මූ ෆීනික්ස් කුරුල්ලෙක්ද ට්‍රොජන් අස්පයෙක්ද? සැහැල්ලුව මේ ඊයෙ පෙරේද අපේ බ්ලොග් අවකාසෙට වැඩපු නල්ලමලේ ෆීනික්ස් කුරුල්ල දැක්කද? මට නං ඒකගෙ වැඩ කිඩ දැක්කම හිතුනෙ එක අතකට අෂ්රෆ් ඔමාර් උන්නැහෙ ෆීනික්ස් වෙනුවට බ්‍රැන්ඩික්ස් නම ගත්ත එකෙත් ලොකු අරුතක් තීනව කියල. මොකද ෆීනික්ස් කුරුල්ල කියන්නෙ තමන්ගෙ ආයු කාලෙ ඉවර උනාම තමණුයි කූඩුවයි දෙකම ගිණිඅරන්, ආයි ඒ අළු වලින්ම අළුත් ජීවිතයක් අරං නැගිටින සතෙක් මිස, අනුන්ගෙ ජීවිත අළු ...
රණවිරු රිඅල ස්ටාර් බැලුවෙමි! සැහැල්ලුව ශ්‍රී ටීවී සැලා සමඟ ගැසූ අලුත්ම ගිවිසුමට පින්සිද්ද වෙන්නට රණවිරු රිඅල ස්ටාර් ලයිව් නරඹමින් සිටින්නෙමි. මගේ තාත්තාද, සහෝදරියක්ද, බාප්පාද, තවද පළවෙනි පන්තියේ ඥාති සහෝදරයෙක් සහ දෙවනි තෙවනි පෙළ ඥාතී හමුදා නිළධාරීන් රැසක්ද, හමුදා නිලධාරී මිතුරන් රැසක් සිටින සහ සිටි බොහෝසෙයින් හමුදාකරණය වුනු පවුලක සාමාජිකයකු හැටියට මට හමුදා නිළ ඇඳුම ගැන තිබුනේ අභිමානයෙන් යුතු, විනයකින් හෙබි වීරයන් පිළිවෙලටකට හඳිනා ඇඳුමක චිත්‍රය ...
අමරෙ අංකල්, ඔබට සුභ ගමන්! සැහැල්ලුව “කෝ පුතේ උඹේ බ්‍රැන්ඩි බෝතලේ” කියාගෙන අපේ කන්තොරුවට ගොඩවී මා ඉදිරිපස හිඳ විමළසේන නම් වූ අපේ ආයතනයෙ කෝකටත් තෛලය කොහිදැයි සෙවූ අමරෙ අංකල් නොහොත් අමර හේවා මද්දුම මහතා ඊයෙ නික්ම ගොස් ඇත.අමර හේවාමද්දුම මහතාගෙ අයියාගේ පුතා වූ නාලක සමඟ ඔහුගේ ආයතනයේ රාජකාරි කල කාලයේ මට හමුවී පසුව පවුලේ හිතවතකු වූ අමරෙ අංකල් මට හමු වූ ඉතාම සුන්දර මිනිසුන් කිහිප දෙනාගෙන් ...
මහා පරිමාණ ඉදිකිරීම ගැන ඇත්තටම දැනගත යුතු දේ...දෙවැනි කොටස.. සැහැල්ලුව අපි පසුගිය ලිපියෙ කිව්ව මහා පරිමාණ ඉදිකිරීමක ආරම්භය සහ සැළසුම සිදුවෙන ආකාරය පිළිබඳව. එතනදි මම පොරොන්දු වුනා තව කරුණු දෙකක්, ඒ කියන්නෙ 1. සුඛෝපභෝගිමහල් නිවසක අවැසි ඉඩ සහ සැළසුම සහ 2. එවැනි ඉදිකිරීමක වර්ගඅඩියක වියදමගැන ඊළඟ ලිපියෙ කතා කරනව කියල. මේ අන්න ඒ අවස්ථාවයි.1. නිවාස සංකීර්ණයක ඉඩ සහ ප්‍රමාණ ගණනනය.සාමාන්යෙන් ඕනම නේවාසික ගොඩනැගිල්ලක් කාන්ඩ තුනක් යටතෙ වර්ග කරන්න පුලුවන්. ...
දඟ මල්ල ලිහී අද, කඳුලු බිඳි විසිරිලා...... නැඟනියනි...ඔබට සුභ ගමන්!!!! සැහැල්ලුව කුසුමක්..විකසිත වූ විගස..නටුවෙන් ගිළිහුනු.. සුවඳ කුසුමක්..නෙක කිඩාරම් දෙපසය..නැත කිසිත් දොසක්...පරව යයි සුවඳ කුසුම්තබමින් නෙතඟ කඳුලක්......ජනිතා රාජපක්ෂ නැඟනියනි, ඔබට මෙවන් අකල් මරණයක් උපනූපන් ජාතිවත් නොවේවා....!ඔබ දුකාගේ මෙම සටහන දකින්න ඇතැයි සිතමි. එහෙත් අපට යමක් කරන්නට ඉඩ නොතබා ඇය රහසේම නික්ම ගොසිනි...! ...
ඔබේ සෙනෙහෙන් යළි උපන්නෙමි! සැහැල්ලුව ගිය මැයි මාසෙ තිබ්බ අම්මගෙ උපන්දිනේට සුභ පැතුවට මොකද ඊට දින කීපෙකට පස්සෙ ආපු තාත්තගෙ උපන්දිනේ අමතකවෙන්න ඉඩ ඇරල කරපු වරද කොයි තරම් ලොකුද කියල මට හිතුනෙ අද උදෙයි. අවුරුදු හැත්ත හතරක් ඉවර වෙන තාත්ත අපෙන් Happy Birth Day Dad..! කියල කාර්ඩ් එකක් බලාපොරොත්තුවෙන්නෙ නෑ කවදාවත්ම කියන එක මම හොඳිම්ම දන්නව. ඒත් දුර රටක ඉන්න තමන්ගෙ ලොකු පුතා උදේ ...
බසය සහ ගැහිල්ල සැහැල්ලුව රියදුරුට බස් පලුටසමව හිමි බස් රියේගිරි, මහා හෙල් පසුවරැගෙන මහ මං පුරාදහවලේ සහ රැයේයනෙන රියැදුරානෙනිදැනෙන තුරු ලේ රසයඋගිර කට වේලිලාමුදල් සරි කර දෙවනබස් පලුව ඉඳ හිටක ගැහැව්වත් මාටියාගන්නං නෙමෙයි ඒ අනුන්ගේ බස් එකක්මටත් ආසයි නොවෑඉඳ හිටල වත් දිනකටැක්සියක නැඟ යන්න ...
ඩේවිඩ් කැමරන් මෙච්චර ගේම ඉල්ලන්නෙ ඇයි? Discrimination to the world leader සැහැල්ලුව ඩේවිඩ් කැමරන් නොහොත් බ්‍රිතාන්‍ය අගමැති තුමා චොග්ම් එකට ආවට මොකද හෙන මලෙන්නේ උන්නෙ. කොටිම්ම සමහර රැස්වීමුත් මගෑරල, කැමරා කාරයො එක්කයාපනේ මුඩුක්කු අස්සෙ රිංගල, මොන විළි ලැජ්ජාවක්ද කොරේ. ඒ ඔක්කොම කරල අන්තිමට අපි නොකලොත් මිනිහගෙ එකක් දාල හරි අපේ අපරාධ හොයනව කියලත් මහ සත්තමක් දැම්මනෙ යන්න ඔන්න මෙන්න තියල.කොටිම්ම මිනිහගෙ වැඩේ මට පෙනුනෙ නිකන් හරියට අර මගුල් ගෙවල් වලට ඇවිත් ...
පඩ කතා නොහොත් " රැඩ පල්ල" සැහැල්ලුව කතන්දර ගුරුගෙ පඩේ සැර ඇමරිකාව හරහා මැදපෙරදිගටත් ආවෙ හරබර රසබර තොරතුරු ගොන්නක් එක්කලනෙ. වැඩිය කට්ටිය කතා නොකරන පඩ ගැන එච්චර නොහිත උනත් මේ විදියටත් කතා කෙරෙනෙව.1. හීනෙං යන පඩ.සමහරුන්ටනං ඇත්තටම හිනෙං යනව ඇති, ඒත් මේ කියැවෙන්නෙ ඒ ගැන නෙමේ. සමහර හාල්පාරුවො කරන තර්ජන ගර්ජන ගණං නොගන්න චන්ඩි කියන කතාවක්නෙ " ඕකගෙ කතා හීනෙං යන පඩයක් තරමටවත් ගනං ගන්නෑ" කියල. ඒවගේම ...
මිනිය මිනිහට වඩා බර වැඩිද? සැහැල්ලුව මිත්‍යාව පිලිගන්න අපේ රටෙ විතරක් නෙමෙයි දකුණු ආසියාවෙම මිනිස්සු බොහොම කැමතියි.සමහර විට මේ ඇහැට පේන සත්‍ය වෙනුවට මහා මිත්‍යාවක් කරපින්නගන්නව. එක අතකට මොන හෞතික විද්‍යාව ඉගෙන ගත්තත් බටහිරයොත් නොපෙනෙන දෙවියන් කෙනෙක් ගාව ගිහින් පිහිට ඉල්ලන එක පවා මිත්‍යාවලට රැවටීමක් නෙමෙයිද කියල කෙනෙක්ට අහන්න පුලුවන්. එහෙම තත්වයක් උන ඇයි අපේ අයට විතරක් බනින්නෙ කියල තර්කයක් ගේන්න බැරි කමකුත් නෑ. ඇත්ත. ...
අවුරුදු නමයක්...ඒත්....සියල්ල එහෙමමයි! සැහැල්ලුව " ඔව් දැන් මොරටුව ගාලු පාර එකම සුන් බුන් ගොඩක් බවට පත්ව තිබෙනවා. අවට ධීවර නිවාස සියල්ලක්ම පාහේ මහ මඟට වතුරත් සමඟ ගසා ගෙන ඇවිත් බවයි දැන් අපිට පේන්නෙ"සිංහරාජයෙ වැද්දගල පිවිසුම අසල නවතා තිබූ ලොරි රථයක රේඩියොවෙන් ඇසුන ඒ හඬ අපේ ගමන මදකට නැවතුවා.දුරකථන නැති, රූපවාහිනී නැති තැනක නිවාඩුව ගතකරන්න හිතපු එකේ මෝඩකම කියල හිතුනෙ මේ ඇහෙන දේවල් කිසිදෙයක් ඇත්තද ...
ස්වයං වින්දනයේ යෙදීමෙන් ශරීරය කෘෂ වේද? සැහැල්ලුව මෙය අපට පාසැල් කාලයේදී ඉතාම වද දුන් පැණයකි! එකල තරමක් කෙසඟ සහ කතාවේ දක්ශයින් නොවන්නන් හට "මූ කෝට්ට වගේ ඉන්නෙ ඉතිං අල්ලෙ රේඛා මැකෙනකල් උදෙ හවස වැඩ අල්ලනවනෙ" යැයි පැවසූ විට පාන්තිරවලට වඩා කදිමට ඇඹරෙති. නමුත් කටකාරයින්ට මේ චෝදනාව නොකරන්නට පරිස්සම් වූයේ අහිංසක සහෝදරියන්, දෙමව්පියන් පවා ගාවා දෙන උත්තර ඇසීමෙන් චෝදනා කාරයාම ඉල්ලං කෑමට සමහරවිට සිදුවනබව අන්තිම පේලිවල උන්නම් දන්නා ...
සෙල්ලංද කොල්ලෝ ( කෙල්ලො ) සැහැල්ලුව මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ල කම්මැලි කම නැතිකරගැනීමෙ උපායක් විදියට, එහෙමත් නැත්තං ඇමරිකානු ආර්ථිකයට හැදුන උන නිසා නිව්මෝනියාවෙන් පෙලිච්ච අරාබියෙ වැඩක් නැතිව නිකං උඩ බලං ඉන්නොකට බෙල්ල රිදෙන එක නවත්තගන්න, ඒ වගේම මටත් ලියන්න බැරිද, මුං කරපුවද අපි කොරල තියෙන්නෙ, එව්ව ඇහුවොත් මුං කොර, වගේ පොර මමත්වයත් හින්ද ලියන්න ගත්ත මේ මඟුලට දන්නෙම නැතුව අවුරුදු දෙකකුත් වෙලා. වැඩ අඩු කාලෙ සතියට ...
අද සෑ තමයි සෑ! සැහැල්ලුව අවුරුදු දෙකහමාරකට පස්සෙ අලුත උපන් පැටියයි පරණ පැටියයි උංගෙ අම්මයි එක්ක අපි තුන්දෙනා හතරක් වෙලා ලංකාවට එනව නිවාඩුවකට.මං හිතන්නෙ මේ වගේ නිවාඩුවලට වෙන්නැති සිංහලෙන් "අන්වයින්ඩ්" කරගන්න එනව කියන්නෙ.මුහුදෙ නාල, කුරුම්බ බීල, කොස් සමග කරවලයි කුරිඤ්ඤං කොල මැල්ලුමුයි කාල හිතේ හැටියට නිදා ගන්න හික්කඩුවෙ මහ ගෙදර යන්න, බබා හම්බ වෙන්න කලින් හාමිනේට ඉටු කොරගන්න බැරි උන කිරිය කෑමේ දොළ සංසිඳුවගන්න ...
ඉරිදා ලක්බිම පුක හොරකම් කල හැටි...!!! Lakbima සැහැල්ලුව ලක්බිම කියන්නෙ මම ගොඩක් කල් ඉඳන් කියවපු, අනික් පත්තර වගේ බොරුව මිථ්‍යාව වපුරන්නෙ නැතිව තරමක් දුරට මැද මාවතක ගිය ( මෙහෙට පත්තර ගේන එක නතර කරල හින්ද දැන් අවුරුද්දක් විතර වෙනව කියවන එක නතර වෙලා - ඉතින් මැද මාවතේ යන කියන වචනෙ ලියන්න බෑ ) පත්තරයක්. කොටිම්ම ඔය කතන්දර කියන උන්දැ ලියාපු ලිපියක් ලක්බිමේ තියෙනව දැකල තමයි මම සිංහල ...
මකබාස් ආර්කිටෙක්ට්ස් සැහැල්ලුව ආර්කිටෙක්ට්, ආකියො යන පද වලින් හඳුවනු ලැබූවන් කලකට පෙර සමාජය හඳුනා ගත්තේ ගෘහ නිර්මාණ ශිල්පීන් යන නමිනි. එහෙත් පසුව පාලිමේන්තු පනතකින් තම වපසරිය මෙන්ම නමද වෙනස් කරගත් මොවුන් අද හඳුන්වන්නේ "වාස්තු විද්‍යාඥයින්" ලෙසටය.. ඉස්සරනම් වාස්තු යන්න කේන්දර හා ගැළපුන යමක් උවද අද එය වෙනස්ම කතාවකි. කොටින්ම පාරම්පරිකව කේන්දර හා වාස්තුවිද්‍යාව කරගෙන හම්බුකරන් කෑ මුත්තලාටද දැන් "ආකි" ඇම් ඇස් සී ...
අම්මෙකුගෙ ආදරේ සැහැල්ලුව මේ දවස්වල අම්මට ටිකක් සනීප නෑ. පහුගිය දවස්වලනම් හොඳටම සනීප නැතුව ඉඳල ගිය සතියෙ තමයි ඉස්පිරිතාලෙන් ගෙදර එක්කන් ආවෙ. ඒ අස්සෙ මගෙ යාලුවෙකුගෙ අම්මටත් ඒ වගේම අමාරුවෙලා, මොකද්ද අමුතු ඔපරේෂන් එකකුත් කරන්න වෙලාලු කැමරාවක් නහර දිගේ යවල. අපි දෙන්නම (මායි අර යාලුවයි ) ඉන්නෙ රටින් පිට, දෙන්නගෙම පවුලෙ සාමජිකයො හතරයි, ඒත් අන්තිමේ අම්ම බලන්න ලඟ ඉන්නෙ එකයි, අනික් උන් රටෙත් ...
ඡන්ද පද බැන්ද කද කවි Best cheaters and stupid losers සැහැල්ලුව ඒ ඡන්දෙත් ආව ගියා. කය්යියක් පද බදින්න කියල ඉවාන් කියන අස්සෙ නලින් ලොක්ක බටර් කාලක් ගාල ගිහින් තිබ්බ. ඉතින් බටර් ටික මුඩු වෙන්න කලින් දුන්න පොඩි ට්‍රයක්!විළිලා විළිලා උතුරට හදලා දුන්නයි පලාගෙ චන්දේදුවලා දුවලා පාරට දමලා දුන්නයි බැසියගෙ සද්දේහිතලා බලලා හරියට ගහලා දැම්මයි දෙමළගෙ මැද්දේකෙළලා කෙළලා සුම්මට දෙමළා දින්නයි අම්මගෙ රෙද්දේබෙදලා බෙදලා හරියට දුන්නයි ජොනියගෙ අරක්කු සද්දේඅඬලා අඬලා හෙමිහිට දැම්මයි ...
ලංකාවෙදි සේෆ්ටි ට්වෙන්ටි ෆස්ට්ද? සැහැල්ලුව සාමාන්යෙන් දියුණු සහ සංවිධිත ඉදිකිරීම්, නිෂ්පාදන ක්ෂේත්රවල වැඩ කරන අය නං දන්නව සේෆ්ටි ෆස්ට් කියන සංකල්පය. ඒ වගේම දියුණු රටවල සියළු පොදු සේවා වලදිත් මේ දේ ක්‍රියාත්මක වෙනව. අනික මිනිස් ජීවිතයක තියෙන වටිනාකම්, අනික් සියල්ල කල යුත්තේ ආරක්ෂාවට මුල් තැන දෙමින් බව වගේ කරුණු දියුණු රටවල සංකල්පයක් හැටියටම මුල් බැහැල තියෙනව. ඒත් අවාසනාවකට අපේ අටේ තත්වෙ මොකද්ද. රට දියුණු ...
සම්භන්ධය! සැහැල්ලුව පුලුවන්නම් මේ පහත පින්තූර තුන දිහා බලල ඒවගෙ සහ සම්භන්ධයක් තියෙද කියල කියන්න බලන්න. ......... ..............හොඳම කමෙන්ටුවට අස්ග්රාලි වෙතින් වටිනා සුවඳ කැවූ පුළුන් කෑල්ලක් නොමිලේ!! ...