මැදියම පිපුණු කුසුමක් – 14 ස්නේහයේ නගරය << 13 කොටස දෙරටක් යා කරවන මහා මංගලෝත්සවය දිනෙන් දින ලං වෙමින් පැවතිණ. දේශපාලන ගිවිසුම් ලියැවෙමින් පැවතිණ. ලංකාපුරයෙන් නැව් නගිනා රජ කුමරිය සමඟ යැවෙන ඇගේ අතවැසි සේවිකාවන් තෝරාගැනීමේ කටයුතුද, නව මනාලියට මදුරා පුර සිරිත් විරිත් ඉගැන්වීමේ කටයුතුද, ඈ රැගෙන යන රන් රිදී මුතු මැණික් දායාද සුදානම් කිරීමේ කටයුතුද ඇතුළු තවත් නොකී බොහෝ රාජකාරි නිසා රජ මාලිගය එකම කාලගෝට්ටියකි. එසේ වුවද ...
උඹ මට අකුරු ටිකක් නෙවේ…ඒත්… ස්නේහයේ නගරය කිරිකැටි පුතා ගල් පොත්තක හිර කරලා… මේ අකුරු පෙලකින් කොහොමද උඹේ හිනාව දකින්නේ? ඒත් මං උඹව හොයනවා ගල් අකුරක කොණක උඹේ සුවඳ පොදක හෙවනැල්ලක් හරි හැංගිලා ඇති කියල මට හිතෙන නිසා. ඒක මට වටිනවා… Listen to this song : Where have all the flowers gone? by Pete Seeger ...
මැදියම පිපුණු කුසුමක් – 13 ස්නේහයේ නගරය << 12 කොටස පෙම්වතියගේ අණෙන් සිය වැඩ නැවැත්වීම ට සිදුවීම නිසා දුකට පත් හේවායා මුහුණ පුළුටු කරගත්තද, ඔහුගේ මුහුණ දුටු පෙම්වතියට නම් සිනාව නවතාගැනීමට හැකිවුයේ නැති! “ඔන්න ඉතින්.” මුදා හල වරලස නැවත සකසමින් කුමරිය හඬ අවදි කලේ හේවායා දෙස යටසින් බලමිනි. “මේ අහන්න මගේ රන්. කියන්ට කාරනාවක් තියෙන හන්දයි මම…” ඇය සුසුමක් හෙළුවාය. මෙතෙක් වෙලා මුහුණේ රැඳී තිබුණු කෙළිලොල් නුරා ...
මැදියම පිපුණු කුසුමක් – 12 ස්නේහයේ නගරය << 11 කොටස ඝන තුරු වදුලෙන් ගැවසී ගත් නිවර්තන වන බිමක, ඇද හැලෙන දිය ඇල්ලක් අසබඩ වන ගල් තලාවක ඈඳී ගත් ආරෝහ පරිනාහ දේහ දාරියෙකි. සදාත වර්ණ හමින් ද, දික් වූ රන්වන් කෙස් වැටියකින් ද යුතු වු හෙතෙම මෙසේ හුදෙකලාව ඈඳී ගෙන සිටින්නේ හුදෙක්ම ස්වානුභූතිය තකා නොවේ. ඔහු මේ සිටින්නේ දහසකුත් එකක් බාධක මැද ඔහු හමුවීමට එන යමෙක් හමු වීමටය. ...
හඹා එනු පිණිස! ස්නේහයේ නගරය ඉපැරණි මතක මතින් හමන රුදුරු සුළං පාරවයි හදවත කලතමින් රොන්මඩ දිවි ගඟේ... බොළඳ කඳුලැලි ගලා පලා යන හැමවිටම පසුපසින් පැමිණ මා තදින් වැළඳගනු මැන, පෙම්වත.