෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ (http://locolanka.blogspot.com/) Latest Posts Most Popular Posts
බ්ලොග් එක දැන් ලියන්නේ නැද්ද? ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ මේ දවස් වල හැමෝම අහන ප්‍රශ්නෙ තමයි ඒක. ඒ නිසා මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුවෙත්. මේ බ්ලොග් එක ලියන එක කිසිම විදිහකින් නවත්වා නැහැ. මේ දවස් වල රැකියාවේ කාර්යබහුලත්වය නිසාත් සති අන්ත දිනවල විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධවිය යුතු නිසාත් අවිවේකියි. තවත් මාස දෙකක් පමණ නිහඬව ඉන්න සිදුවේවි. ඊමේල් සහ වෙනත් ආකාර වලින් විමසීම් කල සහ මෙම අඩවියේ අනෙකුත් ...
යකඩ යකා සමගින් නැවතත් ඉදිරියට.... ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පුරා මාස හතරක පමණ කාලයක් තිස්සේ නිහඬව තිබූ මෙම බ්ලොග් අඩවියේ වැඩ කටයුතු නැවත ආරම්භ කරන්නයි මේ සූදානම. විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ අවසන් විභාග කටයුතු නිසා බ්ලොග්කරණයෙන් ඈත්ව සිටි කාලය පුරාවට සොයා බැලු සහ බ්ලොග් අඩවිය පිලිබඳව විමසීම් කල සියලුදෙනා ඉතා ආදරයෙන් මතක් කරන අතර ඔවුන් ඇතුලු මෙම බ්ලොග් අඩවියේ නිත්‍ය පාඨකයන්ට තවත් සතුටුදායක පුවතකුත් දැනුම් දිය යුතුව ඇත. ...
අවුරුදු හැත්තෑ පහකට කලින් ධාවනය වූ මුල්ම බලවේග කට්ටලය. ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ -පූර්විකාව-අද, එනම් (2013-02-25) වන දිනට මෙරට දුම්රිය මාර්ගයක බලවේග කට්ටලයක් ධාවනය වී වසර 75ක් සපිරේ. ඒ පිලිබඳව සමරු සටහනක් අද දින ලක්බිම පුවත් පතෙහි පල කර ඇත. කෙසේ වුවද එම ලිපියෙහි ඇතැම් කොටස් ලිපිය පලකිරීමේදී සංශෝධනය කර ඇති නිසා සම්පූර්ණ ලිපිය පළකිරීම සඳහා එහි රචක නලීන් අබේසිංහ මහතා විසින් එවා ඇත. එම ලිපිය එතුමන්ගේ ඉල්ලීම මත මෙසේ පලකෙරේ.~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~අපේ රටේ දුම්රිය ...
෴M4 ඩීසල් දුම්රිය එන්ජිම - Made in Canada෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ M4 පන්තියේ ඩීසල් එන්ජිම හඳුන්වා දිය හැක්කේ අපේ දුම්රිය සේවය සතු සාර්ථක දුම්රිය එන්ජින් වර්ග අතුරෙන් තවත් එක් සාර්ථක එන්ජිමක් ලෙසටයි. M2 සේම මෙයත් ගෙන්වූ දා පටන්ම ඉතා සාර්ථක ලෙස සේවය සපයන කාර්යක්ෂම එන්ජිමක්. වඩාත්ම වැදගත් කාරණාව වනුයේ ආනයනය කරන ලද සියලුම M4 එන්ජින් මේ වන විටත් ඉතා සාර්ථය ලෙස ධාවනයේ යෙදීමයි. මෙය කැනඩාවේ මොන්ට්‍රියෙල් ලොකොමොටිව් වර්ක්ස් නමැති සමාගමේ නිෂ්පාදනයක්. ...
"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (තෙවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ <<<< චාරිකාවට සූදානම් වුනේ මෙහෙමයිඅපේ චාරිකාවට සහභාගිවුනේ දෙදෙනෙක් (මම සහ මගේ මිතුරෙක්) පමණයි. රාත්‍රී දුම්රියෙන් පට්ටිපොලට ලඟා වූ අප දෙනොට එහි තිබු දැඩි ශීත කාලගුණය නිසා, දුම්රිය ස්ථානයේ සේවක රොෂාන්ත මහත්මාගේ කාරුණික අවසරය මත හිරු නැගෙනතුරු දුම්රිය ස්ථානයේ රැඳී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ අතරතුර කෙටි නින්දකින් වෙහෙස නිවාගන්නටත් අපට හැකි වුනා.හිරු උදාව - පට්ටිපොල දුම්රිය ස්ථානයේදී කැමරාවට හසුවුනේ මෙහෙමයි උදෑසන හිරු ...
අපේ දුම්රිය සේවයේ ඉතිහාසයෙන්.... ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඊමේල් පණිවිඩයක් මගින් ලැබුණු, ශ්‍රී ලාංකීය දුම්රිය සේවයේ පැරණි ඡායාරූප කිහිපයක් මෙහි පලවේ. විශේෂයෙන් ශ්‍රී ලාංකීය දුම්රිය ඉතිහාසය සහ පැරණි ඡායාරූප පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට ඇතැම් විට වැදගත් වනු ඇත.බණ්ඩාරවෙල නගරය...(රථවාහන මාර්ගය සහ දුම්රිය මාර්ගය එකට හමුවන ස්ථානය)ඔහිය දුම්රිය ස්ථානය (1894)ඩක්කු මගින් ගමන් කරන සුදුජාතිකයන්...කඩුගන්නාව දුර්ගය 1910දි.....කොළඹ නුවර දුම්රිය මාර්ගයේ තවත් ස්ථානයක්.....අලි පස්ස (Elephant back) යන අන්වර්ථ නමින් හැඳින්වෙන සුප්‍රසිද්ධ ...
අපට අහිමි වූ දුම්රිය උරුමය සොයා හිමගිර පාමුලට ගිය ගමන ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ බ්‍රිතාන්‍ය යටත් විජිත ලංකාවේ සහ ඉන්දියාවේ දුම්රිය මාර්ග ඉදිකරන විට ප්‍රධාන වශයෙන් එහි ආමානය (පීලි දෙක අතර පරතරය) ලෙස භාවිතා කරන ලද්දේ අඩි 5 අඟල් 6 පුළුල් ආමානයයි. අවස්ථානුකූලව ඊට වඩා පටු ආමානයන් ද භාවිතා කරන ලද්දේ කඳුකර සහ තියුණු වංගු සහිත දුම්රිය මාර්ග වලට එවැනි ආමානයන් වඩා යෝග්‍ය වන නිසාවෙනි. ලංකාවේ ද මේ අනුව අඩි 2 අඟල් 6 පළල් ...
ශ්‍රී ලංකාවේ ඩීසල් දුම්රිය එන්ජින් නාමකරණය ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ශ්‍රි ලංකාවේ දුම්රිය සේවය ඇරඹී වසර 150ක් ඉක්ම ගොස් තිබේ. එම වසර 150ක කාලය තුල සේවය එක් වූ සහ එයින් ඉවත් වූ දුම්රිය එන්ජින් ප්‍රමාණය දහසකට ආසන්නය. එහෙත් වර්තමානය වන විට බොහොමක් පැරණි එන්ජින් පිලිබඳව මූලික තාක්ෂණික විස්තර හෝ ඡායාරූප සොයාගැනීමට දුලබ වීම කණගාටුවට කරුණකි. මුල් කාලීන දුම්රිය සේවය සඳහා යොදාගත් එන්ජින් වර්ග කාණ්ඩගත කිරීමේ යම් ක්‍රමවේදයක් තිබී ඇතත් පසුකාලීනව ...
දෙමෝදර ආරුක්කු නවය පාලම ඉදිකිරීමේ සත්‍ය කතාව ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ආරුක්කු 9 පාලම, ගල් පාලම, දෙමෝදර පාලම වගේ නම් වලින් හඳුන්වන කොළඹ බදුල්ල දුම්රිය පාරේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි කඳු දෙකක් යාකරන මෙය, අඩි 25 ක් පළලට අඩි 300 ක් දිගට හා අඩි 80 ක් උසට වන සේ මුහුදු මට්ටමින් අඩි 3 100 ක් ඉහලින් පිහිටා ඇත. මෙම පාලමේ ඉදිකිරීම් ගැන වර්තමානයේ ප්‍රසිද්ධව ඇති කතාවක් වන්නේ මෙය ...
පෙර සූදානම - "පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (දෙවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ <<<< පෙර ලිපියටසුන්දර පට්ටිපොල දුම්රිය ස්ථානය මේ චාරිකාව අපි ආරම්භ කලේ පට්ටිපොල දුම්රිය ස්ථානයෙන්. පට්ටිපොල දුම්රිය ස්ථානයට ලඟාවෙන්න පුලුවන් පහසුම ක්‍රමය තමයි දුම්රියෙන් එන එක. මේ වගේ චාරිකාවක් යන්න කැමතිනම් වඩාත්ම හොඳ විදිය තමයි උදෑසනින් පට්ටිපොලට ලඟාවෙන එක. ඒ සඳහා කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00 පිටත් වන රාත්‍රී තැපැල් දුම්රිය (නිදන මැදිරි සහිත) භාවිතා කරන්න පුලුවන්. එය සාමාන්‍යයෙන් පාන්දර ...
L1 පටු ආමාන වාශ්ප එන්ජිම - උඩු පුස්සැල්ලාව දුම් රිය මාර්ගයේ නිත්‍ය කාර්ය තුරඟා ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ නුගේගොඩ රොබට් ගුණවර්ධන උද්‍යානයේ ස්ථාපිත කර තිබූ 203 දරණ එන්ජිම. 1979 වසරේ රොබ් ඩිකින්සන් මහතා විසින් ගන්නා ලද සේයාරුවකිලංකාණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් පටු ආමාන දුම්රිය මාර්ග වලට දෙවෙනි වරට ආනයනය කරන ලද්දේ L1 පංතියේ දුම්රිය එන්ජින්ය. මෙම එන්ජින්, විශේෂයෙන්ම උඩ පුස්සැල්ලාව මාර්ගය සඳහාම සැලසුම් කර ඇත. 1902 සිට 1904 වසර දක්වාත් (L1, L1A) 1920 දී ත් (L1B) වශයෙන් කාණ්ඩ ...
K1 වාෂ්ප එන්ජිම - ශ්‍රී ලංකාවට පළමුවෙන්ම ගෙන ආ පටු ආමාන වාෂ්ප එන්ජිම ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ image :- Flickrශ්‍රී ලංකාවේ ධාවනය කල පටු ආමාන වාෂ්ප දුම්රිය එන්ජින් අතරින් පළමු වරට ආනයනය කරන ලද එන්ජිම වන්නේ K1 ධාවන පන්තියට අයත් වාෂ්ප එන්ජිමයි. 1900 දී පළමු වරට ආනයනය කරන ලද මෙම එන්ජින් කැළණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීමෙහි ලා ඉතා වැදගත් මෙහෙවරක් සිදු කරන ලද බව විශේෂයෙන් සඳහන් කල යුතුය. එම එන්ජිමෙහි යාන්ත්‍රික විස්තර පහත පරිදි වේ.ධාවන පන්තිය : K1ගෙන්වූ ...
දුම්රිය සම්බන්ධ වීඩියෝ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ දුම්රිය ක්ෂේත්රයට සම්බන්ධ දේවල් ගැන උනන්දු වුන කාලෙ ඉඳලා එහෙන් මෙහන් යද්දි ගත්ත විඩියෝ ටික එක තැනකට එකතු කරන්න කියල හිතාගෙන අලුත් යූටියුබ් නාලිකාවක් පටන් ගත්තා. පහත ලිංක් එක තුලින් චැනල් එකට යොමු වෙන්න පුලුවන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයොගයක් දෙන්න. https://www.youtube.com/c/Ceyloneseස්තූතියි. තවත් දුම්රිය කතාබහක් සමගින් ඉක්මනින් හමු වෙමු! ...
෴M9 දුම්රිය එන්ජිම - දුම්රිය සේවය උඩුයටිකුරු කල, අධිතාක්ෂණික, එහෙත් මෙරටට ගෙන්වූ අසාර්ථකම දුම්රිය එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය:- Ceylon Railway Museumබොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ පරිදි අද ඔබට ගෙන එන්නේ සමස්ථ දුම්රිය ක්ෂේත්රයම මහත් කැලඹිමකට ලක් කල එන්ජිම වූ M9 හෙවත් Alstom Prima එන්ජිම ගැනයි. මෙම එන්ජින් ගණුදෙනුව ශ්‍රී ලංකාවේ බොහෝ පිරිස් අතර කතාබහකට ලක්වුනා. එයට අදාල කරුණු විමසා බලන්නට පෙර මෙහි තාක්ෂණික කරුණු ප්‍රථමයෙන්ම පහත දැක්වෙනවා.එන්ජින් පන්තිය - M9නිශ්පාදිත රට ...
෴M10 දුම්රිය එන්ජිම - උතුර දකුණ යා කරන ඉන්දියානු කඟවේනා෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ 2011 වසරේ ලංකාවට ගෙනා මෙම දුම්රිය එන්ජින් පිලිබඳවත් විවිධාකාර මත පළවෙමින් තිබෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට පලමුවෙන් මෙහි තාක්ෂණික විස්තර පිලිබඳව මදක් විමසා බලමු.එන්ජින් පන්තිය - M10නිශ්පාදිත රට - ඉන්දියාවනිපදවූ සමාගම - DIESEL LOCOMOTIVE WORKS-Varanasiගෙන්වූ වර්ෂය - 2011දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electricබල සැපයුම් එන්ජිම - ALCO 251 B 12 Cylinder 4 Stroke Turboඋපරිම බලය - 2300hpඋපරිම වේගය - 100kmhඑන්ජිමේ ...
෴M7 දුම්රිය එන්ජිම - සාමාන්‍ය ධාවන කටයුතු වලට යොදාගන්නා කුඩාම එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය:- Ceylon Railway Museumක්‍රමක්‍රමයෙන් වාෂ්ප දුම්රිය එන්ජින් ධාවනයෙන් ඉවත් කරද්දී අපේ දුම්රිය සේවයට විවිධ වර්ගවල ඩීසල් එන්ජින් ගෙන එනු ලැබුවා. මෙම M7 එන්ජිමත් එලෙස 1981 වර්ෂයේදි අපේ දුම්රිය සේවයට එක්කරන ලද අතර මෙම එන්ජිම තරමක් සුවිශේෂී වනවා. එම කරුණු ගැන විස්තර කරන්නට පෙර මෙහි මුලික කරුණු කිහිපයක් මෙහි පහත පළමුවෙන් විස්තර කෙරෙනවා.එන්ජින් පන්තිය ...
෴S12 බලවේග දුම්රිය - උඩරට කඳුකරයේ ඔබ මොබ දිව යන නිල් යක්කු෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය - ගයන්ත සමරදිවාකරඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනය වඩාත් පහසු කිරීම සඳහා බලවේග දුම්රිය යෙදවීමේ අදහස දුම්රිය බලධාරීන් විසින් කාලයක් තිස්සේ සැලකිල්ලට ගැනිමෙන් පසු උඩරට සහ කැළණිවැලි දුම්රිය මාර්ග වල ධාවනය කරවීම සඳහා චීනයෙන් මෙම S12 පන්තියේ බලවේග දුම්රියන් ආනයනය කරන ලදී. S10 වර්ගයේ දුම්රියන්ට හැඩයෙන් අතිශයින්ම සමාන මෙම දුම්රියන් වල අලුත් අංගෝපාංග සහ පහසුකම් රැසක් සහිතව නිපදවා ඇත.දුම්රිය පන්තිය - ...
෴M6 දුම්රිය එන්ජිම - කඳුකරයට සුවිශේෂී සාර්ථකම එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ උපුටා ගැනීම Ceylon Railway Museumශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට 1979 වසරේදී ගෙන එන ලද තවත් එක් එන්ජින් වර්ගයක් වන මෙය දැනටත් අප දුම්රිය සේවයේ භාවිතා වන ඉතාමත් කාර්යක්ෂම සහ අති සාර්ථකම එන්ජිමක්. මේ සතු විශේෂ ලක්ෂණ නිසාම බෙහෙවින්ම උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රිය බොහෝමයක නියමුවා බවට පත්වන්නේ මෙම වර්ගයේ එන්ජින්. මෙම වර්ගයේ එන්ජින් වල සාමාන්‍ය තාක්ෂණික විස්තර පහත දැක්වෙනවා.එන්ජින් පන්තිය ...
කඳුලු සලන එන්ජින් - දැවැන්තයන්ගේ අවසාන ඉරණම ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ Pic - Lanil Thilanjanaයටත් විජිතසමයේදී භාණ්ඩ ප්‍රවාහන පහසුකරගැනීම උදෙසා මෙරටදී ආරම්භ කරන ලද දුම්රිය සේවය කලින් කලට විවිද අංශවලින් දියුණුවට පත්වීමත් සමග එහි භොතික සම්පත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩිවන්නට විය. බලයෙන් වැඩි එන්ජින්, සේවා යන්ත්‍ර ආදී නොයෙකුත් යන්ත්රසූත්ර, මැදිරි හා ගැල්, උපකරණ ආදී නොයෙක් දෑ ඒ අතර විය. ඉතා කාර්යක්ෂම සේවාවක් සැපයීමෙහිලා මේවා දුම්රිය සේවයට නැතිවම බැරි දෑ වූ අතර ඉන් ...
෴මේ තවත් එන්ජිමක්ද? ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ කරුණාකර මෙම ලිපිය කියවා අවසානයේ ඔබේ අදහස සටහන් කර යන්නේ නම් මැනවි.෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඔස්සෙ මේ වෙනකොට ශ්‍රී ලංකාවෙ දුම්රිය සේවය සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කෙරෙන (M1සහ M3 දැන් ධාවනයේ නැත) ඩීසල් එන්ජින් කිහිපයක් ගැන කරුණු කාරණා, ඡායාරූප ඔබ සැමගේ දැන ගැනීම සඳහා මේ වන විට ඉදිරිපත් කරල තිබෙනවා. ආරම්භ කරල තවමත් මාසයක් වත් ගත ...