30. කේ. ජයතිලක මහත්තයා, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා අතුරු කතා කිහිපයක් සිහි සටහන් කේ. ජයතිලක මහත්තයා සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට මට ඉඩ ලැබී ඇත්තේ ජීවිතයේ එක් වරක් පමණෙකි. ඒ මීට වසර පහළොවකට ඉහත දයාසේන ගුණසිංහ මහත්තයාගේ අවමඟුල් උත්සවය දාය. ලංකාදීප කර්තෘ සිරි රණසිංහයන් විසින් හඳුන්වා දෙනු ලැබීමෙන් පසුව ඔහු ටික වෙලාවක් කුළුපග සගයකු සේ මා සමඟ කතා බහ කළේය. සිංහල සාහිත්‍යාම්බරයෙහි පතාක යෝධයකු සේ නැඟී සිටින මේ දැවැන්ත මිනිසා සාමාන්‍ය ජීවිතයේදී කොයිතරම් ...
29. මහාචාර්ය මැන්දිස් රෝහණධීර නම් මිනිසා හා තවත් අතුරු කතා කිහිපයක් සිහි සටහන් මහැදුරු මැන්දිස් රෝහණධීරයන්ගේ වියෝව නැවත නො-අරඹන්නටම සිතා සිටි මේ බ්ලොග් එකට අළුතින් බ්ලොග් සටහනක් එක් කිරීමට මට උත්තේජයක් සපයා තිබේ. ඒ මේ මට නිහඬව නොසිටිය හැකි මොහොතක් නිසාය. දෙවනුව මේ ලිපිය පුවත්පතකට නොලිවිය හැකි ආකාරයේ එකක් නිසාය. එසේම මේ සටහන ඔහු ගැනම නොවන නිසාය. සිව්වනුව මවිසින් විනා අන් කිසිවකු විසින් නොලියැවෙන කොටසක්ද මේ සිහිසටහන් අහුරෙහි ඇති නිසාය. මහැදුරු රෝහණධීරයන්ගේ ...
28. ඇපල් ගෙඩි තුනක් උස නැති නමුත් මේ පුතා සිහි සටහන් ඇපල් ගෙඩි තුනක් උස නැති නමුත් මේ පුතා මහා බලගතුයි – කරන වැඩත් බෝ වෙතා මේ පැදිය තිබුණේ මා කුඩා කළ කියැවූ “ජගත් සුරංගනා කතා” පොතේ එක් කතාවකය. කතාව හරි හැටි සිහියට නඟා ගත නොහැකි වුවද, එය ලොකු වැඩ කරන පොඩ්ඩෙක් ගැන බව මතකය. 2007දී සුපුන් සුදාරක මා හැඳින ගන්නේ මලින්ත සමරකෝන් මාර්ගයෙනි. එවක දහසය හැවිරිදි සුදාරක රාජකීය විද්‍යාලයෙහි දහවන ...