ඇමරිකාව රනින් වර්ණවත් කළ මිනිසුන් හෙවත් නූතන ඔලිම්පික් ඉතිහාසයේ කැපී පෙනුනම ඇමරිකානු ක්‍රීඩකයන් - Remarkable American athletes in Modern Olympic History සත් සමුදුර පසුගිය දිනෙක ඔලිම්පික් ගැන ලිපියක් සත් සමුදුරේ පළ වූවා ඔබට මතක ඇති.ඔලිම්පික් ගැන දන්නා නොදන්නා තොරතුරු - http://sathsamudura.blogspot.com/2012/07/olympic-secrets.html මෙම ලිපියත් ඔලිම්පික් හා සම්බන්ධයි. ඒත් මෙය ලෝක මට්ටමෙන් ඔලිම්පික් ක්‍රීඩාව ගැන නොවෙයි පැවසෙන්නේ. මෙම ලිපියෙන් නූතන ඔලිම්පික් ඉතිහාසය තුළ ඇමරිකානු ක්‍රීඩා ආධිපත්‍ය තහවුරු කර ගැනීමට දායක වූ විශිෂ්ඨ ගණයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ගැන තමයි කතා කරන්නේ.ලෝකයේ බොහෝ ක්ෂෙත්රවලදී ඇමරිකානු ආධිපත්‍ය ...
හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව සත් සමුදුර වේගවත් ගමනක් ගිය අතරතුරේ කෙටි විරාමයක් ගන්නට සතියක් පුරාවටම කිසිදු ලිපියකින් සත් සමුදුර පුරවන්නට නොහැකිවීම ගැන මිතුරන් අසා සිටින අතරේ අවසන් ලිපියේ තිබූ ඉල්ලීමකට අනුව සතියකට පමණ පෙරාතුව අප අතරින් සදහටම වියෝවූ ඇපල් ලොක්කා නැතහොත් ඇපල් පරිගණක ආයතනයේ ප්‍රධානී Steve Jobs මහතා ගැන ටිකක් වෙනස් මාදිලියේ ලිපියක් ලියන්නට සිතුවා. කොහොමවුනත් ජීවතුන් අතරින් දැන් සමුගෙන ඇති මෙම අග්‍රගන්‍ය නිර්මාණකරුවා පිළිබදව මැදුම් ...
පෙර ලිපියෙන් පැවසූ දෝෂ නිර්ණය හා නිවාරණයන් මෙම ලිපියෙන් වඩාත් පැහැදිලිව දැනගැනීමට හැකියාව ලැබේවි.... සත් සමුදුර කලින් ලිපියේ පැවසූ Device Manager, Device Status හි Code 30 ක් දක්වා පැවසූ දෝෂයන්ට අමතරම තවත් Code 20 කට ආසන්න සංඛ්‍යාවකට අදාල දෝෂයන් මෙන්ම ඒවා නිවාරණයට අනුගමනය කළ හැකි පියවරයන් පෙර ලිපියටක් වඩා පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව මෙම ලිපියෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන අතර මුලින්ම වගුවේ පිළියම් සහ ඒවාට අදාල වන කෙටි සංකේතයක්ද ලබා දෙන අතර දෙවන වගුවේදී ...
Offline ලෙස .Net Framework 3.5 (includes net 2.0 and 3.0) ස්ථාපනය කරගන්නේ මෙලෙසයි.... සත් සමුදුර ඔබ මේ කාලවකවානුවේ වැඩිපුර භාවිතා කරන Windows 8 හෝ 8.1 සංස්කරණ වලදී ඇතැම් මෘදුකාංග පිහිටුවීමට යෑමේදී මේ අවශ්‍යතාව එම මෘදුකාංගය පිහිටුවීමට අවශ්‍යයයි තිරයේ දිස්වී තිබේද? එසේනම් බොහෝවිට ඔබට අන්තර්ජාල පහසුකමද තිබේනම් සුලබව කරනු ලබන්නට ඇත්තේ Install this Feature තේරීම ඔස්සේ එම .Net Framework 3.5 (includes net 2.0 and 3.0) ස්ථාපනය කරන්නට යෑමයි. එහෙත් ඒ සදහා වැයවන කාලය මෙන්ම අන්තර්ජාල පහසුකම් සේවා ...
ලොකු කතාවක පෙරනිමිත්ත - ලියනාඩෝ ඩාවින්චි විසින් ඇදි ලෝකප්‍රකට අතිවිශිෂ්ඨ සිතුවම් සහ ඔහුගේ සටහන් පොතේ ඇති තාක්ෂනික මෙවලම් රැසක පින්තූර සත් සමුදුර මේ ලිපිය තවත් ලොකු කතාවක පෙරනිමිත්තක්, එහෙමත් නැත්නම් ලොකු වැස්සකට පෙර එන විදුලි කෙටීමක්, තේරෙන්නම කියනවා නම් පෙරහැරකට පෙර එන කසකාරයො ටික. ඩාවින්චි ගැන ලියවෙන සුවිශාල ලිපියකට පෙර මෙම සිතුවම් පළ කරන්නේ එම ලිපියේදී මේවා සියල්ල පළ කරන්නට ගියහොත් එය සාර්ථක ප්රයත්නයක් නොවන නිසාම ඔබට රස කෑමක් කන්නට පෙර එය ගැන කෑදරකමක් ඇති කරන්නයි.පසුගිය ලිපියෙන් අපි කතා කළේ ලියනාඩෝ ඩාවින්චි ...
දෙව්ලොව අසිරිය මිහිපිටට රැගෙන ආ සිරි ගෞතම සම්බුද්ධ රජ මාලිගය සත් සමුදුර සත් සමුදුරේදී බොහෝ විට ඔබ දැක ගත්තේ විදේශීය රටවල ඇසට ප්‍රිය දසුන්. එහෙත් අද ලිපියෙන් ඔබට දැක ගැනීමට සලස්වන්නේ අපේ රටේ ඉදිකරන ලද අතිශයින්ම අලංකාර බෞද්ධ පූජනීය ස්ථානයක සේයාරූයි. මෙම පින්තූර අයත්වන්නේ පොල්ගහවෙල, මහමෙව්නා භාවනා අසපුවේදී පසුගියදා විවෘත කරන ලද සිරි ගෞතම සම්බුද්ධ රජ මාලිගයටයි.අලංකාර බුද්ධ ප්‍රතිමා, අලංකාර හැඩයක් ඇති ගොඩනැගිල්ලක් වගේම ඇසට ප්‍රිය උපදවන මල්කම් කැටයම් මෙන්ම විවිද දේවරූප ...
Textures සත් සමුදුර අදනම් මොනවත් ලියන්න හිතාගෙන නෙමෙයි හිටියේ. ඒත් පසුගිය දිනවල බ්ලොග් ඉඟි යටතේ HTML සහ CSS වගේ දේවල් එක දිගට ලියපු හින්දා ඒකාකාරි බවක් ඔබට දැනේවි කියලා ඒ ගැන ගොඩක් දේවල් ලියන්න තිබුනත් අද නොලියන්නත් ඉදලා පස්සේ හිතුනා කවදා හරි මේවා ලියන එකේ අද ලිව්වොත් කාටහරි ප්‍රයෝජනවත් නම් බලල යොදා ගනී කියලා. අද කියන්න හදන්නේ ඉතාම පහසු ආකාරකට කැමති කැමති background ...
මධ්‍යතන යුගයේ පූජක බලපෑම - 4 සත් සමුදුර තෙවන ලිපිය ටිකක් වෙනස් ආකාරයක් ගත්තත් එම ලිපියෙනුත් මෙම ලිපි මාලාවට අනගි මෙහෙයක් ඉටුකරන බව මගේ හැගීමයි. එසේනම් අද ලිපියෙන් මධ්‍යතන යුගයේ ප්‍රභලම කණ්ඩායමක් හා විටෙක රාජ්‍ය පාලනය පවා යම් බලපෑමක් කරන ලද පූජක පැලැන්තියේ වගතුග විමසා බලමු.මේ වන විට මේ ලිපි මාලාවට අදාලව පලකර ඇති අනෙක් ලිපි -යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා ...
යුද පිටියේ සතුරන් බියට පත් කළ ඩ්‍රෝන යානා සහ එහි කාර්යය වෙනස් වූ හැටි... සත් සමුදුර ඩ්‍රෝන යානා, එසේත් නැත්නම් UAV (Unmanned Ariel Vehicles)/RPAS (Remotely Piloted Aerial System) ලෙස හදුන්වන ඉතාමත් ගුවන් නියමුවන් රහිත ගුවන් යානා විශේෂය මෑත කාලීන යුදබිමේ නැතුවම බැරි අංගයක් වූ බව ගුවන් යානා පිළිබදව යම් දැනුමක් ඇති අය දන්නා කරුණක්. විශේෂයෙන් මීට වසර පහකට පෙර අවසන් වූ ලංකාවේ යුද වාතාවරණය තුලද මෙවන් යානා ඔත්තු බැලීම සදහා යොදා ගත් බව නොරහසක්. අප රටේදී ...
මෙම අධි බිනර පසලොස්වක පොහෝ දිනයේ ඔබට වටිනා දහම් කරුණු දැනගැනීමට මඟක් සටහන් කරමි... සත් සමුදුර අධි බිනර පසලොස්වක පොහෝ දිනයක් යෙදෙන අද දිනයේ ඔබට මම කියන්නට යන්නේ උතුම් බෞද්ධාගමික කටයුත්තක් පිළිබදව හා එයින් ඔබගේ දහම් පිපාසාව නිවා ගැනීමට හැකි බවයි. මෙම උතුම් කාර්යය තමයි භාෂා 65 ක් භාවිතා කර නිර්මාණය කළ "පින්සිරි" නම් දහම් වෙබ් අඩවිය. http://www.pinsiri.com/මෙම වෙබ් අඩවිය ආරම්භකර තිබෙන්නේ ප්‍රංශයේ ඡේතවනාරාමයේ වැඩවසන මුරුංගස්යායේ ඤානිස්සර හිමියන්ගේ අනුශාසනාවෙන්. මෙමගින් පැය 24 පුරා ධර්ම දේශනා, ධර්ම ...
අපිට අවශ්‍ය වර්ණ අපි දන්නා සාමාන්‍ය නමින්ම භාවිතා කිරීම සත් සමුදුර මේ ලිපිය ඔබට වැදගත් වේවි වෙබ් අඩවි නිර්මාණයේදී හෝ බ්ලොග් ඉඟි වලදී ඇතැම් අවස්ථාවල වර්ණ සම්බන්ධයෙන් ඇති කරුණු වලදී. වෙබ් අඩවි නිර්මාණයකදී වර්ණ භාවිතයේදී 147 ක් වූ වර්ණ ප්‍රමාණයක් සාමාන්‍ය නමින්ම භාවිතා කරන්න හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ අපිට හුරුපුරුදු රතු (red), නිල් (blue), කහ (yellow) වගේ වර්ණ විතරක් නෙමෙයි හිම වල වර්ණය(snow) එහෙමත් නැන්තම් අල ගෙඩියක තිබෙන වර්ණය (Tomato) වුනත් ...
අකුරු වෙනුවට ඔබේ හඬින්ම බ්ලොග් ලිවීම හෙවත් Audio Files ලේසියෙන්ම බ්ලොග් පෝස්ට් වලදී ධාවනය කරන්නේ මෙහෙමයි... සත් සමුදුර ඔබට කවදා හරි ඕනෑවුනාද Audio file එකක් ඔබගේ බ්ලොග් පෝස්ටුවක ධාවනය කරන්න. එහෙමත් නැත්නම් කිසියම් ලිපියක් විවෘත වන විට මිහිරි සංගීතයක් ඇසෙන්නට සලස්වන්න(දැනටමත් ඇහෙනවා ඇතිනේ), එහෙමත් නැන්නම් ඔබ අකුරු වලින් ලියනවාට වඩා ඔබගේ ලස්සන කටහඩින්ම පාඨකයන්ට යමක් කියන්න ආසාවක් ඇතිවුනේ නැත්ද? ඇතිවුනත් ඒක කරන්නේ කොහොමද? කියල ගැටළුවක්වත්ද තිබෙන්නේ. මෙන්න බ්ලොග් ඉඟි යටතේ සරළව ඒ ආසාව ඉටු කරගන්න හැටි.මුලින්ම කියන්න ඕන ...
මෙන්න නියම බඩු - Wonderful household equipments සත් සමුදුර මෙන්න ගෙදරට හරියන නියම අළුත් බඩු ටිකක්. මේ පින්තූර මට ලැබුනේ ගූගල් බස් වල සිටින ඉන්දියාවේ මිතුරෙකුගෙන්. ඒ නිසා මේ පින්තූරවල අයිතිකාරයෝ ගැන නම් දන්නේ නැහැ. කොහොමවුනත් අළුත්ම ආකාරයේ උපකරණ පෙලක්. මේවා සමහරක් ඇත්තටම අපේ රටේ වුනත් නිෂ්පාදනය කරන්න හැකියාව ඇති කියලයි මට නම් හිතෙන්නේ. ඔන්න ඉතින් අද මේ පින්තූර දැකලා නෝනලා, තමන්ගේ මහත්තුරුන්ට කරදර කලාම මටත් බැනුම් අහන්න වෙයිද ...
හිනිපෙත්තටම ගිය ඉන්දියානු මුස්ලිම් ජාතිකයන්... සත් සමුදුර ඉන්දියාව, ලෝකයේ දෙවන ස්ථානයට වැඩිම ජනගහනයක් ඇති මෙන්ම ලෝකයේ වැඩිම විවිදත්වයක් තිබෙන මහා දේශයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. සමස්ථ දකුණු ආසියාවේ හැඩගැසීමට ඉන්දියාවෙන් ලද ආභාෂය, බලපෑම, උදව් උපකාර යනාදිය අප්‍රමාණයි. ලෝකයේ සිව්වැනියට විශාලතම හමුදාවටද උරුම කියන ඉන්දියාව දැන් තරමක් භූමි ප්‍රමාණය අඩුව තිබුනත් අතීතයේ පකිස්ථානය, බංගලිදේශය වැනි රටවල් පවා ඉන්දියාවේ භූමිභාගයේම කොටස් ලෙස පැවතුන බවත් කිවයුතුයි.අපගේ ලඟම අසල්වැසියා සේම, ලඟම ...
දිග ඒවා ලේසියෙන් බැලීමට සකස් කිරීම සත් සමුදුර මේ ලිපියදී මුලින්ම වෙනදාට වඩා වෙනසක් ඔබට දැකගන්නට ලැබේවි. මුලින්ම ඔබට ඒ වෙනස දැකගැනීමට උදාහරණයක් ලෙස පසුගිය දිනක පළ කළ අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම ලිපිය සැකසීමට යොදා ගත් මුල් ඉංග්‍රීසි ඡේදයන් කිහිපයක් දක්වා තිබෙනවා. බලන්න ඔබට වෙනසක් දැනුනද තියා. The Brutal Execution Methods in the HistoryGarroteScaphismLingchiBreaking Wheel GarroteThe garrote very common once, is no longer sanctioned by law in ...
ඔබ බ්ලොග් එකේදී භාවිතා කරන අකුරු ලස්සන කර ගන්න කැමතිද? How to change default Unicode font for you blog post area - සත් සමුදුර ඔබ බ්ලොග් පෝසට් එකක් ලියන අවස්ථාවල සිංහල යුනිකෝඩ් වලදී භාවිතා වෙන්නේ "Iskoola pota" කියන Font වර්ගය නේද? ඒත් ඒ අකුරු එතරම් ලස්සන නැහැ කියල ඔබට කවදා හෝ හිතිලා තිබෙනවාද? මට නම් කිහිප වතාවක්ම සිතුනා. "Iskoola pota" Font එකට අමතරව තවත් සිංහල යුනිකෝඩ් සම්මත අකුරු වර්ග කිහිපයක් තිබෙනවා. මේ ලිපියේදිත් එම අකුරු වර්ගය වෙනුවට දැනට සිංහල සම්මත යුනිකෝඩ් අකුරු වලදී ලස්සනම ...
කුරුමිණි අඩු ලොකු කර පෙන්වීම - Zooming Effect සත් සමුදුර ඔබගේ බ්ලොග් එකේ අකුරු විශාලනය කර තිබෙන ප්‍රමාණය ඒ ඒ අවස්ථාවල ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සෑම විටකම අකුරු ප්‍රමාණය වෙනස් කිරීම එක් බ්ලොග් ලිපියකට හොද ප්‍රතිඵල ගෙන දුන්නට සමහර විට අනෙක් ලිපි වලට එය එතරම් සුදුසු නොවෙන්න පුළුවන්. මේ නිසා අවශ්‍යනම් කෙනෙකුට ලිපියක් කියවන අවස්ථාවේම අකුරු ආයාසයකින් තොරවම ලොකු කරල බලන්න පුළුවන් නම් ඒක පහසුවක් වේවි. මේ ලිපියෙන් ඒ කාර්යය ...
Digital කැමරා, පරිගණක, Photshop වගේ මෘදුකාංග හදුන්වාදෙන්න ඉස්සර රාජ්‍ය නායකයෝ පින්තූර වෙනස් කර තමන් හා නොරොක්වුන අය ඉවත්කල බවට උදාහරණ - How World Leaders done Photo Correction before Photoshop සත් සමුදුර අද කාලේ නම් ඡායාරූපයක් අවම දක්ෂතා මත වුවත් කැමරාවට නතුකරගෙන පස්සේ ඒක ඕන ඕන විදියට වෙනස් කරගන්න පහසුකම් සෑහෙන්න තියෙනවා. ඒ Digital Camers, Computes සහ Photoshop වගේ මෘදුකාංග භාවිතයෙන්. ඒත් ඒවා සොයා ගන්න සෑහෙන්න කාලෙකට ඉස්සර කොටින්ම කියතොත් 1814 දී මුල්ම සේයාරුව ගත්තට පස්සේ ටික කාලයක් ගිය තැනම මේ වැඩේට එදා හිටිය අයියලත් (සොරි, අයියල කියන්නේ කොහොමද අපේ වයසේ හැටියට ...
රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ බිඳවැටීම පිළිබදව නිර්මාණය වූ දීර්ඝ වාර්තාමය චිත්‍රපටි මාලාවක් පිළිබදවයි.... සත් සමුදුර ඔබට සමහර විට මතක ඇති සමුදුරේ මීට වසර දෙකහමාරකට පමණ පෙර ලියවුන රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ සහ බිඳවැටීම ගැන ලියවුන ලිපි පෙල. මතක නැතිනම් මෙන්න ඒ ලිපි පෙළේ පළමු වැන්න http://sathsamudura.blogspot.com/2011/11/roman-era.html අද මේ කියන්න යන්නේ එම ලිපි පෙලට කදිමට ගැලපෙන වාර්තාමය චිත්‍රපටි මාලාවක් ගැනයි. මෙය කොටස් 13 කින් යුතු දීර්ඝ චිත්‍රපටි මාලාවක්. මෙහි රෝම ශිෂ්ඨාචාරය සමූහාණ්ඩුවක සිට මහද්වීම ...
අප දකිනා ඇතැම් දේ විද්වතෙකුගේ පර්යේෂනාත්මක දෑසින්... සත් සමුදුර මෙම ලිපිය වටිනා පොතක් සම්බන්ධයෙන් පොතේ නම තමයි සන්නිවේදනය හා සිංහල සාහිත්‍ය. පොත් කතෘවරයාවන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාලිය කුලරත්න මහත්මයායි.එම මහත්මයා විසින් කළ පර්යේෂනාත්මක ලිපි, දේශන හා පුවත්පත් වලට සැපයූ ලිපි වලින් මෙම පොත සැකසී ඇත. අප දකිනා දේට වඩා වෙනස් කෝණයකින් ගැඹුරට කරුණු සාකච්ඡා කළ අවස්ථාවක් ලෙස මෙම පොත හැදින්විය හැකියි. පොතේ මිළත් අද ...