33. අපූජාච අපූජනීයානං (නොපිදියයුත්තන් නොපුදන්න) සිහි සටහන් මේ මා වෙනදා ලියන හෑලි වලට සාපේක්ෂව සංක්ෂිප්ත සටහනකි. එහි නිමිත්ත ශිෂ්‍යත්වයෙන් දිවයිනේ දෙවැනි ස්ථානයට ලකුණු ලද එකොළොස් හැවිරිදි ශිෂ්‍යයා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනට දණ ගසා වැඳීම ප්‍රතික්ෂේප කිරීමය. මේ ඒ සිද්ධිය විශ්ලේෂණයක්ම නොව මට මතක් වූ අතුරු කතා කිහිපයක් සටහන් කිරීමකි. යෞවනයේ ජවය අදින් වසර විසි පහකට පමණ පෙර උසස් ...
30. කේ. ජයතිලක මහත්තයා, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා අතුරු කතා කිහිපයක් සිහි සටහන් කේ. ජයතිලක මහත්තයා සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට මට ඉඩ ලැබී ඇත්තේ ජීවිතයේ එක් වරක් පමණෙකි. ඒ මීට වසර පහළොවකට ඉහත දයාසේන ගුණසිංහ මහත්තයාගේ අවමඟුල් උත්සවය දාය. ලංකාදීප කර්තෘ සිරි රණසිංහයන් විසින් හඳුන්වා දෙනු ලැබීමෙන් පසුව ඔහු ටික වෙලාවක් කුළුපග සගයකු සේ මා සමඟ කතා බහ කළේය. සිංහල සාහිත්‍යාම්බරයෙහි පතාක යෝධයකු ...
36. දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ සිහි සටහන් යාල්පානම්හි දෙදින සංචාරයකින් පසු කොළඹට සේන්දු වූයේ අද උදෑසනය. “දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ” කියා කේයස් ලියා වසර පනහකට පසු පුන්කුඩුතිව්හි සිට උදේ හිරු නැඟීමේ ප්‍රසන්න දර්ශනය වින්දෙමි. ජීවිතයේ පළමු වතාවට (හා සමහරවිට අවසාන වතාවට – අනාරක්ෂිත මුහුදු ගමන එතරම්ම වදයකි.) නාගදීපය පාද ස්පර්ශය කෙළෙමි. වසර 38කට පෙර සය හැවිරිදි දරුවකුව මා සෙල්ලම් කළ සුබ්‍රමනියම් ළමා ක්‍රීඩාංගනයේ දුඹුල් මතක ...
29. මහාචාර්ය මැන්දිස් රෝහණධීර නම් මිනිසා හා තවත් අතුරු කතා කිහිපයක් සිහි සටහන් මහැදුරු මැන්දිස් රෝහණධීරයන්ගේ වියෝව නැවත නො-අරඹන්නටම සිතා සිටි මේ බ්ලොග් එකට අළුතින් බ්ලොග් සටහනක් එක් කිරීමට මට උත්තේජයක් සපයා තිබේ. ඒ මේ මට නිහඬව නොසිටිය හැකි මොහොතක් නිසාය. දෙවනුව මේ ලිපිය පුවත්පතකට නොලිවිය හැකි ආකාරයේ එකක් නිසාය. එසේම මේ සටහන … Continue reading → ...
35. දයාසේන ගුණසිංහ (1936 – 1996) : පහළොස් වැනි අනුස්මරණය සිහි සටහන් “ගුණේ ගැන මං කතා කරන්නෙ මොකටද බං?” ‘අවියක් නැති සෙනෙවියා’ ඇසුවේය. “උඹටම පුළුවන්නෙ” අමාරුවෙන් දුරකථන අංකය දැන හොයාගෙන සුනිල් අයියාට (සුනිල් මාධව ප්‍රේමතිලක) මා කථා කළේ දයාසේන ගුණසිංහ මහත්තයාගේ පළමු සංවස්තරය වෙනුවෙන් ටී. එම්. ජී අයියා (ටී. එම්. ජී. චන්ද්‍රසේකර) ජාතික රූපවාහිනියේ කරන්නට අදහස් කළ වැඩ සටහනකට සම්පත් දායකයකු වීමට ඇරැයුම් කරනු පිණිසය. සුනිල් අයියා සමඟ කතා කිරීමේදී පරිස්සම් විය ...
32. The Blinding – සිංහල හා දෙමළ ප්‍රශ්නයක් ගැන ඉංගිරිසියෙන් කතා කරන නාට්‍යයක් සිහි සටහන් සැප්තම්බර් 12, 2011, කොළඹ අපි ලාංකීය සංස්කෘතියක්, ලාංකීය සාහිත්‍යයක්, ලාංකීය කලාවක් ගැන වල්බූත කතා කරමු. ලංකාවේ සිංහල, දෙමළ හා ඉංගිරිසි වශයෙන් බෙදුණු හා එකිනෙක බද්ධ වීමක් නොමැති සාහිත්‍ය, කලා ධාරවන් මිස එක තනි ලාංකීය සාහිත්‍යයක් හෝ කලාවක් කි
31. කිංස්ලිලාව හයේ පන්තියේදී බස් පහකින් ග්‍රහලෝකාගාරය බලන්නට රැගෙන ගියේ සේනකය. සිහි සටහන් “දැන් ඉස්කෝලෙ වෙන දෙයක් නෑ” කිංස්ලි (කිංස්ලි රත්නායක – සිරස) වසර කිහිපයකට මත්තෙන් ආනන්දයේ මාධ්‍ය කවයේ හමුවකදී පොඩි චෝදනාවක් කළේය. “අපි හයේ පන්තියෙ ඉන්න කාලෙදි චානුක අයියලා කොයිතරම් දේවල් සංවිධානය කළාද? අපිව ග්‍රහලෝකාගාරය බලන්න එක්කගෙන ගියා. අපි එඩ්වින් ආරියදාසලා කාලෝ ෆොන්සේකලාගෙ දේශන අහලා කොයි තරම් දේවල් ඉගෙන ගත්තද? අද වෙනවද ඒ වගේ දේවල්?” “මාත් පැත්තකින් හිටියා තමයි…” මම ඔහුට බාධා ...
34. වසන්ත දේශප්‍රිය සමඟ ඉලෙක්ට්‍රොනික් රාජ්‍යය ගොඩ නැඟූ දවස් සිහි සටහන් වසන්ත වසන්ත දේශප්‍රිය යනු අප්‍රකට නාමයක් නොවේ. ශ්‍රී ලංකා පරිපාලන සේවය තුළ වසන්ත ජනප්‍රිය නිලධරයෙකි. එසේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ඔහු ගැන අසා නැත්තකු වෙතැයි සිතිය නොහැකිය. එහෙත් සමස්තයක් ලෙස සැලැකීමේදී බොහෝදෙනකු දන්නේ වසන්තට වඩා ඔහුගේ අයියලා ගැනය. සුනන්ද දේශප්
38. ජෝන් බාස්ගේ මිනීමැරුමේ සැඟවුණු අභිරහස සිහි සටහන් ෂර්ලොක් හෝම්ස් කුඩා කළ කියැවූ බොහෝ දරුවනට සේ මටද කාලයක් රහස් පරීක්ෂක උණක් වැළැඳී තිබුණේය. නමුත් මේ කතාවේ සඳහන් “ජෝන් බාස්ගේ මිනීමැරුම” මා දැන ගත්තේ වැඩිහිටියකු වශයෙනි. ලියන්නට දොස්තර වොට්සන් කෙනෙකු නැති නිසා මවිසින්ම ලියන මේ සටහන ඒ කතාවයි. මා මුල සිට පටන් ගත යුතුය. පාඨකයාට වෙහෙසකර වුවද ඉතාම අවැදගත් සේ පෙනෙන තොරතුරුද මා මෙහි එක් කරන්නේ ඒ නැතිව කතාව ...
37. ගුණරත්න අයියා සිහි සටහන් 2009 මැයි දහ නම වන අඟහරුවාදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුත්තර නායක වේලුපිල්ලෙයි ප්රභාහරන්ගේ මළ සිරුර ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වැනි සේනාංක නායක (එවකට) මේජර් ජෙනරල් කමල් ගුණරත්න යටතේ වූ භට පිරිස් විසින් නන්දිකඩාල් කලපුව ආසන්නයේදී සොයා ගන්නා ලදී. මේ පුවත පළ කළ බොහෝ පුවත්පත් මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ ඡායාරූපයක්ද පළ කොට තිබෙණු මම දිටිමි. යුද්ධ හමුදාවේ උසස් නිලධරයකුට වඩා ...
47. දිවයිනේ “ජෝන් ඩෝ” ලා දයාසේන ගුණසිංහයන්ගේ මිනියෙනුත් පළිගත් හැටි සිහි සටහන් යම් යුගයෙක මාධ්‍ය වෘත්තිකයකු වී හිඳීම නිසා ලංකාවේ “මාධ්‍යවේදීන්” ගැන මම එක්තරා මට්ටමකට දනිමි. මේ කවුරුත් සාමාන්‍යයෙන් තමන්ම තමන් ගැන මවන ප්‍රතිරූපයට සරිලන මහා පුරුෂයෝ නොවෙති. ලංකාවේ වත්මන් මුළු ධාරාවේ මාධ්‍යවේදීන් – විශේෂයෙන්ම සිංහල මාධ්‍යවේදීන් – බහුතරය ඉතාම කුඩා මනසකින් යුතු (ඉංගිරිසියෙන් petty minded යැයි නම් කළ හැකි) මුදලට, බලයට හා ප්‍රසිද්ධියට කෑදර, වෘත්තික මට්ටමේ සේවයක් තම පාඨකයින් වෙනුවෙන් සපයන්ට ...
46. බුදුන් මැරීම සිහි සටහන් ඔබට මහ මඟ බුදුන් හමුවී නම් ඔහු මරා දමන්න. – සෙන් ආචාර්ය ලින්ජි යිසුවාං ‘නිරාගමිකයා’ යන පදය ජන ගත කිරීමේ සේම නිවැරදි ලෙස එය නිර්වචනය කිරීමේ පූර්ණ ගෞරවයද රිටිගල ජයසේන යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින වෘත්තිකයාට හිමිවිය යුතුය සිතමි. ඔහු මෙය කරන්නේ 2010 පමණ හරියේදීය. [සටහන: ‘නිරාගමිකයා’ තරම් නිරවුල්ව ඒ අදහස ප්‍රකාශ කරන යෙදුමක් මා දන්නා තරමින් ඉංගිරිසියෙහි හෝ ...
24. ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයාය. සිහි සටහන් (මේ ලිපිය ලිවූයේ මැයි දහ අට වැනිදා යුද්ධයේ නිමාවේ දෙවැනි සැමරුමට සමගාමීව පළ කරනු පිණිසය. එහෙත් ඒ වන විට මා දරණ තනතුර අනුව එවැන්නක් මගේ නමින් පළ වීම නොහොබී. එනිසා මේ ලිපිය වෙනස් කිරීම් කිහිපයකින් පසුව අද, මැයි පස් වැනිදා, … Continue reading → ...
b. ආ විලස නික්ම යමි දෙපයින් සිහි සටහන් කාලයක් තිස්සෙ, ලියන්නට තිබුණු, නමුත් නොලියූ බ්ලොග් එකක් හිටි හැටියෙ පටන් ගත්තෙ ඇයි කියල දන්නා අය හිටියෙ ටික දෙනයි. පහුගිය කාලෙ මට බ්ලොග් එකක් ලියන්න, පත්තරේකට ලිපියක් ලියන්න තරම් කාලයක්, නිදහසක් ලැබිල තිබුණ. මන්ද මා නිශ්චිත රැකියාවක නොයෙදී සිටි නිසා. … Continue reading → ...
22. ලලිත් වීරතුංග මහත්තයා සමඟ මහවිලච්චියේදීය සිහි සටහන් අග්‍රාමාත්‍ය ලේකම් කාලය ලලිත් වීරතුංග මහත්තයාට මීට වඩා බෙහෙවින් වැඩ අඩු කාල පරිච්ඡේදයක් විය. එදවස පද්මිනීට කතා කොට ඇපොයින්ට්මන්ට් එකක් ඉල්ලා ගෙන ගොස් ඔහු මුණ ගැසීම අසීරු කාර්යයක් වූයේ නොවේ. හැම රජයේ ඔපීසියක් සේම අග්‍රාමාත්‍ය කාර්යාලයද හතරහමාරෙන් පසු හිස්ය. මේ … Continue reading → ...
28. ඇපල් ගෙඩි තුනක් උස නැති නමුත් මේ පුතා සිහි සටහන් ඇපල් ගෙඩි තුනක් උස නැති නමුත් මේ පුතා මහා බලගතුයි – කරන වැඩත් බෝ වෙතා මේ පැදිය තිබුණේ මා කුඩා කළ කියැවූ “ජගත් සුරංගනා කතා” පොතේ එක් කතාවකය. කතාව හරි හැටි සිහියට නඟා ගත නොහැකි වුවද, එය ලොකු වැඩ කරන … Continue reading → ...
27. LTTEයේ පින්කම් හා JVPයේ පින්කම් සිහි සටහන් මගේ පරම්පරාවෙහිම, මගේම වයසෙහි බටහිර සංවර්ධිත රටවල බොහෝ මිනිසුන් හා ගැහැණුන් මට වඩා වාසනාවන්තය සිතමි. ඔවුන්ගේ ජීවිත කාලයන් තුළදී ඔවුහු තමන්ගේ රට තුළ දීර්ඝ කාලීන යුද්ධයන්ට, ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට මුහුණ නොදුන්නෝය. අනෙක් අතට ලංකාවේ මගේ පරම්පරාවේ දිය සලකුණ එවන් ගැටුම්ය. … Continue reading → ...
39. ජනාධිපතිවරණය 2015 ජනවාරි 8 (පළමුවැනි කොටස) සිහි සටහන් වත්පොතින් දුරස්ව වී සිටිමි. අනුකම්පා විරහිතව මරා දමන ලද වත්පොත් ගිණුම නැවත ප්‍රත්‍යුත්ථානය කිරීමේද අදහසක් දැනට නැත. එබැවින් ලියන්ට ඇති යම් යම් දේ මෙතැනට නැවත එකතු කරන්ට කල්පනා කළෙමි. මා ඉහත ලියූ පෝස්ට තව දුරටත් තබා ගත යුතුද නැද්ද තීරණය කරන්ට ඊයේ යම් කාලයක් වැය කළෙමි. අවසානයට තීරණය කළේ පෞද්ගලික කාරණාවක් මත එකම එක පෝස්ට් එකක් ඉවත් කරනවා හැරෙන්ට වෙනත් ...
25. මහ බැංකුවේ සැම්සන්ගෙ කතන්දර (ඒ වාගෙ පුර්ෂයො අද කාලේ නෑහ්!) සිහි සටහන් මහ බැංකුවෙ ඔස්කාගෙ කතන්දර සටහනට හොඳ ප්‍රතිචාර ලැබුණා කියමුකෝ. කවුදෝ pdf කරලා මහ බැංකුව තුළ විසරණය කරපු ඊ-මේල් එකක් සැලකිය යුතු පිරිසක් කියවා තිබුණා. මොකද කථා නායකයා ජනප්‍රිය චරිතයක්නෙ. පහුගියදා දේශනයකට සවන් දෙන්නට ආපහු බැංකුවට ගියාම ඒ ගැන ගොඩාක් දෙනෙක් … Continue reading → ...
23. ලෝකයේ හොඳම ඉස්කෝලේ හොඳම ගුරුතුමා සිහි සටහන් ජය දද හෙවනේ පෙරට යමු – දියුණුවෙ රන් මිණි ඇහිඳ ගමු උදාර දෙස බස රැස නඟමු – අසෝක විදුහල් මව රකිමු අසෝක නාමය සමරා – ශිල්ප කලා සිතේ දරා ________________________________ මේ වන විට මම ආයතන පහක විධිමත් අධ්‍යාපනය ලබා ඇත්තෙමි. … Continue reading → ...