නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු සිහින දකින්නියකගේ අඩවිය යන්තම් හුස්ම ටිකක් ගන්න ටීචර් ට වෙලාව හම්බ උනේ දැන් තමයි.මතකනෙ , :) අපි දැන් පහ වසරේ..601.) ශරීරාංග602.) වාසස්ථාන603.) කැලණිය604.) වික්‍රමය605.) කොම්පෝස්ට්606.) මණ්ඩලය607.) ශිෂ්‍යයා608.) ගෞරවය609.) ප්‍රාණය610.) දෘඪ611.) දුර්ගන්ධය612.) කාර්යශූර613.) ආරම්භය614.) කළමනාකරු615.) විරෝධය616.) සම්පිණ්ඩිත617.) මාතෘකාව618.) ව්‍යර්ථ619.) පංචාස්‍රය620.) ද්රව්යපළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි ...
මම තවම මහ ගෙදර... සිහින දකින්නියකගේ අඩවිය ඔබ නැතිව මම් තනිවහුදකලාවක ගෙවනතත්පරය කල්පයක්වගේ මට දැනෙනකොටමගේ ලඟ ඔබෙ සුසුම්වැදෙන බව දැනෙනකොටමට ඔබේ වී ඉන්නඉල්ලන්න හිතෙනකොටතාම ඔබ දුර ඈතකියා දුක හිතෙනකොටමොකට මේ ආදරේබැඳුණිදැයි හිතෙයි මට ...
මම වෙනම මලක් !!! සිහින දකින්නියකගේ අඩවිය වේදිකා නාට්‍ය බලන්නට නං මං ආසාය. ඒත් මම වෙනම මලක්, මම බලන්නට ගියේ මගේ ඕනෑ කමටම නොවේය. මූලිකම හේතුව නාට්‍ය නිෂ්පාදක නාලක ස්වර්ණතිලක මහතාගේ බිරින්දෑ මගේ කාර්යාලයීය මිතුරියක වීමය.කොහොම උනත් නාට්‍යය බලා ඇවිත් මේ ලිපිය ලියන්නේ නං මගේ උවමනාවටමය.මම වෙනම මලක් ඇත්තටම ලමා නාට්යයක්මය. මම එහෙම කියන්නේ නාලක මාධ්‍ය සාකච්ඡාවකදී එහෙම කියා තිබූ හින්දා නොවේය.මම වෙනම මලක්, මල් වැනි දරුවන් ...
කලබල මැද ආමී... සිහින දකින්නියකගේ අඩවිය කලකට පසුව පැමිණීනමුත් රැඳෙන්න නොහැකීබලා යන්නට ආමීහැම සතුටෙන්ය, සිතමීඅඟුරු සහ වතුර ගනිමීහැමවිට හැම'ත දුවමීනින්දද විටෙක අහිමීවිඩාවට නිම් නැතිවීදිනුම් කණුව යැයි සිතමීඒ කරා මම දුවමීඉඩක් ලද මොහොතකදීයළිත් එන්නට බලමී ...
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු සිහින දකින්නියකගේ අඩවිය පහ වසරේ වචන නම් තාම සෑහෙන පමණ හුරු පුරුදු වචන නේද? මේ එකක් වත් අමාරු වෙන්න නම් බෑ ....621.) රේඛාව622.) ශරීර ශක්තිය623.) දළඹුවා624.) යෝග්‍ය625.) පෘතුගීසි626.) විශ්වය627.) ඡායාරූපය628.) පරිවර්තනය629.) පෞද්ගලික630.) ඛනිජ තෙල්631.) උෂ්ණත්වය632.) දසන් පෙළ633.) මනුෂ්‍යයා634.) චන්ද්‍රයා635.) දිය දහර636.) සංචාරය637.) පවිත්‍රතාව638.) උද්‍යාන639.) විශ්‍රාම ශාලාව640.) මං සන්ධියපළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි ...
ස්තුතියි. සිහින දකින්නියකගේ අඩවිය මගේ ජීවිතයේ බොහෝ දේ "miss by කෙස් ගස්" වී ඇත.ශිෂ්‍යත්වය සමත් වී මා කොළඹ දෙවන ස්ථානයේ පාසලට තේරේ යැයි අම්මා සිතා සිටි නමුදු මම තේරුණේ එකල තුන්වන තැන ගත් පාසලටය. නමුත්, පාසලේ ඉතාම හොඳ ශිෂ්‍යාවක ලෙසින් නම් තැබීමට තරම් මම උත්සාහවත් සහ වාසනාවන්ත වීමි.අ.පො.ස. උ.පෙළ ප්‍රථිපල මට ලැබුණේ එක A අකුරක් B ලෙස මාරුවීය. A-3 නැති වූ මට අම්මාගේ සිහිනය ...
සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 8 ) සිහින දකින්නියකගේ අඩවිය අම්මාගේ රියදුරා වීමේ විපාක අනුව බොහෝ ඉරිදා දවස් වල අම්මාත් මමත් ටවුමට යනව ඔය ගෙදරට ඕනෙ කරන අනං මනං ටික අරන් එන්න.ඔහොම ගිය බොහෝ දවස් වලට අපි සුදාටත් මොනව හරි අරගෙන තමයි එන්නෙ.ඉතින් ඔහොම දවසක මම මෙයාට අර "POPIT" එකක් ගත්තා.ගෙදර ආවට පස්සෙ වැට ලඟට ඇවිත්,"සුදෝ...... ඔයා ඉන්නවද?....."කියල කතා කරල එහෙම අර POPIT එක දුන්නයි කියමුකො.සුදා දැන් හැරිල ගෙට යන ...
දෝණීගෙන් ... සිහින දකින්නියකගේ අඩවිය ජීවිතේ දුර ගමනකීඔබ සදා මා ළඟ උනීපිපෙන්නට පෙති වෙර දරද්දීහිරු කිරණ ලෙස ඔබ උනීමතක කවුළුව විවර වීනෙත'ඟ කඳුළක් සිර වුණීදහක් කවි ලිව් මගේ පෑනින්නුඹට කව් නොලිවුණු හැටී හෙටක් වෙන්නට කල් නොදීඅදම මම පැදි අමුණමීදුවක වී ඔබ ලඟ වැඩෙන්නටබොහෝ පින් මම් කර ඇතීඔබේ පා මුල වැඳ වැටීදුරස් වන දින ලඟ එතීකපටි හොර ගෙඩි ඔබේ දෝණීතාත්තා හැර යන හැටී ... ...
යෝජනාවට ප්‍රතිචාර !!! සිහින දකින්නියකගේ අඩවිය සුදු හංසිගේ ශෝකාලාපයක් අහල ටයිප් කරන්න ගත්ත උත්තරේ දිග වැඩි වෙච්ච නිසා, ඔන්න ඔහේ බ්ලොග් පෝස්ට් එකක්ම කලා.මේ මම හිතන/කරපු විදිහ: ;)1.) තමන්ගේ හිතට කැපෙන කෙනා තමන්ට ලැබෙන කං නොසැලී ඉන්න. එහෙම කෙනෙක් හැමෝටම ඉන්නවා. මේ මටත් හම්බ උනේ යන්තන් හැරමිට්ටෙන් යන්න ඔන්න මෙන්න තියල :). 2.) හම්බ වෙන්න ඕනෙයි කියනවනං හම්බ වෙන්න. කතා කරල බලන්න. සමහර වෙලාවට අපිට ...
මාමා... සිහින දකින්නියකගේ අඩවිය මගේ මාමා ගැන මතකය සුවිසල් එකක් නොවේ. කුඩා කාලයේදී ඔහු හා බැඳුණු මතකයක් මට ඇත්තේම නැත. මාමා මට පළමු වරට හොඳින් මතක හිටියේ මගේ පුංචීගේ මඟුල් දාය. මාමා අපේ අම්මාගේ නැන්දාගේ පුතාය. එහෙයින් ඔහු මගේ අම්මාගේ ඇවැස්ස මස්සිනාය. කෙසේ වුවත් මේ අක්කා නඟෝලා දෙදෙනාම තම ඇවැස්ස මස්සිනාට බහ දීමට අකමැති වූහ. හේතුව මට නම් අදටත් හිනා ...
මං ආදරෙයි !! සිහින දකින්නියකගේ අඩවිය පරණ කන් දෙකටඑකම එක වතාවක්වත් නොකියපු"මං ආදරෙයි!!!"අලුත් අඟට කී වතාවක් නං කියන්න ඇද්ද?අලුත් අඟේ පැටලෙන්න කලින්එකම එක වතාවක්වත්පරණ කන් දෙකට "මං ආදරෙයි!!!"කියන්න හිතුණා...මං ආ..................................දරෙයිඅම්මේ ! තාත්තේ ! ...
අපේ ලෝකය එකළු කෙරුමට, ඔබේ වීරිය දන්නෙමූ සිහින දකින්නියකගේ අඩවිය දුකේදී පිහිටට වඩින්නේදෙවිවරුය මිනිසුන් වෙතේඅපේ කඳුලට තැවෙන දෙවිවරුමව්පියොයි, වෙනකෙකු නොවේකොහේ කොතනක බෙල සිඳුන දාදෙමාපිය පාමුල වැටීදෑත් දුන් විට යළි නැගෙන්නටමව් ගුණය ලොව බැබළවීහිතේ සවි දී, අප පෙරට ලීඔබේ ගත සවි යයි බිඳීපුතුන් හට ඇති පෙම දිරිය වීපියවරුන් සවි තිර වෙතීඅපේ ලෝකය එකළු කෙරුමටඔබේ වීරිය දන්නෙමූඔබට නොපෙනී, ඔබට නොදැනීදිවා රෑ ඔබ නමඳිමූ ...
සීතල හිම රටේ .... සිහින දකින්නියකගේ අඩවිය හිම පියලි වැහි වැටෙනඋණුසුමක් නොම දැනෙනසීතලම හිම රටකතනිවෙන්න වෙලා මටඋදෑසන කුරුලු හඬනැගෙන හිරු හස රැල්ලඇත්තෙ ඇති නැති තරමනමුදු නැත අලසබවපා තබමි මාවතේදෑස් දිව යයි ඔහේපුලුන් කැටි වැටේමැයිඅතු බියෙන් නොසැලෙතේදෙපා මගෙ නතර වේතනිව හිනැහෙමි ඔහේමේ හිමේ, මඳ නලේතුහින මුව සිප ගතේපහන් කණු මත රැඳීපලිඟු බිඳෙතෙයි වැටීමා රැවටුනා සකීමිදුනු දිය, දිය වෙතීනැවුම් සුළඟින් පෙරීහුස්ම ළය පුරවතීහද පිරූ ඔබ නැතීඅඩුව ඇත, නැත පිරී ...
ඔබාගෙන ඔබාගෙන ගිය කැත... සිහින දකින්නියකගේ අඩවිය වෙච්ච අලකලංචි ටිකෙන් පස්සෙ හොම්බ බිම ඇනිල හිටිය මම ආයිත් පරණ පුරුදු විදිහට ටික ටික වැඩ කරන්න පටන් ගත්තා. ඒකෙ ප්‍රථිපලයක් විදිහට, මම දැන් ආයිත් මගේ පශ්චාත් උපාධියේ වැඩ කටයුතු කරන්නත් ගත්තයි කියමුකෝ.කොහොම කොහොම හරි මගේ මහත්තැන්, පංති ඉවර වෙලා මාව එක්කන් යන්න එනකං මම ඉතින් කොරන්නේ වඳුරු පැටිය වගේ ඔහේ වට පිටාවේ වෙන එකෝක දේවල් බලන් ඉන්න එක තමයි.ගිය ...
I see my God in you !! සිහින දකින්නියකගේ අඩවිය සිනහවට කඳුලකටමට තිබුණු අයිතියටඅත තියා මට නොදැනහිත මගේ හොරා ගෙනකරන තරමක් මගේ වැරදීහැමට ඇති ඉවසීම නොනැසීකරන විට සිහි විටෙන් විටදීමටම පුදුමයි මගේ දෙව්නීබැඳෙන තරමට හිතේ ආලේසතුට මෝරයි අපේ කාලේහෙටට ලබනා අලුත් දවසේඔබට සම්පත සතුට රජයේ ...
Error Correction in Coding Theory සහ ජන සන්නිවේදනය සිහින දකින්නියකගේ අඩවිය විද්‍යුත් සන්නිවේදනයේදී දත්ත ගමන් කරවන්නේ විදුලි සංඥා ආකාරයට.හිතන්නකෝ අපි විද්‍යුත් තපෑලෙන් ලිපියක් යැව්වා කියලා. අපිට මතුපිටින් ලිපියක් වගේ පෙනුනට; මේක ඇත්තටම දත්ත ගොන්නක් වයර් ඔස්සේ හෝ වෙන යම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කරන.ඉතින් මම මේ කියන්න හදන්නේ පරිගණක පාඩමක් නම් නෙවෙයි. මේ දත්ත නිවැරදිව සන්නිවේදකයාගේ සිට ග්රාහකයා දක්වා ගමන් කරවීමට යොදා ගෙන ඇති මූලික සිද්ධාන්ත අපේ සාමාන්‍ය ජීවිතයට අදාළ කර ගන්නේ ...
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු සිහින දකින්නියකගේ අඩවිය මේ වචන නම් අමාරු නැහැ නේද?541.) සොරොව්ව542.) සමුද්‍රය543.) අභ්‍යවකාශය544.) අර්ථාන්විත545.) දේශානුරාගය546.) කාලානුරූප547.) සාහිත්‍යය548.) සමූපකාරය549.) ප්රවෘත්ති550.) පුහුණුව551.) මත්ස්‍යයා552.) පිළිමතලාව553.) කල්‍යාණ554.) කුළුඳුල්555.) පාර්ශ්වය556.) ප්‍රදර්ශනය557.) නිෂ්පාදනය558.) වර්ගඵලය559.) ක්ෂිතිජය560.) අනුශාසකපළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි ...
ඔබ HUB එකක්ද? සිහින දකින්නියකගේ අඩවිය "Entreprise Web Architecture" කියන්නෙ අපේ මේ පශ්චාත් උපාධියේ තවත් එක් විෂයයක්.මුල්ම පාඩමේදීම මම තවත් ලස්සන අදහසක් ඉගෙන ගත්තා. අපේ පරිසරයේ විවිධ ජාල පද්ධති ( නෙට්වර්ක්ස් ) තියනවා. අන්තර්ජාලය විශාල ජාල පද්ධතියක්.ඒ වගේම තමයි අපේ ස්නායු පද්ධතිය. ඒකත් අති විශාල නෙට්වර්ක් එකක්. මේ හැම එකකටම වඩා අපිට ගොඩක් හුරු පුරුදු ජාල පද්ධතියක් තියනවා. ඒ තමයි මානව ජාල පද්ධතිය ( social network ...
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු සිහින දකින්නියකගේ අඩවිය කාලයකට පස්සෙ ආයිත් මුණ ගැහෙමු :)බලන්න මේ වචන මෙහෙමද ඕගොල්ලො ලියන්නෙ කියල.641.) විකාශනය642.) පුස්තකාලය643.) රැකියා ඇබෑර්තු644.) අනාරක්ෂිත645.) පාවිච්චිය646.) ඝන්ටාර නාදය647.) ප්රමුඛ648.) සම්බන්ධය649.) සාමූහික650.) අඛණ්ඩ651.) රිද්මයානුකූල652.) මාංශ භක්ෂක653.) හාස්‍යජනක654.) සරණාගත655.) කඳවුර656.) සුරක්ෂිත657.) ජාතිකාභිමානය658.) සුවිශේෂ659.) දේශගුණය670.) ගෘහයපළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි ...
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු සිහින දකින්නියකගේ අඩවිය 2012 ට පළමු පාඩම :)711.) සැණකෙළිය712.) සංකේතය713.) ළතැවිල්ල714.) දෘශ්‍යමාන715.) දෘෂ්ටිකෝණය716.) ගිනි පෙණෙල්ල717.) ජයග්‍රහණය718.) තණකොළ719.) පැකිළෙනවා720.) පැළකරනවා721.) කෙළවර/කෙරවල722.) කුසල/කුශල723.) කැළි කසල724.) සර්වඥ725.) කඩපිල/කඩපිළ726.) උණ ( රෝගය/ ගස් )727.) චතුරස්‍ර728.) ඝට්ටනය729.) ඤාණ / ඥානය730.) පරිහානියපළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි ...