෴විඟහින් එන්න - කාලය සීමිතයි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සමහරු සමුගන්නේ , ඉක්මනින් ආපහු එන්න බලාන. ඒත් තවත් සමහරු සමුගන්නේ ආපහු නේන බව වත් නොකියා ම. තවත්ඇතැමෙක් සමුගන්නේ සමුනොගෙනම බැරි කමට. මේ කිසිමෙහෙකට අහුනොවෙන තවත් අයෙක් සමුගන්නේ කිසිම කෙනෙක් නොහිතන විදිහකට.ඔය කොයි කවුරු , කොයි විදිහට සමුගත්තත් , සොඳුරුට තිබ්බ බොහොම නරක පුරුද්දක් තමයි “ ආපහු එයි “ කියලා බලාන ඉන්නෙක.තරු මල් විසිරුණු අහසේ එක තරුවක් අඩු වෙලාදුක උහුලනු ...
෴ ඇයි / Why ? ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සීතල නිල් දිය රැලි පිරි විලක පිපුන නිල් නෙළුමක්විලත් නොදැන කෙනෙක් ඇවිත්නෙලන් යන්නෙ ඇයි ?දහසක් ආදර කවි වැල්උණුසුම් රාගිත ඇරයුම්සඳට කළත් සඳ අහසෙමනතර වෙලා ඇයි ?කෙත් වතු බිම් සාර කරන්මල් පලතුරු පුබුදු කරන්ගලාන යන ඟග මුහුදින්නතර වෙන්නෙ ඇයි ?දුකට හඬන්නට කඳුළුත්හිසට උරහිසක් ගෙන දුන්මට මේ හැටි ආදරෙ නුඹදුරින් ඉන්නෙ ඇයි ?Why me ?Please don't sayI don't know why . ඇයි ...
( මළ )ඡන්දදායකුගේ සිතුවිලි -------------------------- සොඳුරු සිත ( Beautiful Mind ) (මළ) ඡන්දදායකුගේ සිතුවිලි--------------------------පින්තූරය - ශෙහාන් ගුණසේකර පිහිපාරවල් වගේ ,අපිට අපි ගැනම දුක හිතෙන පින්තූර බලන්න ඕනි ද ? මෙන්න පාර “අපි ගැන හිතන අය““ඔබගේ සඳයි මේ මම““මනුසත්කමේ උරුමය““ගුරු පඬුරු පුද දෙන්න කාලය““රටට කෙරුවට යුද්ධය“බිත්ති වල එල්ලෙනසැණෙන් දවසින් ගැලවෙනලස්සන වදන් වලසැඟවී විදියි ඊතලමෙන්න මගෙ අංකයඔබෙ යුතුකම “මනාපය“දෙන්න මට එය හෙටමම කරනවා ඔබට හොඳටමරට රැකපු විරුවන්සොදුරු ගුරුවරයන්දැන උගත් මිතුරන්මඬේ ලඟිමින් කරයි සරදම්උතුරටත් ...
෴ ආපසු හැරෙමි / My divergence ෴ සොඳුරු සිත ( Beautiful Mind ) වෙනදාටත් වඩා , පාළුව මට දැනෙනවා ඝන කළුවර ඇවිදින් ,මයෙ ඇහැට අනිනවා රැහැයියෙක් මූසල , හිත පහුරු ගානවා නුඹ දුන්න කඳුළක් , තරුවක් ව දිලෙනවා ඉවර නැහැ තවත් , ගොඩක් දේ තියෙනවා තිතක් නොතබාම , මම ඉතින් හැරෙනවා ආදරෙයි හැමදාම , කවුරුදෝ කියනවාආපසු හැරුනමම෴ සොසී ෴ ප:ලි:-සැමදා මත් , මම ලියන දෙය ඉංග්‍රීසි බසින් මාතෘකාවට කැටි කරන රවි අයියාට ස්තූතියි. ...
මගේ උපන් දිනය / My Birthday සොඳුරු සිත ( Beautiful Mind ) මගේ උපන් දිනයහීන් හිරිපොද වැස්සේ චුරු චුරුව කසාඳ බැන්ද ගැහැණියකගේ චුරු චුරුවෙන් වෙනසක් නැතිවා මෙනි. නවතින හැඩක් හෝ වැඩි වන හැඩක් නැත.ඒ කිසිත් ගනන් නොගත් පුංචි නැටුම් කුරුල්ලෙකුගේ මිහිරි ගීයක් ඈතින් ඇසෙයි.එය එකම ස්වරයේ විවිධ පරාසන් විය හැකි බැව් අඩනින්දෙන්ම මට සිතුනි. ඇලයට හැරී නින්ද ගොස් සිටි නිසා යන්තමින් හිරි වැටී තිබුනු දකුණත ඔසවා වමතින් පිරිමැද , නැවතත් අනිත් ඇලයට ...
තැපෑලෙන් ලියුමක් , කතන්දරගෙන් කෝල් එකක්.... සොඳුරු සිත ( Beautiful Mind ) තැපෑලෙන් ලියුමක් ,කතන්දරගෙන් කෝල් එකක්.............. ජීවීතය කියන්නේ , බලාපොරොත්තු කන්දරාවක්. පුංචි අවදියේ ඉදන් තියෙන බලාපොරොත්තු වයසින් වැඩෙත්ම වෙනස් වෙනවා. සමහර දේ ඉෂ්ඨ වෙනවා. තවත් සමහර දේ බිදිල ඉරිතලල යනවා. තවත් කිහිපයක් කවදාවත් ලඟා කර ගන්න බැරි තරම් ඈතට යනවා.මගේ ජීවිතේ බලාපොරොත්තු වැඩිහරිය කණ ළඟින්ම ඈතට යද්දි. මම කරේ තියෙන බලාපොරොත්තු අතෑරිය එක සහ අලුත් බලාපොරොත්තු ඇති කර නොගත්තෙක. ඒක සිතට ...
යසෝදරා සොඳුරු සිත ( Beautiful Mind ) යසෝදරා මේ ළඟ දි දවසක අහම්බයෙන් මම ගමට ගියා. ඒ වෙලාවෙ දි මට හමුවුනා මයෙ යාළුවෙක්ගෙ පාසල් කාලයේ පෙම්වතියක්.....ඉතින් . . . . මේ ඇය ගැනයි . . . .යසෝදරාවක් වෙන්නට සිටිඇය මතකද නුඹටඅහම්බයෙන්ළඟ දවසකමුණ ගැහැනා මට දනුඹ ගැනනුඹෙ යහගුණ ගැනගුණ ගැයුවා ඇය මනුඹෙ හැඩ නිලපෙර වාගෙ දඇසුවා හීනියටඇය ළඟ සුරැකිව තිබුනාපැරණි රුවක් නුඹගේපපුවට එය තුරුළු කරන්හිනා වුනා එයාමම දැක්කාඇය ...
෴ භුත බංගලාව 2 කොටස -(ළමා කතාවකි) ෴ සොඳුරු සිත ( Beautiful Mind ) පළමු කොටස කියෙව්වෙ නැතිනම් කියවලම එන්න. " පැනපන් " අයියාගේත් මල්ලීගේත් කල්පිත ලෝකය බිඳ හෙළු චණ්ඩි ,විධානය දුන්නේ ,බිදී ගිය වැටේ වූ මලකඩ කෑ කටු කම්බි පේලි දෙකක් ඈත් කරම්න්ය.“ පොඩි එකා . . . උඹ ඉස්සෙල්ලා පැනහන් ““ ඉහි ඉහි . . . . මට බෑ .මට බෑ බෑමයි ““ආහ් . . . ! ! ! ඒකත් එහෙම ...
෴ නිහඬයි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) හමන මද නල නැවතිලා ගහ කොළද ඇත අවනත වෙලාවිහඟ ගී අමතක වෙලාසමණළ රෑන තටු නොම සලාවිල දිය ද රැළි නොම නඟයිතණකොළ පවා නොසැලී හිදියිකුහුඹු මැසි මදුරුවන් මේ සැමවුන් තැනම ගොළු වී හිදියිගසින් වැටෙනා කොළ පවා ඇත නැවතිලා නොවැටී දරාළපටි දරුවකු හඬන්නට ගොස්ඇතේ තාමත් මුව අයානිහඬ නිසසල බව දරන්මොහොතකට මුළු ලොව සිල් අරන්නමුදු ගවු බොහො දුර ඉදන්නුඹෙ නිහඬ හඬ ඇසුමට සවන්නිහඬ ...
෴ පිළිකුළ ෴ සොඳුරු සිත ( Beautiful Mind ) පසුතැවීම තරම් මිනිසාට ලැබී ඇති වෙනත් දඬුවමක් නොමැති විත්තිය , පසුතැවීම උරුමකරගත් එකියක ලෙස අද මා අත්දකින සත්‍යයකි. නොපහන් බවත් , නොපනත් කමත් , දැඩි පිළිකුළත් තමා විසින්ම තමා වෙතම එල්ල වෙද්දී , ජීවත් වීම තරම් විදවීමක් ද නැත්තේය.තමා අකැමැතිම , පිළිකුල්දායකම යමක් , තමා සමඟ යන යන තැන රැගෙන යැමට සිදු වීමත්, ශරිරය ඉතාම කුඩාම අංශුව තෙක් විශ්ලේශණය කළද ...
෴ ප්‍රාර්ථනා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) නිල් කඳුකර මැදින් ගලනා දිය සිසිල නොකලැල් මුව ඇසින් වෑහෙන මෘදු සිසිල පා නොතැබූ බිමක කුළුදුල් පිනි සිසිල පැතුවේ ඇයි ද මා නුඹ ගේ සිත සිසිල බෝ මළුවේ සිසිල පහනින් නොනිමෙන්න ගං දිය සිසිල සැඩ පහරින් නොසැලෙන්න තණපත් සිසිල හිරු කිරණින් නොමැකෙන්න මා හද සිසිල නුඹටම සිසිලක් වෙන්න ගිනි ගත් සිසිල මෙන් දිවි මඟ නොපෙනෙන්න යන මඟ දාහ නිම වී සිසිලක් වෙන්න ගිනිගත් සසර කෙළවරකදි හමුවෙන්න හද සිසිලසින් ...
මතක කළලය සොඳුරු සිත ( Beautiful Mind ) “ සෝමසිරි සර් ගෙ පන්තියට ඊයෙ අලුතින් ළමෙක් ආවා. “උදෑසන පැමිණිමේ ලේඛනයේ අත්සන සටහන් කර ආපසු හැරෙත්ම නවක තරුණ ගුවරියක වූ සුවේනි පැවසුවා ය.“ ආහ් , ඇත්තෙයි , ඒත් මේ වාරේ මැද ? ““ ඔවු සර්. . .ඒ ළමයගෙ තාත්තා හරි අම්ම හරි වැඩ කරන්නේ පොලිසියෙ ලු. හදිසියෙම මාරුවක් හම්බෙලා. කොහෙදේ ගොඩාක් දුරක ඉදන් ඇවිත් තියෙන්නේ ““ හැබෑ ද ? ...
මගේ සිනාව සොඳුරු සිත ( Beautiful Mind ) මගේ කෙටි කවි :- අඬන දොඩන සිත නවතා මොහොතක් නුඹ ගාව සිනා පොදක් ඇන්දා නුඹ මගේ දෙනෙත් ගාව සලන නෙතු පියන් අස්සෙන්ගියත් දුරකදාකඇන්ද සිනා මැකී නොයයිමතකය නුඹ ගාව ...
෴ නාකි හුරතලේ ෴ සොඳුරු සිත ( Beautiful Mind ) හුරතලේ කීව ගමන් මතක් වෙන්නේ , පුංචි මල් වගේ සුරතල් දරුවෝ. බිමින් තියන්න බැරි ,ඒත් බිමින් තියල අමතක කරල දාන්න වෙන පුංචි කාලේ , එහෙම මඟ දාලා ආවාට මහ මිනිස්සු උනාට පස්සෙත් හිත යට ගුලි වෙලා ඉන්න හුරතල් වෙන්න ආස කරන පොඩි එකා විටින් විට මතු වෙන්නේ අපිත් දන්නෙ නැතිව. පුංචි දරුවන් වගේම වයස් බේදයක් නැතිව ගැහැණු අයත් සුරතල් වෙනේක ...
෴ ගින්න/ Fire තෙවන කොටස ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ගින්න/ Fire ෴ තෙවන කොටසමෙතෙක් කතාව ලිලිනා ,මැදිවියේ සුන්දර ගැහැණියක්. ඇය පොලිසියේ පසුවන්නේ ඇය ගේ නිවසේ දී ගිනිතබා ගෙන හෝ යමෙක් ගිනිතියා දැමූ නිසාඅසාධ්ය තත්ත්වයේ රෝහලේ පසුවන මැදිවයේ මිනිසකු ගැන කට උත්තරයක් දිමටයි.ගින්න නිසා මිනිසා පිලිස්සි සිටිය ද, ලිලිනාගේ හදවතේ තුවාල දරුණු වන්නේඅතීතය නැමැති ගින්න විසින් පුළුස්සා දමනු ලදුව අළු මතින් නැගී සිටින ගිනි පුළුඟුඇගේ හදවත දවන නිසයි.පිළිස්සුනු ...
ආදර ප්‍රදී 12 සොඳුරු සිත ( Beautiful Mind ) කලින් කොටසට මෙතනින් යන්නආදර ප්‍රදී - 12අගෝස්තුවේ අවසාන සතියේ පැමිණි ලිපියකි. ලිපියේ පිටත අකුරින්ම ඒ ප්‍රදීගේ ලිපියක් බැව් දැන ගත් මීෂාට එතුල වූ දෑ කියවීමට ඇති වූයේ නොඉවසිල්ලකි.එය ඉතා ශෝකජනක කෙටි ලිපියක් විය. ලිපිය කියවා හමාර වනවාත් සමඟින්ම තෙත් වන දෑස කොතරම් වෙහෙස ගත්තත් වලක්වා ගැනීමට මීෂාට නොහැකි විය.ප්‍රදී මානසික රෝගියෙකු බවට පත් කරන්නට ඇත්තේ ඇගේ නෑයින් විසින් වන්නට ඇති ...
සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුනු පොත් කවිය සොඳුරු සිත ( Beautiful Mind ) සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුනු පොත් කවිය ලැබුවේ සැප්තම්බරය පොත් විකිණෙන මාසේපොත් මොක වෙතත් සමහරු පෙරලන මාසේගියවර ගෙනා පොත් තාමත් රාක්කයේමාසේ පඩිය කඩදහි වුනු සාස්තරේලිස්ට් හදලා අරහෙ මෙහෙන් රිංගන්නපොත් මිටියක් අරන් පින්තූරෙත් ගන්නසැනින් එසැනින් වත් පොත වෙත අමුණන්නමම ගත්තා මෙවර මේවා පෙන්වන්නගියවර මාත් පොත් ගත්තා තැනින් තැනින්කියවූවා ටිකක් තව පොත් නම් එහෙන් මෙහෙන්මේ වර අනේ පොත් ගන්නට නැතේ වරම්එනමුදු එනවා පොත් ...
නිහඩ වූ චමරිය 2 සොඳුරු සිත ( Beautiful Mind ) නිහඩ වූ චමරිය 2කලකට පසුව පැමිණි රජයේ නිවාඩු දිනයක් වූ එදිනසෙති මැදට වැටී තිබීම නිසා චමරියේ කොලු නඩය එය සැමරීම වස් සූදානම් වන බවක් පෙනී යන්නට විය. එවැනි දිනක ඔවුන් අවදි වන්නේ මහපාන්දර දහයත් පසු වීය . ඉන් පසු අවට නිවෙස් වල වහලවල් වලට බෝල පාස් කරමින් හයේ හතරේ පහරවල් වලට පොඩි දරුවන් මෙන් කෑගසමින් ක්‍රිකට් සෙල්ලම් කරයි.සවස තුන හතර ...
෴ සරා සඳ ට ෴ සොඳුරු සිත ( Beautiful Mind ) අන්ධකාරයටම හුරු වූ ඇගේ දෑස , කෑලි කැපිය හැකි ඝන අඳුර විනිවිද යවන්නට වූවාය. නිවසේ විදුලි පහන් නිවා දමා , කළුවරේම දොරකඩ පඩිපෙළේ , උඩම පඩියේ වාඩි වී සිටින ඇය , රිදුම් දෙන දණහිස් වලට අත තබා කකුල් දිගු කරේ සිහින් සුසුමක් ද පිට කරමිනි.එයටම තාල අල්ලන්ට මෙන් “ටකස්“ හඬින් බිදී ගිය දණිස් ඇටය , දහවල් කාලය පුරාම ඇය කළ ...
෴ ආදරේ තරම් හෙවත් නොදැකපු ආලය/ Unseen Love ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ආදරේ තරම් හෙවත් නොදැකපු ආලය/ Unseen Love ෴මුහුද තරම් අහස තරම් වැලි කැට තරු යාය තරම්ආදරයක් මනිනු හැකිදමා සිත නුඹ දන්න තරම්හිමිකම් නැහැ ඉල්ලන්නේවගතුග නැහැ මම දන්නේනුඹ නුඹ වී සිටි හින්දයිමේ තරමට පෙම් බැන්දේකියන කතා ආල නුරාමට පමණක් නොවන නිසාසිත නැහැ තරහක් කිසිදිනනුඹ මා සිත රකින තුරාකියන වදන් සවන පුරාහද සිප සනසවන යුරාළඟ නැති නුඹ තුන්තිස් පැයමා සිත තුල ...