Mumbai Diaries හිතනලන්තය මධු බදුන් සමඟ පැරැණි පෙම් කතා මුම්බායේ එක් කෙළවරක අයෙක් වොඩ්කා ඇනවුම් කරන කොළාඹා නුවර මැදට නත්තලක් පැමිණ උස බංකු මත සුරංගනාවන් ද වාඩි වී සිටින අයෙක් ජින් ද ඇනවුම් කරන එහා මේසයේ ජොනි වෝකර් කෙලින් ගමන් යන මධු බදුන් එකිනෙක මුවට පෙරලෙන පෙම් පුවත් දිග හැරී කඳුළුම පෙන්වන මේ මගේ පෙම්වතාය මේ මගේ පෙම්වතියය එහෙම ඒවා නැති කවුරුත් ...
බක් මස පෙම් අකුණු හිතනලන්තය බක් මස පෙම් අකුණු වසරක් පාසා හදවත හිල් කරන මරණය තරම් බයානක නොවන මද සිහිවිකල්වීමක් පමණක් ලැබෙන නගරයක් දුරින් ඔබ ඇවිද යන සුළඟක් ඇවිත් ඇගේ හැපුනත් මගේ හිත බියට පත් වන බක් මස පෙම් අකුණු සුළැගිල්ලේ සිට විදුලි සැර ගමන් කරන දුරකතනය විටින් විට ගැස්සී නතර වන ඉන්බොක්සයෙන් ඔබේ කවි බිමට බසින කාමරයත් සාලයත් මටම හතුරුකම් කරන සපත්තු පෙට්ටියකිනුත් ...
ස්වීට් ගාඩ් තැන හිතනලන්තය සුදු ඇඳුම් අදින ස්වීට් ගාඩ් තැන සරාගී ලෙස කොළ කොඩිය ඔසවන අංශක අසූවක කෝණයකට එල්ලී පඩිපෙළෙන් බිමට සටන් නළුවෙක් මෙන් පෙනී සිටගෙන මෙන්න දැං මං ඔබේ හිත ගෙදර ගෙනියන ස්වීට් දොස්තර අමතක කර ඔබ වනන කොළ කොඩියටම පෙම් කරන වෙද නලාවකින් දැන් කිසි පලක් නැත උණ සන්නිපාතයක් ඇති කර දවස් හයකට මාව නිදි කළ ස්වීට් දොස්තර ඔබේ රස මායම ...
ඔබ වයන්නට නොදෙන විට හිතනලන්තය ගීතයක තේරුමක කාටත් නොතේරෙන ලෙස මෙහෙම දිගටම අපිට හැංගී ඉන්න පුළුවන්ද ආලාපයක්ව මට ඔබ ගයන්නට නොදෙන විට මුව අගුල් වැටෙන ගිටාරයක්ව මට ඔබ වයන්නට නොදෙන විට ඇඟිලි තුඩු හිරි වැටෙන ස්වර අතර අපව හොඳින් කැපී පෙනෙන උන්මන්තකව සියලුම ස්වර වැයෙන ලෝකය තවත් කොතෙක් වේලා කැරකෙනු ඇතිද මට නවතින්නට බැරි තරමට මට විසිරෙන්නට බැරි තරමට ඔබ වටා භ්‍රමණය වන්නට සිදුව ...
තුඩග විස හිතනලන්තය තුඩග විස ඇනී කොතැනක මිය ගියෙද නොදනිම් නින්දකින් පසු හුස්ම නොහෙළන කටු තුඩක් ඇනුණු තැන් සළකුණු නොපෙනෙන වසන් කළ මහත් වේදනාවකි පිටත ලකුණක් තබන්නට අමතකව ගිය තුඩග අමරණීය විස බිංදුවකි ළය සිදුරු වන්නට පෙර මිය යන්න තීරණය කළ ...
බන්ධනයක කෙළවර හිතනලන්තය යටි හිතින් අපි අත් අල්ලාන දිය බිදක් නැති පොළොවේ රූප අදින වැරදෙන්නට පෙර හිතින් මකන පුංචි තට්ටු ගෙවල් දිය මත පාවෙන බෝට්ටු හොට උල් කර ගී කියන හංසයන් අපිට විතරක් පෙනෙන යටි හිතින් අපි වැළදගෙන මේ දැන් මැරෙන්නට යන පෙම් යුවළක් මෙන් පාට ගාන්න නියමිත අඳුරු ගොඩනැගිලි මෙන් ...
චුම්බනය | TheKiss හිතනලන්තය තරුණයා ලියුම් තෝරන්නෙකි. ඒ තරුණකමට ගැලැපෙන රැකියාවක් නොවේ. හාත්පස වෙඩි උණ්ඩ සතුරාගේ ළය සොය සොයා ඇවිදින විටත් තරුණයාට සිදු වූයේ ලියුම් තෝරන්නටය. දුඹුරු දිගු කවර,කෙටි කවර,ලාකඩ තැවරූ බරසාර කවර ඒ අතර විය. වැඩි ප්‍රමාණයක ලියුම් කවරවල වූයේ ලාස්‍ය දනවන අත් අකුරුය. ඒ පෙම්වතියන්ගේය,බිරියන්ගේය. උණ්ඩ ගෙන අනෙකා ළය මත හෙළන්නට ආ අයවලුන්ගේ අනෙක් අර්ධයන් ලියූ පෙම් හසුන්ය. තරුණයා මේ සියල්ල ...
කුප්‍රකට හිතනලන්තය කුප්‍රකට පෙම් කතාවක දිය රැල්ලක හැපීමි ලුණු රස සියොළඟය සිප්පි කටු මඟහැර වෙරළට ළඟා වීමි සීරීමකුදු නොමැති හදවතින් නික්ම යමි දිය රැළි මඟහැර සරමි අපමණ සුවඳ අතරම වෙසෙන්නට පතමි ...
අයිරීන් ඇඩ්ලර හිතනලන්තය අයිරීන් ඇඩ්ලර ඒ ඔබද ආවේ සුදු අශ්වයෙකු පිට මා වයලීනයේ තත් හඬවන ඇතුළු හදින් ගීතයක් ගයන වසඟකාරී කටහඬ සමඟ ඒ ආවේ ඔබද අයිරීන් ඇඩ්ලර බේකර් වීදියෙත් සුදු රෝස මල් පිපෙන ආදර හසුනක් ලියන්නට මගේ හිත බල කරන අත් මේස් නොපැළැදි වෙලාවක ඔබේ වම් අත සිපගන්න මට හිතෙන වනමින් විජිණිපත ඇඟිලි තුඩු අගින ඒ ආවේ ඔබද අයිරීන් ඇඩ්ලර ෂර්ලොක්ය මා ...
නිපාත | දිගුවක් …. හිතනලන්තය [සැලකිය යුතුයි : මෙයත් කෙටි කතාවක් නොවේ.] දවසකට හත් වතාවක් ඔයා මට කතා කරන බව තව කෙනෙක් දන්නෙ කොහොමද?ඔයා කිව්වෙ නැති නම් ඒක මම කිව්වා වෙන්න බැරිද? මම අසිහියෙන් ඉන්න වෙලාවක ඒක මමම කිව්වා වෙන්න බැරිද? ඔව්!මං හිතන්නෙ ඒක වුණේ අන්න එහෙම. සීනි කැටයක් කුඩු කරලා අයිස් වතුරෙන් බොන වෙලාවක මගේ සිහිය නැති වුණා. නැත්තට ම නැති වුණා. කාටවත් ...
ඉලෙක්ට්‍රොනික් සුවඳ හිතනලන්තය සුසුවඳ ඉලෙක්ට්රොනික්ය මෙවර අගල් 14 කින් කාන්දු වන අකුරු අතරින් තරුත් කඩා වැටෙන එළි නිවන්නට අමතකව ඒ අයට ඇද මුල්ලේම තරු කන්දකි මගෙන් නිතර විදුලිය ඉල්ලන සිනා මූණු සහ රතු හදවත් පුංචි සපත්තු පෙට්ටියක හාමත්ව නිදාගෙන ඉදහිට රැයක කිවිසුමක් ඇර මගේ දෙස බැගෑබරව බලන ඉලෙක්ට්රොනික්ය සුසුවඳ තවම ඉදහිට…දිය ඇල්ලක්ව අගල් හතකින්ද ගලා හැලෙන ...
ආදර සුළං හිතනලන්තය බම්බලපිටිය කාටත් ආදර සුළං පිඹින මුහුද ඒ වේගය පාලනය කරන සාරි-ගවුම්-කලිසම්-සරොම් සහ කොට කලිසම්ද සුදු-උස-කෙට්ටු-මහත-කළු-ළා කළු අයද රවුල් ඇති-රවුල් නැති පියර ඇති-පියර නැති බෝ අයට සිහි නැති වෙන්නම ආදර හී විදින තොප බම්බලපිටිය කිසිත් නොදන්නා සේ නොසිටුව අවමයෙන් එවන් පැරැණි දේ රිවයින් කර පෙන්වනු! ...
ප්‍රේමයේ මත්ද්‍රව්‍ය හිතනලන්තය ප්‍රේමයේ මත්ද්‍රව්‍ය කැමැත්තෙන් එන්නත් කෙරෙන මද ගැස්මක් සමඟ දේදුන්නක් පහළ වන දිලිසෙන දම් පාට විටින් විට නිවී යන වැම්පයර රතු පාට මහත් භීතියක් ඇති කරන ප්‍රේමයේ මත්ද්‍රව්‍ය මාත්‍රාව වැඩි කෙරෙන සමනලුන් පියාඹන සාවුන් ද පියාඹන පක්ෂීන් පියාඹන්නට බෑ කියන උරහිසට පහළින් සිනිඳු අත්තටු යුගල මතුව එන කුඩා රිදීමක් විටින් විට හට ගන්න විහිලුවට මෙන් පියාඹන්නත් හිතෙන ප්‍රේමයේ මත්ද්‍රව්‍ය මාත්‍රාව ...
අන්තිමටම දැනගමි හිතනලන්තය අන්තිමටම දැනගමි පළමුව මෘදු සැනසිල්ලකින් රැවටෙමි කාලයෙන් තරු රටා කපන අතර වලාකුළකටත් රැවටෙමි වැසි ලැබෙන බව සිතමි ඉදහිට මිරිඟු පසුපසත් දුවමි අන්තිමටම දැනගමි අත්හැර දමන ලද බව ...
අපේ නම් මතක තිබෙන හිතනලන්තය ආනන්ද බෝධියට අපේ නම් මතක තිබෙන ඉදහිට යන විට බසයක කෙලවර ම අසුනක සුමුදු සුළං රැල්ලක් පා කර එවන බෝ පත් පාගමින් ඇවිදින විට ඔබ රවමින් මදෙස බලන ගාථාවක් අමතක විට සෙමින් ඔබ මා සුළැගිල්ලක් කොනිත්තන ආනන්ද බෝධියට මගේ නමත් මතක ගාථා කීමට අකමැති වගත් මතක අද හවසත් මගේ සිත පාලම උඩින් බෝධිය පසු කරන ළඟින් ළඟින් වාඩි වීගෙන ...
වචන ඉල්ලන වයලින තත් හිතනලන්තය වචන ඉල්ලන වයලින තත් මම මොනවා දෙන්නද මේ කබලෙන් ලිපට වැටීමකි සිහින්ව ගැයෙන ගිටාර් හඬ නොකියූ කතාවක් කියනවා වෙන්නැති පෙම්වතිය හැර ගිය දුකක් කියනවා වෙන්නැති මට හිස කෙස් සිඳගන්න ඉඩ දෙන්න මෘදු මතුපිටක හිස හප්පගන්න ඉඩ දෙන්න ඔබ ඉල්ලන වචන මගේ ළඟ නැති මාව මේ ගිනි ගොඩෙන් එළියට අදින්න යන යන අත ගිටාර ස්වර මුහුණතෙහි වදින වයලීන මට යන්න ...
සියලු වැඩ අතපසු කර හිතනලන්තය සියලු වැඩ අතපසු කර කියවා ඇත ඔබේ කවි කුඩා කඳුළක් නොවැටුණත් බිමට ගිනි දල්ලක් නැඟී ඇත හිත වට සුරංගනා කතාවක පටන් ගැන්මක් අතරතුර අවසානයට දිගුවක් එකතු කරමි නිතරම මම මුහුදු වෙරළය නිතර මා කළඹන උයනය නිතර මා සනසන මාරුවෙන් මාරුවට කැළඹීමටත් සැනසීමටත් ගමන් කර ඇත දෙතැනටම මහත් වැස්සේ නැටුම හින්දි සිනෙ රූ සිහි කරන අපේම නොවන කතාවක නළු නිළියන් ...
මේ ඔබේ වීදුරු හදවත හිතනලන්තය මාළුවෙකුටත් වතුර පොවන ගිලෙයිදැයි බයෙන් ළතැවෙන මේ මහා සාගරේ මොනවා කනවා ඇති දැයි සිතන මේ ඔබේ වීදුරු හදවත බිම වැටී කිහිප වර සීරීම් බහුලව ඒත් තවමත් මලක් මෙන් මෘදුව සිනාසෙන මේ ඔබේ වීදුරු හදවත මං බොහොම ප්‍රවේසම් කරන ...