ටැංකිගත හිතනලන්තය මා පීනමින් සිටි ආර කුමක්දැයි විමසා එවූ ලිපිය ලැබුණි ස්තූතියි! කිසි විශේෂයක් නැති මාළුවකු දුටුවාට ඒත් මම, මට අයිති නැති ටැංකියක පීනන රතු කරමලුන් හා වරල් සසඳන ටෑන්ක් ක්ලීනර්ගෙන් 'ආදරේ පාට' අහන ෆයිටර්වරුන්ගෙන් ඇති වෙන්න කෙටුම් ලබන මේ විසුළු සහගත ජීවිතය කරන්ට් වද්දාගෙන අවසන් කරගන්න හිතෙන ඒ අතර, කුමන ආරට පීනන්නෙදැයි අසා එවන මාළු කෑම පැකට් දැක පිළිකුලෙන් වරල් ...
ජෝ හිතනලන්තය ගැටවරයෙකුට නොකියාම යන්න පුලුවන්ද තුංමං හන්දියකදී සේකර හමුව යස නාඩගමක් රඟන්නද මේ හදිස්සිය බඹරු ආවත් ඔබ යන්නේ මොකටද? සොල්දාදු උන්නැහේ ඔය බයිනෙත්තුවට බැරිවාද මේ ගමන වළකන්න පුර හඳත් අහක බැලුවානම් ගැටවරයෙකුට දුක නොහිතෙයිද අපි හරි පුංචි අය කොහොම නවතන්නද සද්දන්ත ඔය ගමන ඔබ යන්න යෝධ ගසක් මෙන් එකවර ඉදිරී හෙවනේ ...
හිතනලන්තයේ කෙටිම අවුරුදු දෙක හිතනලන්තය පත්තරකාරයෙක් වීමේ පිස්සුවෙන් සිටි මට රැකියාවක් ලෙස ලැබුණේ පරිගණක තාක්ෂණය උගන්වන්නටය. ඒ ද කියන දේ නාහන කොල්ලන් රැසක් සිටින පාසලකය. මාස හයක් අමාරුවෙන් උගන්වන විට උනන්දුව හීන වී ගියෙන් මේ රස්සාව නම් ඇති කියා සිතුණි. සාරි පටලවාගෙන හොඳට හැසිරීම අනෙක් අතින් මට මානසික වධයක්ව තිබුණි. අහම්බෙන්,ඉතාමත් අහම්බෙන් පත්තරකාරයෙක් වීමේ පිස්සුවට යළිත් අත්තටු ලැබුණි. මාස අටක ගුරුවර රස්සාවෙන් ඉගිල්ලුන මම ...
පුංචි පැණි කුරුල්ලෙකු හිතනලන්තය පුංචි පැණි කුරුල්ලෙකු හිතුවක්කාරව සුළං පෙති උඩ රෑට නිදන්නට සැරසෙන සුළං කවුලු දෙස විටින් විට හැරී බලමින් ඉතාමත් නොරිස්සුමෙන් වක ගැසුණු හොට ගස්සන ජනෙල් රෙදි මතින් බාගෙට ඇවිදමින් කෑම මේසයටත් එබී බලන ‘ඔහේලා කන්නෙ කීයටද හැබෑටම?’ පොඩි ප්‍රශ්නයක්ද අපෙන් අසන යළිත් සුළං පෙති උඩ සිරුර පුම්බා බෝලයක්ව වැඩ අල්ලන්නට වුවත් කැමතිව මඳක් ඇස් වසාගෙන බොරු නිදිමතක්ද මවා පෙන්වන අපි ...
ඉවසීමයි ආදරය හිතනලන්තය ප්රපාතයකි වලාකුළු නැති තැනක මදක් වැඩියෙන් සිනාවුණොතින් බිම වැටෙන සිතුවිලි කිති කවනු නොහොබී තවත් බෝ කල් වලාකුළු උඩ ප්‍රපාතයට පොඩ්ඩක් උඩහින් නැලවෙන්නැයි ඕනෑ ඝනැති ඇහි බැම නොසෙල්වා ඇසක් ඇතුළට ගිලෙන්නැයි ඕනෑ මදක් රිදුම් දේවි සෙලවෙන විට මගේ හදවත ඒ ඔබේ ඇස් ඇතුළෙ ඉවසීමයි ආදරය විසි නොකර මා බිමට නොසෙල්වී සිටීමයි ඔබේ කාරිය වලාකුළු නැති තැනක ප්රපාතය ළඟ අවදානමෙන් තවමත් ...
ගජ බින්න හිතනලන්තය මේක වුණේ කොහොමද කියලා කවුරුත් දන්නෑ. ටිකිරිලන්තෙන් හමාගෙන ආපු අද්භූත සුළඟකට අපි 24 දෙනෙක් අහු වුණා.එතකොට අපි හිටියේ බස් හෝල්ට් එකක.හැමෝටම ඕන වුණේ ඉක්මනට බස් එකට නැඟලා වාඩි වෙන්න.ඉතිං ඔක්කොම බලං හිටියෙ බස් එකේ සීටි දිහාව.කාටත් හොරෙන් ටිකිරිලන්තෙන් ආපු හුළඟ අපිව ගිල ගත්තා.මට නම් තේරුනේ ළාවට සීතලක් මගේ කන් දෙක දිගේ පපුවට බහිනවා විතරයි.මගේ ළඟම [...] ...
පා මුදුවකින් හිත බිඳින්නට හිතනලන්තය කවුරුත් සිටියේම නැත උදුරා ගන්නට මා වසන්තය මුහුදු රළ මෙන් චණ්ඩ වෙන්නට සුළං සර මෙන් මිහිරි වෙන්නට පා මුදුවකින් හිත බිඳින්නට වළලු හඬකට කැළැඹී යන්නට
ආදර සෙල්ලම හිතනලන්තය හවසට ආදරය ඉවර වෙන උදේ පාන්දර වැඩිපුර පුරවා ගන්න ඉඩ නොදෙන මුලු රාත්‍රිය ම හිමිදිරිය ගැන හිතන ඒත් හවසට නම් බොහෝ ම දුක හිතෙන මේ සෙල්ලම මට විතර ද හිතන්නට පෙර ආදරය හිදී යන හවස නැති කර බැරි ද මට දවස සකසා දෙන්න ටික කලකට විතරක් ම හොඳයි බැරිද ඒ ටික කරන්න මල්සරා උඹට, පිස්සුවෙන් ඊතළ විදින ...
තෙතබරිතද ඇස් හිතනලන්තය විසල් දිය රැල්ලකට තෙමුණු මට පෙනෙන තෙක් දිය සුළිය ඇතුළත ඔබ කෙතරම් තෙතබරිතද ඇස් ගිලි ගිලී ඒ ගැඹර දිය උඩම පාවෙන මගේ අත අල්ලන ඔබේ සිත පිහාටුවක්ද නොගිලෙන තරාදියක ලා බර වැඩි පැත්තට සතුට දෙන්නට නොව රළු ඉරි ඇඳෙන විට ඔබේ හදවත උඩ හීරෙයි දිය රැල්ලේ තෙමුණු මගේ ඇස ...
වසර නවයකට පසු හිතනලන්තය තාත්තා බලන්න නොයාම ලොකු වැරද්දකි වසර නවයකට පසුව තවත් රැවුල ඉදීදැයි මදක් මුහුණට එබී බැලිය යුතුය මා හැර අන් සියලු අය සමඟ ඉක්මන් කේන්ති යන විට සියුම් ආඩම්බරයෙන් ම දින සති මාස පසු විය හැකි ඔබ ගිය පසු බොහෝ පොත්පත් මගේ රාක්කයට පැමිණි බව කිව යුතු ම ය අන්තිමට කියවූ ‘දෙනුවර අන්දරය’ ඒ අයුරින් ම ඉංග්‍රීසි පොත් අතර සුසුම් ...
අවසන් නිවේදනයයි හිතනලන්තය විලාඩ් අඹ ගසේ හිසට කරදර දෙන ලයිට් වයරය මත ඔබ සිටින සාඩම්බර කොණ්ඩ කුරුල්ලාන අහස් යාත්‍රා තටු මෙන් විහිදා දෑත් දෙපසට මේ මොනවා කරනවාද ප්‍රිය බිරියටත් කතා කරනවා නොවෙද අහස දෙවනත් කරමින් වැස්ස නපුරුවට කඩා පනින ලයිට් වයරය මත මුදුව පැද්දෙමින් ඔබ දෙපල දිය නාන ඊට ටිකක් පහළින් සුදු පාට බෝගන්විලා පඳුර ඉඩ දෙමින් වැස්සට හිස ගසාලන්න අම්මාගේ කරුණා ...
ක්ෂුද්‍ර කවියන් හිතනලන්තය සඳ, නොතකන බව දැන දැන ම අප වැනි ක්ෂුද්‍ර කවියන්ව බැදෙන හැටි පුදුමයි සිනාවක් වත් නොපතා ම
ඔබව දිය කලේ කවුරුන්ද හිතනලන්තය එතරම් මෘදුව බිඳෙන්නට ඔබ දිය කලේ කවුරුන්ද රළ අතර ගිලි ගිලී වුව සිනාසිය හැකි නේද අපිට සුසිනිඳු පුළුන් කැබැල්ලක්ව දියව යන මොහොත තෙක් අතැගිලි අල්ලා ඉන්න පුළුවන් නේද අපට සොඳුර මේ රළ-මේ කුණාටුව රුදුරු නොම වේ එතරම් ඔබ බිඳෙන තරම් ...
එම්බා බස් අජිතාන හිතනලන්තය එම්බා බස් අජිතාන ගොලු මුහුදක් මේ උදය පාරවා මා කල්පනා මොනවා දොඩනවාද සංගීතයක් මැද එහා ගෙදරින් සරිගම හැළෙන කරුමක්කාර සති අන්තය පළිගන්න හැටි අපූරුයි එම්බා බස් අජිතාන බොබ් මාලෙලා සිංහල තවත් මොනවාදෝ ගයන සූර සූරා මා පපුවත මේ හොයන්නේ මොනවාද කාගෙදෝ ඒ ගී ? එවර දමිත් අසංකයාන අඩු වැඩි ප්‍රේමාලාප
මරණයට වංචා කළ ජීවිතයේ විය නොහැක්ක හිතනලන්තය මුහුද තමන්ගේ බල පරාක්‍රමය ගැන වුවමණාවට වඩා ඉතා ඉහළින් තක්සේරු කර තිබුණි. සාමාන්‍ය මට්ටමින් දිය රැළි පෙරළමින්,වෙරළට විත් මදක් නැවත,ඉදහිට උසැති දිය රැල්ලක් නිමවා යළිත් දියඹට යන ලාස්‍ය ලීලාව අමතක කර තිබුණි. එදා මුහුද තාණ්ඩව සිරියක් ගෙන මහත් භයානක නැටුමකට ලෑස්තිව සිටියේ ඇයිදැයි කිසිවෙකු දැන සිටියේ නැත. නත්තල් නිවාඩුව සංචාරකයන්ව නිදැල්ලේ පියාඹා යන පක්ෂීන් මෙන් මුහුදු රළ නඟන උන්මාදනීය ...
රිඳුම් දෙන කැපුමකි හද මත හිතනලන්තය සොඳුර රිඳුම් දෙන කැපුමකි හද මත බක් මාසයෙන් බක් මාසයට අලුත් වන අලුත් සඳ සේ කාන්තිය පෙන්වන ඉමහත් ශෝකයෙන් ඇතුළු හද නහවන ශක්තිමත් පිටත බිත්තියකින් විනිවිද නොපෙනෙන මේ සොඳුර කැපුම ඔබෙන් මට මිස මගෙන් ඔබට මාරු නොවන සොඳුර කොතෙක් වෙදකම් කළද සුව නොවුණ ඉතා පියකරු මතක වරුසාවකින් නහවන ඒ අල්ප කැපුම හද මත රතු පාටින් දිලිසෙන ආලය යැයි වරදවා ...
වසා දැමුණු දුම්රියපොළක හිතනලන්තය වසා දැමුණු දුම්රියපොළක දුම්රථයක් එනතෙක් සිටිමි ඒත්;ඔබ කුඩා අහස් යාත්‍රාවක් සේයාරුව : A L E A H • M I C H E L E
කෙස් ගස් සීයක්ම ඉල්ලමි හිතනලන්තය පුදුම පහන පිරිමැද කෙස් ගස් සීයක් නැවත ඉල්ලමි අසමාන ලෙස කොදු නාරටිද නැවී ගිය එකෙකුට එකෙක් නැති එහෙත් රතට හුරු කළු පැහැයකින් හැඩවුණ එකම හිසකින් කැපී වෙන්වුණ කෙස් ගස් සීයක්ම ඉල්ලමි දුඹුරුවට හුරු දිගු ඇගිලි යුහුසුලෙන් නව නවා වක් හැඩයට ඇඹරෙමින් කපා වෙන්කර බිම පතිත කළ බොහෝ රතු කෙස්ගස් හතලිහක පොළොව අල්ලා යාදින්නක්ය කියන අලවනු අලවනු එකින් එක ගෙන ...
සඳ වන් හද සොරාගෙන හිතනලන්තය කවුළු කිහිපයකට ඈතිනි සඳ වන් හද සොරාගෙන ගියේ කැටයම්කාර දොරක් ඇර ඉවතට ගත් සේද සළුවෙනි මුවාකරගෙන ගියේ ඇස් සීරුමෙන් වැලි කුණාටුවකින් ස්වල්ප රුදුරු තර්ජනය සොයා නො එනු සරුංගලයක් සේ ලිහී ගියා සිතනු බරැති පා සළකුණකව මිහිරි මධු බදුනකව උන් කියන්නා සේ සරුංගලයකව කොහි ගියද සඳ ළඟ හුන් හද? ...