නාන්න යනවද නාගන්න යනවද? සැහැල්ලුව අද ජාතික ආරක්ෂක දිනයයි. මීට වසර අටකට පෙර සිදුවූ ඒ මහා ව්‍යසනයෙන් වූ හොඳ කීපයක් ඇතිනම් එයින් එකක් වනුයේ ආපදා කළමනාකරනය ගැන වැඩි අවධානයක් ඇතිවීම සහ එහි ප්රථිඵලයක් ලෙස ජාතික ආරක්ෂක දිනයක් ප්‍රකාශයට පත්වීමයි. එහෙත් කණගාටුවට කරුණ වන්නේ දහසකුත් එකක් දින වලින් පිරි අපේ කැලැන්ඩරයේ මේ දිනය මඳක් අවධානයට යොමුවන්නේ තවම ඉතුරුව ඇති සුනාමි මතක නිසා පමණක් වීමයි.ලෝක විනාශය ...
බඳින්න කලින් බලන්න ඕනෙ A,B,C,D,E,F,G,H දන්නවද? සැහැල්ලුව මතකනෙ මීට කලින් මම ලිව්ව බඳින්න හොඳ නැතිගෑණු කව්ද කියල සහ ගෑණුන්ගෙ හතර හිනා ගැන. ඒ ලින්ක් එකටම මේකත් දාන්න ඕනෙ කියල හිතුනෙ ඩූඩ් ගෙ ඉන්දියානු විවාහ ගැන තිබ්බ පෝස්ට් එක දැක්කමයි. ඒත් මේ ගැන කියන්න කලින් මේක මට කියල දීපු අල්ලපු රටේ යාළුවො ගැන යමක් නොකිය කොහොමද?ඉන්දියානුවන් හැටියට හඳුන්වගන්න ඒ මහා භූමියෙ ඉන මිනිස්සුන්නෙ භාෂා, ආගම්, විස්වාස, සංස්කෘතීන්ගෙන් ...
ගෑණු ජාතිය ජරා ජාතිය..එහෙම වෙන්නෙ කොහොමද? සැහැල්ලුව ගෑණු ජාතියට මේ දවස්වල එලව එලව ගහනව. මෙහෙං කකා, එහෙං දුකා.එහෙං කවිකාරි, මෙහෙං ලාවට වගේ මං.අපරාදෙ කියන්න බෑ වැඩේ නැගල ගිය නිකං බටකැලේ ගිණිගත්ත වගේ.සමහර මල් මාමල කූඹී එහෙම ස්ත්‍රී පක්ෂෙට සපෝර්ට් එකට පොඩ්ඩක් කෑ ගැහුවට මං ගනං ගනී ඕව.තුන් යහලුවන්ගෙ කතාවයි, අරුණිගෙ ඒකට ඈඳුතු කතාවයි දැක්කම වෙන යමක් ලියන්න හිතට ආවත් මේ ටිකත් කියලම මගේ බමුණු කතා ඉවරකරනව කියල ...
ඇනෝ කෙනෙක් ගැන ඔත්තුවක් සැහැල්ලුව මේ දවස්වල නැගල යන ඇනෝ අධි වසංගතය සහ කට්ටියම ඒ ගැන ලින දේ නිසයි මේ කතාවත් කියන්න හිතුනෙ. මේක සමහරවිටක ඒ ඇන ඇනෝබ්ලොග්/කමෙන්ට් කරුව කවුදැයි හිතාගන්න උදව් නූනත් යම් උදව්වක් කරයි කියල මට හිතෙනවමේ මට උන සිද්ධිය අනෙක් සහෝදර බ්ලොග් කරුවන්ට ගහපු මඩ වගේ ඇදෙන්නෙ නැතුව හිමීට වැලලිල ගියාට මොකෝ මේ උන දේ ගැන මට නිකං අමුතු සැකයක් තියෙනව ...
රජුන් ගැයූ ගී...! සැහැල්ලුව මලගෙවල් වල කතා පවත්වන්න තියෙන අකමැත්ත නිසාම බුද්ධියගෙ කඩේ වැහිල්ල ගැන මොනාවත් එතන නොකියට ආවට ඇත්තටම වැඩේට හිතට අමාරුයි. මොනා උනත් ඌ නොහිටින්න මගේ කාටුන් එකක් වෙන කාට කියල ඇඳ පබ්ලිෂ් කොරගන්න කියලද. එහෙව් සයිබර් යායට කෙල උන එකට මෙන්න මගේ සාතිෂය කෝපය සහ බලවත් විරෝධය!ඇත්තටටම වැඩ නිසා ටික දවසක් නොලිය උන්නම ලියන්න හිතෙන්නෙම නැති එකනෙ අප්ප කරුමෙ. ඒත් ...
මඩ නෑ ගල් නෑ නියම රාත්තල.. සතුටට සත පහක්..! සැහැල්ලුව මීට කලින් තිබ්බ අනික් සයිබර් ගෙට්ටු අවුරුදු උත්සව වලට ගිය උන් විඳපු දේ දැකල සතුටු හිතුනට මේ පාර විස්තර දැක්කම ඇත්තට දුකයි. පොඩි කාලෙ ඉඳල දුකට සැපට ආපු ගියපු අල්ලපු වැටේ බීච් එකේ තිබ්බ ගෙට්ටුවට යන්න තිබ්බනං කොච්චර එකක්ද! එහෙනං දෙහිවල ගිය උන් ටික ගෙදර ගෙනල්ල රෑ සින්දුවක් කියල ...එක්කො මොකට කතා කරනවද බැරි උන නැටුන් ගැන...යන්න බැරි උනාට ...
කපුගේට නින්ද නොගිය රැය! සැහැල්ලුව ගුණදාස කපුගේ ගයන නින්ද නැති රැයේ සඳ කඳුලු මීදුමේ කියන ගීය අහපු නැති කෙනෙක් නැති තරම් නෙ. ඒත් මේ සින්දුව ගැන නොදන්න තොරතුරක් මට මේ අන්තර්ජාලෙම තිබිල ලැබුන.මේ සිද්ධිය කියල තිබ්බ කෙනාගෙ වචන වලින්ම ඔන්න කතාව. "මේ ඔබ කවුරුත් අසා ඇති “නින්ද නැති රැයේ” ගීතය. ඒත් මේ ගීය සමහර විට ඔබට කවදාවත් ම අහලා නැතුව ඇති. මේ ගීය පටිගත කරල ...
අතුරුදන්වූ යානය ගැන ලොව කලඹන අනාවරණය. Breaking news – Missing Airplane Found in… සැහැල්ලුව මෙන්න දැන් ලැබුනු විශේෂ වාර්ථාවක්.පසුගිය දිනවල අතුරුදහන් වූ මැලේසියානු ජම්බෝ ජෙට් යානය මේ වනවිට සොයාගෙන තිබෙන අතර මෙම යානය සතියක් තුල සැඟව සිටි ස්ථානය සහ එයට හේතුව පැහැදිලි කිරීමේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් තව මොහොතකින් ආරම්භ වීමට නියමිතය.හොඳයි අපි දැන් සම්භන්ධ වෙමු සඳ ලංකාවෙ අගනෞවර කිඩාරම් පොකුණශාලාවේ මේ මොහොතේ ඇරඹෙන ඒ අති විශේෂ සාකච්ඡාවට.මේ විශේෂ අවස්ථව වාර්ථාව සඳහා මැලේ ඇක්සිඩන්ට් ...
ලිං කටින් සෙවූ විමුක්තිය...II සැහැල්ලුව තාත්ත හිටගෙන් ඉඳැද්දි මං කොහොමද ඉඳගන්නෙ. හිමීට ඇහුණෙ නැති ගානට ජනේලෙ උඩින් එන මදුරුවෙක් දිහා බලාගෙන ඔහේ උන්න. පුටුවෙ කුෂන් තදවෙන සද්දෙන් තේරුනා තාත්ත ඉඳගන්න බව. මම තාම මදුරුවගෙ ගමන් මාර්ගය නිරීක්ෂනයෙ."ඇයි……." මාව ආයි ගැස්සුනා..
කිම්බ(ර්) මොන රටේද? සැහැල්ලුව එක දිගටම සැහැල්ලුවෙ "බර කතා" ගිය නිසා පොඩි සැහැල්ලු කතාවක් ලියන්න හිතුව. මේකත් අපේ ලොකු උන්දැ නොහොත් ලොකු බාහුගෙ තවත් ඉල ඇදෙන ස්ටෝරියක්.මිනිහ ඉඳ හිට ඔහොම හොඳ කතා කියනව. දැන් අය්ය එක්ක මල්ලිත් සෙට් වෙලා තත්වෙ තවත් දරුණුයි. ඒ ගොල්ලො අහන සමහර ප්‍රශ්ණ සහ කියන කතා වලට අපිට තමයි කට උත්තර නැති වෙන්නෙ.දවසක් මම ලොකු බාහුට කියල දුන්න ඔය ...
සිංහබාහු ක්‍රමයෙන් නව වසරට අනාවැකි......ඉතිරි කොටස... සැහැල්ලුව අද යන්තන් වැඩ අස්සෙ අනාවැකිවල ඉතුරිටික ලියාගත්ත. මෙව්ව මේ විශ්ලෙශනය කරල සංකෝචනය කරල උන්ඩුක පුච්චෙන් හිතල අක්මාවෙන් උපදින අදහස් නිසා වෙලා යනව ටිකක් එන්න. ඔන්න තම තමන් අයිති කොටස ගැන ලියල තීන එව්ව හිතට හරි මදිනං තායිලන්තෙ ටර්කිෂ් බාත් එකකට ටිකට් එකක් අරන් "සිංහයා, තුනෙං දෙක, බගතලේ පාර, අඹතලේ හරහා මිහින්තලේ"ලිපිනයට තැපැල් කරන්න. යෝගයක් කරල අපල කපල අගලට දාන්නං.එහෙනං ඔක්කොටම ...
නාන්න සෙට්වෙන්න මං ආ ගිය තැන්. සැහැල්ලුව නාන්න ගිහින් ගහගෙන ගිය පුවත් බැළුවම තේරෙන්නෙ බහුතරයක් දෙනා නාන්න යන්නෙ හරි තැන නොදැන, එහෙම නැත්තං නාන විදිය නොදැන කියල. අවාසනාවකට රට වටේ මුහුදත්, රට මැද ගංගාවල් මහ ගොඩකුත් තිබ්බට අපේ රටේ ගොඩක් කොල්ලො කෙල්ලොන්ට පීනන්න බෑ, ඒත් ජම්මෙට වගේ වතුර වලක් දැක්කොත් පනිනව, පස්සෙ ගිලිල මැරෙනව. මේ බ්ලොගේට මහ ගොඩක් එන්නෙ යන්නෙ නැති උනත් එන යන අය අතරෙ හරි ...
ලිංගෙ අයින් කරපු රොෂාන්...අවසාන කොටස. සැහැල්ලුව ඊයෙ හදිසියට දාල දුවල කතාව කියා ගන්න බැරි උනානෙ. දැන් ඔන්න මුතු සම්බන්ධය දාල පටන් ගමු. ඊයෙ ටික බලාගන්න බැරි උන අය ටක් ගාල ගිහින් බලල එන්න.ඔය කාණුවෙන් මාලු අල්ලගෙන අපි ඉන් පස්සෙ යනව තව කාණුවකින් පණුවො අල්ලන්න. ඒක තිබ්බෙ ගල්වල පාරෙ මුල. ඔය ගල්වල පාර කිව්වට දැන් එහෙම එකකුත් නෑ. ඒකත් වෙනස් වෙලා. දැන් තියෙන්නෙ උද්‍යාන මාවත කියල.ඒකත් ...
දවස් හයක් රෑ පහක්..Journey to Moon with My Honey..! සැහැල්ලුව ඇත්තටම අද බලපුවම හිතෙනව ඒක මහ පුදුම ගමණක් කියල.අපි පටන්ගත්තෙ දෙදාස් හතරෙ ජූලි විසි හය. 24 තමයි අපේ හෝම් කමින් තිබ්බෙ. විසි පහ ඉරිද හති ඇරල ලැහැස්ති උනා. 26 උදේම පිටත් උනා. පටන් ගත්තෙ පානදුරේ, දේවිගෙ ගෙදරින් උදේට කාල. දවස් කීපෙකට ඇඳුනුයි වතුර බෝතල් දෙක තුනකුයි. තව ඩිජිටල් නොවුන කැමරාවයි, සී ඩී තොගේකුයි..යන්නෙ කොහෙද, ඉන්නෙ කොහෙද දන්නෙ නෑ. එන්නෙ ...
සාධු සහ භර්යාව! සැහැල්ලුව අපි පොඩි කාලෙ ගමේ පන්සලේ, දහම්පාසලේ හාමුදුරුවන්ට ඇමතුවේ පොඩි සාධු, ලොකු සාධු වගේ සාධු කියන නමින්. ඔක්කොම සාධුලගෙ ලොක්ක බුදු සාධු. ඒත් පස්සෙ හතරෙ පහේ පන්තිය පාස් කරනකොට ඉගෙනගත්ත නෙමෙයි ඉගැන්නුව සාධු කියන එක වැරදියි, මොකද සාධු කියන්නෙ ඉන්දියාවෙ ඉන්න සන්යාසි වර්ගයක්ය, ඒ නිසා හාමුදුරුවන්ට සාධු කියන එක අපහාසයක් වෙන දෙයක්ය කියල. ඉතින් ඉන් පස්සෙ අපි හාමුදුරුවන්ට හාමුදුරුවනේ කියල ...
ජනඅප්‍රිය බ්ලොග් ලියන කාන්තාවනි, තොපට කෙරෙන අවවාදයයි..! "Ladies be careful!” සැහැල්ලුව මේ දිනවල සිංහල බ්ලොග් ලෝකය ලිංගිකත්වයෙන් පිස්සු වැටී ඇත. කබල රත්වෙමින් තියෙන විට මාත් රොටිය සාදාගත යුතුය. ඒ නිසා දෙඤ්ඤං බැටේ න්‍යායෙන් සැමට දන්වන වගයි!කවුරුත් නොදන්නා නමුත් නමට උපශාන්තවූ සිංහයා විසින් සිංහල බ්ලොග් අවකාශයේ කාන්තාවන්ට අම්බානක කෙලවා ඇත. කුළ භේදය අවුස්සා පහර පිට පහර එල්ලකල හෙයින් පොඩි කුමාරිහාමි තම අවතාරයද වෙනස් කර පොඩ්ඩි නමින් නව අඩවියකට හිමින් මාරු වෙමින් සිටී. ...
ලංකාවෙ ජනප්‍රිය ඇන්ටිල සේරම මෙතන! සැහැල්ලුව මෙන්න මේ ලිපියෙ තීන කමෙන්ට් ටික බලන්න. ලිපිය රසවත්, කමෙන්ට් මාරම රසවත්. ඔය කබල රත් උන වෙලාවෙ මාත් පොඩි රොටි කෑල්ලක් පුච්චගත්ත..බලන්න රහ දැනෙනවද කියල?ප/ලිඔය සයිට් එකේ හිට්ස් නගින්නෙ එක ක්ලික් එකට පහ ගානෙ කවුන් වෙවී. බොරුනං මාස හය හතක් පරන පෝස්ට් එකකට ගිහින් රී ෆ්‍රෙෂ් කරල බලන්න. ...
ටැලිපෝන් සිස්ටම්ස්! Sexy Phone 21+ සැහැල්ලුව ටැලිපෝන් කිව්වම ඉතින් කොච්චරක්නං ජාතිද? කොළඹ දිස්ත්‍රික්කෙ දෙහිවල ගල්කිස්ස නගර සභාවෙ උනාට ඉස්සර අපේ ගෙදරට විතරක් නෙමේ අපේ පාරට ලයිට් තිබ්බෙත් නෑ. ඒත් ඉස්සරහ ගෙදර උන්න සමරෙ අංකල්ගෙ ගෙදරට ටැලිපෝන් තිබ්බ. පොඩි බැටරියකින් විශෙෂ බලයකුත් දීපු, වදිනකොට පාරෙ මුලටම සද්දෙ ඇහෙන ඒ පතරංග ටැලිය එහෙට ලැබුනෙ අංකල් රාජ්යපරිපාලනේ ඔඩිටර් කෙනෙක් නිසා. පස්සෙ කාලෙක ඒ තඩි ගෙඩිය අයින් කරල එතනට ...
සිංහබාහු ක්‍රමයෙන් නව වසරට අනාවැකි! සැහැල්ලුව මේ දවස්වල හැමෝම ඵලාඵල හොයනවනෙ අළුත් අවුරුද්ද නිසා. මාත් මගේම විශේෂ ක්‍රමයට හදපු ඵලාඵල විස්තරයක් දාන්න හිතුව බහුජන හිතාය බහුජන සුඛාය කියල. මෙව්ව මේ අර බෝල කළුව වගේ හීනෙන් කුණ්ඩලනී වඩලවත්, නැත්තං අහක ඉන්න තරු ගණන් කරලවත් නෙමේ නියම විද්‍යාත්මක තියරියක් වෙච්චි සිංහබාහු ක්රමයේ අනාවැකි.එකම වෙනස ලග්නෙට නෙමෙයි කියන්නෙ තමංගෙ තරාතිරමට. ඔන්න එහෙනං තම තමංගෙ තරාතිරමට අනුව ඉදිරිකල කොහොමද කියල ...
පොලු සහ ගෙඩි ගැන නව අර්ථකතනයක්.....18+ සැහැල්ලුව අළුත බැඳපු ජෝඩුවක් මනමාලයගෙ බුදු ෆිට් එකක් උන වයසක (ඔබා)මාම බලන්න නෑ ගං ගිහින්. වෙනසකටත් එක්ක කට්ටිය ලන්ච් එකට සෙට් උනා මිදුලෙ. දෙකක් අනුමත උන මාමයි බෑණයි "වයින්" වෙච්චි නැන්දයි ලේලියි කෑම ඉවරවෙලා පොඩි චැටක් දාන්න ගත්ත. පොඩ්ඩක් කන පාත්වේගෙන වගේ ආපු මාමයි බෑණගෙයි කතාව නිකං ඩර්ටි පැත්තට ඇදෙන්න ගත්තෙ මාමගෙ අත්දැකීම් ඇසුරෙන් බෑණගෙ අළුත් ජීවිතේට උපදෙස් දෙන්න ගත්තට පස්සෙයි. ...