අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්.... සත් සමුදුර අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සිතුවා.වසර දෙකහමාරකට සුළු කාලයකට වැඩි කෙනඩි පාළන කාලය තුළ විවිධාකාරයේ අර්බුදවලට ඔහුට මුහුණ දෙන්නට වූවාසේම ඇමරිකානු දේශපාලනය හා අනෙකුත් ක්ෂෙත්රයන් තුළ කැපී පෙනෙන වැඩසටහන් කිහිපයකද මුලපුරන්නට ඔහුට හැකිවූවා. ජෝන්.එෆ්.කෙනඩි හෙවත් කවුරුත් ආදරයට ඇමතූ "ජැක්" ගේ ...
2013 වසර අවසාන මොහොතේ මෙසේ ලියමි... සත් සමුදුර ඉතින් මිතුරු මිතුරියනි තවත් වසරක් ගෙවී යන මේ මොහොතේ ඔබට සුපුරුදු බ්ලොග් ලිපියකින් හමුවනවාට වඩා මෙසේ හමුවන්නට යුහුසුළු වුනේ කාලෙකින් අප අතර මෙවැනි සංවාදයක් ඇති කරගැනීමට නොහැකිවීමෙ අඩුවද සපුරාලීමේ අදහසිනුයි. ඇත්තෙන්ම මේ ලිපියට වඩා මේ කාලවකවානුවේ ලියාගෙන යමින් සිටින එම ලිපි මාලාවේ මීලග ලිපිය සමග සම්බන්ධවන්නට සිතා සිටියත් එය තවම ලියා අවසන් කර නොමැති නිසා මෙම ලිපිය හරහා හෝ ඔබට ...
කියුබානු මිසයිල අර්බුදයේ පසුකාලීනව හෙළි වූ තොරතුරු සත් සමුදුර මෙම අර්බුදය සිදුවූ කාලසීමාවෙන් පසුව සිදූවූ දේවල් සහ හෙළිවූ තොරතුරු බොහෝමයක් අර්බුද්ය පැවති සමයේ උච්චතම අවස්ථාවේදී තරම් ලෝකයට තොරතුරු අනාවරණය වූයේ අඩුවෙනි. විශේෂයෙන් සෝවියට් දේශයේ නායකයාට සිය ධූරය එයින් වසර දෙකක් ඉක්මගිය තැන එනම් 1964 දී හැර යන්නට සිදුවූ එක්හේතුවක්වූයේද මෙම කියුබානු මිසයිල අර්බුදයේදී සිය මිසයිල ඉවත්කර ගැනීමට සිදුවූ නිසා ඔහුට එරට දේශපාලනික මණ්ඩලයේ සිය සඟයන් වෙතින්ම එල්ල වූ නොසතුටු ...
තිරයෙන් පිටුපස සිදුවු දේවල් සියල්ල සවිස්තරව.............. සත් සමුදුර 1962 වසරේ ඔක්තෝබරයේ ඇතිවුන කියුබානු මිසයිල අරබුදය ගැන පැවසුන ලිපියේ දෙවැන්න මෙයයි. (මෙම ලිපිය තරමක් දීරඝ ලිපියකි). 1962 ඔක්. 26 වනදා සෝවියට් තානාපති කාර්යාලයේ උපදේශකයෙකු ලෙස තනතුරක් දැරූ එහෙත් නියාමාකාරයෙන් ගත් විට සෝවියට් තානාපති කාර්යාලයේ බුද්ධි තොරතුරු අංශයේ ප්‍රධාන නිලධාරියා ලෙස සේවය කළ Aleksandr Fomin හෙවත් Alexander Feklisov ගෙන් දහවල් ආහාරය සදහා ඇරයුමක් ලැබුනේ ඇමරිකානු රාජ්‍ය ...
අදවැනි නොවැම්බර් 22 දිනක් යෙදුන සිකුරාදාවක, අදට හරියටම වසර 50 කට පෙර එම ආකර්ශනීය මිනිසා ඔවුන් විසින් මරා දැමූහ සත් සමුදුර එදා දිනයත් නොවැම්බර් 22 වෙනිදාය. එසේම එදිනද අදවැනි සිකුරාදාවකි. හරියටම දිනය 1963 නොවැ. 22 වෙනි සිකුරාදා නැතහොත් අදට වසර 50 කට පෙරය. එදින ඇමරිකාවේ ටෙක්සාස් ඩලාස් හිදී වේලාව දහවල් 12.30 වේලාව සටහන් වූයේ ඇමරිකානු ඉතිහාසය වෙනස් කළ මොහොතයි. වෙඩි ප්‍රහාර තුනකින් ඇමරිකාව පමණක් නොව ලෝකයේ ඇතමෙකුගේ ආදරයටත්, තවත් අයෙකුගේ වෛරයටත් පාත්රවූ එම කඩවසම් මෙන්ම දකිනා ඕනෑම කෙනෙකුගේ සිත් ඇදගන්නා සුළු ...
ඇමරිකාව භීතියට පත් කළ දින 13... II සත් සමුදුර මෙම ලිපිය ලියන්නට මෙතරම් කලක් ගතවූයේ තවත් ස්වල්ප වේලාවකින් ඔබට කියවන්නට ලැබෙන කරුණු වඩාත් හොදින් තහවුරු කරගැනීමට සහ නොදත් දේ බොහෝමයක් කරුණු කාරණා මෙම ලිපියට එක් කිරීමට මූලාශ්‍ර කිහිපයක්ම පසුගිය දිනවල පරිශීලනය කරන්නට කාලය වැය කිරීමට සිදුවූ නිසා බව ලිපිය ආරම්භක අවස්ථාවේම පවසන්නට කැමැත්තෙමි. පසුගිය ලිපියෙන් ඇමරිකාවේ 35 වන ජනපතිවරයා වූ ජෝන් එෆ් කෙනඩි මහතා පිළිබදව කරුණු රැසක්ම ඔබ වෙත ...
අමාරුම කාලසමයක ඇමරිකාව මෙහෙයවූ ලාබලතම ජනාධිපතිවරයා... - 1 සත් සමුදුර ඔහු ඇමරිකාවේ 35 වන ජනපතිවරයායි. තවද 20 වන සියවසේදී උපත ලැබූවකු ප්‍රථමවරට ජනපතිපුටුවට පත්වූයේද ජෝන් එෆ් කෙනඩි හෙවත් JFK ලෙස ලොවම දන්නා මෙම සිය දියණිය සමග ලැබුන විවේකයේ තේපානය කරමින් සිටිනා මිනිසා පත්වූ පසුවයි. එසේම වයස අවුරුදු 43 දී ජනපතිවරයා ලෙස පත්වූ ඔහු තියෝඩෝර් රුස්වෙල්ට්ට පසුව එම තනතුරට පත්වූ ලාබලාතමයා වූයේය. ඒ තියොඩෝර් රුස්වෙල්ට් ජනපතිපුටුවට පත්ව තිබුනේ වයස අවුරුදු 42 දී නිසාය. එපමණක්ද ...
අතීතය ගුරුවරෙයෙකි... සත් සමුදුර විවාහය සමාජයේ බහුතරයකට සිය දෙවැනි උපත වැනියයි බොහෝ විට කියවෙන දෙයකි. තමන් රැකියාවක් කර කලක් තිස්සේ හරිහම්බු කළ දෙය හෝ ණයවී හෝ විවිදාකාරයේ අලංකාර සහිතව සිය විවාහය කර ගැනීම අරුමයක් හෝ දුර්ලභදෙයක් නොවේ. එහෙත් මෙසේ වෙහෙස මහන්සිවී කරගන්නා විවාහය ඇතෙමකුට සුන්දර වුවත් ඇතමෙකුට එතෙක් තමන් ගෙවා ගෙන පැමිණි ජීවිතයට වඩා බාධක සහිත සහ බලාපොරොත්තුවූ සුන්දරත්වයක් නොමැති අපායක් වැනිය. කෙසේවෙතත් මෙම ...
ලොව පුදුම හතට අයත් නිමැවුම් කිහිපයක් හා තවත් අග්‍රගණ්‍ය නිමැවුම් කිහිපයකම අතීත සේයාරූ සමග තවත් පැරණි සේයාරූ කිහිපයක්... සත් සමුදුර මේ පින්තූරයෙන් දැක්වෙන්නේ 2007 වසරේදී නම් කෙරුණ ලෝකයේ පුදුම හතටත් අයත් වන Machu Picchu නම් ඉන්කා ශිෂ්ඨාචාරයට අයත් ඓතිහාසික ස්ථානයයි. පින්තූරය රැගෙන තිබෙන්නේ 1911 දී. ඒ ඇමරිකානු දේශාඨක Hiram Bingham විසින් 1911 දී මේ ස්ථානය සොයාගත් අවස්ථාවේදීය. පේරු රටේ ඇන්ඩිස් කදුකර ප්‍රදේශයේ මුහුදු මට්ටමින් අඩි 7970 ක උසකින් පිහිටි මෙම ස්ථානය ඉන්කාවරු විසින් ගොඩනගනු ලැබුවේ ක්‍රි.ව. 1450 දී පමණ බව පැවසෙන ...
තාප්පය ඉදි කිරීම සහ බිද වැටීම - ii සත් සමුදුර පසුගිය ලිපියෙන් බර්ලින් තාප්පය ඉදිකිරීමට හේතු එකින් එක කතාබහ කළ අතර මෙම ලිපියෙන් තාප්පය ඉදිකිරීම, ඉන්පසු ඇතිවූ දේවල් සහ එයින් වසර 28 කට පසු බිද වැටීම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. 1961 අගෝස්තු 13 වනදා නැගෙනහිර බර්ලිනයේ සාමන්‍ය ජනතාව හෝ බටහිර බර්ලිනයේ සහ බටහිර ජර්මනියේ කිසිකෙනෙකු නොදැන සිටි ක්‍රියාන්විතයත් නැගෙනහිර ජර්මනියේ පාලකයන් හා සෝවියට් බලධාරීන් එකතුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා. එදින ...
ප්‍රධානතම අතීත මතක සැමරුමක් සමග කතාබහ කරමු - තාප්පය ඉදිකිරීමට පෙර සත් සමුදුර මේ පින්තූරයේ සැඟවී පවතින සතුට ගැන පවසනවාත් සමගම අද ලිපිය ආරම්භ කරන්නම්. මේ පින්තූරයේ දැක්වෙන්නේ 1989 නොවැම්බර් 09 වනදා සීතල යුද්ධයේ ප්‍රධානතම දෘශ්‍යමාන සාධකයක් වන බරලින් තාප්පය විනාශය ඇරඹීමත් සමගම ඇතිවුණ සතුට ඒ අය සැමරූ ආකාරයයි. බර්ලින් තාප්පය ගැන බොහෝ දෙනෙක් බොහෝ දේ දැන සිටියත් ඒ ඒ කාරණා වල විවිධාකාර වෙනස්කම් තිබෙනවා. මොකක්ද මේ බර්ලින් තාප්පය? එය ඉදිකළේ ඇයි? කවදා ...
Windows වලදී අවතාරගතව ඇති හෝ සැඟවී පවතින් දෘඩාංග සොයා ගැනීම - How to retrieve Ghost of hidden hardware on Windows OS සත් සමුදුර Windows Device Manager භාවිතයේදී පරිගණකයට සම්බන්ධව ඇති සියළුම දෘඩාංග එහි සටහන් වෙතැයි ඔබ සිතා සිටිනවා විය හැකි වුවත් එය එසේ වන්නේ නැහැ. පැරණි ගණයේ Non Plug & Play උපකරණ එසේ දර්ශනය නොවනවා සේම යම් විදියකින් ඔබ දැන් ඉවත් කර ඇති දෘඩාංගයක් හරි හැටි uninstall නොකර එය ඉවත් කළේ නම් එයද මෙම ස්ථානයේ නොපෙන්වන අතර එවැනි උපකරන Ghost hardware ලෙස හදුන්වනු ...
හිට්ලර්ගේ ඉරුණ කලිසම, ටයිටනික් නැවේ අවසාන පින්තූරය සමග තවත් පරණ පින්තූර... සත් සමුදුර මේ පෙර ලිපියේ පළ කළා වගේම තවත් පරණ පින්තූර කිහිපයක් ඒවාට සම්බන්ධ දේවල් කතාකරන ගමන් ලිපිය ආරම්භ කරන්නම්. මේ පින්තූරයේ සිටිනා කෙනා ඔබ බටහිර සංගීත ලෝලියෙක් නම් අනිවාර්යයෙන්ම දැන සිටින්න ඕන. මේ තමයි එල්විස් ප්‍රෙස්ලි. රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු ලෙස පවා විරුදාවලි ලත් මොහුගේ ජීවත කාලය වසර 42කට කෙටිවූවත් ඔහු විසින් අත්පත් කරගත් ප්‍රසිද්ධිය නම් අදටත් වලංගුයි. 1935 ජනවාරි ...
කලකට පෙර පළ කළ ගුලාග් ලිපියේ කරුණක් නිවැරදි කිරීම සදහායි සත් සමුදුර මීට වසර 2 1/2 කට පමණ පෙර පළ කළ ගුලාග් කඳවුරු සම්බන්ධයෙන් වූ ලිපිය ඇතැම්විට ඔබ කියවා ඇති. එම ලිපියේ ආරම්භයේ සදහන් කළ එක් කරුණක් නිවැරදි විය යුතු බව එම ලිපිය ලිවීමෙන් පසුව අධ්‍යයනය කළ ඇතැම් මූලාශ්රවල කරුණු වලින් අවබෝධ වූ නිසා එය සටහන් කිරීමට මෙම ලිපිය ලියුවෙමි. එම ලිපි පෙලේ පළමු ලිපියේ ආරම්භයේ මෙම කරුණ සටහන් වුනි. “මේක අපේ ...
පෙර ලිපියෙන් පැවසූ දෝෂ නිර්ණය හා නිවාරණයන් මෙම ලිපියෙන් වඩාත් පැහැදිලිව දැනගැනීමට හැකියාව ලැබේවි.... සත් සමුදුර කලින් ලිපියේ පැවසූ Device Manager, Device Status හි Code 30 ක් දක්වා පැවසූ දෝෂයන්ට අමතරම තවත් Code 20 කට ආසන්න සංඛ්‍යාවකට අදාල දෝෂයන් මෙන්ම ඒවා නිවාරණයට අනුගමනය කළ හැකි පියවරයන් පෙර ලිපියටක් වඩා පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව මෙම ලිපියෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන අතර මුලින්ම වගුවේ පිළියම් සහ ඒවාට අදාල වන කෙටි සංකේතයක්ද ලබා දෙන අතර දෙවන වගුවේදී ...
Windows වල Device Manager හි Device Status පෙන්වන Code වලින් කියවෙනා දේ... සත් සමුදුර ඔබ Windows භාවිතා කරන්නෙක් නම් ඔබ විසින් පරිගණකයට ඈදා ඇති දෘඩාංගයක drivers හරි හැටි ස්ථාපනය කර නොමැති නම් හෝ දැනටමත් භාවිතා කරමින් පවතිද්දීත් කිසියම් හේතුවක් නිසා එම drivers වල Conflict වීමක් සිදුව ඇත්නම් සාමාන්යෙන් දිස්වනවාට වඩා එම උපාංගය ඉදිරියේ කිසියම් අයිඛනයක් දිස්වෙමින් යම් දෝෂයක් තිබෙන බවක් පෙන්වනු දැක ඇති. උදාහරණයක් ලෙස Device Manager වෙත ගියවිට එහි කිසියම් උපාංගයක් මත රතුපාට කතිර ...
පරණ පින්තූර සමග තොරතුරු... සත් සමුදුර මෙන්න අදත් පැරණි පින්තූර සමග ඒවාට නෑකම් කියන විස්තර කියන්න තමයි මේ සැරසෙන්නේ. මුලින්ම කියන්නම් 1860-1880 අතර කාලයේ වගේ ගත්ත මේ පින්තූරයේ සිටින සමුරායිවරුන්ට අදාල වන ඔවුන්ගේ විස්තර කිහිපයක්. සමුරායිවරුන්ගේ ආරම්භය ලෙස සැලකෙන්නේ 12 වන සියවසයි. කෙසේවෙතත් 1800 අගභාගය වන විට සමුරායිවරුන්ගේ පැවැත්ම අවසානයට ලංව තිබෙන බවත් කිවයුතුයි. සමුරායිවරුන් ජපාන යුද හමුදාවේ කැපී පෙනෙනම කණ්ඩායමක් වූවා වගේම ...
Virus වලින් සැඟවූ files නැවත ලබා ගැන්නේ මෙහෙමයි... සත් සමුදුර මේ කියන්න යන කාරණය මම නම් කිහිපවිටකදීම සිදුකර දෙන්න වුන දෙයක් ගැනයි. ඒ තමයි වෛරස් වලින් සැඟවූ USB pen වල ඇති files නැවත ලබාදීම. ඒ කියන්නේ ඇතැම් වෛරස් වලින් හානි සිදුවුනාට පස්සේ ඒ වෛරස් ඉවත් කළත් තමන්ගේ USB pen එකේ තිබුන files වලින් බොහෝමයක් නැවත පෙන්වන්නේ නැත කියන කාරණය නිසා ඒවා නැවත ලබාදීමට කටයුතු කිරීමට සිදුවීම. මේක බොහොම සරලව කරන ...
ඉතිහාසගත පින්තූර රැසක් සමග කතා කරමු.... සත් සමුදුර නැවතත් ටිකක් විස්තර තිබෙන ලිපියක් තමයි මේ ලියන්නට යන්නේ. එහෙනම් වැඩි ආගිය කතා නැතුව ලිපිය බලමු. මේ පින්තූරයේ ඉන්නේ කව්ද කියන එක ඔබට කියන්න අවශ්‍ය නැහැ කියලා සිතනවා. විසිවන සියවසේ බිහිවු සුපිරිම විද්‍යාඥයා ලෙස වුවත් පැවසිය හැකි ඇල්බට් අයින්ස්ටයින් ගැන කාලයකට ඉස්සර සත් සමුදුරේ ලියූ විසිවන සියවසේ සුපිරිම විද්‍යාඥයා ගැන ලිපියෙනුත් ඔබ දකින්නට ඇති. http://sathsamudura.blogspot.com/2011/09/ ...
පින්තූර මුර පද යෙදීම... සත් සමුදුර මුර පද නැත්නම් password කියන්නේ පරිගණක භාවිතයේදී ඉතා සංවේදීම මාතෘකාවක්. මෙම මුරපද ආරක්ෂනය වෙනුවෙන් දැන් දැන් යෙදෙන උපක්‍රම අනුව කොයිමොහොතේ මුරපද අනතුරකට ලක්වෙනවාද කියන එක ගැන තිබෙන සැකය අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් සාම්ප්‍රධායිකව යෙදෙන අකුරු හෝ ඉලක්කම් හෝ යතුරු පුවරුවේ අනෙකුත් සංකේතයන් වෙනුවට කැමති පින්තූරයක අපවිසින් සලකුණු කරන සරළ රේඛා, වෘත්ත හෝ කිසියම් ස්ථානයක් සලකුණු කිරීමෙන් මුරපදයක් ...