08 - යකුන් බැද ගෙන වැඩ ගැනීම හා සමාන ණයපත් (Credit Card) භාවිතය හා කොහොමද මෙම Card හදන්නේ්? සත් සමුදුර ණයපතක් හෝ කිහිපයක් තිබෙනවා කියන්නේ එක් අතකින් අර ඉස්සර මිනිස්සු කියුව යකුන් බැද ගෙන වැඩ ගැනීම හා සමාන වැඩක් තමයි. කිසිම අකමැත්තක් නැතුව මෙම Card නිකුත්කරණ බැංකුත් විශාල ණය සීමාවක් දෙන නිසා ඉතාම කල්පනාවෙන් තමයි මෙම ණයපත් භාවිතා කළ යුත්තේ. මක්නිසාද යත් හිතුමතේ ගන්න පුළුවන් හැමදේම මෙම ණයපත් භාවිතා කරල ගන්න ගියොත් ඉතින් දවසකින් වුනත් විශාල මුදලක් ණය ලෙස ගෙවන්න තියෙන ණයකාරයෙක් ...
07 - ඇමරිකාවේ නිපදවන සහල් ආසියාවටත් අපනයනය කරන බව දැනසිටියාද? (American Rice Industry) සත් සමුදුර සහල් ගැන කියුවොත් අපිට මතකයට එන්නේ ලංකාව, දකුණු ආසියාව හා අග්නිදිග ආසියාතික රටවල නිපදවන ප්‍රධානතම ධාන්‍ය වර්ගයක් ලෙසටයි. ලංකාව ඇතුළු රටවල් ගණනක ප්‍රධාන ආහාරය ලෙසද සැලකෙන සහල් ගෞරවනීයත්වයෙන් යුතුව පවා සලකන ආහාරමය ද්‍රව්‍යයක් ලෙසට පැවසුවත් කවුරුත් ඒ ගැන තර්කකරණ එකක් නැහැ. ඒ තරමටම සහල්, එය නිපදවන වී, ගොයම්, කුඹූරු යනාදී සියල්ලටම පුරාණයේ පටන් ලංකාව ඇතුළු රටවල් ගණනක ඉමහත් භක්තිආදරයකට ලක්වූ ...
06 - ඔබගේ කාරයත්, ලිමෝසීන් වාහනයක් බවට දික් කර ගැනීමට ඕනනම්.... සත් සමුදුර ලිමොසීන් වාහන අපි බොහෝ විට දකින්නේ ඇමරිකානු සුපිරි පැලැන්තිය හා රාජ්‍ය නායකයින් භාවිතා කරන වාහනයක් ලෙසටයි. රියදුරා සහ අනෙකුත් මගීන් එකිනෙක වෙනකර තනා තිබීම, අසුන් සාමාන්‍යයෙන් දකින ආකාරයට වඩා වෙනස් ආකාරයට පවා හරවා අසුන් ගත හැකිවීම, ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල වර්ථමාන තරුණ පරපුර රාත්‍රී සාද සදහාද යොදාගන්නා බව ඔබ චිත්‍රපටි හා වෙනත් වීඩියෝ ආශ්රිත මාධ්‍ය වලදී දැකගන්නට ඇති. තවද ලංකාවේද ...
05 - පැන්සල්, පාට පැන්සල්, මකන කෑලි, පැස්ටල්, පැන්සල් කටර්, බෝල් පොයින්ට් පෑන් සහ පැන්සල් තැනීමට ගන්නා මිනිරන් ඒ වෙනුවෙන් සකස් කරන ආකාරය බලමු... සත් සමුදුර මේවා සියල්ලක්ම වැඩියෙන්ම භාවිතාකරන්නේ ළමයි (බෝල් පොයින්ට් පෑන් හැරුනකොට). ඉතින් අඩුමිලට අප මිලට ගත්තත් අපි දැනගෙන සිටියේ නැහැනේ මේ දේවල් හදන්න කොතරම් පරිශ්‍රමයක් දරනවාදැයි කියන එක. ඒ සියල්ල මෙහිදී අපි බලමු... පැන්සල් පාට පැන්සල් පැන්සල් කටර් මකන කෑලි පැස්ටල් පැන්සල් මිනිරන් කූර බෝල් පොයින්ට් පෑන් ඇත්තටම බෝල් පොයින්ට් පෑන කොහොමද ලියවෙන්නේ? ...
බේකින් සෝඩා ආහාර සෑදීමට ගන්නවාට අමතරව තවත් කාර්යයන් රැසකට යොදා ගත හැකි බව දැන සිටියාද? සත් සමුදුර බේකින් සෝඩා පිළිබදව ඇසූ සැනින් මතක් වෙන්නේ ආහාර සාදා ගැනීමට යොදා ගන්නා ද්‍රව්‍යයක් ලෙසටයි. එහෙත් ඊට අමතරව එකිනෙකට වෙනස් කාර්යයන් රැසක් වෙනුවෙන් යොදා ගැනීමට හැකි බව දැන සිටීම ඉතා ප්‍රයෝජනවත් වේවි. පිරිසිදු කාරකයක් ලෙස, දත් බෙහෙතක් සදා ගැනීමට, සම මත විවිද කාරණා වෙනුවෙන් ආලේප කිරීමට, දුර්ගන්ධය වලකනයක්ලෙසට, අවහිරවී ඇති සින්ක් එකහි එම තත්ත්වය දුරලීම යනාදී කාරණා රැසක් වෙනුවෙන් මෙය යොදා ...
04 - වාහනයක හදවත හදන්නේ මෙහෙමයි... සත් සමුදුර එන්ජිම තමයි වාහනයක හදවත. මෙම එන්ජිම සැදීමට වර්ථමානයේ බහුල ලෙස භාවිතාවන ලෝහය තමයි ඇළුමිනියම්.ඇළුමිනියම් වල ඇති සැහැල්ලුබව නිසා වාහනයේ ඉන්ධන දහනය කාර්යක්ෂම වීම, නිෂ්පාදන කාර්යයේදී පහසුවෙන් කැපීම හා හැඩගැන්වීම පහසුවීම, දිරාපත්වීම යකඩවලට සාපේක්ෂව අඩුවීම යනාදී කරුණු රැසක් තිබෙනවා. එන්ජින් බ්ලොක් කොටස, පිස්ටන් සහ Crankshafts සහ Camshafts යන කොටස් තැනීම මෙම වීඩියෝ වලින් පෙන්වා තිබෙනවා. ...
03 - ඔබගේ වාහනයේ Thermostats කපාටය තනන්නේ කෙසේදැයි දන්නවාද? සත් සමුදුර Thermostats කපාටය උපයෝගීවන්නේ කුමකටදැයි ප්‍රථම වශයෙන් බලමු. වාහනයක සිසිලන පද්දතියට අයත් කොටසක් වන මෙය, එන්ජිමේ පැවතිය යුතු සුදුසුම උශ්නත්වය නිරතුරුවම පවත්වා ගැනීමට භාවිතා වේ. වෙනත් විදියකට කියනවා නම් එන්ජිම අධික ලෙස රත්වීම හෝ වඩා සිසිල් ලෙස පවත්වාගැනීම වලක්වා එන්ජිමක් ක්‍රියාත්මක වීමේදී වඩාත් කාර්යක්ෂමව හා හානියකින් තොරව තබා ගැනීම මෙම උපාංගය භාවිතයේ අරමුණයි. මුලින්ම බලමු සිසිලන පද්දතිය ...
මියගිය තරුණිය වසර 7 ක් පුරා සිය සහකාරිය කරගත් වියපත් වෛද්‍යවරයා (විඩියෝ රැසක් සහිතය) - Man Sleeps with Corpse for 7 Years... සත් සමුදුර මෙම කතාව ආරම්භවනවිටත් ඔහු වියපත් මිනිසෙකි. මේ කතාව ආරම්භ වන විටත් ඔහු වයස අවුරුදු 50 ක්ව තිබුනි. වෛද්‍යවරයෙකු ලෙස හැදින්වූවද ඔහු වරෙක බැක්ටීරියා පිළිබදව පර්යේෂණය කරනා විද්‍යාඥයෙකු ලෙසද, තවත් විටෙක X-Ray විකිරණවේදියෙකු ලෙසද සලකණු ලැබීය. ඒ කෙබඳු ආකාරයේ වෘතියක් වුවද ඔහු සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වෘත්තිකයෙකි. ජර්මනියේදී 1877 දී උපත ලැබූ ඔහු නමින් Carl Tanzler ලෙසත් තවත්විටෙක Count Carl von Cosel ...
අප භාවිතා කරන ගියර් තෙල් වලින් නිසියාකාරව ගියර් පෙට්ටියේ දැති ස්නේහනය කරන්නේද? සත් සමුදුර මේ ලිපියෙන් කියන්නේ ගියර් තෙල් (Gear Oil) යෙදීමේදී අප වෙළඳ පොලේ හමුවන සුලභම හෝ ලාභම තෙල් වර්ගය යෙදුවත් එයින් ගියර් පෙට්ටියේ ඇති දැති නිසියාකාරව ස්නේහනය කරන්නේද? යන කාරණය පිළිබදව වඩාත් හොදින් විමසා බැලීමයි. මේ වනතෙක් මාද යොදා ඇත්තේ සුලභවම හමුවන ගියර් තෙල් වර්ගයක් වුවද එයින් නිසි ප්‍රතිඵලය නොලැබෙන්නේ යන හැඟීමක් ඇතිව ඇත්තේ ගියර් දැමීමේදී තද බවක් මෙන්ම එතරම් පහසු බවක් ...
ඒක හැදුවේ කොහොමද? කොන්ඩම් සහ රබර් අත් ආවරණ (Condom and Rubber Gloves) පිළිබදව තරමක් සවිස්තරව... සත් සමුදුර Condom සහ Rubber Gloves යන දෙකම හදන්නේ කහෛාමද කියන එක තමයි මේ වීඩියෝ වලින් සහ විස්තර වලින් අද කියන්නට යන්නෙ. මේ දෙකම එකිනෙක වෙනස් කාර්යයන්ට භාවිතා කළත් Latex කියන රබර් නිෂ්පාදනයන් එක් එකිනෙකට ආසන්න වශයෙන් සමාන ආකාරයේ නිෂ්පාදනය පියවරයන් අනුගමනය කිරීම මේ පිළිබදව සොයාබැලීමේදී දැනගත හැකියි. කොන්ඩම් පිළිබදව යමක් කෙටියෙන් පවසමි නම්, අනවශ්‍ය ගැබ් ගැනීම් පාළනයට හා ලිංගික හැසිරීම් නිසා ...
ඒක හැදුවේ කොහොමද? රබර් පටි... සත් සමුදුර මේ නව ආරක ලිපි පෙලක ආරම්භයයි. අප එදිනෙදා ජීවිතයේ භාවිතා කරන බොහෝ දේ නිපදවූයේ කොහොමදැයි අප දන්නේ නැහැ. ඇතැම් දේවල් ඉතාම සරල යෙදවුමකට යොදා ගත්තත් එය නිපදවීමට වැයකරන කාලය හා ශ්‍රමය ඇත්තටම සිතා ගන්නටත් බැරි තරම්. අද පළමුවෙන්ම මේ සම්බන්ධයෙන් පළ කරන ලිපියෙන් පෙන්වන්නේ රබර්පටි නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එකයි. අද පළ කළ අනෙක් ලිපිය - විනාකාරි වලින් කළ හැකි ...
විනාකිරි වලින් කළ හැකි බොහෝ දේ ගැන දැනුවත් වෙමු (100 Uses of Vinegar) සත් සමුදුර විනාකිරි පිළිබදව අප බහුල වශයෙන් දන්නේ එය ආහාර වලට යොද ද්‍රව්‍යයක් ලෙස පමණයි. ඒත් විනාකිරි එම කාර්යයට අමතරව තව බොහෝ දේවල් සිදුකරගැනීමට යොදා ගත හැකි බවත් කිවයුතුයි. දුර්ගණ්ධය නාශකයක් ලෙස, පිරිසිදුකාරයකයක් ලෙස, පැල්ලම් ඉවත්කාරකයක් ලෙස, වෙනකක් තබා අවහිරවී ඇති sink එකෙහි අවහිරතාවය වලකනයක් ලෙසට අමතරව තවත් බොහෝ කටයුතු වෙනුවෙන් විනාකිරි යොදා ගැනීමට හැකියි. මේ වීඩියෝවට අමතරව Readers' Digest සඟරාවේ ...
බරසාර තඩි කාර් බැට්රිය වෙනුවට විකල්පයක් (Capacitor 12V BoostPack) ... සත් සමුදුර ඔබගේ වාහනය තිබෙන කාර් බැටරිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ කෙතරම් බර විශාල දෙයක්ද කියන එක. විවිද ඇම්පියර් ධාරිතාව මත ප්‍රමාණය හා බර ප්‍රමාණය වෙනස් වූවත් සාමාන්‍යයෙන් බරසාර උපාංගයක්. ඒත් කැපෑසිටර් යොදා තැනුන මේ ආකාරයේ බැටරියක් කොතරම් සැහැල්ලු හා ප්‍රමාණයෙන් කුඩාද කියන එක ඔබට මෙහිදී දැකගැනීමට හැකියි. මේ කාරණා වලට අමතරව තවත් වාසි මොනවාදැයි ඔබම බලන්න... https://www.youtube.com/watch?v=z3x_kYq3mHM ...
ඔබගේ වාහනයේ එන්ජිමට ඊලඟ වතාවේ නිකම්ම අහුවෙන Engine Oil වර්ගයක් දමනවා වෙනුවට මේ කාරණා සලකා බලා හොද එන්ජින් තෙල් වර්ගයක් යොදන්න... සත් සමුදුර සමහරවිට ඔබ බලනවා ඇති ඇයි මේ රථවාහන වලටම අදාලව ලිපි එකලග පළ කරන්නේ මොකද? කියලා. එහෙම විශේෂයක් නැහැ දිග ලිපියක් ලියනාඅතරතුර මතකයට එන මොකක් හෝ කාරණයක් සම්බන්ධයෙන් යමක් ලියා තබන්නට තමයි දැන් අදහස් කරගෙන සිටින්නේ. ඔබට කුමක් හෝ වාහනයක් තිබේ නම් එහි සේවාකටයුතු සදහා යෑමේදී හෝ අදාල දුර සීමාවට පසු එන්ජින් තෙල් දැමීමේදී නිකම්ම අතට අහුවෙන එන්ජින් තෙල් වර්ගයක් යොදනවාද? ...
ඔබට තිබෙන්නේ දශක තුනක් පමණ පැරණි වාහනයක් නම් Contact Point පද්දතිය පිළිබදව දැනසිටීම ප්‍රයෝජනවත් වේවි... සත් සමුදුර ඔබට තිබෙන්නේ දශක තුනක් පමණ පැරණි වාහනයක් නම් Contact Point පද්දතිය පිළිබදව දැනසිටීම ඇතැම්විට මාර්ගයේදී එම පද්ධතියේ දෝශයක් ඇතිවුවහොත් පළපුරුදු කාර්මික ශිල්පියෙකු වෙත වාහනය රැගෙන යාමතෙක් වත් වාහනය ගෙනයාමට මෙය ප්‍රයෝජනවත් වේවි. මොකද මම මේ අත්දැකීම විද තිබෙන නිසා. ඒ කියන්නේ Contact Point පද්දතිය හානියට පත්වීමෙන් පැය ගණනක් නගරයක් මැද්දේම රස්තියාදුවෙන්න සිදුවෙලා තිබෙනවා. කොහොම නමුත් Platinum Point එක ...
එදා ජනපති කෙනඩි ඝාතනයෙන් ඉගනගත් පාඩම නිසා අද ඇමරිකානු ජනපතිවරයා පාරේ යන විට ලබා දෙන ආරක්ෂාව කෙබඳුදැයි බලන්න.. සත් සමුදුර මීට වසර දෙකකට මදක් වැඩි කාලයකදී සත් සමුදුරේ ජනපති කෙනඩි ඝාතනය ගැන පළ කළ මෙම ලිපිය මතකද? ලී හාවි ඔස්වල්ඩ් සැබෑ ඝාතකයාද? - II එදා දැන හෝ නොදැන සිදු වූ නොසැලිකිලිමත්කම හෝ සිදුවූ කුමන්ත්‍රණයක් නිසා කෙනඩි මහතා ඝාතනයට ලක්වුවද අද බැරැක් ඔබාමා ජනපතිවරයාට දෙන ආරක්ෂාව ඔහු ධවල මන්දීරයෙන් නික්මයාමට ඇති අන්තිම මාස කිහිපයට පෙර දැක ගැනීමට මෙම වීඩියෝවෙන් හැකිය. https://www.youtube.com/watch?v=kK9SQsUCcT8 ...
යකඩ මතුපිට පච්ඡා කෙටීම හෙවත් How to Metal Etch... සත් සමුදුර ඔබ සුලභව භාවිතා කරන පිහියේ, එහෙමත් නැත්නම් විවිද කාර්යයන්ට යොදා ගන්නා ලෝහ මෙවලම් වල ඇතැම් විට උපකරණය නිපදවූ සමාගමේ නාමය, මාදිලි නාමය හෝ කිසියම් සංකේතාත්මක පින්තූරයක් වැනි දේ ලෝහය මතුපිට නැවත මැකිය නොහැකි ලෙස කොටා තිබෙන බව. මෙය හැදින්වෙන්නේ Metal Etching ලෙසයි. මෙය ඔබට නිවසේදීම කර ගැනීමට හැකි දෙයක්. එය සදහා භාවිතා කිරීමට අවශ්‍ය උපකරණ සහ රසායණිකයන් පවා ගෙදරදීම සොයා ...
වයර් දෙකක් නිවැරදිව පාස්සා ගන්නේ මෙහෙමයි - How to Solder Wires Together සත් සමුදුර ඔබට යම් අවස්ථාවක වයර් දෙකක් පාස්සා ගන්න අවශ්‍ය වුනොත් නැවත ගැලවෙන්නේ නැතුව පාස්සා ගන්නේ කොහොමද කියන එක මේ වීඩියෝවේ තිබෙනවා. පියවරෙන් පියවර සහ ආරක්ෂිතව කරගන්නේ කෙසේද යන්න සහ පාස්සා ගත් ස්ථානය ආරක්ෂිතව ආවරණය කරගන්නේ කෙසේද? සහ කුමනාකාරයේ ඊයම්වර්ග, ඒ සදහා කුමනාකාරයේ බවුතයක් භාවිතා කිරීම සුදුසුද? මේ කාර්යය සදහා මීට අමතරව භාවිතා කළ යුතු උපකරණ සහ රසායණික මිශ්‍රණ පිළිබදව යනාදී කරුණු ...
ටයර් වල අකුරු පාට කරගන්නේ මෙහෙමයි - Tire Lettering Paint "How To" සත් සමුදුර ඔබ ඇතැම් විට දැක ඇති පාරේ යන ඇතැම්වා වාහන වල ටයර් වල ඇති අකුරු බහුල ලෙස සුදු හෝ වෙනත් පැහැයන්ගෙන් පාට ගන්වා ඇති අයුරු. අව්‍යශ නම් ඔබටත් ගෙදෙරදීම පොඩි වෙලාවක් ඒ සදහා වෙන්කිරීමෙන් කරගැනීමට පහසුවෙන් පුළුවන්. හැබැයි ටිකක් ඉවසීම ඕන අකුරුවලින් පිටතට නොගොස් මේ කාර්යය කර ගැනීමට. අනෙක තමයි තමන් කැමති වර්ණයේ සුදුසු තීන්ත ඇති මාධ්‍යයක් සොයා ගැනීමට සිදුවෙනවා. එයත් ...
සැඟවී ගිය සහ මා සිත් ගත් ලිපි වලට අළුතින් යමක් මෙන්ම පසුගිය ලිපි කිහිපයක් ගැන පසුවිපරමක් .... සත් සමුදුර මෙම ලිපියෙන් සත් සමුදුර බ්ලොග් අඩවියේ මෙතෙක් පළ වූ ලිපි රැසක සාරාංශගත පසුවිපමරක් නැත්නම් ආවර්ජනයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙමි. එහිදී පාඨක ප්‍රතිචාර බෙහෙවින් ලද හා බලපොරොත්තු වූ ප්‍රතිචාරය නොලැබුණ ලිපි ගැන මෙන්ම එම ලිපි ලියූ මාගේ සිත් ගත් ලිපි කිහිපයක් ගැනද මෙහි සදහන් කරමි. මුලින්ම බලමු මීට කාලයකට පෙර මෙම බ්ලොග් අඩවියේ වැඩිපුරම කියවපු ලිපි මොනවාදැයි කියා. (මෙම රතුපැහැයෙන්/අළු පැහැයෙන් ...