21. ප්‍රේමදාස ඇතුළත්මුදලි මැරුවේද නැතොත් ඇතුළත්මුදලි ප්‍රේමදාස මැරුවේද? සිහි සටහන් මැයි 01, 1993 (මගේ සරසවි අවසන් වසර) රණසිංහ ප්‍රේමදාසගේ මරණයෙන් සනිටුහන් වූ භීෂණ යුගයේ අවසානය මා කෙතෙක් ප්රමෝදයට පත් කළේද යත් මම එවෙලේම මගේ ඉන්දීය සගයින්ට මධුපානෝත්සවයකට ඇරැයුම් කළෙමි. මට අවශ්‍ය වූයේ ඔවුන්ට ෂැම්පේන් අරන් දෙන්නටය. නමුත් ඔවුන්ගේ කැමැත්ත වූයේ … Continue reading → ...
a. අපි නොදන්න ‘නේම් ඩ්රොපිං’! සිහි සටහන් මේ සටහන මුලින් ලියන්නට හිතා හිටි එකක් නෙවෙයි. ඒ වගේම සිහි සටහන් වල කොටසකුත් නෙවෙයි. අපේ මිත්‍රයා කතන්දරකාරයා අද දාපු පොඩි කිණ්ඩියක් හින්දයි මේක ලියන්න හිතුනෙ. කතන්දරකාරයා හිතාගෙන ඉන්නෙ අපි ඔය ඉඳල හිටල දෙකයි දෙකේ පොරකගෙ නමක් සඳහන් කරන්නෙ ‘නේම් … Continue reading → ...
26. මඩකලපුවේ මහ ගංවතුරට බැස්සෙමි. සිහි සටහන් 2011 ජනවාරි 11 උදේ, සතුරුකොණ්ඩාල්, මඩකලපුව “මොකද කරන්නේ?” නිශාන්ත අසයි. මම නිහඬව සිටිමි. යමක් කීම පහසුය. එහෙත් මා නිවැරදි වීම හා නොවීම අතර දැවැන්ත වෙනසක් තිබියදී කිසිවක් නොකීම වඩා හොඳය. හාත්පස පරිසරය වචනයට නැඟීම උගහටය. අඳුරු අහස. නොකඩවා ඇද හැළෙන … Continue reading → ...
44. “මම මිනිහෙක් මැරුවා, චානුක සර්” හෙවත් සඳරු සමඟ දවසක් සිහි සටහන් “මම මිනිහෙක් මැරුවා චානුක සර්. මට පෙන්නන්න බැරි එකෙක්. මගේ තරහකාරයෙක්. අම්පාරෙ.” (මේකා මට තාමත් ‘චානුක සර්’ කියන්නේ පරණ පුරුද්දටය. ඇත්තටම දැන් එවැන්නක අවශ්‍යතාවයක් නැත. එහෙත් අප මුලින්ම හමුවූයේ ඔහු මීට බෙහෙවින් අඩු වයසකදීය.) මම පරෙස්සමෙන් වචන තෝරා ගනිමි. හයිලෙවල් පාරේ රිය පැදවීමත් මේකාගේ කතාවට කන් දීමත් එකවිට කළ යුතුව තියේ. Multitasking යනු අන්තර්වර්තිකයින්ට හෙවත් introvertsලාට කරන්ට අමාරුම වැඩකි. “මදි, ...
38. ජෝන් බාස්ගේ මිනීමැරුමේ සැඟවුණු අභිරහස සිහි සටහන් ෂර්ලොක් හෝම්ස් කුඩා කළ කියැවූ බොහෝ දරුවනට සේ මටද කාලයක් රහස් පරීක්ෂක උණක් වැළැඳී තිබුණේය. නමුත් මේ කතාවේ සඳහන් “ජෝන් බාස්ගේ මිනීමැරුම” මා දැන ගත්තේ වැඩිහිටියකු වශයෙනි. ලියන්නට දොස්තර වොට්සන් කෙනෙකු නැති නිසා මවිසින්ම ලියන මේ සටහන ඒ කතාවයි. මා මුල සිට පටන් ගත යුතුය. පාඨකයාට වෙහෙසකර වුවද ඉතාම අවැදගත් සේ පෙනෙන තොරතුරුද මා මෙහි එක් කරන්නේ ඒ නැතිව කතාව ...
40. ජනාධිපතිවරණය 2015 ජනවාරි 8 (දෙවැනි කොටස) සිහි සටහන් පළමු කොටස මෙතැනින් බලා එන්න. 2015 ජනාධිපතිවරණයේදී මා කිසිදු අපේක්ෂකයකුට ඡන්දය භාවිතා නොකිරීමේ කතාව කෙටියෙන් එතැනින් මෙතැනින් ලියා ඇතද, එහි දීර්ඝ අන්දරය කිව යුතුය සිතමි. මා කලින් කී පරිදි, 2014 අගෝස්තුවේ මැද හරියේ පටන් මා සිටියේ රැකියාවක් නැතිවය. විය යුතු පරිද්දෙන්ම, මගේ ප්‍රමුඛතාවය වුයේ හැකි ඉක්මණින් රැකියාවක් සොයා ගැන්මයි. එසේ වුවද සමහරවිට ඊට අවශ්‍ය තරම් අවධානය නොලැබෙන්ට ඇත. එසේම දීර්ඝ ...
31. කිංස්ලිලාව හයේ පන්තියේදී බස් පහකින් ග්‍රහලෝකාගාරය බලන්නට රැගෙන ගියේ සේනකය. සිහි සටහන් “දැන් ඉස්කෝලෙ වෙන දෙයක් නෑ” කිංස්ලි (කිංස්ලි රත්නායක – සිරස) වසර කිහිපයකට මත්තෙන් ආනන්දයේ මාධ්‍ය කවයේ හමුවකදී පොඩි චෝදනාවක් කළේය. “අපි හයේ පන්තියෙ ඉන්න කාලෙදි චානුක අයියලා කොයිතරම් දේවල් සංවිධානය කළාද? අපිව ග්‍රහලෝකාගාරය බලන්න එක්කගෙන ගියා. අපි එඩ්වින් ආරියදාසලා කාලෝ ෆොන්සේකලාගෙ දේශන අහලා කොයි තරම් දේවල් ඉගෙන ගත්තද? අද වෙනවද ඒ වගේ දේවල්?” “මාත් පැත්තකින් හිටියා තමයි…” මම ඔහුට බාධා ...
45. මරණයට සෙන්ටිමීටර දහයක් නුදුරින් සිහි සටහන් උදෑසන නවයයි. අපි යාපනයේ සිට මන්නාරම බලා යන බසයකට නඟිමු. යාපනයේ සිට මන්නාරමට දුර A32 මාර්ගයේ, සංගුප්පිඩි පාලම ඔස්සේ, පුනරින් හරහා කිලෝ මීටර 130 කි. පෙර සංචාරකයකු ඉන්ටර්නෙට්හි විස්තර කර තිබුණු හැටියට වළ ගොඩැලි සහිත පාරක වන මේ ගමන අවම වශයෙන් පැය තුනක් වත් ගනියි. “Let me take window seat. In case I get sick…” මම කියමි. ඔහු හිස සළා එකඟ ...
41. මිහිදන් කළ මතක හෙවත් මගේ උසස් පෙළ ප්ලේ-ලිස්ට් එක සිහි සටහන් මා සිහි සටහන් ආරම්භ කරන්නේම ස්වයං වාරණ කිහිපයක් පනවා ගනිමිනි. එයින් එකක් නම් මොනම හේතුවක් නිසා හෝ ජීවිතයේ වළලා දැමූ යම් පරිච්ඡේද කිහිපයක් ගැන සටහනක් නොකරන්ටය. තිස් වසක පමණ දීර්ඝ කාලයක් මා විශ්වාස කළේ මේ මතකයන්හි උපයෝගීතාවය ක්ෂයව ගොස් ඇති බවයි. තවදුරටත් ඒවා හෙළි කිරීම අර්ථ විරහිත බැව් මම තරයේ විශ්වාස කළෙමි. මේ පූර්ණ කාලය තිස්සේම මේ වැළලු මතක මගේ ...
42. මගේ පළමු පෙම්පත (My first love letter) සිහි සටහන් මා පළමු පෙම්පත ලියුවේ අට වැන්නේදීය. එකල මගේ වයස අවුරුදු දහ හතරකි. එය මා ඉන් පෙර හෝ ඉන් පසුව කෙදිනක හෝ මුණ නොගැසුණු සමවයස් යුවතියකට ආදරයෙන් පිරි නමනු ලැබිණි. අඩු ගණනේ එසේ වී යැයි ඇසීමි. ඔබට පහසුවෙන් සිතා ගත හැකි පරිදි සිද්ධිය මෙසේය. දින කිහිපයක්ම මට ඕනෑවටත් වඩා ඇගෑලුම්කමක් පෑ මිතුරකු අවසානයේ මා පසෙකට ගෙන ලජ්ජාවෙන් මෙන් සිය සිතැඟි ...
43. දුරු රටක වෙනස් මිනිසකු වීම හෙවත් මගේ සරසවි ප්ලේ-ලිස්ට් එක සිහි සටහන් “When your playlist changes, it’s not your playlist, it’s you who is in a transition.” “මගේ අනෙකා” (මීට වඩා ටිකක් වැඩිපුර වචන භාවිතා කොට) ලියා තිබුණේය. ඇත්ත. ඔබ වෙනස් වෙද්දී ඔබේ ප්ලේ ලිස්ට් එක වෙනස් වේ; අනෙක් පැත්තට නොවේ. මා භාරතයට යන්නේ ලංකාවෙන් ලබා ගත නුහුණු සරසවි අධ්‍යාපනය පිණිසය. ඒ වසර දෙකක පමණ ප්‍රමාදයකින්ද යුතුවය. පෞද්ගලික අධ්‍යාපනය කියා යමක් නොතිබුණු ...
C. දයාසේන ගුණසිංහ ගාමිණී සුමනසේකර ‘පිය මිතුරා’ ට ලියූ කවිය සිහි සටහන් මා පසුගිය පෝස්ටුවේ කවි දෙකක් පමණක් සඳහන් කළ කවි පංතිය තිළිණ රුවන් මලලසේකර සොයුරාගේ වත්පොත් පිටුවෙන් උපුටා සම්පූර්ණයෙන් පහත පළ කරමි. මෙය දිගු කතාවක් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමකි. සිනා මිස මුව මඬල නොදුටුවෙමි දළ යුගල සුමුදු වග මිස අත්ල නොදුටුවෙමි නිය පහුර එක සිතින් ඇද වැළඳ ගත් බැවින් අත් නොහැර ළමැද විසකුරු දරණ නොදුටුවෙමි ‘පිය මිතුර’! විඩාවෙන් නුඹ වැටී සිටිනු ...
48. මගේ ඉංගිරිසි ආලය හෙවත් “මං හිතුවෙ සර්ලා ඉන්දියන්කාරයෝ කියලා” සිහි සටහන් පළමු අත්දැකීම චන්න සමඟය. වසර දෙකකට පමණ ඉහතදී යාපනයේ සුභාෂ් හෝටලයේදීය. අප යාපනයට යන්නේ චන්නට අළුතින් බෞතික් හෝටලයක් ආරම්භ කිරීම යාපනය කොයි තරම් ගැළපෙන්නේද ඇගැයුමක් කර ගන්ට අවශ්‍ය වූ නිසාය. ඇඳුම් බෑග කියා තුබුණේ බැක් පැක් දෙකක් පමණක් වුවද, ඒවා කාමරයට ගෙන යන්ට සේවක තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු අප සමඟ කැඩුණු ඉංගිරිසියෙන් කථා කළේය. අපිද (නැචුරලි!) ඔහු යාපනයේ දෙමළ ...
37. ගුණරත්න අයියා සිහි සටහන් 2009 මැයි දහ නම වන අඟහරුවාදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුත්තර නායක වේලුපිල්ලෙයි ප්රභාහරන්ගේ මළ සිරුර ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වැනි සේනාංක නායක (එවකට) මේජර් ජෙනරල් කමල් ගුණරත්න යටතේ වූ භට පිරිස් විසින් නන්දිකඩාල් කලපුව ආසන්නයේදී සොයා ගන්නා ලදී. මේ පුවත පළ කළ බොහෝ පුවත්පත් මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ ඡායාරූපයක්ද පළ කොට තිබෙණු මම දිටිමි. යුද්ධ හමුදාවේ උසස් නිලධරයකුට වඩා ...
36. දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ සිහි සටහන් යාල්පානම්හි දෙදින සංචාරයකින් පසු කොළඹට සේන්දු වූයේ අද උදෑසනය. “දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ” කියා කේයස් ලියා වසර පනහකට පසු පුන්කුඩුතිව්හි සිට උදේ හිරු නැඟීමේ ප්‍රසන්න දර්ශනය වින්දෙමි. ජීවිතයේ පළමු වතාවට (හා සමහරවිට අවසාන වතාවට – අනාරක්ෂිත මුහුදු ගමන එතරම්ම වදයකි.) නාගදීපය පාද ස්පර්ශය කෙළෙමි. වසර 38කට පෙර සය හැවිරිදි දරුවකුව මා සෙල්ලම් කළ සුබ්‍රමනියම් ළමා ක්‍රීඩාංගනයේ දුඹුල් මතක ...
35. දයාසේන ගුණසිංහ (1936 – 1996) : පහළොස් වැනි අනුස්මරණය සිහි සටහන් “ගුණේ ගැන මං කතා කරන්නෙ මොකටද බං?” ‘සුනිල් අයියා ඇසුවේය. “උඹටම පුළුවන්නෙ” අමාරුවෙන් දුරකථන අංකය දැන හොයාගෙන සුනිල් අයියාට (සුනිල් මාධව ප්‍රේමතිලක) මා කථා කළේ දයාසේන ගුණසිංහ මහත්තයාගේ පළමු සංවස්තරය වෙනුවෙන් ටී. එම්. ජී අයියා (ටී. එම්. ජී. චන්ද්‍රසේකර) ජාතික රූපවාහිනියේ කරන්නට අදහස් කළ වැඩ සටහනකට සම්පත් දායකයකු වීමට ඇරැයුම් කරනු පිණිසය. මම කල්පනාවෙන් වචන තෝරා ගත්තෙමි. “මෙහෙමනෙ සුනිල් අයියෙ, ...
50. වසර පනහක හෙවත් දසක පහක මතක සිහි සටහන් “පල යන්න බොරු නොකියා, උඹට පනහක් නෑ…” වයස විසි දෙකක මිතුරියක් ඊයේ චැට් කරද්දී කියුවාය. ඇත්ත. ඇය ගනුදෙනු කරන්නේ මා ඇතුළේ ඉන්න එකා සමඟය. ඌට නම් පනහක් තියා දහ අටකට වඩා දවසක් වත් ගතව ඇති පාටක් නොපෙනේ. ඒත් එළියෙන් බලන කෙනෙකුට පෙනෙන එකා පසුගියදා සිය දිවියේ අඩ සියවස සම්පූර්ණ කළේය. ඒ මීට මාසයකට දෙකකට පමණ ඉහතිනි. මගේ සැබෑ නමින් යුතු ...
34. වසන්ත දේශප්‍රිය සමඟ ඉලෙක්ට්‍රොනික් රාජ්‍යය ගොඩ නැඟූ දවස් සිහි සටහන් වසන්ත වසන්ත දේශප්‍රිය යනු අප්‍රකට නාමයක් නොවේ. ශ්‍රී ලංකා පරිපාලන සේවය තුළ වසන්ත ජනප්‍රිය නිලධරයෙකි. එසේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ඔහු ගැන අසා නැත්තකු වෙතැයි සිතිය නොහැකිය. එහෙත් සමස්තයක් ලෙස සැලැකීමේදී බොහෝදෙනකු දන්නේ වසන්තට වඩා ඔහුගේ අයියලා ගැනය. සුනන්ද දේශප්‍රිය දේශපාලන ක්රියාකාරිකයෙකි. පුවත්පත් කලාවේදියෙකි. ඔහු වසන්තගේ ලොකු අයියාය. මහින්ද දේශප්‍රිය වත්මන් මැතිවරණ කොමසාරිස්තුමා වසන්තගේ පොඩි අයියාය. “Great. Now ayya can hold ...
33. අපූජාච අපූජනීයානං (නොපිදියයුත්තන් නොපුදන්න) සිහි සටහන් මේ මා වෙනදා ලියන හෑලි වලට සාපේක්ෂව සංක්ෂිප්ත සටහනකි. එහි නිමිත්ත ශිෂ්‍යත්වයෙන් දිවයිනේ දෙවැනි ස්ථානයට ලකුණු ලද එකොළොස් හැවිරිදි ශිෂ්‍යයා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනට දණ ගසා වැඳීම ප්‍රතික්ෂේප කිරීමය. මේ ඒ සිද්ධිය විශ්ලේෂණයක්ම නොව මට මතක් වූ අතුරු කතා කිහිපයක් සටහන් කිරීමකි. යෞවනයේ ජවය අදින් වසර විසි පහකට පමණ පෙර උසස් පෙළ සිසුවකුව සිටි සමයේ මම දිනෙක පාසල් නිල ඇඳුම ...
32. The Blinding – සිංහල හා දෙමළ ප්‍රශ්නයක් ගැන ඉංගිරිසියෙන් කතා කරන නාට්‍යයක් සිහි සටහන් සැප්තම්බර් 12, 2011, කොළඹ අපි ලාංකීය සංස්කෘතියක්, ලාංකීය සාහිත්‍යයක්, ලාංකීය කලාවක් ගැන වල්බූත කතා කරමු. ලංකාවේ සිංහල, දෙමළ හා ඉංගිරිසි වශයෙන් බෙදුණු හා එකිනෙක බද්ධ වීමක් නොමැති සාහිත්‍ය, කලා ධාරවන් මිස එක තනි ලාංකීය සාහිත්‍යයක් හෝ කලාවක් කියා දෙයක් නැති බව මේ ඕනෑම ධාරවක නිර්මාණයක් ගැඹුරින් වින්දනයට තැත් කිරීමේදී වැටහේ. මෙය එක පවුලක ළමයින් තුන් දෙනෙක් භාෂා තුනෙකින් කතා ...