රාහුලයා මළා......මළා...... Lanka Jhothisha Arana විදාගම හිමියන් විජයබා පිරිවෙනේ ගෝලයන්ට ශාස්ත්‍ර ඉගැන්වීමට යාමට පෙර දිනපතා උදෑසන සිදු කල කාර්යයක් විය.තම අල්මාරියේ කුඩා කුප්පියක දැමූ සුවිශේෂී තෙල් වර්ගයකින් ඉතා කුඩා ප්‍රමානයක් දිව ගා ගැනීම උන් වහන්සේගේ දෛනික පුරුද්දක් විය. කුඩා කුප්පියේ ඇත්තේ ධාරණ ශක්තිය වර්ධනය කරන "මහා සරස්වතී තෛලය" බව වටහා ගත් සාමනේර රාහුල හිමියන් ගුරු හිමියන් සරස්වතී තෙල භාවිතා කරන ආකරය හොර රහසින් බලා ...
ඉඩා පිංගල ශාස්ත්‍රය - 6(ආයු පරීක්ෂණය) Lanka Jhothisha Arana ඉඩා (වම් ) හා පිංගල(දකුණු) නල වැටීමේ සීඝ්‍රතාව හා ඒ අනුව එම නල ගමන් කරන දුර අනුව පුද්ගලයකුගේ ඉදිරි ආයුෂ නිගමනය කිරීමේ සංකීර්ණ ක්‍රමයක් ඉඩා පිංගල ශාස්ත්රයේ ඇත.මෙම නල පරීක්ෂාව මනා පුහුණුවකින් යුක්තව කළ යුතු බව ශාස්ත්‍රීය මතයයි.(වෛද්‍යවරුන් විසින් ශරීරයේ හෘද ස්පන්දනයට අනුරූපව අත අල්ලා නාඩි ස්පන්ධනය අනුව ආයුෂ,සාධ්‍ය අසාධ්‍ය බව තීරණය කිරීමේ තවත් ක්‍රමයක් ඉඩා පිංගල ශාස්ත්‍රයට බද්ධව ...
"ශකට" හා "සකට" යෝග Lanka Jhothisha Arana ජ්‍යොතිෂයේ භාවිතා වන විවිධ යෝග අතරින් "ශකට" හා "සකට" යනුවෙන් යෝග දෙකක් පවතී.එකම ආකාරයකින් ශබ්ද වුවත් මෙම යෝග දෙක පිහිටන ආකාරය හා එහි ප්‍රතිඵල එකිනෙකට හාත්පසින්ම වෙනස්ය. නාභස යෝග යටතේ ආකෘති යෝගයක් ලෙස වර්ග වන "ශකට " යෝගය දුබල ග්‍රහ යෝගයක් ලෙස දක්වා ඇත."ශකට " යන වදනෙන් අර්ථවත් වන "කරත්තය" සංකේතවත් වන මෙම යෝගය හදුනා ගැනීම ඉතා පහසුය.ලග්නයේ හා හත්වැන්නේ ...
"ජ්වල මුඛී" යෝගය Lanka Jhothisha Arana තිථිය හා නැකත සංයෝග වීමෙන් යෙදෙන "ජ්වල මුඛී" නම් අසුභ යෝගය ආකාර පහකින් යෙදේ.ඒ අනුව යම් වේලාවක 1) පෑලවිය තිථිය හා මුල නැකත 2) විසේනිය තිථිය හා බෙරණ නැකත 3) අටවක තිථිය හා කැති නැකත 4) නවවක තිථිය හා රෙහෙණ නැකත 5) දසවක තිථිය හා අස්ලිස නැකත යෙදී ඇති විට "ජ්වල මුඛී" යෝගය උදාවේ. අසුභ යෝගයක් ලෙස සදහන්ව ඇති ...
ජ්‍යොතිෂය භාවිතා කිරීම හා නොකිරීම . Lanka Jhothisha Arana ජ්‍යොතිෂය භාවිතා කිරීම හා නොකිරීම ජ්‍යොතිෂය යනු ජාති කුල ආගම් භේදයකින් තොරව එකසේ ප්‍රයෝජනයට ගත හැකි ශාස්ත්රයකි.ලොවපුරා විවිධ ජාතීන් ජ්‍යොතිෂයෙන් වැඩ ප්‍රයෝජන ගන්නා අකාරයෙන් මෙය මොනවට පැහැදිලිවේ. ජ්‍යොතිෂය පිළිගන්නා අය අතර දේශපාලඥයන්ද ඉදිරියෙන්ම සිටී.එදා මෙදා තුර මෙරට පාලනය කළ ජන නායකයින් රාශියක් ජ්‍යොතිෂය විශ්වාස කලෝය.වර්තමාන ජනාධිපති තුමාද විටින් විට "අනේ මම ඔය කේන්දර කාරයෝ කියන දේවල් ගනන් ගන්නේ නෑ.ග්‍රහයන්ට ...
දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු - හතරවන කොටස Lanka Jhothisha Arana 9 වෙනි පාඩම (නවාංශකයට චන්ද්‍රයා පිහිටුවීම,නැකැත් පාද සෙවීම හා දශා අපහරණය ගැනීම.) මෙම පාඩමට නැවත අඩශ්ය වන පඤ්චාංග ලිතේ කොටස්ඉහත දක්වා ඇත්තේ ජන්මියා උපන් මොහොත වන විට එදින උදේ වරුවේ තිබූ නැකත එලෙසම පවතින අවස්ථාවට අදාළ ගණිතයයි.ඇතැම් අවස්ථාවල ජන්මියා උපන් මොහොත වන විට එදින උදේ වරුවේ තිබූ නැකත ගෙවී ඊට පසු නැකත උදා වී ඇති අවස්ථා හමුවේ.ඉහත 9 වෙනි ...
පුල කච්චන්නා.. Lanka Jhothisha Arana “පුල කච්චන්නා....පුල කච්චන්නා.... “ මීට ස්වල්ප වේලාවකට පෙර තමන් පසු කරමින් පාර දිගේ දුව ගිය කොලුවා කියමින් ගිය වචනය විදාගම මෛත්‍රී හිමිගේ සිතට තදින් වැදුනි.පිටුපස බලමින් කාටදෝ කියමින් දුවගිය කොළුවා පැවසූ වචනයට සමාන වචන කිහිපයක්ම තමා උගත් පෙරදිග භාෂාවන් කිහිපයකම යෙදෙන බව වහා මතකයට ආවත් කොලුවා පැවසූ වදන හුරු පුරුදු බවක් සමඟම නුහුරු ආගන්තුක බවක්ද උන්වහන්සේට ඇති කල සේක. ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 4 Lanka Jhothisha Arana අප කුඩා අවදියේ මුළු රටේම අවධානයට ලක්වූ අපූරු සිද්ධියක් ග්‍රාමීය පාසැලක 5 වසර පාසැල් පන්ති කාමරයකදී සිදු විය. පන්ති භාර ගුරුතුමිය විසින් දරුවන්ට ස්ත්‍රී පුරුෂ ලිංග නාම හදුන්වා දීම සිදු කොට පැවරුමක් ලෙස පුරුෂ ලිංග වචන ලබා දී ඒවායේ ස්ත්‍රී ලිංග පද සිසුන්ට ලියා දක්වන ලෙසය. “නයා“ හෙවත් නාගයා වචනයේ ස්ත්‍රී ලිංග පදය ලෙස පන්තියේ සිටි දක්ෂ සිසුන් සියල්ලම ...
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පිටත්ව යාමට සුභ නැකැත් Lanka Jhothisha Arana පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලංකාවේ පාසැල් සිසුන් මුහුණදෙන පලමු ප්‍රධාන ජාතික විභාගය ලෙස හැදින්විය හැක.ඉගෙනීමෙහි දක්ෂ කුසලතා ඇති ගම්බද දරුවන්ට නගරයේ ජාතික පාසැලකට ඇතුල් වීමට වරම් ලබා දෙන විභාගයක් වීම හා වර්තමානයේ ජනප්‍රිය පාසැල් වලට ඇතුල් වීමෙ ඇති තරඟකාරිත්වය නිසා මෙම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට දරුවනුත් දෙමාපියනුත් වැඩි උනන්දුවක් දක්වයි. මීට වසර කීපයකට පෙර පැවති තත්ත්වයට වඩා ...
ජ්‍යොතිෂය හා බැදී ඇති දුර්මත කිහිපයක් Lanka Jhothisha Arana * පෙබරවාරි මාසය සුභ නැකැත් සදහා සුදුසු නැත. මෙය බොහෝ දෙනා අතර ඇති පදනම් විරහිත වූ මතයකි.පෙබරවාරි මාසය අඩු දින මාසයක් වීම නිසා මෙම මතය පුරාතනයේ සිටම සාමාන්‍ය ජනයා අතර පවතී. පෙබරවාරි මාසයට දින 28 ,29 ක් යෙදීම නිසා එයට අඩු දින මාසයක් ලෙස නම් කිරීම ඉංග්‍රීසි කැලැන්ඩර ක්‍රමය අනුව සලකන විට යම් වලංගුතාවයක් ඇත.නමුත් ජ්‍යොතිෂයේදී භාවිතා කෙරෙන සූර්ය ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය 4 Lanka Jhothisha Arana "හිරු පොලොව වටා ගමන් කරන්නේ යැයි සිතා සිටින මුග්ධයන් පිරිසක්" " මෝඩයන් රවටමින් අන්දවමින් ඔවුන්ගේ මුදල් ගසා කන කපටියන් පිරිසක්" ඉහතින් දැක්වූයේ ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන් විසින් ජ්‍යොතිෂවේදීන් වන අපව හැදින්වීමට සයිබර් අවකාශය තුළ නිරන්තරයෙන් භාවිතා කෙරෙන වදන් කීපයකි.(එහි දෙවන පාඨයට යම් තරමින් හෝ අනුකූලව කටයුතු කරන ජ්යොතිෂව්දීන්ද ඇත.) ජ්‍යොතිෂයේ සිද්ධාන්ත, තාරකා විද්‍යා නියම දර්ශන වලට පටහැනි අයුරින් පැවතීම හා ...
විවාහ සහකාරියක් තෝරා ගැනීමේදී සඳු ගැන හොදින් බලන්න Lanka Jhothisha Arana විවාහ සහකාරියක් තෝරා ගැනීමේදී ගැටවර වියේ සිටින අවිවාහක තරුණයෙකු බොහෝ විට සැලකිල්ල දක්වන්නේ හැඩකාර යෞවණියක් තෝරා ගැනීමට වුවත් වයසින් මුහුකුරා ගිය පිරිමියකු සිය අනාගත සහකාරියගේ නැණ ගුණවත් කම පිළිබඳවත් වැඩි සැලකිල්ලක් දක්වයි. කාන්තාවකගේ ජන්ම කේන්ද්‍රය සලකා බලා රුව ගැන අදහසක් ප්‍රමානවත් අයුරින් ලබා ගත නොහැකි වුවත් කාන්තාව තුල ජන්මයෙන් පිහිටන ගුණ නැණ බලය පිළිබඳ අදහසක් ලබා ගත හැක.කාන්තා කේන්ද්‍රයක ...
2014 නෙවැම්බර් 02 සිදුවූ ශනි මාරුව ඔබේ ලග්නයට කොහොමද? Lanka Jhothisha Arana ශනි මාරුව පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලින් පසුගිය දිනවල වැඩි කතා බහක් විය.බොහෝ දෙනා ශනි මාරුව පිළිබඳ කතා බහ කලේ ශනි මාරුව යෙදී ඇති 2014 නොවැම්බර් 02 දිනට පෙර සිටය.ජ්‍යොතිෂය පිළිබඳ ලියැවෙන මෙම අඩවියේද ශනි මාරුව පිළිබදව සටහනක් ලිවීම එම ග්‍රහ මාරුවට පෙර සිදුවිය යුතු වුවත් අඩවියේ කතුවරයා වන මා හට පසුගිය දිනවල තිබූ අධික කාර්ය බහුල බව ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 5 Lanka Jhothisha Arana ත්‍රීවිල් රියැදුරා මේකනේ මල්ලි.. දුප්පත් කමට ත්‍රීවිල් එලෙව්වට මම ඔලෙවලුත් පාස් කරල තියෙනවා.ඒ ලෙවල් කරන්න තරම් ආර්ථිකේ නැති හින්ද ඒ කාලෙම ත්‍රීවිල් ජොබ් එකට සෙට් වුනා. අපේ අංක ගණිතෙ සෑර් අපට කියල දුන්නු ඒවා අපිට තාම මතකයි.එයා අපට කියපු විදියට ඕනම ඉලක්කමක බින්දුවේ බලය අගය 1යි.ඒ කියන්නෙ බින්දුවේ බින්දුව බලේ වටිනාකමත් 1 යි.සාමාන්‍ය පෙළ ගණිත සිසුවා හරි....මට පුළුවන් බින්දුවේ ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 2 Lanka Jhothisha Arana ක්‍රි.ව. 1646 ජූලි 01 දින ජර්මනියේ Leipzig හි උපන් ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් ලයිබ්නීස්ගේ පියා ලිප්සිග් විශ්වවිද්‍යාලයේ සමාජ දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයා විය.ජ්‍යොතිෂය පිළිබඳ දැනුවත් කමක් තිබූ ෆෙඩ්රික් ලයිබ්නීස් මහාචාර්ය වරයා තම පුත්‍රයා උපන් හවස 6.45 වේලාවට කුම්භ ලග්නය උදාවෙමින් තිබූ බව සටහන් කොට තිබුණි. ලයිබ්නීට්ස්ගේ වයස අවු 6දී පමණ හදිසියේ සිදුවූ පියාගේ අභාවය නිසා කුඩා ලයිබ්නීට්ස් මව සමඟ තනි ...
200 Lanka Jhothisha Arana මාතෘකාව දැක්කම පෝස්ට් එක මොකක් ගැනද කියන එක කාටත් තේරෙනවා ඇතිනේ...ඔව් මටත් නොදැනීම මගේ බ්ලොග් එකේ ලිපි දෙසීයක්(200) මම ලියලා.....හරිම සතුටුයි...ඉතින් අන්න ඒ සතුට භුක්ති විදින්නත් එක්ක පොඩි සද්දයක් එහෙම දාලා ඒ වගේම හිතේ සතුට අකුරු කරලා පෙන්නන්න තමයි මේක ලියන්නේ... ජ්‍යොතිෂ ලිපිම ලියලා ලියලා හෙම්බත් වෙලා ඉදලා හිටල හරි පොඩි සද්දයක් දාන්න ලැබුණු එකේ බ්ලොග් එක ගැන පම්පෝරියක් ...
වැරදීම,වැරැද්දීම හා පටලැවීම,..... Lanka Jhothisha Arana “ කොන්ඩඤ්ඤ තවුසානෙනි , පුරා සය වසක් අප පස් දෙනා සිදුහත් තවුසානන්ට ඇප උපස්ථාන කරමින් සිටින්නේ ඔහු විසින් විමුක්ති සත්‍ය අවබෝධ කර ගනු ඇතැයි දැඩි විශ්වාසයකින් යුක්තවය.පසුගිය සය වස තුල අති දුෂ්කර ක්‍රියා කරමින් අපරිමිත වීර්යයෙන් යුක්තව බවුන් වැඩූ සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියා අතහැර මධ්‍යම ප්‍රතිපදාවට යොමු වී සිටීම ඔබ වහන්සේගේ මෙන්ම අප සිව් දෙනාගේත් මහත් කලකිරීමට හේතුවී ඇත.ධෛර්්‍ය අඩුව ...
ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ කාරකා වල බලපෑමක් තිබේද? Lanka Jhothisha Arana ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ කාරකා වල බලපෑමක් තිබේද?“මිනිසා ඇතුළු පෘථිවි ජීවීන් කෙරෙහි හිරු හා සදු ගෙන් බලපෑමක් ඇති නමුත් පෘථිවියට ඉතා ඈතින් ඇති බ්‍රහස්පති සෙනසුරු වැනි ග්‍රහයන්ගෙන් හා තාරුකා වලින් ජීවි පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් නැති අතර එවැනි බලපෑමක් ඇති යැයි පිළිගැනීමද අසීරුය. “ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ තාරුකාවන්ගෙන් බලපෑමක් තිබේද? යන ගැටළුවට බහුලව ලැබෙන පොදු පිළිතුර මෙයයි.පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 7 Lanka Jhothisha Arana එම්බා ශුන්‍යය ! නූඹ නම් ලොවට මහා ප්‍රශ්ණයකි.වෙස් පෙරලන නළුවෙකි.. නුඹ කුමන ආකාරයක්ද?නොවිසදුනු ගැටළු රාශියකි. නුඹ ඉරට්ටේද?නුඹගේම බලයේ අගය කීයද? විද්‍යා ලොවේ පෙරදිගින් පායපු හිරු නුඹලු.... නුඹ නැත්නම් සුදදන්ටත් වැඩ බැරි වෙනවලු.... එක් තැනක නුඹ ආරම්භයයි.. තව තැනක නුඹ මධ්‍යයයි.. තවත් තැනක නුඹ අවසානයයි.. භෞතික විද්‍යාවෙදි උඹ හරි හැඩලු.. කෙල්වින් උස්නෙදි..ඩෙසිබල් සද්දෙදි... අගයක් නැති උඹටත් අගයක් තියෙනවලු.... රසායන විජ්ජෙත් ...
ජේ.ආර්. ගහපු ගැට අපේ අය තාමත් ලිහනවා. Lanka Jhothisha Arana "ජේ.ආර්. ගහපු ගැට අපේ අය තාමත් ලිහනවා." මීට වසර කිහිපයකට පෙර අපේ තාත්තා හිතවතෙකු සමඟ මෙලෙස පවසනු මා හට ඇසී ඇතත් ඒවනවිට කුඩා දරුවකුව සිටි මා හට පියා පැවසූ වදනේ අරුත හරිහැටි නොවැටහුනි.නමුත් මෑත කාලීනව සිදුවූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය වූ ආකාරය පිළදබදව දැනුවත් වූ පසු එදා තාත්තා විසින් ...