සමාන්තර විශ්වයක ගැයෙන සමුගැනීමේ ගීය...! Good bye Mr. සැහැල්ලුව දෙදහස් වසක් සිට අප සතුව පැවතියනිදහස් කිරුළ අද සතුරන්ට අයිතියඋදහස් කම නිසා සිය දනගෙ විමතියනිදහස් බව නසාගති සිහල ජාතියඇහැලේපොළගෙ රැවටිලි බස් නොනිම්මේසිහලේ රදළවරු අදහාගෙන පෙම්මේතුමුලේ සිහල රද පෙළ වනසා දැම්මේසිහලේ වතුරදෝ!දැන් සිරිලක් අම්මේනීතිය මගෙ නොවේ එය දැනගත් නමුදුබීතිය සිදු කළේ ඇහැලේපොළ මැතිදුජාතිය රට සමය ඉන් සිහසුනද ඉදුපීතිය සිතින් පර සතුරන් වෙතම පිදුපායට බියෙන් මත්පැන් නොබිව් මටඋපායෙන් පොවා යළි මා ගෙන ...
ලංකාවේ (වි)ශිෂ්ඨතම රාජ්‍ය සේවකයා! සැහැල්ලුව අප ප්‍රවීණ විද්‍යා ලේඛකයෙකු, පරිගණක ඉංජිනේරුවකු සහ රසවත් බ්ලොග් රචකයකු වන චානුක වත්තේගම මහතා විසින් මීට කලකට පෙර වත්මන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යනු නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රාජ්යනිළධාරියා යැයි හඳුන්වනු ලැබීය. අමරහේ
මහා පරිමාණ ඉදිකිරීම ගැන ඇත්තටම දැනගත යුතු දේ...දෙවැනි කොටස.. සැහැල්ලුව කලින් පොරොන්දු උන විදියටම මේකෙ අපි කතා කරන්නෙ විසාල පරිමාන ඉදිකිරීමක මිළ සහ සුකෝපභෝගී නිවාස සංකීර්ණයක ඉඩ ප්‍රමාණය පිළිබඳව.පහුගිය තිස් එක් වෙනිද දාපු පෝස්ට් එකේ පින්තූර හින්ද හරි වෙන හේතුවක් නිසා හරි ඒක බ්ලොග් රෝල් වල හරියට අප්ඩෙට් වෙලා තිබ්බෙ නෑ. අනික එක පාරට කට්ටියම දාපු අලුත් අවුරුදු සුභ පැතුම් පෝසෙට් කන්දරාවට මගේ මේ අමාරුවෙන් කොටාගත්තු පෝස්ට් එක වැහිල ගිහින්. ...
ටිකක් හිනා ගස්සන්න එන්න කියා බ්ලොග් කරුවන් අන්දන "බ්ලොග් සක්විති” - අභීත හෙවත් අබේ පාල මාමා සැහැල්ලුව මීට මාස දෙකකට පමණ පෙර එක් සිකුරාදා දිනෙක මට ලැබුන ඇමතුමකි."මචං ඉන්දික, මට ලොකු උදව්වක් ඕන මචං, මම හදිසි වැඩකට හිර වෙලා ඉන්නෙ. උඹට පුළුවන්ද මට සල්ලි ටිකක් දෙන්න"එක් වරම උඩ බිම හිතා ගන්නට බැරි උනේ මේ හදිසියේ මූ මොකාට එන්න හදන්නේදැයි සිතාගත නොහැකිවය."මචං මම ටැක්සි දෙකක් දානව, ඒකට පොඩි ඩිපෝසිට් එකක් තියන්න ඕන. මගේ පේමන්ට් එකක් හිර වෙලා, සඳුදට ...
අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා.....! Brutal attacks of Sri Lankan police සැහැල්ලුව අපි දන්නා ඉතිහාසයේ මැතිවරණයක් ප්‍රකාෂකර ඇති මොහොතක වෘත්තීය ආයතන සහ ශිෂ්‍යය ගැටුම් හැකිතරම් සාමකාමීව විසඳගැනීමට බලයේ සිටින ආන්ඩුව උත්සාහ ගත්තේය. ඉල්ලීම් නොදිය හැකිනම් අඩුමතරමේ ඡන්දය ඉවරවනතුරු කල් ඇදීමේ උපක්‍රමයක් හෝ ක්‍රියාත්මක විය.නමුත්, ඉතිහාසයේ අතිශය තීරණාත්මක ගල උඩ මැතිවරණ සටනක අභිමුව පවතින් රජය හැසිරෙන්නේ එයට හාත්පසින්ම වෙනස් ලෙසකිනි.පහත ඡායාරූප සියල්ලම පසුගිය දින කිහිපයක් තුල, දේශපාලනික නොවන උද්ඝෝෂන වෙනුවෙන් රජයෙන් කල පිළිතුරු ...
උන්ව පරදා මුන්ව දිනවීම..!! සැහැල්ලුව වීරකම් කරන්නට..සතුරෙකුත් නැතිකලට..අනේ අම්මේ උඹේරණවීර පුතන්ඩියවගෙයි ගමරාළයගෙබකල් උනු වංගෙඩිය...බල බලා පින්තූර..උඹටවත් සැනසෙන්නකියලා දස්සකංඒ කාලෙ මම කෙරුවඋඹට තිබ්බා අම්මෙ මං හින්ද ඉදිමෙන්න...පැන්නනං ඒ කාලෙකොටියගේ බුල්ඩෝසරේට..අනේ ඒ උනත් දැංඅලවත්දි පෝස්ටර්..දරා අත බාල්දියබිම හෙලා ගිණි අවියබල්ලොවත් බලන්නෑබලු වුනිද හමුදාව....??පින්තූරය ගත්තෙ මෙතනින් ...
විරූපිනියගේ වෙසක් පැතුම. සැහැල්ලුව බොල්ලැ වූ දත් දෙපළමුක්කංමේ නහය යටකළු වලින් පිරි මුහුණඅඳුරු ඇස් ගෙඩි පිරුනලෑලි මගෙ පිටිපස්සපැතලි උන පපු අස්සකෝටු කටු වූ වටොරමොකෙක් නම් පිළිගද්දඑහෙව් මගෙ සුවඳ මල්භාවනා සිල් දහම්පුදෙන් ලද පින් බලෙන්පතමි යනු දෙව් ලොවටනොවේ මට සැප පිණිසනොලද මේ හිමි භවේකඩමි බඹුගේ බොටුවදුන් කමට රති හැඟුම් ...
සුනිල් පෙරේරාගේ දුන්තෙල්බත් දන්සැල.... gypsis vs Gypsis සැහැල්ලුව දන්සැල් කරුවන්ගෙ වදයෙන් බේරෙන්නට "අපි කතෝලික"යැයි බෝඩ් ගසාගත් පුවතක් පසුගිය දිනවල අන්තාර්ජාලයේ දුටු මට පැරණි සිද්ධියක් සිහිවුනි.ඒ මෙයට වසර දහයකට පමණ පෙර බක් මස අග විය. තම නව නිවසෙහි ඉදිකිරීමක් ගැන සාකච්ඡාවකට මම රත්මලාන බෙලෙක්කඩේ හන්දියෙහි තිබූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ කාර්යාලයෙහි ඔහු හමුවන්නට ගිය දිනෙකි.සුනිල් පෙරේරා යනු වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම රසවතෙකි. ඔහු හා කතාවට වැටුනු කල කාලය ගතවීම ...
වැරදුන කුරුමාණම හෙවත් නිවා දැමූ දහයියා කන්ද! සැහැල්ලුව අහුමුලු වල හැංගිච්ච ලස්ස සිංදු අපට මතක කරල දෙන තිස්ස දොඩංගොඩ සහෝදරය ඉල්ල තිබ්බ බහරේන් වල තත්වය ගැන යමක් ලියන්නෙයි කියල. තිස්ස කියන්නෙ තවත් අරාබි රටකම විතරක් නොවී මේ අර්බුදය වෙලාවෙ මෙහේ ආන්ඩුවට සෘජුවම සහය දීපු රටක වැසියෙක් වෙලත් උනේ මොකක්ද කියල හරියටම හිතා ගන්න බැරි වෙන්නැති සමහරවිට!ඇත්තටම විදෙශීය මාධ්‍ය කාරයො කියන්නෙ කවුද කියල ලංකාව ආශ්රයෙන් අත්දැකීම් තීන අපිට මේක ...
වලා සහ ලිංග හමුව.! සැහැල්ලුව බහුවාර්ගික ජනතාවක් වෙසෙන රටවල සිටින්නන්ට, සංනිවේදනයේදි කදිම අකරතැබය්න්ට මුහුණ දීමට සිදුවේ. එකම ජාතියක, එකම බසක් කතා කරන මිනිසුන් අතර වුව එවන් අවස්ථා දුලභ නොවන කල, බහු වාර්ගිකයන් අතර එය කෙතරම් දැයි, එවන් රටවල වෙසෙන, වෙසුනු අයට බොහෝ රසවත් අත්දැකිම් තිබෙනු ඇත.මේ මා වෙසෙන අරාබි කොදෙව්ව තුල අත් දුටු එවන් සිදුවීම් කිහිපයකි.මීට වසර කිහිපයකට පෙර මා දැන් සේවය කරන "ග්‍රීක" ජාතිකයන්ට ...
මේ ගැටය (තෝර )ගන්න පුලුවන්ද? සැහැල්ලුව කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලට උත්තර දෙන්නත් කලින් මේක දාන්නෙ කල් පැන්නොත් වැඩක් නැති නිසා.මේ පින්තූර දිහා බලල හිතට එන වැදගත් අදහස් එක දෙක පිළිවෙලට කියන්න බලන්න.බලමු කාටද වැඩේ මාට්ටු වෙන්නෙ කියල. පිංතූර අංක 1පිංතූර අංක 2පිංතූර අංක 3පිංතූර අංක 4 ...
නන්දා මාලනිය හරිද වැරදිද ( මාතලන්ට පිළිතුරක් )?? සැහැල්ලුව මාතලන් සහ කඳවුරේ ඇත්තනි,මුලිම්ම කියන්න ඕන, මට නන්දගෙ ගැයුමත් මාතලන්ගෙ ලිවීමත් එකයි. පුද්ගලය වැඩක් නෑ, දක්ෂතාව සහ නිර්මාණය විතරයි වැදගත්. ඒත් මෙතන මේ වෙන දේට මැදිහත්වෙන්නෙ, මාතලන් කඳවුර මේ කරන්නෙ යම් දුෂ්කර කාලෙක සමාජෙ වැරදි අඩුපාඩු වෙනුවෙන් කෙනෙකු/කන්ඩායමක් නැගී සිටීමක් ඉතාම අවතක්සේරු කරන නිසා අන්න ඒ අසාධාරනයට විරුද්ධව විතරයි. මේ දේ මෙහෙමම වෙන්න ගියොත්, ඇයි නිකන් කතා අහන්නෙ කියල හැමදාම ...
මා නොතලන් බොරු කියා...! සැහැල්ලුව බ්ලොග් ලොව රෙජිස්ටර්ඩ් හොර ගෙඩියා මාතලන් විසින් මට අභියෝගයක කර ඇත. ඒ මා උගේ පෝස්ට් කටුවේ දමා ඇති බලාගාර රිපෝර්ට් එක ටැක්නිකලි වැරදියැයි කියාවියි කියනු ඇති බවත් එනිසා පරෙස්සම් වනු බවත්ය. එම්බා කෙළ තොල්ල. තා කෙදිනක මා හා සටනට වැද ජයගම්ද මෙවන් සුරු හරු කම් ගැන කතා කොටැ?මා ඉපදී ඇත්තේම බ්ලොග් ලොව වසුරු සුරු වෙන්කොටැ, දුහනන්ගේ ඇස්පෑදීමේ වරම් ලත් සඳුන් ...
වෘත්තීය ගරුත්වයද, වෙන මොකක් හරිද? සැහැල්ලුව දෙදාස් තුනේ මැයි මාසෙ මම කටුණායක එයාපෝට් එකෙන් එළියට ආවෙ බෑග් දෙකතුනකුත්, ප්‍රශ්ණ ගොන්නකුත් අරගෙන.කර්මාණ්තශාලා කළමණාකරු කියල යන්න කලින් කිව්වට, ඒක මිනිස්සු විසිපහක විතර මඩුවක්. මම නොකලෙ වඩු වැඩෙයි අතුගාන වැඩෙයි විතරයි. ඉන්න තිබ්බ කාමරේ ජනේලෙට තිරයක් දාගත්තෙත් මගේ සල්ලි වලින්. පඩි ලැබුනෙ මාස දෙක තුනකට වරක් සලාකෙට. ඔය ඔක්කොම අතරෙ, යන්තං ක්‍රෙඩිට් කාඩ් ණය ටික ගෙවල ඉවර වෙච්චි ගමන්, ...
කට වහගන්න ඇතුලට මැස්සන් යනවා...! සැහැල්ලුව මට ඔබ කරපු දේ ඔබටම යළි වූවාවට යක් ගොසින් යලි මා ඉහලට ආවාරට අද ඔබට දුන් පාඩම සිහිවේවාකට වහගන්න ඇතුලට මැස්සන් යනවාඡායාරූපයක් වචන දහසකට වඩා ප්‍රභලයැයි කියනු ලැබේ. මේ ලංකා දේශපාලනය තුල කලෙකින් දුටු එවැනි පින්තූරයකි.මේ පින්තූරය දුටුවිට ඔබට නැගෙන අදහස, සම්මත භාෂාවක ශිශ්ඨ වචනවලින් ලිවීමට කාරුණිකව ආරාධනා කරමු. ...
ලිංගෙ අයින් කරපු රොෂාන්...! සැහැල්ලුව මම ප්‍රාථමික අධ්‍යාපනය, එහෙම නැත්තන් මුල්ම කාලෙ ඉස්කෝලෙ ගියෙ ගලික්ස්සෙ හේන විද්‍යාලයට. හේන විද්‍යාලෙ කිව්වට ඒකෙ හරි නම හේන පාර කනිෂ්ඨ විද්‍යාලය. අහ්ඩ් අවෙනකොට හේනක් තියා කැලයක් වත් නැති ගල්කිස්සෙත් ඉස්සර හේන් තිබිල තියෙන හින්ද වෙන්නැති ඒ පාරට ඔය නම ලැබුනෙ. කොහොම උනත් දැන් ඒ නමින් ඉස්කෝලයක්වත් නෑ, ඒත් පාර එහෙමම තියෙනව. මොකද ඒ ඉස්කෝලෙ දැන් නම ලළිත් ඇතුලත්මුදලි මහා ...
ඇපල් පණුවන් නැති එකල!! සැහැල්ලුව සාහිත්‍ය මාසය ඇරඹෙනවත් එක්කම සිංහල බුකි කරුවන් අතරෙ අලුත්ම රැල්ලක් හමා ගියා. මේ කවුරු කවදා පටං ගත්තදැයි කියන්න නොදන්නාමුත්, එය අනෙක් රැළි වලට සාපේක්ෂව ඉතාම සුන්දර සහ වටිනා රැල්ලක්."ඔබේ ජීවිතයට වඩාත්ම බලපෑමක් කල පොත් දහය නම් කරන්න"මේ අභියෝගය සමහරු නිවැරදියට තේරුම් ගත්තදැයි සිතුන අවස්ථා සහ අවංක වූයේදැයි සිතෙන අවස්ථාද ඉඳ හිට දුටු මුත්, බහුතරය තමන්ට "බලපෑමක් සිදු කල" පොත් නම් ...
වැලන්ටයින්....! සැහැල්ලුව "නංගි..., මේක බලල මට රිප්ලයි එකක් දෙනවද?"හිමිහිට ඉදිරියට ඇදෙන පොඩි මල්ලිගෙ එම්.බී ෆයිව් මෝටසයිකලෙ පිටිපස්සෙ ඉඳගෙනම මම පොඩි කොටුවෙන්න නවපු ලියුම සුරේකට දික් කෙරුව."ට්‍රිප් එකක්..?"සුරේකගෙ පුදුමය පිරිච්චි වචනවලට බකස් ගාල ගෙම්බෙක් වතුරට පැන්න වගේ හිනා උනේ එහාපැත්තෙ හිටපු කොට බතල නෑම්බි.ඒ කැත හිනාව නිසා මට මාව දැණුනෙ හරියට කාණුවකට වැටුන අයිස් පළමක් වගේ!"යමන්..යමන්.." මං පොඩිමල්ලිට ඇන්නෙ අතින්ද පයින්ද මන්ද!බයිසිකලේ කෑ ...
බ්ලොග් වසන්තය - මත විමසුම - A Poll සැහැල්ලුව අළුත් අවුරුදු උදාවත් සමග උදාවූ බ්ලොග් වසන්තයෙහි අවසන් දින වන අද, එනම් අප්‍රේල් 15 වන දින වන විට වසන්තය වෙනුවෙන්ම වාගේ ලියැවුනු බ්ලොග් පෝස්ට් 70 ආසන්නව අපට දකින්නට කියවන්නට රසවිඳින්නට ලැබුනි. මේ සද් කාර්යට එක්වූ සියලු ලියන්නන් දිරිමත් කිරීමී අරමුනින් අදාල ලිපි කියැවූ පාඨකයන්ගෙ මත විමැසීමක් පැවැත්වීමට බලාපොරොත්තුවෙමු.මෙය හුදෙක් කියවන්නන සහ ලියන්නන් තවත් දිරිගැන්වීමේ සහ උත්තේජනය කිරීමේ අහිංසක ව්‍යායාමයකි.එනිසා, ඔබ ...
රෑට යළි ඉර පාන නැඟ එන වග නම්...!! සැහැල්ලුව ගීතයක් ඔහේ නිකම්ම අසන්නට දීමෙන් එහා ගොස්, එහි යම් අවස්ථාවක් හෝ සමස්ථ ගීතයම තම ජීවිතයේ පුද්ගලික සිද්ධියකට සම්භන්ධ කර, එම සම්භන්ධය පොදු අත්දැකීමක් ලෙස සියළු රසිකයන්ට දැනෙන්නට සැලැස්වීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ.කොටින්ම එවැන්නක් ලාකීය ගුවන්විදුලි ඉතිහාසය තුල එතෙක් අත්හද බලා තිබූවක්ද නොවේ.එවන් වටපිටාවක, ප්‍රවීන ගීත රචක බන්දුල නානායක්කාරවසම් අප වෙත ගෙන ආ රෑ ඉර පාන, අපූරු සහ අමුතුම අත්දැකීමකින් ශ්‍රාවකයන් ...