෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ (http://locolanka.blogspot.com/) Latest Posts Most Popular Posts
෴Y1 දුම්රිය එන්ජිම - තවත් සාඩම්බර ශ්‍රී ලාංකික නිපැයුමක්෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ මෙවර ලිපිය වෙන් වනුයේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් සුවිශේෂි සන්ධිස්ථානයක් සටහන් කල නිමැවුමක් පිලිබඳව විස්තර ගෙන ඒමේ අරමුණෙනි. ඒ බොහෝ දෙනෙකු සැබැවින් දැක නැති Y1 ධාවන පන්තියේ ෂන්ටින් එන්ජිමයි. මෙම එන්ජිමද මෙරට තවත් ඉතා සාඩම්බර නිපැයුමක් වීම මෙරට දුම්රිය ලෝලින්ටනම් මහත් වූ අභිමානයකි. මේ එම ෂන්ටින් එන්ජිම පිළිබඳව සටහනයි.· දුම්රිය පන්තිය - Y1 · නිපදවූ වර්ෂය - 1972 · ...
෴M5 දුම්රිය එන්ජිම - Made in Japan෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ මේ තිබෙන්නේ M5 දුම්රිය එන්ජිමක්... pamuditha මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්...... M5 එන්ජිම යනුවෙන් හැඳින්වෙන්නේ සුප්‍රසිද්ධ ජපාන සමාගමක් වන HITACHI සමාගමේ නිමැවුමක්. 1979 වසරේදි මෙරටට ගෙන්වා ඇත්තෙ. වාෂ්ප එන්ජින් ක්‍රමයෙන් මාර්ගයෙන් ඉවත් වෙද්දි එන්ජින් බල ඇණිය ශක් තිමත් කරන්නට ඩීසල් එන්ජින් විශාල සංඛ්‍යාවක් වරින් වර විවිධ රටවල් වලින් ආනයනය කරනු ලැබු 1960-1980 යුගයේදී මෙරටට ගෙන එනු ලැබුවා. මෙය ඒ අනුව ජපානයෙන් තමයි ...
අවුරුදු හැත්තෑ පහකට කලින් ධාවනය වූ මුල්ම බලවේග කට්ටලය. ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ -පූර්විකාව-අද, එනම් (2013-02-25) වන දිනට මෙරට දුම්රිය මාර්ගයක බලවේග කට්ටලයක් ධාවනය වී වසර 75ක් සපිරේ. ඒ පිලිබඳව සමරු සටහනක් අද දින ලක්බිම පුවත් පතෙහි පල කර ඇත. කෙසේ වුවද එම ලිපියෙහි ඇතැම් කොටස් ලිපිය පලකිරීමේදී සංශෝධනය කර ඇති නිසා සම්පූර්ණ ලිපිය පළකිරීම සඳහා එහි රචක නලීන් අබේසිංහ මහතා විසින් එවා ඇත. එම ලිපිය එතුමන්ගේ ඉල්ලීම මත මෙසේ පලකෙරේ.~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~අපේ රටේ දුම්රිය ...
යකඩ යකා සමගින් නැවතත් ඉදිරියට.... ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පුරා මාස හතරක පමණ කාලයක් තිස්සේ නිහඬව තිබූ මෙම බ්ලොග් අඩවියේ වැඩ කටයුතු නැවත ආරම්භ කරන්නයි මේ සූදානම. විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ අවසන් විභාග කටයුතු නිසා බ්ලොග්කරණයෙන් ඈත්ව සිටි කාලය පුරාවට සොයා බැලු සහ බ්ලොග් අඩවිය පිලිබඳව විමසීම් කල සියලුදෙනා ඉතා ආදරයෙන් මතක් කරන අතර ඔවුන් ඇතුලු මෙම බ්ලොග් අඩවියේ නිත්‍ය පාඨකයන්ට තවත් සතුටුදායක පුවතකුත් දැනුම් දිය යුතුව ඇත. ...
෴M3 ඩීසල් දුම්රිය එන්ජිම - දේශිය ඉංජීනේරුවන් විසින් මෙරටදීම සැලසුම් කර නිපදවූ දුම්රිය එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ M3 එන්ජිමඡායාරූපය :- Ceylon Railway Museum 1938 වසරේදී මෙරටට මුල්ම බලවේග දුම්රිය කට්ටලය ගෙන එනු ලැබු අතර ඒ පිළිබඳ විස්තර මෙම සබැඳිය ඔස්සේ කියැවිය හැකියි. කෙසේ වුවත් මෙම බලවේග දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය සිදුකල හෙයින් ඉතා ඉක්මනින්ම දිරාපත් වීමට ලක් වීම නිසා 1955දී පමණ ඉවත් කරනු ලැබුවද එම බලවේග දුම්රියේ එන්ජින් සහ අනෙක් යාන්ත්‍රික උපාංග ඉතා හොඳ තත්වයෙන් තිබූ බව ...
බ්ලොග් එක දැන් ලියන්නේ නැද්ද? ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ මේ දවස් වල හැමෝම අහන ප්‍රශ්නෙ තමයි ඒක. ඒ නිසා මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුවෙත්. මේ බ්ලොග් එක ලියන එක කිසිම විදිහකින් නවත්වා නැහැ. මේ දවස් වල රැකියාවේ කාර්යබහුලත්වය නිසාත් සති අන්ත දිනවල විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධවිය යුතු නිසාත් අවිවේකියි. තවත් මාස දෙකක් පමණ නිහඬව ඉන්න සිදුවේවි. ඊමේල් සහ වෙනත් ආකාර වලින් විමසීම් කල සහ මෙම අඩවියේ අනෙකුත් ...
෴M2 දුම්රිය එන්ජිම- ස්වර්ණ ජයන්තියද ඉක්මවා තවමත් ධාවනයේ පවතින මෙරට සාර්ථකම දුම්රිය එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය :- Ceylon Railway Museum 2004 වසරේ සුනාමි ව්‍යවසනයට මුහුණ දුන් දුම්රිය ඔබේ මතකයට නැගෙන විටම දැවැන්ත රල පහරින් පෙරැලුණු එහි එන්ජිම ඔබේ මතකයට නිරායාසයෙන්ම පැමිණේවි. එය M2 වර්ගයේ එන්ජිමක්. මෙරට සේවයේ දැනට ධාවනය වන දුම්රිය එන්ජින් පන්තිය අතුරෙන් පැරණිම එන්ජිම වන්නෙ මෙම M2 පන්තියේ දුම්රිය එන්ජිමයි. එම වර්ගයේ එන්ජින් පිළිබඳ සාමාන්‍ය තාක්ෂණික තොරතුරු පහත දැක්වේ.එන්ජින් පන්තිය ...
෴G2 class ෂන්ටින් එන්ජිම - ෂන්ටින් සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යෙදූ එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඔබ මෑතකදී බණ්ඩාරවෙල දක්වා දුම්රියෙන් ගමන් කර ඇත්නම් මෙම එන්ජිම ඔබ දැක ඇති බවට සහතිකය. එය මෙරටට ගෙන එන ලද G2 පන්තියේ ඩීසල් ෂන්ටින් එන්ජිමකි. එසේම මෙය ෂන්ටින් කටයුතු සඳහා පමණක් යොදාගත් එන්ජිමක් පමණක් නොවේ. මේ එම ෂන්ටින් එන්ජිම පිළිබඳව සටහනයි.දුම්රිය පන්තිය - G2ගෙන්වූ වර්ෂය - 1952නිශ්පාදිත රට -එංගලන්තය (North British Locomotives)දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electricබල සැපයුම් එන්ජිම - ...
෴M1 දුම්රිය එන්ජිම - දෛනික ප්‍රවාහන සේවා සඳහා යෙදවූ මුල්ම ඩීසල් දුම්රිය එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය :- ඩග්ලස් එදිරිසිංහ මහතා මෙරට දුම්රිය සේවයේ ආරම්භක යුගයේ සිට (1858- 1935 පමණ දක්වා) ශත වර්ශයකට ආසන්න කාලයක් එහි කොදු නාරටිය ලෙස සැලකිය හැකි වන්නේ වාෂ්ප බලයෙන් ධාවනය වුන වාෂ්ප දුම්රිය එන්ජින්. රටේ ප්‍රවාහන සේවයට මනා සහයක් ලබාදෙමින් මේ දැවැන්ත යෝධයන් මෙරට ප්‍රවාහන ක්ෂේත්රය යහපත් කරන්නට සැපයූ නිහඬ සේවය අති මහත්. කෙසේ වුවත් මෙම එන්ජින් භාවිතයේ සහ නඩත්තුවේ අපහසුතාවයන් හේතුකොටගෙන ...
෴G1 class ෂන්ටින් එන්ජිම - මෙරට දුම්රිය සේවය සඳහා මිලදීගත් මුල්ම ඩීසල් එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ මෙම ලිපිය වෙන් වන්නේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් ඉතිහාසගත සලකුණක් පිලිබඳව සටහනක් තැබීමටයි. ඒ අන් කිසිවක් නොව මෙරට දුම්රිය සේවය වෙනුවෙන් මුල්ම වරට මිලදීගත් ඩීසල් දුම්රිය එන්ජිම පිලිබඳව විස්තර සටහනක් තැබීම වෙනුවෙනි.දුම්රිය පන්තිය - G1ගෙන්වූ වර්ෂය - 1934නිශ්පාදිත රට - එංගලන්තය (Armstrong Whiteworth)දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electricබල සැපයුම් එන්ජිම - Saurer 6BXDඋපරිම බලය - 120hp - 1400RPMඋපරිම වේගය ...
෴ඇරඹුම~අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා...෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඔන්න යාලුවනේ අද ඉදන් මං පටන් ගන්නවා මං ආසම ක්ෂේත්රයක් (මං විතරක් නෙමේ බොහෝ දෙනෙක් කැමති ක්ෂේත්රයක් ගැන ලියන්න. ඒ තමයි අපේ මේ පුංචි දිවයින තුල වෙසෙන කොයි කාගෙත් හිතවතා - කෝච්චිය. :) බාල මහලු වෙනසක් නැතුව කාගේත් නැමැත්ත දිනාගත්තු ලාභදායී වගේම විශ්වාසවන්ත ප්‍රවාහන මාධ්‍ය බවට පත්වෙන අපේ පුංචි රටේ දුම්රිය සේවය සම්බන්ධ විවිධ තොරතුරු ටිකක් ඔබ සමග බෙදාගන්න. වැඩිමනක්ම තාක්ෂණික තොරතුරු. වර්ෂ 1858 ...
෴Y class Hunslet ෂන්ටින් එන්ජිම - දුම්රිය සේවයේ පුංචි වීරයා෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පින්තූරය - Dilukshi Hasintha මෙවර ලිපියෙන් ඔබගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබගේ දෑසට නිරන්තරයෙන්ම දිස්වන නමුත් ඔබේ වැඩි අවධානයක් යොමු නොවන තවත් එක් සුවිශේෂි එන්ජින් වර්ගයක් පිලිබඳවයි. පෙනුමෙන් බොහෝ දෙනෙකුගේ සිත් ඇද නොගන්නා මෙම කුඩා එන්ජිම දුම්රිය සේවයට නම් නැතිවම බැරි අපූරු සුරතලෙක්. දුම්රිය සේවයේ භාවිතා වන අනෙකුත් එන්ජින් වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් හා බලයෙන් අඩුම තැන් ගන්නා මෙම එන්ජිම ...
රේල් පාර දිගේ හයික් එකක් යන්න ඔබත් කැමතිද.... ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ "රේල් ෆැන් කෙනෙක් එහෙමත් නැතුව සාමාන්‍ය අයගේ භාෂාවෙන් කියනවනම් කෝච්චි පිස්සෙක් විදියට මට ගොඩක් අයගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි හයික් එකක් යන්න ආසයි ඒ ගැන විස්තරයක් කියන්න කියන එක. මේ තියෙන්නේ මම ටික කලකට කලින් සඟරාවකට ලියන්න සකස් කරපු ලිපියක්. හයික් එකක් යන්න ආස අයට මේක වැදගත් වෙයි කියල හිතෙනවා."දුම්රිය යනු මිනිසා විසින් තනාගත් තවත් එක් විශිශ්ඨ විශ්මකර්ම නිර්මාණයක්. කෙනෙකුට ...
ප්‍රථම වරට ශ්‍රී ලාංකීය දුම්රිය ලෝලීන් වෙනුවෙන් ද්වි භාෂා (සිංහල ඉංග්‍රීසි) වර්ණ සඟරාවක් නිකුත් වෙයි. ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ශ්‍රී ලංකාවේ දුම්රිය පිලිබඳව උනන්දුවක් දක්වන සැම වෙත දිවයිනේ පළමු වරට නිකුත් කෙරෙන සඟරාව ලෙස "ලංකා රේල්වේ ඩයිජෙස්ට්” (Lanka Railway Digest) සඟරාව පසු ගිය දා එළි දක්වනු ලැබීය.පුරා වසර ගණනනක් තිස්සේ විද්‍යුත් තැපෑල හා පුද්ගලික මට්ටටේ හමුවීම් මගින් තොරතුරු හුවමාරු කරගත් දුම්රිය ලෝලීන් කුඩා පිරිසක් එක්ව "ලංකා දුම්රිය ගවේෂකයින්ගේ සංගමය" (Ceylon Railway Enthusiasts’ Circle) නමින් සංවිධානයක් පිහිටුවා ගන්නා ලදි. මේ ...
෴S11 බලවේග දුම්රිය - මෑත කාලයේදී වඩාත්ම කතාබහට ලක්වූ ඉන්දියානු බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පලමු S11 කට්ටලය (894) මරදාන දුම්රිය ස්ථානයේදී...තරමක නිහැඬියාවකින් පසු මේ ලිපිය ලියවෙනුයේ මෑත කාලීනව විශාල ආන්දෝලනාත්මක කතා බහකට ලක්වූ තවත් බලවේග දුම්රියක් පිලිබඳව කරුණු කිහිපයක් ඔබට ගෙන ඒමේ අරමුණෙන්. කෙසේ වුවද මෙම වර්ගයේ දුම්රියන් මෙරටට ගෙනවිත් වසරක්වත් නොවන හෙයින් ඒ පිලිබඳව ස්ථිර නිගමනයන්ට එළඹිම සුදුසු නොවන බවද සැලකිය යුතුය. S11 යන ධාවන පන්තිය යටතේ මෙරට ධාවනයට එක් කරන ලද මෙම ...
෴S10 බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේ දුම්රියන් අතරින් තාක්ෂණයෙන් සහ බලයෙන් උපරිම වන බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ චීන S9 බලවේග දුම්රිය මෙරටට ආනයනය කොට වසර අටකට පමණ පසු තවත් බලවේග දුම්රිය කට්ටල කිහිපයක අවශ්‍යතාව සපුරාලීම සඳහා වීනයෙන් මෙම S10 පන්තියේ බලවේග දුම්රියන් ආනයනය කරන ලදී. සුවිශේෂි තාක්ෂණික අංගෝපාංග රැසකින් ජව ගැන්වෙන මෙම S10 පන්තියේ දුම්රියන් මගින් මේ වන විට මෙරට දුම්රිය මගී ප්‍රවාහන සේවයේ දෛනික මෙහෙයුම් සේවා සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වනු ලැබේ.දුම්රිය පන්තිය - S10ගෙන්වූ වර්ෂය ...
ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්....(අවසාන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ කලින් පෝස්ට් එක බ්ලොගර් වල මොකක් හරි අවුලක් නිසා තුන් පාරක් පබ්ලිෂ් වෙලා තිබුණා. ඒක හන්දා මට වැඩිපුර පබ්ලිෂ් වෙලා තිබුණු පෝස්ට් දෙක ඉවත් කරන්න වුණා. ඒකට කමෙන්ට් දාපු හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා.පෙර කොටසින්... අපි බලාපොරොත්තුවෙන් ආපු දේ කිසි අඩුවක් නැතුව සම්පූර්ණ කරගත්තු අපිට මේ සේරටම පස්සේ තව වැදගත් තීරණයක් ගන්න සිදුවුනා....... අද එතැන් සිට... ඒ වෙන මොකුත් නෙමෙයි. මමත් ...
ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (සිවුවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පෙර කොටසින්... මග දිගටම වගේ මේ වගේ පිස්සු නට නටා ගිය අපි අන්තිමේදි අපේ ටාගට් පොයින්ට් එකට ලඟා වුනා. අද එතැන් සිට.. ග්‍රේට් වෙස්ටර්න් වලින් පිටත් වෙලා කිලෝමීටර කීපයක් එනකම්ම වගේ සාමාන්‍ය ආනතියක් තිබුනු රේල් පාර ක්‍රමයෙන් සැලකිය යුතු ආනතියක් සහිත කලාපයක් බවට පත් වෙන ලකුණු පෙනෙන්නට තිබුණා. කලින් පෝස්ට් එකේ තිබුණ අන්තිම පින්තූරේ තියෙන තැන ඉඳලා ටිකදුරක් යද්දිම වගේ ...
ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (තෙවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පෙර කොටසින්... උදෑසන ආහාරය ලබාගැනීමෙන් පස්සේ අපි තලවකැලේ දක්වා පා ගමනින් යාමේ ගමන ආරම්භ කලා. අද එතැන් සිට.. ලෑස්ති කරගෙන ආපූ කෑම බීම ටික විනාඩියක් යද්දි කෙහෙද කියලා හොයාගන්නත් නැති වුනා. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ ගමන් මලු ටිකත් කරගහගෙන පාරට බැස්සා. නෑ නෑ ඒ කිවුවේ රේල් පාරට බැස්සා මහා බටහිර ඉඳන් තලවකැලේ පැත්තට යන්න. ඒ වෙනකොට වෙලාව උදේ 6.30ට ...
ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (දෙවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ පෙර කොටසින්...මුලුරෑම දුම්රියේ ගත කරපු අපි හතරදෙනා පහුවදා (17 වෙනිදා) පාන්දර 3.00ට විතර වෙද්දි ග්‍රේට් වෙස්ටර්න් වලට ලඟා වුණා!අද එතැන් සිට-කෝච්චියේ වෙච්ච තාඩන පීඩන බොහොමයක් මැද්දේ මමත් ඉන්දරේත් තරමක් නොසන්සුන් වෙලා හිටියේ. අපි ගමන් කරපු මැදිරියේ හිටපු දෙපිරිසක් මත්පැන් බී සින්දු කියමින් නටන්න පටන්ගත්තු නිසා අපිට හරිහැටි ඇහැපියව ගන්න වත් ලැබුනෙ නැහැ. ඒත් අපේ අනෙක් සගයෝ දෙන්නානම් කිසි අවුලක් නැතුවම ...