අඩමානෙට කේන්ද්‍ර හැදීම හෙවත් ජ්‍යොතිෂය විනාශ කිරීම Lanka Jhothisha Arana අඩමානෙට කේන්ද්‍ර හැදීම හෙවත් ජ්‍යොතිෂය විනාශ කිරීම තමන්ගේ උපන් කේන්දු සටහන හදිසියේ නැතිවීම, ජන්ම කේන්දුයක් සාදා නොතිබීම ජන්ම වේලාව නිවැරදිව දැන නොසිටීම ආදී අවස්ථාවලදී නැවත ජන්ම කේන්ද්‍රයක් සාදා ගැනීමේ ගැටළු ඉස්මතුවූවන් නිතර නිතර අප වැනි ජ්‍යොතිෂ වැඩ කරන්නන් සොයා පැමිනේ.මංගල කටයුත්තකදී අනෙකුත් පාර්ශ්වයෙන් පොරොන්දම් පරීක්ෂාව සඳහා ජන්ම කේන්ද්‍රය ඉල්ලා සිටීම,ගෙයක් සෑදීම සඳහා සුභ නැකැතක් තෝරා ගැනීම ආදී අවස්ථාවලදී එවැන්නන්ට මෙම ...
2013 මැයි 31 ගුරු මාරුව ගැන ජ්‍යොතිෂ පත්තර වල තියෙන පලාඵල හරිද? Lanka Jhothisha Arana 2013 මැයි 31 ගුරු මාරුව ගැන වෙනදාට වඩා වැඩි අවධානයක් මාධ්‍ය වලින් ලබා දී ඇත.මෙම ගුරු මාරුව තම තමන්ට බලපාන අන්දම ආසන්න පසුගිය වසරේ සිටම මා විසින් මාගේ සේවා ලාභීන්ට දන්වා තිබූ නමුත් ගුරු මාරුව මා දුටු අයුරු පුවත්පත් ලිපි සමඟ සන්සන්ධනය කිරීමටත් ජ්‍යොතිෂ විශ්ලේෂනය කිරීම පිණිසත් ගුරු මාරුවේ පොදු ලග්න පලාඵල ගැන ලියවුනු පුවත්පත් ලිපි හා ඉන්දියානු වෙබ් ...
තොටගමු ගුරු හිමියනි මා මූසිලයකු නොවෙමි -වෑත්තෑවේ හිමි Lanka Jhothisha Arana පුරාණ ලංකාවේ සත්කෝරළේ දිසාවේ කටුගම්පළ හත්පත්තුවේ මැදපත්තු කෝරළේ වෑත්තෑව නම් ගමකි.මේ ගමෙහි දුග්ගන්නා වලව්වේ දුග්ගන්නා රාළට දරුවන් කිහිප දෙනෙකි.පවුලේ බාල දරුවා වූ "අප්පුහාමි"කුඩා කල සිටම වැඩි කලබලයක් නැති කීකරු දරුවෙක් විය.ඉගෙනීමටද දක්ෂකම් පෑ අප්පුහාමි පුතුගේ වැඩිදුර ඉගෙනුමට වඩාත් සුදුසු ස්ථානය එකල රටේ පමනක් නොව වෙනත් දේශ වලද ජාත්‍යන්තර සරසවියක් මෙන් ප්‍රසිද්ධ "විජයබා" පිරිවෙන බව වටහා ගත් දුග්ගන්නා රාල තම ...
දරුවකු අරන් හදා ගැනීම හෙවත් කුල වැද්දීම Lanka Jhothisha Arana දරුවන් නොමැති අය අනාගතය්දී තමන්ගේ ආරක්ෂාවට හා තමන්ට ඇප උපස්ථාන ලබා ගැනීම පිණිසත් තවත් අය දරුවන් සිටියත් අසරණ දරුවන් කෙරෙහි ඇති කරුණාව සෙනෙහස නිසාම දරුවන් අරන් හදා ගැනීම සිදු කරති."කුල වැද්දීම" ලෙස ජන වහරේ භාවිතා වන මෙය එක් අතකින් විශාල පින්කමකි.දරුවන් නොමැතිව පිටින් දරුවන් අරන් සාදාගත් අයට ඉන්පසු තමන්ගේම දරුවන් ලැබීමත් දරුවන් අරන් සාදාගත් පවුල් විශාල දියුණුවක් ලැබීමත් බහුලව ...
ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - රවි අපලයට Lanka Jhothisha Arana ග්‍රහ ලොව පීතෘ ලෙස හැදින්වෙන රවි පෘථිවිය ඇතුළු සියළු ග්‍රහලෝක වල ජීවනාලියවේ.උනුසුම ආලෝකය,ආකර්ෂණය,ජීවය ලබාදේ.ජ්‍යොතිෂ ශාස්ත්රයේ සියළු කටයුතු රවි මුල්කොට ගෙනම සිදුවේ.ජීව බලය හා රෝග නාශක බලය පමනක් නොව දීර්ඝායුෂ,ප්‍රසිද්ධිය,බලය,ක්‍රියාසූරත්වය,ගෞරවය,අවබෝධ ඥානය ආදී සියළු උසස් ගති හිරුගෙන්ම ලැබේ. මිනිස් සිරුරේ හදවත,කට,ඇස්,ලේ,මොලය,උගුර,ඇට ආදියට අධිපති වන රවි උපතේදී මෙන්ම ගෝචර ගමනින් දුබල විට ශරීරයේ ඒ ආශ්රිත අසනීප ලෙඩ රෝග ඉස්මතු කරයි. රවි ග්‍රහයාගේ ...
අභාවයට යන ලාංකීය බලි ශාන්තිකර්ම කලාව Lanka Jhothisha Arana "අලි බැලිල්ල හා බලි බැලිල්ල කොච්ර කලත් එපා වෙන්නේ නෑ " යනුවෙන් වචන මෙන්ම අදහසද විකෘති කරන ලද කතාවක් අප අතර ඇත.ඇත්තෙන්ම මින් අලි බැලීම හා බලි බැලීම ඇසට ප්‍රිය දසුනක් යන්න අදහස් කිරීමක් නිරූපනයවේ.සාහිත්‍ය විචිත්රභාවය අනුව සලකන විට මෙහි සත්‍යතාවක් ඇතත් නියම වචනය "අලි බැලිල්ල හා බලි ඇරිල්ල ප්‍රවේශමෙන් කල යුතුය." යන්නයි.ඇත් ගොව්වකු විසින් අලියා බලා කියා ගැනීම ...
ඉඩා පිංගල ශාස්ත්‍රය - 2 Lanka Jhothisha Arana නාඩි සදහා වෙන්වූ දින හෝරා හා තිථි * සදුට හිමි වම් නාස් පුඩුවෙන් පිටවන ඉඩා නාඩිය සදු,බුධ,ශුක්‍ර දිනවල හා එම හෝරාවලද රාත්‍රී කාලයේද පුර පක්ෂයේද සදුට හිමි ඉඩා නාඩිය බලවත්වේ. රවි,ශුක්‍ර,බුධ,චන්ද්‍ර,ශනි,ගුරු,කුජ ලෙස පිළිවෙලින් හෝරාවන් සතකි.එක් ග්රහයෙකුට හිමිවන්නේ එක් හෝරාවකි.(ඉංග්‍රීසි පැයකි.)දවසේ මුල් හෝරාව එම දවස හිමි ග්‍රහයාට හිමිවෙයි.එතැන් සිට ඉහත දැක්වූ පිළිවෙලට අනිත් ග්‍රහයන්ට හෝරාව බැගින් හිමිවේ.(උදා - රවි දිනයේ හිරු ...
Mathematical Background of computer astrology - part 4 ( චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය පිහිටීම සෙවීම ) Lanka Jhothisha Arana චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය පිහිටීම සෙවීම සූර්යයා= S පෘථිවිය= E චන්ද්‍රයා= M ලෙස අංකනය කල විට චන්ද්‍රයාගේ පෘථිවිය වටා කක්ෂීය චලිතය පහත දැක්වෙන රූපයේ පරිදි දැක්විය හැකිය. පෘථිවිය වටා චන්ද්‍රයාගේ කක්ෂීය(Orbit Motion ) චලිතය සැලකූ විට එහි ප්‍රධාන Orbit Elemants 1) Longitude of Ascending Node 2) Inclination 3)Argument of Perigee 4) Mean distance= semi major axis 5) Eccentricity 6) Mean anomaly ...
කාබන් කාල නිර්ණකයද? පුරා විද්‍යා ජ්‍යොතිෂයද? Lanka Jhothisha Arana කාබන් කාල නිර්ණක ක්‍රමය පිළිබඳව මෑත කාලීනව අපේ රටේ වැඩිපුර කතාබහට ලක්වූයේ මාතලේ සමූහ මිනී වලත් සමඟය.මිනීවලෙන් මතුවූවන්ට එම ඉරණම අත්වූයේ කුමන වකවානුවක් තුලදීද යන්න ගැටළුවක් වූයේ 1971 හා 1988-89 භීෂණ කාල වකවානු දෙක තුලදීම මෙවැනි සමූහ මිනිස් ඝාතන සිදුවූ බැවිනි. මාතලේ සමූහ මිනීවලෙන් මතුවූවන්ගේ මරණය සිදුවූ කාලය දැන ගැනීමට සාම්පල් කිහිපයක් පිටරට යැවූ බවට මාධ්‍ය වල පලවී තිබුනි.එහි ...
මෙවර අළුත් අවුරුදු ලිප ගිනි මොලවන නැකත දෝෂ සහිතද? Lanka Jhothisha Arana අළුත් අවුරුදු ලිප ගිණි මෙලවීමේ නැකත පිළිබදව මේ දිනවල වැඩි අවදානයක් කතා බහක් දකින්නට අසන්නට ඇත.මෙවර ලිප ගිණි මෙලවීමේ නැකත ජ්‍යොතිෂ ශාස්ත්රාණුකූලව වැරදි අඩුපාඩු සහිත බවට දැනටමත් රටපුරා සිටින ජ්‍යොතිෂවේදීන්ගෙන් අළුත් අවුරුදු නැකැත් කමිටුවට චෝදනා එල්ල වී ඇත.මේ පිළිබදව හාංකවිස්සියක දැනුවත්වීමක් නොතිබුණු අවස්ථාවක මුලින්ම මේ ගැන මාව දැනුවත් කලේ "කේන්දර සිංහලෙන්" අඩවියේ කතුවර රෝහණ වසන්ත මහතායි.එම මහතා දුරකථනයෙන් මේ ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 8 Lanka Jhothisha Arana කාලය සාපේක්ෂද එසේත් නැත්නම් නිරපේක්ෂද කාලය චක්‍රීයද රේඛීයද යන්න උභතෝකෝටික ගැටළුවක්ව තිබුනි.20 වැනි සියවස මුල් කාලය වනතුරුම කාලය නිරපේක්ෂ රාශියක් ලෙස භාවිතා විය.එනම් එතෙක් භාවිතා කල නිව්ටෝනියානු යාන්ත්‍රිකය අනුව කාලය යනු ඉදිරියට ගමන් කරන ඊතලයක් බදු විය.එය එකිනෙකට වෙනස් සමුද්දේශ රාමු තුලදි එක සමාන අයුරින් භාවිතාවේ.නමුත් 1905 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් "විශේෂ සාපේක්ෂතාවාදය" හදුන්වා දෙමින් කාලය සාපේක්ෂ බව පෙන්වා ...
දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- දෙවන කොටස Lanka Jhothisha Arana මෙහි පලමු කොටසින් ජන්ම ලග්නය සෙවීම දක්වා (5 පාඩම දක්වා) ඉදිරිපත් කරන ලදී.6 වැනි පාඩම වෙන් වන්නේ ලග්නයේ ග්‍රහයන් පිහිටවීම සදහාය.වසර 45 කට පමන පෙර සකස් කර ඇති මෙම පාඩම් මාලාව එකල භාවිතා වූ ජනප්‍රියම පඤ්චාංග ලිත වූ "ඈපා පඤ්චාංග ලිත" අනුව සකසා ඇත. 6 වැනි පාඩම වෙන්වූ "ලග්න කේන්ද්‍රයට ග්‍රහයන් පිහිටුවීම" දක්වා ඇති ආකාරයට ඹ්නෑම අයකුට ලග්න කේන්ද්‍රයට ...
නිවෙසක කාමර බෙදිය යුතු දිශා පිළිවෙළ Lanka Jhothisha Arana නිවෙසක කාමර බෙදිය යුතු දිශා පිළිවෙළ උතුරු දිශාව - වටිනා වස්තු ගබඩා කාමරය,නිදන කාමර නැගෙනහිර දිශාව - නාන කාමරය ගිණිකොණ දිශාව - මුළුතැන්ගෙය දකුනු දිශාව - නිදන කාමර බටහිර දිශාව - ශාස්ත්‍රීය කටයුතු කාමරය,කෑමකන කාමරය ඊශාන දිශාව - ආගමික කටයුතු සිදු කරන ස්ථානය කාමරය වයඹ දිශාව- ධාන්‍ය ගබඩා කාමරය නිරිත දිශාව - වැසිකිළි කැසිකිළි ආදිය සහ ආයුධ ගබඩාව ...
2012 ජුනි 25 දිනෙන් ශනි වක්‍රය නවතී.අගෝස්තු 4 ශනි නැවත තුලාවට...... Lanka Jhothisha Arana 2011 නොවැම්බර් 15 දින ශනි ග්‍රහයා තුලා රාශි ගතවීම පිළිබදව ජනමාධ්‍ය දැඩි ප්‍රචාරණයක් ලබා දුනි.එම අවස්ථාවේදී ශනි තුලා රාශි ගතවීම පිළිබදව විවිධාකාර අයුරින් ජ්‍යොතිෂ අනාවැකි මත ඉදිරිපත් විය.ජනමාධ්‍ය ආයතනද ඒවාට විශාල ප්‍රචාරණයක් ලබා දුන්නේ ශනි මාරුව පිළිබදව මහජනතාව අතර තිබූ උනන්දුව ඔස්සේ වෙළද වාසි ලබා ගැනුම පිණිස යැයි අනුමාන කල හැක. තුලා රාශිය යනු ශනිට උච්ච හා යෝගකාරක රාශියයි.එනම් ශනිට ...
ජාතියේ පිනට පහල වූ උත්තමයා (අනගාරික ධර්මපාල තුමා) Lanka Jhothisha Arana ශ්‍රී ලාංකික බෞද්ධ අපට අනගාරික ධර්මපාල තුමා පිළිබදව විශේෂ හැදින්වීමක් කිරීම අනවශ්‍යය.ජාතියේ පිනට පහල වූ උත්තමයකු වූ එතුමා නොසිටින්න ලංකාවේ පමනක් නොව ලෝකයේ වෙනත් රටවල් වලින් මේ වන විට බුදු දහම තුරන් වී ගොස්ය.අද වන විට ලොව පුරා විවිධ ජාතීන් පවා බුදු දහම කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ එදා ධර්මපාලතුමා දියත් කළ ශාසනික ධර්මදූත මෙහෙය නිසාමය. එතුමාගේ ධර්මදුත සේවය ...
අභාවයට යන පුස්කොළ ලිවීමේ කලාව Lanka Jhothisha Arana ලේඛන කටයුතු සදහා කඩදාසි නොතිබූ ඉතා ඈත අතීතයේ එම අවශ්‍යතාව සපුරා ගත්තේ තල ගසේ ගොබයෙන් පිළියෙළ කරන ලද පත් ඉරු වලිනි.පුස්කොළ ලෙස කටවහරේ ඇති මෙම තල කොළ පිළිබද ඉතිහාස කතාව ඉතාමත් රසවත් මෙන්ම සාහිත්‍ය අගයකින් යුත් පුරාවෘත්ත වලින් ගහන වූවකි. තාල වර්ගයට අයත් ශාකයක් වන තලගස තෙත් කලාපයො වැඩෙන අතර සත් කෝරලය,සතර කෝරලය හා තුන් ...
2013 ඹක්තෝම්බර් 05 දින අඟහරු කටකයෙන් සිංහ රාශියට...ලග්න රැසකට සුභඵල Lanka Jhothisha Arana 2013 අගෝස්තු 19 දිනෙන් කටක රාශිය තුල නීචව ගමන් කල අඟහරු ග්‍රහයා 2013 ඔක්තෝම්බර් 05 වැනි දින එනම් අද දින රාත්‍රී 7.41 ට පමණ ස්වකීය නීච ගමන නවතා සිංහ රාශියට පිවිසේ.ඇතැම් මූල ග්රන්ථ වල සිංහ රාශිය අඟහරු හෙවත් කුජට සතුරු රාශියක් ලෙස දක්වා ඇතත් සාමාන්‍ය පෙරදිග මතය අනුව අඟහරුට සිංහ රාශිය මිත්‍ර රාශියක් ලෙස සැලකේ. ග්‍රහ ලොව සෙන්පති ලෙස ...
වස් කවිය Lanka Jhothisha Arana “එලිස නැන්දේ ගුණතුංග ගෙදර ඉන්නවද?“ කුඩා නිවසේ ගෙමිදුලට වී ඩේවිඩ් මුදලාලි දොරකඩ සිටි එලිස ආච්චීගෙන් ඇසුවේය. ආච්චි පිළිතුරු දීමටත් ප්‍රථම නිවස ඇතුලේ සිටි ගුණතුංග ඩේවිඩ් මුදලාලි ඉදිරියට ආවේය. “ආ....මොකක්ද දන්නේ නෑ උවමනාව“ ගුණතුංග ඹහුගේ සුපුරුදු ක්‍රමයටම ඇසුවේය.තම ගම්මානයේ අසල්වැසි ඥාතී හිතවතුන් සමඟ නමින් අමතා කතා කිරීමක් ඔහු තුල නොවුනි.එලිස ආච්චි තරමක් එහාට මෙහාට වනතුරු සිටි ඩේවිඩ් මුදලාලි “මට හරි ...
අධි යෝගය Lanka Jhothisha Arana අධි යෝගය පිහිටීම පිළිබදව ජ්‍යොතිෂ ආචාරී මත හා මූල ග්රන්ථ වල විවිධාකාර මත ඇතත් එම විවිධතා වැඩි වශයෙන් මතුවන්නේ යෝගයේ බල අඩු වැඩි වීම පිළිබදවය.භාරතීය ජ්‍යොතිෂයේ අධි යෝගය 1) සුභ අධි යෝගය 2) පාපාධියෝගය 3) මිශ්රම අධි යෝගයලෙස කොටස් තුනකට දක්වා ඇති අතර සදුගෙන් 6,7,8 ස්ධානවල 1) බුධ ගුරු,සිකුරු යන සුභ ග්‍රහයන් පිහිටි විට සුභ අධි යෝගයත් 2) ශනි,කුජ,රාහු,කේතු ...
මැලේෂියානු MH370 ගුවන් යානය හා බින්නසිරිගේ ජ්‍යොතිෂ අනාවැකි Lanka Jhothisha Arana නිවේදක - “ආයුබෝවන් ප්‍රේක්ෂක ඔබ සැමට .... සජීවී රූපවාහිනී වැඩසටහනින් අද දින ඔබ හමුවන්නේ ලංකාවේ අතිදක්ෂ අති සාර්ථක ජ්‍යොතිෂ අනාවැකි පවසන්නකු ලෙස සුපතල බින්නසිරි බණ්ඩාර හෙවත් ඇලේ බණ්ඩාර මහතායි.. ඒ වගේම ********** දුරකථන අංකය ඔස්සේ ප්‍රේක්ෂක ඔබටද මෙම වැඩසටහනට සජීවීව සම්බන්ධ විය හැකි බව සතුටින් දන්වා සිටිනවා........ආයුබෝවන් බින්නසිරි මහතා..අපගේ සජීවී වැඩසටහණට පැමිණී ඔබතුමාව අපි ගෞරවයෙන් පිළිගන්නවා... බින්නසිරි ... - “ ...