අත් වෙන ආකාරයටයි. වැදගත්ම දේ ...