හතර කේන්ද්‍රය පාළු වීම Lanka Jhothisha Arana "හතර කේන්ද්‍රය පාළු වීම" යන්න පිළිබදව ජනසමාජය තුල මුල්බැස ඇති විවිධාකාර වූ මතිමනාන්දර අනුව බොහෝ දෙනා තුල ඇත්තේ එවැනි ජන්ම කේන්ද්‍ර පිහිටන්නන් පිළිබද සෘණාත්මක අගය කිරීමකි.හතර කේන්ද්‍රය හිස්වූවන් ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතයට සුදුසු යැයි ප්‍රබල මතයක් මුල් බැස ඇති නිසා තමන්ගේ දරුවෙකුගේ ජන්ම කේන්ද්‍රයේ එවැනි පිහිටීමක් ඇති බව දැනගත් විට බොහෝ දෙමාපියන් කලබලවේ.වර්තමාන තරඟකාරී ජනසමාජ රටාව අනුව ...
මාර්තු 20 ෆාරෝ දූපත්වලට පූර්ණ සූර්ය ග්‍රහණයක්...අප රටටද අර්ධ ග්‍රහණ බලපෑමක්... Lanka Jhothisha Arana ශ්‍රී ලාංකිකයන්ට තම ජීවිතය කුල අත්විඳිය හැකි සුවිශේෂී අත්දැකීමක් එක් කරමින් 2015 මාර්තු මස 20 වෙනි සිකුරාදා දින පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවේ.සම්පූර්ණ අදුරු වීමක් මෙවරද අප රටට සිදු නොවුවත් අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස මෙම සූර්ය ග්‍රහණයේ දර්ශන පථය අපට සැලකිය යුතු බලපෑමක් ඇති කරවයි. ලේඛකයාද ඇතුළුව ඔබ අප බොහෝ දෙනෙකු මින් පෙර පූර්ණ සූරය ග්‍රහණයක අත්දැකීම් ලබා නැති නමුත් ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය 5 Lanka Jhothisha Arana ගණිතයේ මහිමයෙන් සොයාගත් ග්‍රහයා ක්‍රි.ව.1612 දෙසැම්බර් 21 දින රාත්‍රී අහස නිරීක්ෂණය කරමින් සිටි ගැලීලියෝ ගැලිලීට හදිසියේම ඈත අහසේ බ්‍රහස්පති ග්‍රහයා ආසන්නයේමවූ තවත් ග්‍රහ වස්තුවක් නිරීක්ෂණය කිරීමට හැකි විය.ඉන්පසු නැවත 1643 ජනවාරි 27 දිනයේද බ්‍රහස්පති ග්‍රහයා අසලින්ම මෙම ග්‍රහ වස්තුව නිරීක්ෂණය විය.ගැලීලියෝට එදා ප්‍රභල දුරේක්ෂයක් තිබුණි නම් මේ කථාව වෙනස් ස්වරූපයක් දැරීමට තිබූ නමුත් ගැලීලියෝගේ දුරේක්ෂයේ ප්‍රභලතාව අඩුවීම හා ...
2014 නෙවැම්බර් 02 සිදුවූ ශනි මාරුව ඔබේ ලග්නයට කොහොමද? Lanka Jhothisha Arana ශනි මාරුව පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලින් පසුගිය දිනවල වැඩි කතා බහක් විය.බොහෝ දෙනා ශනි මාරුව පිළිබඳ කතා බහ කලේ ශනි මාරුව යෙදී ඇති 2014 නොවැම්බර් 02 දිනට පෙර සිටය.ජ්‍යොතිෂය පිළිබඳ ලියැවෙන මෙම අඩවියේද ශනි මාරුව පිළිබදව සටහනක් ලිවීම එම ග්‍රහ මාරුවට පෙර සිදුවිය යුතු වුවත් අඩවියේ කතුවරයා වන මා හට පසුගිය දිනවල තිබූ අධික කාර්ය බහුල බව ...
රතුද?කළුද?සුදුද? Lanka Jhothisha Arana රෝහණ විජේවීර අපේ රටේ මහා ආන්දෝලණයක් ඇති කල චරිතයකි.ඔහුගේ ජන්ම කේන්ද්‍රය හා ජීවන තොරතුරු විමර්ශණ ලිපියක් මෙම අඩවියේ පල කිරීමට කාලයක් තිස්සේම අදහසක් තිබූ නමුත් බාධක කිහිපයක් නිසා එය අවස්ථා කීපයකදීම යටපත් විය.එක් බාධකයක් වූයේ රෝහණ විජේවීර ඝාතනය වන විටත් ලේඛකයා වයස අවු 10 ක පමන කුඩා දරුවකු වීමය.රෝහණ විජේවීර ජීවමානව ක්‍රියාකාරීව කටයුතු කරන විට ඉපදී වත් නැති අයකු ...
Sound Horoscope Lanka Jhothisha Arana අපගේ ජීවිතයේ වටිනා සුන්දර මෙන්ම සුවිශේෂී සිද්ධි සිහිවටන ලෙස තබා ගැනීමට අපි ඡායාරූප භාවිතා කරයි.එමෙන්ම පුවත්පත් සඟරා ආදිය පුවත් වාර්තාකරණයේදී අදාළ සිද්ධිය හුවා දැක්වීමටද ඡායරූප භාවිතා කරයි.(මීට අමතර අවස්ථාද ඇත.)ජ්‍යොතිෂයේදී භාවිතා කෙරෙන පුද්ගල ජන්ම කේන්ද්‍ර සටහනද එක්තරා අයුරකින් ඡායාරූපයක් වැනිය.එය අප ඉපදුනු මොහොතේ අහස්තලයේ ඡායාරූපයකට අනුරූපවේ. ජන්ම කේන්ද්‍ර ජ්‍යොතිෂයේදී පුද්ගල පලාඵල පැවසීමට මෙන්ම ලෝකායත ජ්‍යොතිෂයේදී රට රටවල සමාජ ආර්ථික,දේශපාලන හා ...
ශනි කුජ යුද්ධයෙන් ශනිට ජය ...මඟතොට අනතුරු බහුල සතියක්.... Lanka Jhothisha Arana 2014 අගෝස්තු 26 වෙනි අඟහරුවාදා හවස 1.01 ට පමණ ශනි කුජ ග්‍රහයන් දෙදෙනා තුලා රාශියේ එකම අංශකය හරහා (අංශක 23 කලා 40 ) පිහිටි අතර එම මොහොතේදී ශනි ග්‍රහයා කුජට වඩා මධ්‍යහ්න රේඛාවේ උතුරින් පිහිටීම නිසා කුජ පරදා ශනිට ජය අත්විය.ග්‍රහලොව සෙන්පති කුජ ග්‍රහයා නීච ග්රහයෙකු වන ශනිට පරාජය වීම ලොකායත ජ්‍යොතිෂය අනුව ජන ජීවිතයට බලපෑම් ඇති කරවයි. ලංකා ...
ඛඩ්ග යෝගය Lanka Jhothisha Arana කඩු ශිල්ප ආදියෙහි හැකියාවක් ඇත්තන්ට පිහිටන සුවිශේෂී යෝගයක් ගෙස මෙම ඛඩ්ග යෝගය දක්වා ඇත.යෝගය යෙදෙන ආකාරය නවය හා දෙක අධිපතීන් පරිවර්තනය වී(නවය අධිපති දෙකේත් දෙක අධිපති නවයේත් සිටීම)සිටියදී ලග්නාධිපතියා කේන්ද්‍රස්ථානයක(1,4,7,10) හෝ ත්‍රිකෝණස්ථානයක(5,9) සිටීමෙන් මෙම යෝගය යෙදේ.මෙම යෝගය වඩාත් ප්රබලව යෙදෙන්නේ යෝගය උදා කරවන ග්‍රහයන් (1,2,9 අධිපතීන් ) උච්ච හා කේෂෙතුව සිටින විටය.යෝගයේ ඵල කඩු කිණිසි ආදීය ලෙස යෝගයේ අක්වා ...
ජුනි 19 ගුරු මාරුව ඔබට රටට කොහොමද? Lanka Jhothisha Arana ග්‍රහ ලොව පුරෝහිත හෙවත් ගුරුන්නාන්සේ ලෙස විරුදාවලී ලත් බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 2014 ජුනි මස 19 දින ස්වකීය උච්ච ස්ථානය වූ කටක රාශියට පිවිසේ.වසර 12 කට පසු සිදුවන ගුරුගේ උච්ච වීම පැහැදිලිවම යහපත උදා කරවන තත්තවයකි.“උච්ච ගුරු කොතනටත් හොඳයි“ යන පඩි වදනේ හැටියටම ස්ථාන දුබලවීමද පරයමින් මෙවර ගුරු මාරුවෙන් ලග්න දොලහටම සුභඵල උදා කරන අතර උපන් බලය මහ දශාවන් ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය 3 Lanka Jhothisha Arana හිටිහැටියේම කාලයක් තිස්සේ පාවිච්චි කරපු රවුටරේ ලෙඩ දුන්නා.අළුත් රවුටරයක් ගන්නකම් වෙනදා වගේ අන්තර්ජාලයේ නිදහසේ සැරිසරන්න අමාරුයි.මේ බ්ලොග් ලිපිය පබ්ලිෂ් කරන්නෙත් යාළුවෙක්ගේ මැෂින් එකකින් ලොග්වෙලා.පසුගිය දින කිහිපයේ කමෙන්ටු බලන්නත් බැරිවුනා.ඇත්තටම බ්ලොග් එක ලියන්න කාලවේලාව වෙන් කරගන්න මේ දවස්වල හරි අමාරුයි.ඒත් ලියන්න පුළුවන් හැම වෙලාවෙම බ්ලොග් එක සටහන් කරනවා.ඒ තරමටම බ්ලොග් එක මට සමීප වෙලා.ඒ වගේම සිංහල බ්ලොග් ලියන මිතුරු මිතුරියන් දැන් ...
චින්තාමණී යෝගය Lanka Jhothisha Arana චින්තාමණී යෝගයයෙදෙන ආකාරය බ්‍රහස්පති(ගුරු) හෝ සිකුරු(ශුක්‍ර) ග්‍රහයා කේන්ද්‍රයේ 5,9,11 ස්ථානයක උච්චව හෝ ස්වකෙෂත්‍රව සිටීමයි.රාහු ග්‍රහයා 5,8,12 ස්ථානයක නොසිටන විට මෙම යෝගය ප්රබලව යෙදේ.යෝගයේ ඵල අනුන් වශී කරන බලයක් ඇත.රූප සොභාවද හොඳ බව කියයි.කථාවෙන් අන් අය වශී කර ගනී.සැප සම්පත් ලැබීමද හොඳයි.දුප්පත් පවුලක උපන්නද ඉදිරියට පැමිනේ..ප.ලි. බ්‍රහස්පති(ගුරු) කටක රාශීයට උච්ච වන අතර ධනු,මීන රාශි වල ස්වකෙෂත්‍රෙවේ. සිකුරු මීන රාශියට උච්ච ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය 2 Lanka Jhothisha Arana " ඉමස්මිංයේව ඛ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤපේමි ලෝක සමුදයං ච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිණී පටිපදංච" ඉහත සදහන් බුද්ධ දේශනාව අනුව අවකාශය නැත්නම් ලෝකය හා එහි ආරම්භය මෙන්ම අවසානයද වන්නේ බඹයක් පමන වූ සංඥා මනස සහිත ශරීරයම බවයි.මේ අනුව සමස්ත අවකාශය හුදකලා පුද්ගලයා වෙතම විතැන් කර එහි ක්‍රියාකාරිත්වය හෙවත් පැවැත්ම නැවැත්වීමේ වැදගත්කම තිලෝගුරු බුදු රජානන් වහන්සේ ...
මැලේෂියානු MH370 ගුවන් යානය හා බින්නසිරිගේ ජ්‍යොතිෂ අනාවැකි Lanka Jhothisha Arana නිවේදක - “ආයුබෝවන් ප්‍රේක්ෂක ඔබ සැමට .... සජීවී රූපවාහිනී වැඩසටහනින් අද දින ඔබ හමුවන්නේ ලංකාවේ අතිදක්ෂ අති සාර්ථක ජ්‍යොතිෂ අනාවැකි පවසන්නකු ලෙස සුපතල බින්නසිරි බණ්ඩාර හෙවත් ඇලේ බණ්ඩාර මහතායි.. ඒ වගේම ********** දුරකථන අංකය ඔස්සේ ප්‍රේක්ෂක ඔබටද මෙම වැඩසටහනට සජීවීව සම්බන්ධ විය හැකි බව සතුටින් දන්වා සිටිනවා........ආයුබෝවන් බින්නසිරි මහතා..අපගේ සජීවී වැඩසටහණට පැමිණී ඔබතුමාව අපි ගෞරවයෙන් පිළිගන්නවා... බින්නසිරි ... - “ ...
ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - කුජ(අඟහරු) අපලයට Lanka Jhothisha Arana ග්‍රහලොව සෙන්පති ලෙස හැදින්වෙන කුජ හෙවත් අඟහරු ග්‍රහයා ධෛර්ය,ශක්තිය,ඹරොත්තු දීම,නිර්භීතකම,සටන්කාමීබව නියෝජනය කරයි. කුජ අපල වන විට හදිසි අනතුරු,උෂ්ණ රෝග,ලේ රෝග,කලකෝලහල,ලේ සෙලවීම් නීති ප්‍රශ්ණ සතුරු කරදර වැඩි වන බව සදහන්ය. කුජ ග්‍රහයාගෙන් ඇතිවන අපල කරදර වලින් ආරක්ෂා වීමට අපල අඩු වීමට ජ්‍යොතිෂ,ආයුර්වේද හා ආගමික වත් පිළිවෙත් කීපයක් පහත දැක්වේ.* සුදු මල් සමඟ රත්මල්,කනේරු මල් පූජා කොට බෝධි පූජා කිරීම* කතරගම ...
සුභ නැකැත් සෑදීම 4 Lanka Jhothisha Arana ඉතා ඈත අතීතයේදී වැඩි වශයෙන් භාවිතා කෙරුණු චූල ජ්‍යොතිෂ ක්‍රම මේ වනවිට අභාවයට යාමේ ප්රවනතාවක් ඇත.වර්තමානයේ "තත්කාල නිමිති" ශාස්ත්‍රය ඉතා දරුණු ලෙස පසුබෑමකට ලක්වී තිබීමත් තමන් වෙතට සේවය ලබා එන්නන් වැඩි පිරිසක් විවාහ මංගල,ගෙවල් සෑදීම,කුඩා දරුවන්ගේ අකුරු කියවීම,කන් විදීම,බත් කැවීම.. ආදී මහා නක්ෂත්ර ක්‍රම භාවිතා කරමින් සෑදෙන නැකැත් බලාපොරොත්වන්නන් වීම චූල නක්ෂත්ර ක්‍රම භාවිතය අඩු වීමට ප්‍රධාන වශයෙන් ...
ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - සදු අපලයට Lanka Jhothisha Arana ජ්‍යොතිෂයේදී සදු ග්‍රහලොව මව් ලෙස සලකයි.ස්ථිර තත්ත්වයට මෙන්ම චංචල තත්ත්වයටද බලපෑම ඇති කරන සදුට අන් ග්‍රහයන්ට වඩා වේගවත් ගමනක් ඇත.පලාඵල කථනයේදී සදු ගැන පරීක්ෂාව ඉතා ප්‍රෙව්ශමෙන් කල යුතුය.නැතහොත් පලාඵල වරදී. සදු දුබල වීමෙන් වැඩිපුරම බලපෑම් ඇති කරන්නේ සෞඛ්‍ය හා මානසික තත්ත්වයටය.උපතේදී හා ගෝචර ගමනේදී ඇතිවන සදු දුබලතාවෙන් බලපාන අපල කරදර වලින් ආරක්ෂා වීමට හා එම අපල අඩු කර ගැනීමට ...
සුභ නැකැත් සෑදීම 3 Lanka Jhothisha Arana කේවල සිද්ධි යෝග 7 කේවල සිද්ධි යෝග 7 චූල නක්ෂත්ර ක්‍රමයේදී භාවිතා කරන සුභ නක්ෂත්ර ක්රමයකි.හදිසියේ කළ යුතු නමුත් පඤ්චාංගය සුභවී තමන්ට සුභ අයුරින් ඇති විශේෂී සුභ නැකතක් ආසන්නයේ නොමැති විට යොදා ගැනෙන මෙම නැකැත් ක්‍රමය ගැන වැටහීමක් ලබා ගෙන තිබීම ජ්‍යොතිෂවේදීන්ට මෙන්ම අන් අයටත් ප්රයෝජනවත්ය.නමුත් එදිනට නියමිත නැකත ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 7 Lanka Jhothisha Arana එම්බා ශුන්‍යය ! නූඹ නම් ලොවට මහා ප්‍රශ්ණයකි.වෙස් පෙරලන නළුවෙකි.. නුඹ කුමන ආකාරයක්ද?නොවිසදුනු ගැටළු රාශියකි. නුඹ ඉරට්ටේද?නුඹගේම බලයේ අගය කීයද? විද්‍යා ලොවේ පෙරදිගින් පායපු හිරු නුඹලු.... නුඹ නැත්නම් සුදදන්ටත් වැඩ බැරි වෙනවලු.... එක් තැනක නුඹ ආරම්භයයි.. තව තැනක නුඹ මධ්‍යයයි.. තවත් තැනක නුඹ අවසානයයි.. භෞතික විද්‍යාවෙදි උඹ හරි හැඩලු.. කෙල්වින් උස්නෙදි..ඩෙසිබල් සද්දෙදි... අගයක් නැති උඹටත් අගයක් තියෙනවලු.... රසායන විජ්ජෙත් ...
2013 ඔක්තෝම්බර් 05 දින අඟහරු කටකයෙන් සිංහ රාශියට...ලග්න රැසකට සුභඵල Lanka Jhothisha Arana 2013 අගෝස්තු 19 දිනෙන් කටක රාශිය තුල නීචව ගමන් කල අඟහරු ග්‍රහයා 2013 ඔක්තෝම්බර් 05 වැනි දින එනම් අද දින රාත්‍රී 7.41 ට පමණ ස්වකීය නීච ගමන නවතා සිංහ රාශියට පිවිසේ.ඇතැම් මූල ග්රන්ථ වල සිංහ රාශිය අඟහරු හෙවත් කුජට සතුරු රාශියක් ලෙස දක්වා ඇතත් සාමාන්‍ය පෙරදිග මතය අනුව අඟහරුට සිංහ රාශිය මිත්‍ර රාශියක් ලෙස සැලකේ. ග්‍රහ ලොව සෙන්පති ලෙස ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 6 Lanka Jhothisha Arana * 0! = ? ඔබ කැල්කියුලෙටර් යන්ත්‍රයකින් 0! (Zero Factorial) හි අගය විමසා බලන්න. පිළිතුර ලෙස 1 ඔබට ලැබෙනු ඇත. n! = n(n-1)(n-2)....4x3x2x1 අර්ථ දැක්වීම දන්නා ඔබට 1! =1x1 = 1 3! =3x2x1 = 6 5! = 5x4x3x2x1 = 120 10! =10x9x8x7x6x5x4x3x2x1 = 3628800 අගයන් ලැබීම තේරුම් ගත හැකි වුවත් 0! =1 අගය ලැබීම එකවර වටහා ගැනීම අපහසුය.අර්ථ දැක්වීම ...