ස්තූතියි සයිමන් සොඳුරු සිත ( Beautiful Mind ) තේරුම් ගන්න බැරි ගෑනු :-“වෙනස් වෙනවා ඔයා.......තප්පරෙන් තප්පරේට හරියට අහස වගේ. අහස තව හොඳ වැඩියි.හරියට මුහුද වගේ.කොයි වෙලේ මහ රැළ්ලක් එයි ද කියලා කියන්න බැහැ.“ “ ම් ම් ම් . . . . . අනෙ මන් දා “ “ දැන් හිනා වෙලා හරි ආදරයෙන් ඉන්න ඔයා , මම අර එහා බංකුවෙ ඉන්න මනුස්සය දිහා බලල මේ පැත්ත බලන ටිකට වෙනස් ...
මගේ මළ ගම දා සොඳුරු සිත ( Beautiful Mind ) හොඳට පොලිශ් කරපු ඇත් දළ ජෝඩුවසැපට කුෂන් කරපු ගණන් වැඩි මිනී දෙණඑපා අම්මෙ මටමුදල් හිඟ නොවෙ දඅඩා වැලපෙන නුඹේඅසනීප වැඩි වේවීතියා ගනු බෙහෙත් ගනුපිණිස ඕනෑ වේවිදුරකතන පොත බලාමයෙ හෑන්ඩ් ෆෝනයේසැමටම කියා දෙන්නමගෙ මරණ පණිවිඩේමල් වඩම් සුදු පාටගෙනාවට කම් නැතේමගෙ දෙණ ගාවින්මසුවඳ විහිදනු ඇතේබැනර් කවි සෝක වැකිලියා එල්ලනු ඇතේඑපා දැක වැලපෙන්නසෝක වැකි හිත නැතේමතක බණ පොඩි නමටකියන්නට කියාපන්මගේ නම කොළේකත් ලියාලම ...
පැටලුම සොඳුරු සිත ( Beautiful Mind ) ලිහා ගන්නට පැටලුමක් නැති මුත් දිහා බැලුවම පැටෙලෙනව මගෙ නෙත් දමා යන්නට නොහැකි මට නුඹ වත් දරා ඉමු අපි සෙනෙහෙ සිත සිරිමත්ගෙවී යන දින දිනේ වී වියපත්මැවී නොපෙනී යාවි දෝ නුඹ නෙත්සදා ඉදිනට පෙම්වතුන් වී වත්මැකී යන්නට එපා මතකෙන් මත් ...
සමාවෙන්න මට සොඳුරු සිත ( Beautiful Mind ) ================සමාවෙන්න මට=============මුහුදේ රැළි ගැනලා යන එන අය බලලාකඩල ගොටුම කියක් නුඹ ඉවර කළාදආයෙත් නම් පමා වෙන්නේනැහැ මම ඔන්නඅරහෙ මෙහේ දුවලාහෙම්බත් බව දැනිලානුඹේ දෑස ක්ෂිතිජ ඉමේ නතර උනා දආයෙත් නම් පමා වෙන්නේනැහැ මම ඔන්නසරුංගලේ බැදලා පණිවිඩයක් එවුවාඅහස දිහා බලපු නුඹ ට එය ලැබුනා දආයෙත් නම් පමා වෙන්නේනැහැ මම ඔන්නඔරලෝසුබ බලලා තප්පර පැය ගැනලාඔරලෝසුවේ මගේ සිනා වත පෙනුනා දආයෙත් නම් පමා වෙන්නෙ ...
කොහේ ගියත් නුඹ සතුටින් තබනු ඇතී සොඳුරු සිත ( Beautiful Mind ) කොහේ ගියත් නුඹ සතුටින් තබනු ඇතීසරා සඳ ලෙසින් පිපිලා හිතක් තුලපුරා මාස ගණනක් සිටියා නොවෙ දඅරා මා ලැමැද උණුසුම් සුව පහසදැනේ තාම මට නුඹ සිටිනා විලසබොහෝ අහඹු ලෙස හමුවී කතා කළේනුඹේ හිත ගාව ඇයි දෝ නතර වුනේලියා තබා වෙන්වන බව සපථ කලේදිනේ ළඟම බව ඇයි දෝ නොම දැනුනේතබා දෙතොල සිප සනසා මගේ වතඋලා රැවුල් කොට දනවා මගේ හිතබොහෝ කොටම පෙම් ...
මකුළු දැලයි - සමණළයයි / Always Gets Stuck In The Wrong Net සොඳුරු සිත ( Beautiful Mind ) මකුළු දැලයි - සමණළයයිAlways Gets Stuck In The Wrong Net මුළු පරිසරයම නිහඩයි.. . . . .. නිහඬයි කියන්නමත් බැහැ.රැහැයියෙක්ගෙ නොනවතින විලාපය ඇහුනත් පරිසරය නිහඬයි කියල මයි හිතෙන්නේ.මොකද මේ පරිසරේ රැහැයියගෙ තාලෙට තියන විලාපය උනත් පරිසරයෙම කොටසක් නිසා.දවස් දෙක තුනක් එක දිගට , පොළවට රිදෙන්න වැස්සම නම් රැහැයි හඬට තාල අල්ලන තවත් බොහොම අය උන්නත්, පොළව බදාගන්න නොඉවසිල්ලෙන් එන වැහි ...
මනාලයා සොඳුරු සිත ( Beautiful Mind ) මනාලයාසෙනඟ සූ ගාලා.වෙනදට මුලු බස් එකටම ඉන්නේ ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි හැරුනම මඟීන් පස්හය දෙනෙක් විතරයි.බස් එකේ පාපුවරුවෙ හිටිය සෙනඟ දැක්ක අනුත්තරා බස් එකට ගොඩ වෙන බලාපොරොත්තුව අතෑරගෙන ද කොහෙ ද බස් රථයෙන් එහාට වෙනව දැකපු කොන්දොස්තර කොලුවා." එන්න එන්න . . . කොහොම හරි නගින්න. මෙයාල මගින් බහිනවා. නගින්න නගින්න . කෝ අයිසෙ ඉස්සරහට යනවකො. කොච්චර ඉඩ තියනව ද? හැමදාම යන ...
ළඟින් ඉන්න එන්න..........Stay With me සොඳුරු සිත ( Beautiful Mind ) ළඟින් ඉන්න එන්නනුඹ මට හරි දුරයි හරියට නිල් අහස වගේවිටක දි මා තෙමනාවැහි අරගෙන එනව වගේවිටකදි පිපෙන මලටහිරු කිරණක් දෙනව වගේතව විටකදි මැලවෙන මාමුවා කරන හෙවන වගේආදරයෙන් නුඹ මා සිත දුර ඉදගෙන සැනසූවත්නෙත ඉනු කඳුළු පොදක්සුළඟ එවා පිස දැමුවත්ළඟ ඉදගෙන උණුසුමවිඳින සිහින සිත ගාවත්දුර මිස ළඟට නොඑනනුඹ මට මොකට ද තාමත්නේද ?බැරි දේවල් ඉල්ලන් නැතිමම෴ සොසී෴ ...
අටවක සඳ සොඳුරු සිත ( Beautiful Mind ) අටවක සඳ“ මෙන්න මේක සඳා අක්ක දෙන්නෙයි කීවා “හෑනඩ් බ්රේක් ඇද , ගස්සා නවතා ගත් සෙල්ලම් වාහනයේ සිටම , නිල් පැහැති පාසල් කොට කලිසමේ සාක්කුවෙන් ඉවතට ඇද ගත් දෙකට තුනට නමන ලද ඇක්සයිස් පොතකින් ඉරා ගන්නා ලද කොළයක් වසන්ත වෙත පාමින් ජයසිරි වසන්තගේ මුහුණ දෙසම බලාගත් වනම සිටින්නට විය. “ ගන්න ගන්න මට පරක්කු වෙනවා බන් අයියේ , අද උත්තර ...
- සමණල් සිහිනය - සොඳුරු සිත ( Beautiful Mind ) ඇය හරිම ලස්සනයි. පුංචි සුරංගනාවියක් වගේ. ඒ තොල් පෙති ඒ තරම් රෝස පාට වුනේ කොහොම ද කියලා හිතා ගන්නවත් බැරි වුනා.ඇය මා ඉදිරියේ හිටගෙන හිටියෙ හරි සීරුවට. තෙල් ගාලා ගොතපු කොණ්ඩ කැරලි දෙක දික් වුනේ යන්තම් උරහිස ගාවට විතරයි. “ ළඟ දි ද කොණ්ඩෙ වැව් වේ ? “ඇගෙ දිලිසෙන ඇස් දිහා බලාන මම ඇහුවෙ කතාව පටන් ගන්න කොණ්ඩ ගසත් හොඳ ...
බකාඩි සොඳුරු සිත ( Beautiful Mind ) බකාඩිබකාඩි බෝතලය හිස් වෙමින් ද අමුතුම හැඩයකින් යුතු ව ඔහුගේ සුරතට මැදිව තිබූ පැහැදිලි වීදුරුව පිරෙමින් ද තිබුණි.සිවිලිං විදුලි පංකාවේ පෙති මත වැදී විසි වෙන වාතයේ හඬ ද ඇසෙන තරමට සියල්ල නිහඩබවේම ගිලී තිබුන ද , කතා කිරීම සඳහා සැකසෙමින් නමුදු අපිළිවල ලෙස විසිරී තිබුනු වචන සහ අකුරු එකිනෙක ඇමිණෙමින් ඔහු අවට පොරකමින් සිටිනු ඇයට පෙනුනි.ඇය ආසා කරන ඒ සිහින් ...
අයන්නක හිරවුනු සිහින -Just a Dream සොඳුරු සිත ( Beautiful Mind ) අයන්නක හිරවුනු සිහිනපාසල් කාලෙ මට තිබ්බෙ , බොහාම පුංචි බලාපොරොත්තු. විනෝදගමන්... සවාරි.... යහළු යෙහෙළි ගෙවල් වල යෑම් මගෙ දවස් අතරට ආවෙම නැහැ. කවියක් , කතාවක් ලියා ගන්න බැරි වුනේ, හාමදාම මගෙ රචනා වලට සිංහල ටීචර් දුන්න අඩු ලකුණු නිසා. විද්‍යාව ගණිතය වැඩි ලකුණු ගනිද්දි ඒ පැත්තටම පාවුනේ ගණිතය ටීචර්ගෙ කරුණාව නිසාම ද මන්දා..... ඒත් දැන්.............බොහෝ දේ වෙනස් වෙලා.පුංචි කුරුල්ලන්ට ළං ...
අපූරු සමුගැන්ම සොඳුරු සිත ( Beautiful Mind ) අපුරු සමුගැන්ම" අද ප්‍රමාදයි " " අද ග්‍රවුන්ඩ් එකේ මොකක් දෝ රැළික්. ට්‍රැෆික් එක , ඉක්මනට යන්නත් ඕනි . . . . නැති නම් රෑ වෙයි " " දැන් එන්නෙ හිත කැමැත්තෙන් නෙමෙයි වගේ "" ඔවු. . . . වැඩි කල් එන්න ලැබෙනෙකක් නැහැ "" ඒ මොක ද ? කෝ කෝ ...... මෙතනින් ඔළුව තියා ගන්න "" හ්ම් .......... හරි ...
නුඹට පුදමි - Dedicated To You සොඳුරු සිත ( Beautiful Mind ) නුඹට පුදමි Dedicated To You෴නිරුත්තර වුනිදෙපය පැකිළුණිගතම සලිතව නැවතුනාදකින විට නුඹගෙල බදා ගත්සිඟිත්තා මට පෑ සිනානුඹ ළඟින් තවසුරගනාවක් ඇගේ ගෑවීයන නියාදැනන් සිටියෙමිවෙදගිල්ල මුදුදැමූ බව පෙර කිවු නිසාදැනන් හිටියේ නැතේ මේ ලෙසවේදනාවක් දෙයි කියාකොහේ දෝ සිටකෙනෙක් ඇවිදින්කිනිස්සෙන් හද පැලු නියාදනිමි නුඹෙ පෙමඔවුන් මත්තෙයිබිඳක් වත් මේ මට එපාමතකෙයෙන් පමණක් නොවෙයි මංයන්න සිතුවෙමිදිවි පුදානුඹේ වරදක්හෙම නෙමෙයි තිංනෙතේ කඳුළක් දෙනු එපාපතමි සුබ සිරි අනාගතයක්මතක ...
බරුව සොඳුරු සිත ( Beautiful Mind ) බරුව “ මොකක් ද මනුස්සයෝ ඒ කළ වැඩේ “කන්තෝරු කාමරයේ නිස්කලංක බව එකවරම බිඳිමින් පැතිරී ගිය සලං: හඬ තුනී වීයන්නටත් මත්තෙන් සැප විධායක පුටුවේ වාඩි වී සිටි මැදිවියේ විධායක නිලධාරියා පුටුවෙන් පැන බිම විසිරී තිබූ බිඳී විසිරී ගිය වීදුරු බරුව දෙස බලා කෑගසන්නට වූයේ දෑස් ඉන් ඉවතට නොගනිමිනි. “ අනේ ................සර් දැක්කෙ නැහැ. අද වැදුනා ““ දැක්කෙ නැහැ . ...
බංකුව සොඳුරු සිත ( Beautiful Mind ) බංකුව " තරහෙයි . . . . .. ! ! ! " ඇස් දෙක පුංචි කරලා , ඔළුව ටිකක් පහත් කරලා , එකම බංකුවේ එහා කෙලවරේම වැටෙන්න ඔන්න මෙන්න වගේ වාඩි වෙලා ඉන්න එයාගෙන් මං ඇහුවා . . . .. . . .. . . හ්ම් ......... උත්තරේ මේකයි. “ කතා එපා , මටත් තියෙන්නෙ හිතක්, ඕනි වෙලාවට ළඟට ගන්නයි,එපා ...
විත්තිකාරී සොඳුරු සිත ( Beautiful Mind ) විත්තිකාරී“ ආහ් කෙල්ල ....... වෙඩින් එකත් අත ළඟම තියන් , අව්වෙ පිච්චි පිච්චි කොහෙ ද මේ යන්නේ ? “මුහුදු සුළඟට , ඇඟටම බදනා සුදු සාරිය එකතකින් ද , සුළං රැල්ලට අසුවී දගලමින් මුහුණටම වැටෙන අකීකරු කෙස් රොදවල් අනිත් අතින් ද හේකර ගනිමින් , යුහුසුළු ගමනක් යමින් සිටි අනූ මොහොතකට නවතන්නට ඒ හඩට හැකි විය.“ අනූ . . . මොක ද ...
ම යන්න ................ සොඳුරු සිත ( Beautiful Mind ) හැළුනු ම යන්න මම ගෙ මයන්න හැලිල තියෙද්දිඅහුලල ගෙනාවේ ඔයා මං ඒ මයන්න ආදරයෙන් ලගට ගද්දි මයන්නෙ ඇමිණිලා තිබ්බ ඔයන්න කුත් ඇවිත් තිබ්බ දැන් ඉතින් මයනු වලට මැදි වෙලා අලුත් අකුරකුත් තියෙද්දි මට කවදාවත් ආයෙත් මම වෙන්න බැරි වෙයි ද ?කරුණාකරලඔයාගේ ඔ යන්න අරන් ගිහින්මගෙ ම යන්න ගෙනත් දෙන්නම යන්න නැති මංසොඳුරු ...
෴ආදර පනිට්ටුව෴ සොඳුරු සිත ( Beautiful Mind ) ලියා පළ නොකල :- ෴ආදර පනිට්ටුව෴පතුලෙම .....ගැඹුරු අඩියෙම ...........වියළී සිඳුනුඅඳුරම පිරුණුහදවත් අඩියේ මඩවී තිබුනු තෙත ඇති තැනක සැඟවී තිබූ අවසන් සිතුවිල්ලත් අරන් ගිහින්නුඹෙ ආදර පනිට්ටුවෙන් ...
෴ ගමනක නිමාව / The Endpoint ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ගමනක නිමාව / The Endpoint ෴දිය පොඳක් නොව පිනි බිඳක්අහස නොව තරුවක ඉඩක් තෙත දැනෙන හදවත තැනක් මිස පැතුවෙ නැහැ ලොකු දෙයක් උපත :- 2009-09-18 විපත :- 2012-05-21෴ ආයුබෝවන් ෴සොඳුරු සිත ------//--------- ...