වහලා රජකමට.................. පොරොන්දු වූ දේශය කරා.... (6 කොටස) හරීගේ හීනලන්තය 'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ. මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. ...
කොටියාගේ හොල්මන........ හරීගේ හීනලන්තය මළවුන් ගැන කියද්දි මම කිව්වනෙ තව තව ඔයිට සම්බන්ධ කතා තියෙනවා කියලා. අද හිතුනා එකක් දාන්න. මළවුන් එක්කම කියවන දෙයක්නෙ හොල්මන් කියන්නෙ. මේක ඉතින් හොල්මන් කතාවක්. කතාව කියන්න කලින්ම කියන්න ඕනෙ මේකෙ දැනුමට එකතු කරගන්න දෙයක් නෑ. මේකත් මේ වගේ නිකම්ම නිකං කතාවක් විතරයි. ඔන්න කැමතිනම් විතරක් කියවන්න.මේ කතාව සිද්ධ වුනේ මීට අවුරුදු දහයකට විතර කලින්. මට මතක හැටියට එතකොට ...
තමුන් ලව්වාම වැඩ කරවා ගැනීම හෙවත් Getting Things Done (GTD) හරීගේ හීනලන්තය වැඩ ගොඩක් එකතු උනාම මට වැඩ කරන්න හරිම අමාරුයි. ඒ වගේ වෙලාවට කෝකද ඉස්සෙල්ලා කරන්නෙ කොතනින්ද පටන්ගන්නෙ කියලා හිත හිත කරන්න තියෙන වැඩ දිහා බල බල එහෙට මෙහෙට යනවා මිසක් එකක්වත් පටන්ගන්න හිතෙන්නෙ නෑ. ඉතින් ඔය දුර්වලතාවය මඟ ඇරගන්න හිතාගෙන මම කියවන්න පටන්ගත්තා ඵලදායිතාවය ගැන ලියවෙච්ච පොතක්. ඒකෙ නම තමයි "Getting Things Done - The Art of Stress-Free Productivity". David ...
පල්ලියේ වෙඩිම හරීගේ හීනලන්තය පිණිබිඳු අක්කාගෙන් බේරිල්ලක් නැතුව හිටියෙ මේ ලිපිය ලියන්න කියලා ඒවගේම සිරාත් ඉල්ලීමක් කරා. ඒ දෙන්නට වගේම හැමෝටම දැනගන්නත් එක්ක ඔන්න අද කියන්න යන්නෙ කතෝලික විවාහ චාරිත්‍රය ගැන. හැබැයි ඉතින් මෙව්වා අත්දැකීමෙන් කියන දේවල් නොවන නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒක නිසා ඒ අඩුපාඩු ඉවසා වදාරමින් ලිපිය කියවන ලෙස ඉල්ලාහිටින්ඩ කැමතියි. ඒ වගේම මම කලින් දිව්‍ය පූජාව ගැන ලිව්ව ලිපිය ...
මම අකීකරු පුත්‍රයෙක් වෙච්ච හැටි (සාක්කිත් එක්කම) හරීගේ හීනලන්තය කට්ටියට මතකද මන්දා මම මීට ටික කාලෙකට කලින් දාපු පෝස්ටුව. හොඳම අකීකරු පුත්‍රයන්ගෙන් එකෙක් වීමඒ කතාව බලන්ඩ යන්ඩ ඕනෙ නෑ. ඔන්න කුට්ටි පිටින් කපලා අරන් මෙතන දැම්මා. ඒ කතාව බලපු අය ඒ ටික මඟ හැරලා පහල කොටහ බලන්ඩ.උපුටාගැනීම : අද කියන්න යන්නෙ චූටි කතාවක්. මම එච්චර කතන්දර කියන්න ආසා නැතිවුනත් අද මට හිතුනා පොඩි කතන්දරයක් දාන්න.මේක මම හත වසර හෝ ...
සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (2 කොටස) හරීගේ හීනලන්තය අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (1 කොටස) කියවපු අය නම් දන්නවා ඇති මම මේ කියාගෙන යන්නෙ සාන්ත අන්තෝනි මුනිතුමා ගැන බව. මම කලින් කොටසෙදි එතුමාගේ ජීවිත කතාව ගැන විස්තර කිව්වනෙ. ඒ ලිපිය මගහැරුණා නම් මෙතනින් ගිහින් කියවලාම එන්න. නැතිනම් මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ.කලින් ලිපියෙදි පොරොන්ඳු වූ පරිදි අද ලිපියෙදි මම කියන්න යන්නෙ එතුමාගේ අනුහසින් සිදුවූ ප්රාතිහාර්යය පිළිබඳව. ...
සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (1 කොටස) හරීගේ හීනලන්තය සාන්ත අන්තෝනි මුනිතුමා කියන්නෙ කවුද කියලා දන්නෙ නැති අය පවා ඇන්ටන් ජෝන්ස් මහත්මයගෙ "සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා" ගීතය නම් අහලා ඇති. ඇන්ටන් ජෝන්ස් මහත්මයා එහෙම ගීතයක් ලිව්වෙ ඇයි කියන එක මට හිතුනෙත් ලකී සිරි කිව්වට පස්සෙ. අද කියන්න යන්නෙ නම් ගීතය ගැන නෙමෙයි. අද (ජුනි 13) සාන්ත අන්තෝනි මුනිතුමාගෙ මංගල්ලෙ නිසාම කලින් හසිත කළ ඉල්ලීමක් ඉටුකරන්නත් ...
මාමාගේ ඇටේ..............18+ හරීගේ හීනලන්තය මේක පොඩි එව්වොන්ගෙන් වහන්න මට නම් උවම්නාවක් තිබ්බෙ නෑ ආයිබෝන්ඩ. ඒත් කොහෙද මේ කතා කෑල්ල කියපු එකා කියනවනෙ ලොකු ඈයොන්ගෙ ඒවා හිච්චි එවුන්ට පෙන්නන්න එපැයි කියලා. කතාව කියපු එකාගෙ කීම අහක දාන්නෙ කොහොමැයි. ඔන්න පොඩි ඈයොන්ට මේ පැත්ත තහනම් එහෙනං.මේ කතාව අපේ ගම් පොජ්ජෙ ඉන්න එක පවුලකට වෙච්ච සිද්ධියක් ඕං. මට කිවුවා ගමටම කියන්න කියලා. බ්ලොග් කඩමාල්ලක් අටෝගෙන එක එක ...
භූමිකම්පාවක් ආවොත්... හරීගේ හීනලන්තය භූමිකම්පාවක් කියන්නෙ අතිශය විනාශකාරී ස්වාභාවික විපත්තියක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. භූමිකම්පාවක් තවත් භායනක වෙන්න හේතුවක් තමයි කිසිම විදිහකින් ඒ පිළිබඳ අනාවැකි කීමට නොහැකි වීම. සුළි සුළං, ටොනාඩෝ, සුනාමි වැනි තත්වයන් වලදී අනතුරු ඇඟවීම් කළහැකි වුවත් භූමිකම්පාවක් සිදුවීමට පෙර ඒ ගැන අනාවැකි කියන්න තරම් තවමත් තාක්ෂණය දියුණු වී නෑ.'භූමිකම්පාවක් වෙන්නේ කොහොමද?' කියලා හැමෝම දන්නවානෙ. ඉතින් ඒ ගැන නොකියා භූමිකම්පාවකදී එයින් ...
සරල රොබොට්ටෙක් හදමු.... PDF Version එක. හරීගේ හීනලන්තය මම කලින් ලිපියෙත් කිව්වානෙ ගොල්ඩ්ෆිශ් සහෝ කරපු ඉල්ලීම ගැන. ඉතින් ඒක නිසා රොබොගේ PDF එකක් මම හැදුවා. ගෝල්ඩ්ෆිශ්ට විතරක් නෙමෙයි කැමති ඕනෑම කෙනෙකුට පහලින් බාගන්න පුලුවන්. එතකොට ඉන්ටර්නැට් නැතිකෙනෙකුට උනත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නෙ.Making a Simple Robot (Sinhala) Download මේක තමයි මේ අවුරුද්දෙ අන්තිම පෝස්ට් එක. ඒ වගේම වැඩිම පෝස්ට් ගාණක් ලියපු මාසය. ඉතින් මේක හොඳ අවස්තාවක් මේ අවුරුද්ද පුරාවටම හිටපු ...
බීස්කූන්නාන්සේගෙන් කනේ පාරක් කෑම හරීගේ හීනලන්තය මීට අවුරුදු 12කට කලින් හරියටම අද වගේ දවසක ඒ කිව්වෙ 2000 අප්‍රියෙල් 1 වෙනිදා වෙච්ච දේ මට අද වගේ මතකයි. එදා සෙනසුරාදා දවසක්. මම උදෙන්ම නැගිටලා පල්ලි යන්න ලැහැස්ති වුනා. හරිම ආසාවෙන් ලෑස්ති වුනේ. වෙනදා ඉස්කෝලෙ ඇඳුමෙන් පල්ලි යනවානම් කොට කලිසම් කෑලිනෙ ඇඳගෙන ගියෙ. ඒත් එදා ඇඳන් යන්න තිබුනෙ අලුතෙන්ම මහලා ගෙනාපු කිරි කිරි සුදු දිග කලිසමයි අත් දිග කමිසයයි. ...
දාවිත්ගෙ ගල්පටිය හරීගේ හීනලන්තය මතකද 'පොරොන්දු වූ දේශය කරා' කතා ටික? මතකයි නේද? අර දිගට දිගට දිගට දිගට දිගට දිගට ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා අන්තිමේදි ඉවරවුනේ. එකේදි මම කිව්වෙ ජුදෙව්වන් ඇතිවුන විදිහත් ඔවුන්ට ඔවුන්ගේම කියලා රටක් හෙවත් පොරොන්දු වූ දේශය ලැබිච්ච හැටිත්නෙ. ඉතින් අද කතාව මම පටන්ගන්න හදන්නෙ පොරොන්දු වූ දේශයට ආපු ඊශ්‍රායෙල්වරුන් අතර සිද්ධ වෙච්ච සුළු සිද්ධියකින්. ඊළඟට ආයුධයක් හඳුන්වලා දීලා ...
මගේ කොටි නැටුම් හරීගේ හීනලන්තය අද කියන්නෙ යන්නෙ කතාවක්. පෞද්ගලික අත්දැකීමක් වගේ එකක්. ඒ වගේ එව්වා කියවන්න කැමති කට්ටිය එන්න.මේ සිද්ධි මාලාවම සිද්ධ වුනේ අර කොටි හපුවා පිරබාහරන් හිටපු කාලෙ. මතකද ඒ කාලෙ දිගට හරහට බස්වල කෝච්චිවල ඩෝං ඩෝං ගාලා බෝම්බ පත්තු වුණා. ගෙදරින් ගිය මිනිහා හවස ගෙදර එයිද කියලා විශ්වාසයක් නොතිබ්බ කාලයක් ඒක. අපේ රණවිරුවන්ට පිංසිද්ධ වෙන්න ඒ කරදර දැන් නම් නෑ. මේ සිද්ධි ...
නත්තල් කන්නේ කොහොමද? හරීගේ හීනලන්තය පාසල් මවගෙන් සමුගෙන බොහෝ කල් ගතවී තිබේ. එකල දැනසිටි බොහෝ මිතුරන් දැන් තාත්තලාය. දරුවන්ගේ වැඩකටයුතුත් රාජකාරී කටයුතුත් අතර හිරවී ඇති වැඩිහිටි ජීවිතය විරාමයකින් තොරව ඔහේ ගලායමින් තිබිණි. නමුත් හදිසියේ සියල්ල වෙනස් විය. ඇත්තෙන්ම මොහොතකට ලද විරාමයක් සියල්ල වෙනස් කළේය. හදිසියේම මාගේ පැරණි මිතුරන් කිහිපදෙනෙක් හමුවීමට, ඔවුන් සමඟ සල්ලාපයේ යෙදීමට හා උගුරක් තොල ගෑමට අවස්ථාව පෑදිණි. මෙදින කලකින් ලද විරාමයෙන් ප්‍රයෝජන ...
ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) හරීගේ හීනලන්තය එක්තරා ඉතිහාස කතාවක් කියන්ඩ යද්දි (මේක බ්ලොගයේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට පිළිතුරක්) මට තේරුනා ඒ ඉතිහාස කතාව හොඳින් තේරුම් ගන්න නම් ජේසුස් වහන්සේගේ ජීවිත කතාව දැනසිටීම හොඳ බව. ඉතින් ඒ ඉතිහාස කතාවට මූලාරම්භයක් විදිහට තමයි මේ කතාව කියන්නෙ. මේ කතාව කොටස් හතරයි.1. ජේසුස් වහන්සේගේ උපත2. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය3. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය4. ජේසුස් වහන්සේගේ මරණින් පසු ජීවිතය හා ...
පාප්තුමා හා මෝරා හරීගේ හීනලන්තය දවසක් උදේ පාන්දර පාප්තුමා මුහුදු වෙරළක ඇවිදිමින් හිටියා. ටිකකින් පාප්තුමා දැක්කෙ ඇස් අදහාගන්න බැරි දර්ශනයක්. එංගලන්ත රගර් ජර්සියක් ඇඳගෙන හිටපු මනුස්සයෙක්ව කන්න යනවා ලොකු මෝරෙක්. දත් විලිස්සාගත්තු මෝරා මිනිහාව හපනවා. ඒ මිනිහා පුළුවන් තරම් දඟලනවා බේරෙන්න. එහෙට දඟලනවා. මෙහෙට දඟලනවා. මූදෙ වතුරත් ලේ පාට වෙලා. පාප්තුමාට කරන්ඩ දෙයක් නැතුව දුකෙන් බලාගෙන හිටියා.මෙන්න එකපාරටම බෝට්ටුවක් කඩාගන බිඳගෙන යනවා මෝරා ඉන්න තැනට. ...
පුංචි පාන්පිටි මුදලාලි (Little wheat flour seller) හරීගේ හීනලන්තය ලොකු උන්ගේ වැඩ කරන්න පොඩි උන් හරිම මනාපය. බටු ඇට දෙකක් තරම් උස නැති කාලයේත් උන්ගේ සූදානම රට පෙරළන්නටය. එබඳු පොඩි උන් පොඩි පොඩි කඩවලට නම් ලොකු සම්පතක්ය. කඩේට කවුරුන් හෝ ආ විට ඌ දඟලන්ගේ වැඩිහිටියන්ට කලින් ගණුදෙනුව නිමකරන්නටය. ඉතින් සේවක වැටුප් ඉබේම ඉතිරිවේ. ටොපියකින් දෙකකින් අයිස් පැකට් එකකින් පොඩි එකා සැනසිය හැක. හැබැයි කවුරුත් නැතිවෙලේ හොරෙන් කඩේ සුද්ද කර ...
ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස හරීගේ හීනලන්තය අපි තාමත් ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කියවලා ඉවර නැති බව කට්ටියට මතකද මන්දා? මතකනෙ මම මුලින්ම ජේසුස් වහන්සේගේ උත්පත්තිය ගැන කිව්වා. මෙතනින් ගියොත් ඒ ලිපිය කියවන්න පුළුවන් වේවි. ඊළඟට ජේසුස් වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරපු හැටි කිව්වා. ඒ කතාවෙදිනෙ අර මසුන් වැඩි කිරීමේ ප්රාතිහාර්යය ගැනත් පියතුමෙක් පේදුරුතුමාගේ මාළු කන්න ගිහින් වෙල් බට්ටො කාපු හැටි ගැනත් කිව්වෙ. ඒ කතාව බලන්න පුළුවන් ...
ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්නෙ ප්‍රසිද්ධ ජීවිතය ගැන හරීගේ හීනලන්තය කලින් කතාව අපි නැවැත්තුවෙ ජේසුස් වහන්සේ දේව මාළිගාවෙදි නැතිවෙලා ආයෙ හම්බුනාට පස්සෙනෙ. කලින් කතාවෙදි ප්‍රතිචාර දක්වපු බොහෝදෙනෙක් කිව්වා වගේ ජේසුස් වහන්සේගේ ජීවිත කතාවේ අවුරුදු 12ත් 30ත් අතර කාලය පිළිබඳව බයිබලයේ සඳහනක් නෑ. අද තමයි කතාවෙ දෙවෙනි කොටස. ඉතින් ඒක පටන් ගනිද්දිම ජේසුස් වහන්සේට වයස අවුරුදු 30ක් වෙන්නෙ ඒ නිසාමයි. ඔන්න මඟ හැරිච්ච කෙනෙකුට පුළුවන් පළමු කොටස කියවලාම ආරම්භයක් ගන්න. මතකනෙ ...
world cup 2011 Pepsi ඇඩ් ටික බලමු... හරීගේ හීනලන්තය මේ මාලිංගගේ ඇඩ් එක..මේ ඩිල්ශාන්ගේ ඇඩ් එක..මේ දෝනිගේ ඇඩ් එක..මේ බිලී බව්ඩන්ගේ ඇඩ් එක..මේ පීටර්සන්ගේ ඇඩ් එක..මේ ශෙවග්ගේ ඇඩ් එක..මේ හර්භජන්ගේ ඇඩ් එක..මේ සකිබුල්ගේ ඇඩ් එක..ඇඩ් බලලා නිකං ඉඳපල්ලා..තිබහනම් වතුර හරි ලංකාවේ දෙයක් හරි බීපල්ලා..-හරී- ...