මහා යුද්ධයේ තවත් පින්තූර රැසක් (ගුවනේ සිදුවූ යුද්ධය පිළිබදවයි) ... සත් සමුදුර මෙම මහා යුද්ධය ප්‍රධාන ලිපිය ලියනා අතරතුර එයට සබැඳෙන නොදුටු පින්තූර/සේයාරූ කිහිපයක්ම ගෙන එන්නයි සැරසෙන්නේ. ගුවන් ප්‍රහාර, පළමු ලෝක යුද්ධය ආරම්භය සිදුවන 1914 අගෝස්තුව වන විට කෙසේ යොදාගන්නදැයි අවබෝධයක් එවක යුද නායකයන්ට වූයේ නැහැ. එක් අතකින් ගුවන් යානා යුද්ධයකට යොදා ගෙන තිබුනේ මෙම සුවිශාල සංග්‍රාමය සිදුවීමට යන්තම් වසර 10 ක් අතරතුර කාලයකදීය. පැහැදිලිවම කියනවා නම් 1911 දී ඉතාලිය හා තුර්කිය ...
පළමු ලෝක යුද්ධය තවදුරටත් සත් සමුදුර කලින් ලිපි - ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.... මහා යුද්ධයේ ඊලඟ දීර්ඝ ලිපියට පෙර එම සංග්‍රමයේ පින්තූර රැසක් සමග.... නතර කළ තැන සිටි ඉදිරියට.... මෙම යුද්ධයට සම්බන්ධ නිලධාරීන් පිළිබදව යම් සාංරාශයක් මෙසේ ඉදිරිපත් කරද්දී ජර්මනිය වෙනුවෙන් යුද වැදුන තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම්ද මේ මොහොතේ සටහන් කිරීම යෝග්‍ය යයි සිතමි. ඒ අවධියේ මෙම නිලධාරීන් දෙදෙනා කනිෂ්ඨ ...
රසවිදීමට කලා නිර්මාණයක් සම්භාව්‍යය ශාස්ත්‍රීය නිර්මාණයක්ම විය යුතුද? සරල සුභාවිතයෙන් යුතු කලා නිර්මාණයක් උසස් නිර්මාණ නොවන්නේද? සත් සමුදුර මේ මාතෘකාව ඔස්සේ යමක් ලියන්නට සිදුවූයේ මීට දින කිහිපයකට පෙර මා ලියූ - අප රටේම නිර්මාණය වූ මෙවන් වූ සංගීත නිර්මාණ රසවිදීමට අපි තවමත් භාග්‍යවත් වී සිටින්නෙමු ලිපියට එක් පාඨක මිතුරෙකු නමක් සදහන් නොකර තබා තිබූ මෙම කමෙන්ටුව නිසාවෙනි. //AnonymousSeptember 8, 2016 at 8:22 PM ලංකාවේ ඉතින් හැමදාම කියන සරල ගීත ටික එක එක විදියට කියනවා. වෙන රටකට ගිහිල්ල හරි ...
Geoffrey Rush සිනමාවේදියා ගැන සුළුවෙන් යමක්.... සත් සමුදුර Geoffrey Rush, මේ නම කියූ සැනින් ඇතැම් විට ඔබගේ මතකයට නාවත් Pirates of Caribbean සිනමා ත්‍රිත්වයේ හමු වූ නෞකා කපිතාන් Barbossa මතකයේ ඇතැයි සිතමි. තවත් අතකින් අප කුඩා කාලයේ සිත් ගත් විශිෂ්ඨ ගණයේ නවකතාවක් වන අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා විසින් සිංහලයට පරිවර්ථනය කෙරුණ මනුතාපය හෙවත් ප්‍රංශ මහා ගත්කතුවරයෙකු වන Victor Hugo මහතා (https://en.wikipedia.org/wiki/Victor_Hugo)විසින් රචිත 19 සියවසේ ...
අප රටේම නිර්මාණය වූ මෙවන් වූ සංගීත නිර්මාණ රසවිදීමට අපි තවමත් භාග්‍යවත් වී සිටින්නෙමු. සත් සමුදුර මේ අද කියන්න යන්නේ අප රටේම රූපවාහිනි නාලිකවකින් නිෂ්පාදනය වූ ඉතා ඉහල යයි මා හට හැඟෙන පර්යේෂනාත්මක අද්දැකීමක්ද සහිත සංගීත වැඩසටහනක් පිළිබදවයි. හැබැයි මෙම නිර්මාණ බිහිවූයේ ගතවූ වසර දෙක තුනක් ඇතුලත නිසා ඔබලා බොහෝදෙනෙක් මෙම වැඩසටහන් නරඹ රසවිද තිබෙනවාත් ඇති. කොහොමනමුත් නැවත එය රසවිදීමට හෝ එය අත්විද නැති කෙනෙකුට එය රසවිදීමේ හැකියාවද තිබෙන බව දැනුවත් කිරීමට මෙම ලිපිය පිටුවහලක් වේයයි ...
How To SEE And Fix Electrical Shorts සත් සමුදුර වසරක් පමණ බ්ලොග් ලිවීමෙන් විරාමයක් නොදැනුවත්වම ගැනීමෙන් අනතුරුව මේ ටික වෙලාවකට කලින් දකින්නට ලැබුන සිත් ඇදගත් ඉලෙක්ට්‍රොනික මෙවලමක් පිළිබදව ඔබවද දැනුවත් කිරීමට සිතුවා. මෙය ඇත්තෙන්ම අවශ්‍යවෙන්නේ වාහන විදුලි කාර්මිකයන්ටයි. මෙයින් අපගේ පියවි ඇසින් දකින්න නොහැකි විදුලි දෝශ පිළිබදව දැක ගැනීමේ අවස්ථව ලබාදී තිබෙනවා. මෙන්නට එයට අදාල වීඩියෝව. https://www.youtube.com/watch?v=V1nHeVJX54U (කිසියම් ...
මහා යුද්ධයේ ඊලඟ දීර්ඝ ලිපියට පෙර එම සංග්‍රමයේ පින්තූර රැසක් සමග.... සත් සමුදුර පළවෙනි ලෝක මහා යුද්ධය පිළිබදව ලියන අතරතුර ඊලඟ ලිපියත් තරමක් දිගු වෙතැයි සිතුන නිසා එයට පෙර එම යුද්ධයේ සේයාරුවට නැඟුන බොහෝ අවස්ථා අතරින් කිහිපයක් යම් විස්තරයක් සමග ගෙන එන්නට මේ ලිපිය ලියමි. ජර්මන් හමුදා බෙල්ජියම හරහා ප්‍රංශය බලා යන අතර මඟ මෙම යුද්ධයේදී කාලතුවක්කු උණ්ඩ භාවිතා වුනේ මිලියන ගණනින්. ඒ කොතෙක්ද කියනවා නම් බ්‍රිතාන්‍ය හමුදාව දිනකට කාලතුවක්කු උණ්ඩ 500,000 ක් ...
ලෝකයේ හැඩය වෙනස් කළ මහා යුද්ධය පිළිබදව මෙතැන් සිට.... සත් සමුදුර මේ කියනා මහා යුද්ධයට ගිය වසරේ එනම් 2014 ජූලි 28 වනදා සියවසක්ද ලැබුවා. මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්ධයයි. එය අහම්බෙන් ඇරඹී එයින් වසර හතරකුත් මාස තුනකුත් දින 14 ක් දක්වා මිලියන 9 කට අධික ජාතීන් රැසකට අයත් සොල්දාදුවන් හා මිලියන 7 කට අධික සාමාන්‍ය ජනතාවක් මරුමුවට කැදවා සහ තවත් ...
Offline ලෙස .Net Framework 3.5 (includes net 2.0 and 3.0) ස්ථාපනය කරගන්නේ මෙලෙසයි.... සත් සමුදුර ඔබ මේ කාලවකවානුවේ වැඩිපුර භාවිතා කරන Windows 8 හෝ 8.1 සංස්කරණ වලදී ඇතැම් මෘදුකාංග පිහිටුවීමට යෑමේදී මේ අවශ්‍යතාව එම මෘදුකාංගය පිහිටුවීමට අවශ්‍යයයි තිරයේ දිස්වී තිබේද? එසේනම් බොහෝවිට ඔබට අන්තර්ජාල පහසුකමද තිබේනම් සුලබව කරනු ලබන්නට ඇත්තේ Install this Feature තේරීම ඔස්සේ එම .Net Framework 3.5 (includes net 2.0 and 3.0) ස්ථාපනය කරන්නට යෑමයි. එහෙත් ඒ සදහා වැයවන කාලය මෙන්ම අන්තර්ජාල පහසුකම් සේවා ...
Offline බ්ලොග් ලිපි ලියන්නට Windows Live Writer සත් සමුදුර අද මේ කියන්නට යන්නේ අපගේ පරිගණකයේ internet නොමැතිවුවත් Offline ලෙස බ්ලොග් ලිපි ලියා පසුව පළ කරන්නට Microsoft සමාගම විසින් නොමිලේ ලබාදී ඇති මෘදුකාංගයක් පිළිබදවයි. Windows Essential නම් මෘදුකාංග සමූහය සමග පැමිණෙන මෙම මෘදුකංගය Windows Live Writer නම් වනවා. මෙන්න මේ සබැඳියෙන් පුළුවන් එය Offline ලෙසටම ඔබගේ පරිගණකය වෙතට ලබා ගන්නට. http://windows.microsoft.com/en-us/windows-live/ ...
වසර දෙදහසකට පෙර සල්ලාලයන්ගේ පාරාදියක් වූ පොම්පේ නගරයේ සිෆිලස් තිබුනාදැයි සැකයක්? - යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? (18+ වැඩිහිටියන්ට පමණයි) - Syph සත් සමුදුර යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? එසේත් නැතිනම් 1493 වසරට පෙර යුරෝපයේ සිෆිලස් රෝගීන් නොසිටියේද? යම් හෙයකින් ඇමරිකානු මහද්වීපයේ ස්වදේශිකයන් සිෆිලස් රෝගී වාහකයන් නම් කොලොම්බස්ගේ නාවික ගමණයට වසර දසදහස් ගණනකට පෙර තිබුනායැයි විශ්වාස කෙරෙන Beringia පාලම නැතහොත් අද දේශපාලනිකව පසමිතුරු වෙසින් සිටිනා රුසියාවේ Chukotka අර්ධද්වීපය හා ඇමරිකානු ප්‍රාන්තයක් වන ...
යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? (18+ වැඩිහිටියන්ට පමණයි) - Syphilis Enigma - පළමු කොටස සත් සමුදුර ක්‍රි.ව. 1492 දී ඉතාලි ජාතික ක්‍රිස්ටෝපර් කොලම්බස්, ස්පාඥය රජුවූ ෆර්ඩිනැන්ඩ් රජුගේ හා ඉසබෙලා රැජිනගේ අනුග්‍රහය ඇතිව නව ලොව හෙවත් ඇමරිකානු මහද්වීපය සොයා යන්නට ප්‍රථම යුරෝපීයයන් තම බටහිර දිශාව දුටුවේ අඳුරු ලෝකයක් ලෙසටයි. වෙනකක් තබා ක්‍රිස්ටෝපර් කොලම්බස් පවා සොයා ගියේ නව ලෝකයක් නොව ආසියාවට යා හැකි කෙටිම මාර්ගය කුමක්දැයි කියාය. තවද එකල මිනිසුන් ලෝකයේ හැඩය ගැන සිතා සිටියේ තැටියක් ලෙස වූ ...
Windows වලදී ඇතිවන ඇතැම් දෝශ පටිගත කරගැනීම... සත් සමුදුර Windows භාවිතයේදී පැන නගින කුඩා දෝශ එනම් Boot නොවීම වගේ ලොකු දෝශ නොවන ඒවා ඔබට නිරාකරණය කරගැනීමට නොහැකි වන අවස්ථාවල ඒ පිළිබදව ප්‍රවීනයෙකුගේ සහය බලාපොරොත්තුවන අවස්ථාවල දෝශය කුමක්දැයි නිවැරදිවම ඔහුට පැවසීමට ඇතැම් විට ඔබ අපොහොසත් වන අවස්ථා තිබෙන්නට පුළුවන්. සමහරවිට එම දෝශ පිළිබදව ඔහුට පෙන්වන අවස්ථාවේ පරිගණකයේ ඇති නොවීම නිසා හරිහැටි පිළියමක් යෙදීමට නොහැකිවන අවස්ථාත් තිබෙන්නට පුළුවන්. මේ වගේ ...
Windows 8/8.1 වලදී Automatic Repair නවතා ගන්නේ කෙසේද? සත් සමුදුර Windows 8 හෝ 8.1 වලදී අනපේක්ෂිත අයුරින් යථාපරිදි Windows ආරම්භ නොවී Automatic Repair ස්ථානයට නොනවත්වා රැගෙන යන තත්ත්වයක් සමහරවිට ඔබත් මේ වනවිට අත්විද ඇති එසේත් නැතහොත් අනාගතයේදී ඔබටත් එම අත්දැකීම අත්විදින්නට හැකියාව ලැබෙන්නට ඉඩතිබේවි. ඉතින් දැන් ඔබට හිතේවි Repair ස්ව්‍යංක්‍රීයව නැතහොත් Automatic ලෙසම සිදුවෙනවානම් වැරැද්ද මොකක්ද කියලා. මේක Automatic කිව්වට ඉන්පසුව ලැබෙන Options වන Refresh සහ ...
යුද පිටියේ සතුරන් බියට පත් කළ ඩ්‍රෝන යානා සහ එහි කාර්යය වෙනස් වූ හැටි... සත් සමුදුර ඩ්‍රෝන යානා, එසේත් නැත්නම් UAV (Unmanned Ariel Vehicles)/RPAS (Remotely Piloted Aerial System) ලෙස හදුන්වන ඉතාමත් ගුවන් නියමුවන් රහිත ගුවන් යානා විශේෂය මෑත කාලීන යුදබිමේ නැතුවම බැරි අංගයක් වූ බව ගුවන් යානා පිළිබදව යම් දැනුමක් ඇති අය දන්නා කරුණක්. විශේෂයෙන් මීට වසර පහකට පෙර අවසන් වූ ලංකාවේ යුද වාතාවරණය තුලද මෙවන් යානා ඔත්තු බැලීම සදහා යොදා ගත් බව නොරහසක්. අප රටේදී ...
රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ බිඳවැටීම පිළිබදව නිර්මාණය වූ දීර්ඝ වාර්තාමය චිත්‍රපටි මාලාවක් පිළිබදවයි.... සත් සමුදුර ඔබට සමහර විට මතක ඇති සමුදුරේ මීට වසර දෙකහමාරකට පමණ පෙර ලියවුන රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ සහ බිඳවැටීම ගැන ලියවුන ලිපි පෙල. මතක නැතිනම් මෙන්න ඒ ලිපි පෙළේ පළමු වැන්න http://sathsamudura.blogspot.com/2011/11/roman-era.html අද මේ කියන්න යන්නේ එම ලිපි පෙලට කදිමට ගැලපෙන වාර්තාමය චිත්‍රපටි මාලාවක් ගැනයි. මෙය කොටස් 13 කින් යුතු දීර්ඝ චිත්‍රපටි මාලාවක්. මෙහි රෝම ශිෂ්ඨාචාරය සමූහාණ්ඩුවක සිට මහද්වීම ...
ලී හාවි ඔස්වල්ඩ් සැබෑ ඝාතකයාද? - II සත් සමුදුර පළමුවෙන්ම කියන්න කැමතියි මේ තමයි 400 වැනි බ්ලොග් පෝස්ටුව. කාලයක් බොහෝම වේගයෙන් බ්ලොග් පෝස්ට් ලියමින් කඩයිම් පසුකළත් ගතවූ වර්ශයේ වගේම මේ වර්ශයේ මුල් භාගය ගෙවී යන මේ මොහොතේත් ඉතා මන්දගාමීව මේ කටයුතු කෙරුණ නිසා තමයි මේ කඩයිම පසුකරන්න මෙතරම් කාලයක් ගතවුනේ. මෑතකාලයේ සාමාන්‍යෙයන් දීර්ඝ ලිපි රැසක් ලියවුන නිසා වගේම වෙනත් කටයුතු වල යෙදෙන්නට සිදුවීමත්, මේ ලිපි පෙල ලිවීමේදී මූලාශ්‍ර රැසක් ...
20 වන සියවසේ ලොකුම ඇමරිකානු අභිරහස-1 සත් සමුදුර මේ මාතෘකාවෙන් පැවසුන විදියට 20 වන සියවසේ ලොකුම ඇමරිකානු අභිරහස මොකක්ද කියල කියනවානම් එය තමයි ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනය. මීට වසර 50 කට යන්තම් වැඩි කාලයකදී, එනම් 1963 නොවැ. 23 වනදා දහවල් 12.30 ට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ, ඩලාස් නගරයේ, Dealey Plaza නම් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ එරට නායකයාගේ වියෝව සමග ඇමරිකාව තුල සාමාන්‍ය ජනතාවටද දැනෙන බොහෝ සුභවාදී වෙනස්කම් රැසකද අභාවයට හේතුවක් ...
ආර්ථිකය, කලාව, දේශපාලනය හා පාතාලය සමග කෙනඩි පවුල යාවුන හැටි.... සත් සමුදුර මෙම ලිපියද පසුගිය "අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු" ලිපිය හා සම්බන්ධවේ. කෙනඩි පවුලේ දරුවන්ගේ විවාහ කටයුතුද සිදුවිය යුතු වූයේ කෙනඩි පවුලට සෑම අතින්ම ප්‍රයෝජනවත් පවුලකින් වියයුතු බව ජෝ කෙනඩි (ජ්‍යෙෂ්ඨ) ගේ නිගමනය විය. මෙම විවාහයන් හරහා මෙන්ම ඔවුන්ට සම්බන්ධ අනෙකුත් නෑදැහිතමිතුරන් ඔස්සේ කෙනඩි පවුලට ඇමරිකානු ආර්ථිකය, කලාව, දේශපාලනය හා පාතාලය සමගද සබඳතාවයන් වර්ධනය කර ගත්තේය. ජනපති ...
සුදු ඇඳිරිය - දෙවියන් සහ යමපල්ලන් සේම මිනිසුන්ද ජීවත්වන්නේ එකම මිනිසුන් තුලය සත් සමුදුර මිනිසුන් දිව්‍ය ලෝකයට ඇළුම් කරති. වැරදි කරත් අපායට යාමට කිසිවකුත් කැමතිනැත. අඩුමතරමේ බොරුවට හෝ පින්දහම් කරති. තමන් තුළ මනුෂ්‍යත්වය තිබේද? නැත්ද? නොදනිතත් මනුෂ්‍යත්වය ඇති සමාජයක විසීමට හැමවිටකම අපේක්ෂාකරති. මෙවන් මිනිස්ගත් අපි කාටත් උරුමය. අඩුවැඩි වශයෙන් කවුරුන් තුලත් මේවා තිබේ. අපේ රට වැනි පෙරදිග රටවල පමණක් මෙවැනි ආකල්ප තිබෙනා බව බොහෝ දෙනෙක් සිතා සිටියත් එය සමස්ථ ලෝකය පුරාවටම සදාතනික සත්‍යයකි. ...