පැණි කුරුල්ලනි හිතනලන්තය පැණි කුරුල්ලනි අතිරික්තයක් නැතිද කිසි විට උදේ සිට රෑ වෙන තුරුම කුඩා හොට රිදවමින මලින් මල පුබුදමින රොන්ම ඉල්ලන නුදුන් විට අවලාද පද කියන වෙනත් දෙයකට මාරු වෙන්නට බැරිද ඔහෙලට පාන් බනිස් වැනි දේ එමට බත් වුණත් නරක නෑ අහුල කන්නට ඇහැකි තුන් වරුවටම පැණි ඉල්ලා තැවරෙන යාදිනි සමඟ ඉගිලෙන පුංචි පැණි කුරුලු ජීවිතය කම්මැලි නැද්ද ඔහෙලට මල්වලට පාඩුවේ ...
ප්‍රවේසම සහ ආදරය හිතනලන්තය වීදුරු බඩුවක් මෙන් ප්‍රවේසම් කරන්න පුළුවන්ද අනන්තයක සිට තාරකා එළියෙන් පණිවුඩ යවන උල්කාපාතයක දවටා හසුන් එවන්නට සිතන අයිස් කැට වැටෙන විට එහිත් සිතුවම් ඇද එවන උභතෝකෝටිකය මගේ ප්‍රේමය ගිනි දැල්ල සොය සොයා යන පළගැටි මනසකින් දිවි ගෙවන මේ මොහොත තවත් ඉදිරියට පවතින ප්‍රවේසමින් ඔබේ සිත තුළ ඇවිද යන විට සියුම් උගුලකය මා හසුවෙන චීස් සුවඳින් ඇස් අඳ වන මී ...
ගිලී-නොගිලී ඔබ ඉන්න හිතනලන්තය සමනලුන්ට ඉගිලෙන්න නොදෙන්න සිඳු තෙර දිය රැළි නොනඟා ම වැතිරෙන්න ඈතින්-ඈතින් ඇඟිලි තුඩු නඟමින් මා මුදු බඳ දැවටෙන්න සිනා විසුරන්න පිනි අතුළ යටිපතුළ කිතිකවන්න රැළි නඟන්න මුදු බඳ සිනිඳු සේලය විසුරන්න සිහිනයේ කිමිදෙන්න සමනලුන්ට ඉගිලෙන්න නොදෙන්න ගිලී-නොගිලී ඔබ ඉන්න මන්ද්‍ර ස්වරයක දැවටෙන්න රහස් හඬකින් නොවයන්න මේ වීනාව අත් නොහරින්න සමනලුන් ඉගිලුනා අර බලන්න ...
මැජික් දහසක් හිතනලන්තය කුමන මැලියම් වර්ගයක් ද මම නාදුනන ඇලවී ඇලවී මම ඔබ ළඟ හිත නවා අලවා යළි මට ම දෙන මැජික් දහසක් පේනවා මට ඔබේ ළඟ
නුපුරුදු බස හිතනලන්තය රහස් බසකින් සිනාසෙන මල් පොකුරු පිරිනමන රෑ මැදියමත් මට නින්ද නොදෙන අනාරාධිත විදුලි සැර ගිලි ගිලී මගේ හදවත ගැඹුර මා තිගස්වන කාරණා කිව වෙන්වන්න පෙර හමුවෙන්න නොපතන කලින් කියවා නුපුරුදු බසකින හිතේ අහුමුළු පුරා රැදවුණ අලුත් වචනෙක පුරුදු හඬ ඔබ ...
දෙව් ලොවට යන පාර හිතනලන්තය දෙව් ලොවට යන පාර අස පුංචි අඹ ගස පාත් වී හිසින් ඩිංගක් මනමාල හිනා විසුරන යන්න හැදුවත් අතින් අල්ලන කිසිම වදනක් නොකිය හිනැහෙන පුංචි අඹ ගස වනන්තරයෙන් නගරයට ආ සිහින් සිරුරැති ළාබාල වැදි තෙම පොරවක්ම අතින් ගෙන මා පසුපස ලුහුබදින සිල් බිදෙනු ළඟයි පුංචි අඹ ගස ගෙළ දිගු නොකරනු පිම්මක ...
මම රොබින් හුඩ් ළඟ හිතනලන්තය ඊතලයක මද වසක් තවරන්න මද ගින්නේ මදක් නිදි කරවන්න ඇසට මදක් පහළින් මදක් රතු කම්මුලට මද වේගයකින් පා කරන්න මම රොබින් හුඩ් ළඟ දැන් වැඩ තාවකාලික නොවේ ස්ථීරෙටම මද සුළඟ කපා එන මද විස දමනයට මෙන්න බෙහෙත අඩි දෙකක් පසුපසට දුන්නක් මෙන් මදක් නැවෙන්න මද ස්වරයෙන් කෑ ගසාගෙන පසු නොබලා ...
ආදර පිපුරුම් හිතනලන්තය ආදරය බිම් බෝම්බයක් මෙන් පිපුරුණි වේලුණු මල් පෙති දිග හරින්නට ඉර එළියකටවත් බැරි දළඹුවෙකු මෙන් සිරුර එතුණු ඩයිනෝසර මතකය සියුම් සීරුම් සමඟ වැඩ සිටින පටු මාවතක් ලලනාවක් මෙන් ඉකි ගසන එක් කර සියුම් මල් පෙති මිටකට කුඩා බදුනක බහා තබන ඉකි ගසන්නට තහනම් ඔබට වීරයෙකු මෙන් පෙන්විය යුතු ලෝකෙට මේ මහා අග්‍රඵලය ප්‍රේමයේ නෙලා ගන්න එය නෙලා ගන්න බෝම්බයක ...
අව්ව හිතනලන්තය ඇපල් අඹ ගහේ බද දිගේ එති එතී චුට්ටකට හති අරියි අව්ව උස්සා ඇහි බැම සැරෙන් වගේ බලන්නේ ජම්බු ගස රතට රතුවට වන වනා ජම්බු සියොළඟ ලොකු කටක් ඇති පරණ ළිඳ මෑත් කර පාසි සේලය පයින් ඇන සාරි ගබ්බියෙකුට වඩම්මන්නේ අව්ව හරි හරියට ගබඩා කර තබා ගන්නට වැස්ස කාලෙට ...
zoo හිතනලන්තය මම හිටියෙ සීබ්රා කූඩුව ළඟ.මුලින්ම මම එතන හිටගෙන හිටියා.තවත් ටික වෙලාවක් ගියාම කූඩුවට මෙහායින් තියෙන යකඩ ආවරණ සහිත අත්වාරුව උඩ වාඩිවෙලා හිටියා.ඊටත් පස්සෙ ඒකෙන් බැහැලා එහාට මෙහාට සක්මන් කර කර නියපොතු විකන්න ගත්තා.තවත් පැයක් විතර ගත වුණා.ආයෙමත් යකඩ අත්වාරුව උඩට නැඟලා අකමැත්තෙන් වගේ වාඩි වුණා.සත්වෝද්‍යානයේ සේවකයෙක් ආවෙ අන්න ඒ වෙලාවෙමයි.ඒ මිනිහා හරි කෙසඟයි.ඒත් මූණ මහ දරුණු පාටයි.හිනාවක් එහෙම ඇත්තෙම ...
අබලන් පිහාටුවක් හිතනලන්තය අසීමිතව පියඹන ඔබ කුමට බිම බලනු දස වසක් මම ඇවිදීමි සෑම විටම අහස ද බැලීමි සාඩම්බරයෙන් ඔබ පියඹනු දැක සතුටද දුකද දැනී යළි අහස නොබැලීමි හෙවනැලිද නොවැටුනි එක් දිනක් පිහාටුවක් බිම පතිත වන තෙක් සියල්ල මම කැමති විදිහට අසීමිතය ඔබ එක් පිහාටුවක අඩුවක් නොදැනෙනුම ඇත ඊටත් අබලන් පිහාටුවක් අරුමැතිය කුමට තව බිම බලනු දස වසක් අන්ධ ඇසකට කිසිවක් නොපෙනෙනු ඇත ...
මුහුදුබත් වනු රිසි වෙම් හිතනලන්තය සොඳුර මුහුදුබත් වනු රිසි වෙම් රළ චණ්ඩ වන පළමු මොහොතේම රෑ ඇඳුම පිටින්ම අවුල් කොණ්ඩය සකසමින් උඩ තට්ටුවේ සිට පැද්දෙන යට තට්ටුවට කම්පනයෙන් පැමිණිය හැකිය කොම්පාසුවක් රෑ ඇඳුමේ සාක්කුවක ලාගෙන සැහැල්ලුවෙන් කුණාටුවට මුහුණ දිය හැක සොඳුර කුණාටුව එන්නේ කවදාද කියව නොපමාව ...
ශෝකයේ තනිකම හිතනලන්තය සොහොනක පිපිණු අරලියා මලක් මෙන් ශෝකයේ තනිකම රැගෙන නො එන අයට තනි රකින විට පිපීමත් පුංචි වරදක් බව අරලියා මලක් සිතීමෙන් පසු වෙන
බෝල බිළාල හිතනලන්තය *බම්බලපිටිය හන්දියේ කණ්ණාඩි සාප්පුවක දොර සහ වැසූ වීදුරුව ඉදිරිපිට මුහුණ තෙරපාගෙන මහත් උනන්දුවෙන් ඇතුළත බලා සිටින සුදු පැහැති බළල් රාජයෙකි. එතැන බෝල බිළාල තබාගෙන කම්මුල මහත වීදුරුවට කණ්ණාඩි රාමු තෝරන නවමින් අතක කොට්ටා කිහිපයක් හිතින් යමක් ගණන් කරන කලබලයෙන් ගාලු පාර නරඹන බම්බලපිටිය හැන්දෑවෙ අව්ව කීතු කරන මැජෙස්ටික් හෝටලය හිස හොවා මහ පාරට තමන්ගේ සුවඳ එහෙ මෙහේ විසිරුවන මේ ...
අහසක මායම් හිතනලන්තය අහස කැමති නැති අපි කවිවන් ඒවා ලියනවාට බොරු දේවල්වලට තැවෙමින් අඬන හැටි බලන්න මේ…මේ දැනුත් ලොකු කඳුළු කුට්ටි වැටෙන ඒ මදිවාට උගුර යටින් අමුතු සද්දයක් නඟන අහසක මායම් නොදැන අම්මා හොඳටෝම බියෙන සියලු වයර ගලවා ගලවා අපේ කකුල් ඇද උඩට එකලස් කරන නොවැම්බර් අහස උඹ අපේ අම්මා බය කරන කවියන් වෙන්න පතන අපි දුර්වල කරන කොයි හවසත් කිඹුල් කඳුළු ...
වැරදීමකින් වගේ හිතනලන්තය වැරදීමකින් වගේ ඇඟිලි තුඩු හැප්පෙන විට කිළිපොලන සීතලක් දැනෙයි මට වැරැදීමකින් වගේ උණුහුම් සුසුමක් කම්මුල පුච්චනකොට අයිස් කැටයක් වගේ දැනෙයි ඔබ චක්රයක කැරකෙන විට අපි අල්ලමින්-අතාරිමින් කතුරු ඔන්චිල්ලාව අහම්බෙන් මෙන් වැටෙමි මම පොළොවටම සීරීම් සහසක් ඔබට ලබා දෙන්නට ...
විදුලිය සරි ආදරය හිතනලන්තය තාප උදුනකින් තම්බා ගන්න නියමිත බිත්තරයක්ව උණු වතුර අතර මැද තැම්බීම පමා කරමින් මද රස්නය ඇති තැනක ලැගුම් ගන්න සිතන අනුවණකම මඟ හැරෙන විදුලිය සරි ආදරය
අතීතය සමනලුන් නොව හිතනලන්තය අතීතය සමනලුන් මෙන් අලංකාරයක් නොදැනෙන කරන්ට් වයර මත එල්ලී මියගිය වවුලන් මෙන් කර ගඳක් ගෙන එන
කවි කියන්නේ කුඩාවට පිපුණ මල්වලට හිතනලන්තය හොඳම කවි හැළෙන්නේ එකපාර මල් දාහක් විතර පිපෙන ගස්වලින් නෙවෙයි. බොහොම වෙලාවට මලක්, දෙකක් විතරක් පිපෙන ගස්වලින් හොඳම කවි බිමට වැටෙනවා. වරුවක් විතර ඒ වගේ ගහක් යට බලාගෙන ඉඳලා කවියක්, දෙකක් අහුලගෙන අපි එන්න එනවා. මෙහෙම කවි හැළෙන ගහක් මට හම්බ වුණා අන්තර්ජාල සෙවුමකින්. හරියටම කිව්වොත් සින්ඩිකේටරයක උදව්වකින්. කවියේ බුහුටිකම් පෙන්වන මේ කවි ඉතාම කුඩායි. පද හතරක් හෝ පහකින් ...
ඇප්රොඩයිට ඔබ වෙරිමතිනි හිතනලන්තය තුඩින් ගෙන විස බිඳක් පියාඹන්නට ලද අවසරය පුදුම සහගත ඇප්රොඩයිට ඔබ වෙරිමතිනි මේ අකටයුතුකම් හාස්‍ය දනවන නැතිද යුතුකමක් තටු සිඳලන්න වෙන් වෙන්ව විස බෙදන්න නැතිද ක්‍රමයක් දේව මණ්ඩලයට ඇප්‍රොඩයිට් කාටත් කලින් වෙරි වූ ඔබේ දෙවිකම සීනිබෝල බෝතලයක් තරම් රසවත්ව දෙතොල තෙමන විට තුඩග විස මා මුව මත බලාපොරොත්තු වූ විලසම මරණීය විලාපය නොනඟාම මා සිහිනැතිවන ...