කතරගම දෙය්යො කියන්නෙ ගොපයියෙක්ද? සැහැල්ලුව නරක කතා කුණුහරුප කියනව කියල කලබල වෙන්න ඕන නෑ. පය්යියාගලට පයියාගල කියනව වගේ ගොපයියට ගොපයිය නොකිය කරුපයිය කියන්නයැ!සාමාණ්යෙන් කතරගම ගිහින් මිනිස්සු කට වරද්ද ගන්නෙ නෑනෙ. ඒත් මේ කියපු කතාව මගේ මිත්‍රයෙක් කිව්වෙ කතරගම දේව්යන්ගෙ අඩවියෙ වැඩහිටි කන්දෙ, නඟින මග අතර තියෙන දේවාලෙක කපුවෙකුට. ඔය වැඩහිටි කන්දෙ උඩ දෙන දේව දානෙ පේරුවක් ගන්න එක මහ අමාරු කාරියක්. මොකද සල්ලි කාරයො ...
බණ තලන ක්‍රමය! සැයු; නාන සාර බලකායට සහ අසපු රූ සපු ගණට අදාල නොවේ. සැහැල්ලුව අද බණ ඇසීමත් බණ දෙසීමත් අන් කවර කලෙකටත් වඩා ෆැන්සි වී ඇති යුගයකි. එහෙව් කලෙක කාලීන බණ අසන්නෙක් ගැන අපේ සුප්‍රසිද්ධ උඩුරාවණ මැතිඳුන් මුල් කොට ගෙතූ ප්‍රභන්ධයකි. මෙහි ඇති රසවත් බවත්, තියුණු උත්ප්රාසය සහ කාලීන බවත් සලකා බහුජන හිත සුව පිනිස මේලයකින් මහට ලැබුන මෙය මෙහි පල කලෙමු. පින්තූරය මෙතනින්හාමුදුරුවෝ - අද කාලෙකට පස්සේ උඩුරාවන උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල ...
ඉඟුරු දී ගත්තු මිරිස් ..….. Putin’s bitch putting him down! සැහැල්ලුව ඒ ලාංකීය ඉතිහාසයෙ මෙන්ම ජාත්‍යන්තරයේද ඉතා අවධානයට යොමු වූ නඩුවක තීන්දුව දෙන දිනයයි.පසුගිය දින බ්‍රිතාන්‍ය ලංකාවට ජිනීවාහීදි කල දෙයෙහි පළිය ගැනීමට ලැබුනු මෙම අනගි අවස්ථාව මඟ නොහරින බවට සියලු දේශ හිතෛශී ජනතාව තුල තිබූ විශ්වාසය නිසා ඔවුන් අලුක්කාල් කඩේ වටකොට කඳවුරු බැඳ සිටියහ.උසාවිය තුල ප්‍රකාශ කෙරෙන මෙම තීන්දුව ජංගම දුරකථනයක් හරහා සන්නිවෙදනය කොට පිටත එක්වී සිටින දහස් සංක්යාත ආධාරකරුවන් ...
Silent Sahan ගෙ නිරුවත නොහොත් හොරු වෙනුවෙන් පෙනී සිටි හොරෙකුගේ කතාන්තරය. සැහැල්ලුව සයිලන්ට් සහන් යනු කවුද? සයිලන්ට් සහන් යනු දක්ෂ තාක්ෂනික ලිපි ලියන්නෙක්. ඊටත් වඩා දක්ෂ රැවටිලි කාරයෙක්. සාමාන්‍ය ලෝකෙ හරස්කඩක් වෙච්චි බ්ලොග් අවකාෂෙ සහන් වගේ රැවටිලිකාරයො නැතිවෙන්නෙ නෑ. ඒත් බහුතරයකගෙ වගකීම වෙන්න ඕන එහෙම අයට අනෙක් අය රවටන්න ඉඩ නොදෙන එක. ඒ රැවටිල්ලෙන් ගලවගන්න එක. මොකද මුලින් ටික ටික පටන් ගන්න ඔය රැවටිල්ල අන්හිමට ඉවර වෙන්නෙ මට උනා වගේ ලක්ෂ ගානක් ...
මොනා ලියන්නද, මොනව කියන්නද! සැහැල්ලුව මොනා ලියන්නද,මොනව කියන්නද!කිවයුතු සියල්ල කියල,ලිවිය යුතු ටික හංගගෙනඔහොම හොරාටකලබලේම නික්මගිය කොට!කවදාවත් දැකල නැති,කටහඬවත් අහල නැතිඋඹ වෙනුවෙන් මෙහෙම දුකක්!ඔබා අය්යෙ, අපි හැමෝගෙම පින් ගන්න තරන් පින්කරල තිබ්බ උඹට නිවන දුර වෙන්නෙ නැහැ. ...
නොදන්න ගොඩ නොදන්න ඩිංගෙන් වැසීම නොහොත් ගලේ පහරන බළලාගේ දුම්බෝම්බ න්‍යයාය. සැහැල්ලුව කිසියම් කෙනෙක් ජීවිතයේ කිසියම් දිනක කිසියම් තැනකින් ගමණක් ආරම්භ කරයි…මෙහෙම කියල පටන් ගත්තෙ ඒ කාලෙ අපේ ප්‍රියතම ගුවන් විදුලු සඟරාව සැරිසර.වාර්ථාවක් කියන්නෙ අනුන්ගෙන්, එහෙන් මෙහෙන් ලැබෙන තොරතුරක් එහෙමම ඉදිරිපත් කිරීමකට වඩා බොහොම එහා ගිය දෙයක් කියල අපි ඉගෙන ගත්තෙ, තේරුම් ගත්තෙ සැරිසර අහල.එදා සම්මත ගුවන් විදුලි රීති අතික්‍රමණය කරපු සැරිසර වගේ වැඩසටහන්,අද සම්මත මාධ්‍ය භාවිතාව වෙනස් කරපු බ්ලොග් සටහන් ...
රොන් කොෆ්මන් නොකී පාඩම! lesson from Ron Kaufman's event සැහැල්ලුව කතාවක් කියනකොට කෙලින්ම කතාව නොකිය පඳුර වටේ තලල පස්සෙ කතාවට බහින එකේ රසය ( සහ පඳුර වටේ තලනවා යන වචනය ) මම දැක්කෙ ඔබාම ( ඔබ්සවර් මයා) ගෙ පෝස්ට් වල. ඉන් පස්සෙ හැලප කඩේ. ඉතින් මාත් ඒක ටිකක් ට්‍රයි කරන්න හිතුව ( ඒ උනාට ඒක්නෙ කතාව ටිකක් දික් උනා ).ලංකාවට ධනාත්මක චින්තනය, මිනිස් සිතේ හාස්කම් වගේ විෂයයන් අර අරුණි ...
මකබාස් ආර්කිටෙක්ට්ස් සැහැල්ලුව බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන වගේ හින්ද ආයි දැම්ම. මෙතනින් ගිහින් බලන්න.
පොඩි "පොඩි" වංචා සැහැල්ලුව පුතා මේ මොකද මේ වතුර එක බීල නැහැවෙලාවක් තිබ්බෙ නෑමොන වැඩද ඔච්චරටඔය පුන්චි ඉස්කෝලෙ?කමක් නෑ අපි තාත්තෙබෝතලේ පෙරළලාවතුර එක බිම හලමුඒ මොකද ඒ වැඩේකාට බොරු කරන්නදනෑ ඊයෙ "ටී" අතින්බෝතලේ පෙරලුනාපස්සෙ ඇහුවම අම්මඇවිල්ල රෑ ගෙදර"බබා අද හරි හොඳයිවතුර සේරම බීල"කිව්ව...සුන්දර පුන්චි ලොකේ පුංචි පැටව් ඔන්න ඔහොමයි පස්සෙ බොරු කාරයො වෙන්නෙ.ප/ලි"ටී" නොහොත "ආන්ටී" යනු අපේ දරුවන් බලාගන්න ගෑණු උන්දෑය. මේ අද දවල් ...
විශවගේ අදහස.... පිළිතුරු දීමේ අයිතිය සහ එක් කතාවක අවසානය! සැහැල්ලුව SilentSahan ගේ බ්ලොග් එකේ සදහන් වැරදි ප්‍රකාශ වලට මම යොමුකරන ලද කරුණු වලට ඔහුගේ අපහාස සහ නොගැලපෙන පිළිතුරු නිසා ඒවා කියවන්නෙක් හට තේරුම් ගැනීම පහසු නොවේ. මෙම ලිපියේ අරමුණ ඒ සියලු කරුණු සවිස්තරාත්මකව පෙන්වා දීමයි. මෙහි තාක්ෂණික කරුණු ඇසුරෙන් ඔහුගේ ප්‍රෝඩාව පෙන්වීමක් වන නමුත් තාක්ෂණික දැනුමක් නැත්තෙකුට උනත් තේරුම් යන පරිදි මම ඉදිරිපත් කරමි.වෙනත් බ්ලොයක බ්ලොග් රෝලේ දකින ලද "ප්‍රහාරක ...
මහා පරිමාණ ඉදිකිරීම ගැන ඇත්තටම දැනගත යුතු දේ ( බොරුව, මවා පෑම සහ සැබෑව අතර වෙනස ) සැහැල්ලුව අපි නොදන්න දේ හරි යන්තන් දන්න දේ හරි ගැන මහා විද්වත් ප්‍රවීනයෙක් වගේ කතා කරන එකත් එක්තරා විදියක වංචාවක්. පින්තූර හොරකම් කරල තමන්ගෙ නම ගහල තමන් ගත්ත වගේ පෙන්නන, අනුගෙ සල්ලි කඩා වඩාගෙන බොරු කියල මාරු වෙන වගේ, අනුන්ගෙ ලියුම් ගෙඩි පිටින් තමන්ගෙ වගේ පල කරන බ්ලොග් වංචා කාරයො අපි අතරෙ ඕන තරම්. ඒ වගේම සමහර මිනිස්සු අති පන්ඩිත ...
නයි අරින්න බැරිද? My car, my petrol…. parking at your place.. සැහැල්ලුව ඇයි අපි බ්ලොග් ලියන්නෙ??බලන්න කට්ටිය ඉන්න හින්දද, කට්ටිය බලල කමෙන්ට් එකරන හින්දද? බලන අය ඒ ඔස්සෙ අත්දැකීම් බෙදාගෙන සංවාද විසංවාද ඇතිවෙන හින්දද?. එහෙමත් නැත්තන් පොත් පත්තර බලල, ඒ වගේ තමන්ටත් ලියන්න, ලේඛකයෙක් වෙන්න ආසව තිබ්බත් අවස්ථාවන් නොතිබ්බ නිසාද!එච්චරද. තමන් පොරක් කියල පෙන්නන්න ඕන හින්ද, තමන්ගෙ හීන මානෙ වහගන්න, කෙල්ලෙක් සෙට් කරගන්න, ණයක් ගන්න, බිස්නස් වැඩිකරගන්න මේ වගේ ඕනම දෙයක් ...
ආයි ආයි ඔන්න ආපි නිවාඩු නිවාඩු කාලේ... සැහැල්ලුව ලංකාවෙදි අපිට ලැබෙන වාර්ෂික නිවාඩු විසි එක ඉවර වෙන්නෙ මාසෙට එක දෙක ගානෙ මගුල් ගෙවල් මල ගෙවල් වලට අරගෙන. අනික බැංකු වගේ ක්ෂේත්‍ර කිහිපයක හැර එහෙම දවස් විසි එක එක දිගට අරන් ගෙදර ඉන්න සිරිතක් ලංකාවෙ නෑ.අනෙක් පැත්තෙන් මාසෙට නිවාඩු පහකට වඩා අනිවාර්යෙන් තීන ( සෙනසුරාද අමතක කලොත් ) ලංකාවෙදි සමාජමය වැඩ නිසා අර විසි එකත් මදි වෙනව.ඒත් මෙහෙ ...
අවශ්‍යතාවය සහ ප්‍රෝඩාව අතර වෙනස! සැහැල්ලුව ලියන්න වෙලාව නොතිබ්බට මොකද නොලිය ඉන්න හිත දෙන්නෙම නෑ.ඒත් මේක දැක්කම යමක් නොකිය කොහොමද කියල හිතුන.අද සමහරුන්ට පරිසරය රකින එක විලාසිතාවක් වෙලානෙ. මේකත් එහෙම දෙයක්.මේ අපි දැනට කරගෙන යන ප්‍රොජෙක්ට් එකකට අවශ්‍ය ලී වලට ලැබුනු ඔෆර් එකක්. බැලූ බැල්මට මේකෙ වරදක් නොපෙනුනාට, මෙතන තියෙන ලොකුම විහිළුව මේකයි.(පින්තූරෙ උඩ දෙපාරක් කොටල සූම් කරල බලන්න.)මේ මිලගනන් දීල තියෙන ලී ප්‍රමාණය ගන්න සාමාන්යෙන් ...
බහරේනයේ මෝඩ මෝල! Bahrain Moda Mall. සැහැල්ලුව තාක්ෂනික දොසක් නිසා මගේ අලුත් පෝස්ට් එක එකපාර අප්ඩේට් වෙන්නෙ නෑ බ්ලොග් රෝල් වල. ඒ හින්ද මෙන්න පාර, මේකෙන් යන්න මෝල බලන්න.
වාද බයිල කියමුද? සැහැල්ලුව අපි ඉස්කෝලෙ සාමාන්‍යපෙළට කලින් අවුරුදුවල ජනප්‍රියම අංගයක් තමයි වාද බයිල. ෆ්‍රී පීරියඩ් වල දෙතුන් දෙනා බෙදිල ටීම් හැටියට නැත්තං තනි තනිවත් බයිල කියනව. එව්ව මේ කෙල්ලො අනික් උන් ගැන කියෝන බයිල වගේ නෙමේ නියම වාද බයිල. හැබැයි මෙවා තොටලඟ කුසුම්පාලල, අඟුලානෙ ගුණසිරිලගෙ වගේ හිටිවන බයිල නෙමෙයි. කටපාඩමෙන් තමයි කියන්නෙ. අපේ පන්තියෙ හිටිය බයිල චක්‍රවර්ති තමයි "බන්ධුසේන". මිනිහගෙන් දහම්පාසලේදී තුන්දොර ඇහුවම ...
සයිබර් අවකාශයේ ඉන්නේ ගෝත්රවාදියෝ සැහැල්ලුව උපුල් ශාන්ත සන්නස්ගලකියන්නෙ කවුද කියන එක ගැන විවිධ කියැවිම් තියෙනව. මනුස්සයගෙ ඉගැන්වීමේ දක්ෂකම වගේම අළෙවිකරනයෙ දස්කම් ගැනත්, මිළ ගැනත් නොයෙක් මත තියෙනව. හැබැයි මම සන්නස්ගලගෙ අගය කරන දේ තමයි, මනුස්සය නොවිකිනී ඔහුගෙ නිෂ්පාදන විකුණල හම්බු කරන එක. මේ දේ තව කොයි කාලයක් තියෙයිද කියන එක හෝ එය පිටුපස ඇති වෙනත් හේතු ගැන අපි වෙනම කතා කල යුතුයි.කොහොමඋනත් සන්නස්ගලත්කාලෙකට සැරයක් ...
අපේ බයිල අවසානයි චෙරියෝ චෙරියෝ! (ස්තූති කතාව සහ වලියේ විස්තර) සැහැල්ලුව ( උපශාන්ත මහතා වේදිකාවට ගොඩ වෙයි. ප්‍රොෆයිල් ඇනෝ මයික් එකක් සෙට් කර පසෙකට යනවිට පත්තරේ, ඉවාන්, මැළේ, රාජ් ඇතුලු සූ ගා පිරී සිටින හතරපස්දෙනා විසිල් ගසා අප්පුඩි ගසයි. දෙපස කොලම්ස් වලින් මයිකල් ජැක්සගේ ෂෝ එහෙකටම මෙන් අප්පුඩි හඬ ගුවණ සිසාරා පැතිරේ.නලීන් දිල්රුක්ෂ මහතා අසීරුවෙන් හේත්තුවී සිටි පොල් ගසෙන් මෑත් වෙයි. දෙපරංදේ තිබූ වීදුරව බිම වැටී සළාං හඬින් කුඩු උන මුත් ...
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ... His Master Jobs..! සැහැල්ලුව ඔබේ ප්‍රියතම සිංහල සංගීතඥය, ගී තණු නිර්මාපකය කවුද? කේමදාස මාස්ටර්ද, අමරදේව මාස්ටර්ද? සමහරවිට රෝහණ වීරසිංහ වෙන්නත් බැරි නෑ. හැබැයි මට විස්වාසයි, මේ කියවන අති බහුතරයක් දෙනාගෙ ප්‍රියතම සිංහල සංගීතඥය, ගී තණු නිර්මාපකය මේ කථා නායකය නොවෙන බව!පිළිම නෙළු, බලෙන් නෙලා ගන්නා විරුවන් අතරෙ ඔහු නිහඬ මහා පිළිමයක්. ඒ අපිට අමතක වෙලා ගිය, නැතිනම් නොතකා හැරුනු. එහෙත් එහි වගකීම ඔබ හෝ ...
මගේද, උගේද, නැතිනම් අපේද? සැහැල්ලුව අරූ කුඩු ගෙනාවට මොකෑ මම ගහනවයැ...? ඒ හින්ද මට ඌ එක්ක අවුලක් නෑ..!ඉතින් ඌ වෙඩි තියල මැරුවෙ මාවයැ..? මට මොකෝ...මට ඌ එක්ක අවුලක් නෑ..!අරූ කොමිස් ගන්නෙ මගෙ සල්ලියැ...?ඔන්න ඔහෙ කරගත්දෙන්.. මට ඌ එක්ක අවුලක් නෑ..! ඒ මිනිහ අල්ලගත්තෙ මගෙ ඉඩමයැ....?ඒක උන් උන් බේර ගත්දෙන්...මට ඌ එක්ක අවුලක් නෑ..!අර මිනිහ දූෂනය කලේ මගෙ දුවයැ? අනික ඌ මට මොනතරන් උදව් කලා කියලද..ඒ ...